වැඩ වර්ජිත ඇඟලුම් කම්කරුවන්ට පහර දීම සඳහා බංග්ලාදේශ් ආන්ඩුව පොලීසිය බලමුලු ගන්වයි

Bangladesh’s government mobilises police to attack striking garment workers

විමල් පෙරේරා විසිනි, 2014 අගෝස්තු 14

ඩකා අගනුවර අසල පිහිටි ටුබා ගෲප් කම්හල් පහක ඇඟලුම් කම්කරුවන් දියත් කල දින 11 ක උපවාසය කඩාකප්පල් කිරීමට පොලීසිය මැදිහත් වීමෙන් පසුගිය සතියේ කම්කරුවෝ 200 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. මාස තුනක හිඟ වැටුප් ද අතිකාල දීමනා ද ඊද් (රාමසාන්) උත්සව බෝනස් දීමනා ද කම්කරු ඉල්ලීම් විය.

ටුබා ගෲප් කම්කරුවන් 1450 න් 1200 ක් පමන ජුනි මස සිට වැඩ වර්ජනයකට එලඹුනු අතර බද්ද නගරයේ හොසෙයින් සුපිරි වෙලඳ සංකීර්නයේ කම්හලක කම්කරුවෝ 300 ක් පමන උපවාසයක නිරතව සිටියහ. පසුගිය 10දා මාස තුනේ හිඟ වැටුප් ගෙවීමෙන් පසුව වැඩ වර්ජනය අවසන් වූවද මෙම සතිය තුල ආතතිය ඉහල නගිමින් තිබුනි.

උපවාසයේ යෙදී සිටි කම්කරුවන් හුදකලා කරමින් අගෝස්තු 6දා උදේ වරුවේ පොලීසිය කම්හල් ගේට්ටුව අගුලූ දැමූහ. අගමැති ෂික් හසීනාගේ ආන්ඩුවේ නියෝගයෙන් සිදු කෙරුනු මෙහෙයුමක් ලෙස අඟවමින් ඔවුහු සඳහන් කලේ -කම්හලට ඇතුලු වීමට කිසි කෙනෙකුට අවසර නොදෙන ලෙසට ඉහල මට්ටමින් උපදෙස් - ලැබී ඇති බවයි.

ජල ප‍්‍රහාරක මෙන්ම කැරලි මර්දන රථවලින් සන්නද්ධ වූ පොලීසියට, බංග්ලාදේශ් ගාමන්ට් මැනුෆැක්චරස් ඇන්ඞ් එක්ස්පෝටර්ස් ඇසොසිඒෂන් ද පාලක අවාමි ලීගය ද ආයතන පරිපාලනයේ මැරවරයින් ද සහාය දුන්නේය.

එම සන්ධ්‍යාවේ පොලීසිය කම්හලට කඩාපනිමින්, වැඩවර්ජිත කම්කරුවන්ට උදව් කල වෛද්‍යවරුන් එලවා දමමින් රබර් උන්ඩ, කඳුලු ගෑස් සහ ජල ප‍්‍රවාහ කම්කරුවන්ට එල්ල කලහ. කඳුලු ගෑස් ප‍්‍රහාරවලින් බේරීම සඳහා කම්කරුවෝ කම්හලෙන් ඉවතට දිවූ අතර සමහරෙක් ඔලුවල ඇති වූ තුවාල වලින් ලේ ගලමින් සිටි බව ඒඑන්පී වාර්තාකරුවකු පැවසීය.

දුසිම් ගනනක් තුවාල ලැබූ අතර 10 දෙනෙක් රඳවා ගැනින. ඔවුන් අතර සංවිධාන 12කින් සමන්විත සභාගයක් වන ගාමන්ට් ශ‍්‍රමික් ඕකිය ෆෝරම් හි සභාපති මුෂෙරෙෆ් මිෂු ද විය.

අගොස්තු 10 දින ද ඬේලි ස්ටාර් පුවත්පතේ කතු වැකිය සඳහන් කලේ, “විරෝධතා කරුවන් විසිර යාමට එකඟ නොවුවහොත් ඔවුන් දූෂනය කරන” බවට පොලිසිය තර්ජනය කල බවයි. වයස 23 ක කම්කරුවකු වූ මින් හසුල් හක් පැවසුවේ - පොලීසිය අපට ස්ථානයෙන් බැහැර වන ලෙස දැන් වූ අතර හදිස්සියේ ම 15-20 ක පොලිස් පිරිසක් හත්වන තට්ටුවට කඩා පැන අප වෙත ගම්මිරිස් ප‍්‍රහාරයක් එල්ල කල” බවයි. පසුව ඩකා විශ්ව විද්‍යාලයේ ආචාර්ය මන්ඩලයේ සාමාජිකයින්ට ද මානව අයිතීන් සංවිධානයේ පිරිසකට ද මාධ්‍යවේදීන් ද ඇතුලු බෝහෝ පිරිසකට පොලීසිය ද මැරවරයින් ද පහර දුන්නේය.

පොලිස් ක‍්‍රියාව අනෙකුත් ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධයට ලක්විය. අගෝස්තු 7 දා ටුබා කම්කරුවන්ට සහාය පලකරමින් අසල පිහිටි උතුරු හා මධ්‍යම බද්ද නගරවල කම්හල් කම්කරුවෝ උද්ඝෝෂන පැවැත් වූහ. මොවුන්ට එල්ල කල පොලිස් ප‍්‍රහාරවලින් අවම තරමින් කම්කරු වන් 15ට වත් තුවාල සිදුවුන නමුත් සමිති නායකයෝ සහයෝගතා ක‍්‍රියාවන්ට අනෙකුත් කම්කරුවන් නොකැඳවීම මගින් ටුබා කම්කරුවන් හුදකලා කලහ. ගසිපුර් දිස්ත‍්‍රික්කයේ මහමුද් ජීන්ස් ලිමිටඞ් හි කම්රුවන් පැවසුවේ “වැඩ වර්ජනය ගැන අපිට දැනගන්න ලැබුනු නමුත් කම්හලේ වැඩ වර්ජනය කරන ලෙස කිසිවෙක් හෝ අපට දැනුම් දුන්නේ නැත” යනුවෙනි.

ආන්ඩුව විසින් පොලීසිය යෙදවීම පිටුපස ඇත්තේ, මෙම සිද්ධිය, අඛන්ඩව දරුනු කොන්දේසිවලට යටත් කර සිටින ඇඟලුම් කම්කරුවන් ටුබා කම්කරුවන්ගේ අරගලය වෙත ආකර්ෂනය කරන සිද්ධියක් බවට පත් වේය යන පාලක පන්තියේ භීතිය යි.

අගෝස්තු 9 දා අෂුලියා ස්වාරි ගසිපූර් සහ ඩකා වැනි රටේ සියලුම කර්මාන්ත කලාපවල පොලීසිය බලමුලු ගන්වා තිබුනි.

“කර්මාන්ත කලාපවල ආතති සහගත තත්වයක් පැනනැගීම නිසා කලබල ඇතිවීම වැලැක්වීම සඳහා අප කර්මාන්ත කලාපවලට ඇති තරම් පොලීසිය යෙදවූ” බව අබ්දුස් සමද් කාර්මික පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති පැවසීය.

කම්කරුවන් උග‍්‍ර සූරා කෑමට ලක් කිරීමේ වාර්තාවක් ටුබා ගෲප් සතුව ඇත. මෙහි එක් කම්හලක් වූ තස්රීන් ෆැෂන්ස් හි 2012 වසරේ සිදු වූ ගින්නකින් කම්කරුවන් 112මිය ගියේය. මෙහි හිමිකරු වූ දෙල්වර් හොසේන් මූලික ආරක්ෂක විධි විධාන, ගිනිගැනීම් වැලැක්වීමේ ආරක්ෂක නීති රෙගුලාසි කඩ කලද ඔහු අත් අඩංගුවට ගත්තේ මෙම වසරේ පෙබරවාරි මාසයේ දී පමනි. අගෝස්තු 6 දින එනම් පොලිස් ප‍්‍රහාරයට යම්තම් පැය කිහියකට පෙර ඔහු ඇප මත මුදා හැර තිබුනි.

මෙම කම්කරුවන් “පිටස්තරයින්ගේ” බලපෑමට හසුවී ඇතැයි කියාසිටිමින් බීජීඑම් ඊඒ සහ ආන්ඩුව, මර්දනය යුක්ති සහගත කිරීමට ප‍්‍රයත්න දැරීය. බීජීඑම්ඊඒ සභාපති අතිකුල් ඉස්ලාම් ප‍්‍රකාශ කලේ, පිටස්තර බලවේග ”කම්කරුවන් ව්‍යාකූල කරන නිසා ඔවුන්ට එරෙහිව ක‍්‍රියා කිරීමට ආන්ඩුවට සිදු වූ බව ය.

උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමේ ප‍්‍රයත්නයන් ලෙස ටුබා ගෲප් විසින්, මැයි සහ ජුනි මාස සඳහා ගෙවීමට නියමිතව තිබූ හිඟ වැටුප් ගෙවීමට බීජීඑම්ඊඒ යෝජනා කල විට කම්කරුවෝ මුලදී එය ප‍්‍රතික්ෂේප කලහ. අගෝස්තු 6දා ප‍්‍රහාරයෙන් පසු සියලුම හිඟ මුදල් 10දා වන විට ගෙවීමට ඉන්පසුව ඔවුහු යෝජනා කලහ.

අනෙක් ඉල්ලීම් එලෙසම පවතී. බීජීඑම්ඊඒ හි යෝජනා කම්කරුවන් පිලිගත යුතු බවට බල කරමින් ජගො බංගලාදේශ් ගාමන්ට් ශ‍්‍රමික් ෆෙඩරේෂන් සහ ගාමන්ට් ශ‍්‍රමික් සංගති ෆෙඩරේනය වැනි සමිති පොලීසිය සමග අත් වැල් බැඳ ගත්හ. කම්කරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ට සමිති නායකයින් බලපෑම් කල බවට චෝදනා කරන එක් කම්කරුවෙක් “අප එය කෙසේවත් භාර ගන්නේ නැත. උත්සව දීමනා සහ අතිකාල දීමනා ඇතුලු මුලු ගෙවීමම අපට ඕනෑ” යනුවෙන් ද පැවසීය. මේතත්වය යටතේ, ආන්ඩුවට එරෙහිව කෝපයත් පොලිස් හිංසනය නිසා කම්කරුවන් වෙත අනුකම්පාවත් ඇති විය හැකි බවටත් සමහර මාධ්‍ය කන්ස්සල්ල පල කරයි.

-මහජන උද්ඝෝෂන වලදී නිරායුධ සාමාජිකයින්ට සිදු කල හිංසනයේ හා බිය ගැන්වීමේ මට්ටම දැවැන්ත අසාධාරනයක් - ලෙස අගෝස්තු 10 දා ඩකා ටි‍්‍රබියුන් පුවත් පත් කතුවැකියක් විවේචන එල්ල කලේ ය. කෙසේ වෙතත් මර්දනය ප‍්‍රතික්ෂේප නොකල එය පැවසුවේ “රුදුරු ලෙස බලය යෙදීම පලමු ප‍්‍රයත්නය නොවිය යුතු අතර සැබැවින්ම එවැන්නක් යොදා ගැනීම අවශ්‍ය අවස්ථාවලට පමනක් සීමා කල යුතුය- යනුවෙනි.

කම්කරුවන්ගේ තත්වයන් වැඩි දියුනු කිරීමේ ආන්ඩුවේ පොරොන්දු ව්‍යාජයක් ලෙස සනාථ කෙරී ඇත. පසුගිය වසරේ ඇඟලුම් කම්කරුවෝ, අවම වැටුප ටකා 8000 (ඇඩො 104) දක්වා වැඩි කරන ලෙස ඉල්ලූ නමුත් ආන්ඩුව අනුමත කලේ ටකා 5300 (ඇඩො 68) පමනි. ඩකාහි සහ අවට ඇඟලුම් කම්හල් වලින් සියයට 40ක් මෙය පවා ගෙවන්නේ නැත.

ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, කාම්බෝජය හා බුරුමය වැනි රටවල් නිසා තමනට ඇති වාසිදායක තත්වය නැති වේ යයි ඇඟලුම් කම්හල්කරුවෝ බියපත්ව සිටිති. ඇඟලුම් අපනයනයෙන් වාර්ෂිකව ඇඩො බිලියන 20ක් රටට ලැබෙන බැවින් අවාමි ලීග ආන්ඩුව ද මෙම මතය දරා සිටියි.

(ඇඟලුම්) අපනයන වර්ධන අනුපාතය වසර 15 තුල පහලම මට්ටමට වැටී ඇත. තනි වැඩිම ගැනුම්කරුවා වන ඇමරිකාවට අපනයනය කෙරෙනු ප‍්‍රමානය සියයට 1-39 කින් 2014 මුල් මාස හය තුල, පසුගිය වසරේ අදාල කාලය සමග සැසඳු විට, පහත වැටී ඇත.

මෙම වැටීම හමුවේ දැනටමත් කම්හල්වල පවතින දරුනු තත්වයන් තව දුරටත් උග‍්‍ර කෙරෙනු ඇත.

කම්කරු පන්තියේ බහුතරයක් ඇඟලුම් කම්කරුවන් වන අතර 1129 දෙනෙකුට මරු කැඳවූ 2013 අප‍්‍රියෙල් මස රාන ප්ලාසා ගොඩනැගිල්ල කඩාවැටීමේ ඛේද වාචකය ඇගලුම් ක්ෂේත‍්‍රයේ තැති ගන්වන සුලු තත්වය කෙරෙහි ලෝක අවධානය යොමු කලේ ය. ඇඟලුම් කම්කරුවන් සූරාකෑමෙන් ප‍්‍රතිලාභ ලබන බටහිර ගැනුම් කරුවන් ද ආන්ඩුව ද කම්හල් හිමියෝ ද වෘත්තීය සමිති ද සේවා කොන්දේසි වැඩි දියුනු කරන බවට පොරොන්දු වූහ. පසුගිය පොලිස් ප‍්‍රහාර වලින් පෙන්නුම් කෙරුනේ මෙම පොරොන්දු වල ඇති වංචාකාරී ස්වභාවය යි.

Share this article: