ජර්මනිය හා එක්සත් ජනපදය මියුනික් ආරක්ෂක කවුන්සිලය තුල අක්‍රමනකාරී ප්‍රතිපත්ති පෙරට ගනිති

Germany, US push aggressive policies at Munich Security Conference

ස්ටෙෆාන් ස්ටේන්බර්ග් විසිනි, 2014 පෙබරවාරි මස 03

මෙම සති අන්තයේ දී, ජාත්‍යන්තර දේශපාලන හා මිලිටරි නායකයන්, ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන්, බැංකු හා සංගතවල නියෝජිතයන් 400 වැඩි පිරිසක් මියුනික් ආරක්ෂක සමූලුවට (මිආස) රොක් විය. ඒ ගෝලීය මිලිටරි හා ආරක්ෂක තත්වය සාකච්ඡා කිරීමට ය. පලමු වරට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හා ආරක්ෂක ලේකම් යන දෙදෙනා ම සම්මේලනයට සහභාගිවීම සලකුනු කරමින්, ජෝන් කෙරී හා චක් හේගල් යන දෙදෙනා ද ඊට සහභාගී වූහ.

නාසි තන්ත්‍රය බිඳවැටුනු දෙවැනි ලෝක යුද්ධය අවසානයේ පටන් ජර්මානු මිලිටරිවාදය මත පැනවී තිබුනු සම්ප්‍රදායික සීමාවන් ප්‍රතික්ෂේප කරමින් ආක්‍රමනකාරී මිලිටරි ප්‍රතිපත්තියක් නිවේදනය කරන ඉහල ජර්මානු නිලධාරීන්ගේ කතා මාලාවක් සමුලුවව තුල අසන්නට ලැබුනි. සම්මේලනයේ යුදකාමී තානය වැයීමට පටන්ගත්තේ හිටපු නැගෙනහිර ජර්මානු පූජකයෙකු වූ වර්තමාන ජර්මානු ජනාධිපති ජෝකිම් ගාඋක් විසිනි.

20වන සියවස තුල ලෝක යුද්ධ දෙකක් ආරම්භ කිරීමේ ක්‍රියාකලාපය වන සිය ජර්මන් අතීතය "පලිහක්” ලෙස යෙදාගැනීම ජර්මනිය විසින් නතර කල යුතු යයි ප්‍රකාශ කරමින් ගාඋක්, ඉල්ලා සිටියේ සන්නද්ධ හමුදා වඩා නිරන්තර ව හා තීරනාත්මක ලෙස පාවිච්චි කල යුතු බව යි. "ජර්මනියට පෙර දී මෙන් ක්‍රියා කල නො හැක.” ගාඋක් තර්ක කලේ ය."විවෘත ලෝක පර්යායට” එල්ලවන "වේගවත්” හා "නාටකාකාර” තර්ජන අභිමුවෙහි ජර්මානු උදාසීනත්වය හා යුරෝපය නිදිකිරා වැටීම අවසන් කල යුතු යයි ගාඋක් ප්‍රකාශ කලේ ය.

මෙය වනාහි, ලෝකයේ ප්‍රමුඛ ගැටුම්වල දී, එනම් මැද පෙරදිග යුද්ධ, වඩාත් ප්‍රමුඛ ලෙස සිරියාව තුල එක්සත් ජනපදය මෙහෙය වන කුලීකාර යුද්ධය; යුක්රේනය අරබයා මොස්කෝව සමග බර්ලිනයේ ගැටුම; චීනයට එරෙහි එක්සත් ජනපදයේ "ආසියාවට හැරීම” ක්‍රියාත්මක කරන ආසියාවේ දී අවශ්‍ය වුවහොත් මිලිටරිමය වශයෙන් මැදිහත්වීමට ජර්මන් අධිරාජ්‍යවාදයේ අභිලාෂයන් පිලිබඳ සංඥාවකි.

ගෝලීය විහිදීමේ ජර්මානු අධිරජ්‍යවාදී උත්සුකයන් පැහදිලි කල ගාඋක් ප්‍රශ්න ගනනාවක් මතු කලේ ය: "නැගෙනහිර හා අප්‍රිකාව යන කලාප දෙකෙහි අපගේ අසල්වැසියන් සමතයකට පත් කිරීමට අපට කල හැකි දේ අප කරනවා ද? ත්‍රස්තවාදයේ තර්ජනය පිටුදැකීම සඳහා කල යුතුව ඇති දේ අප කරනවා ද? එමෙන් ම මිලිටරි පියවර පවා ගැනීමේ දී අප අපගේ මිතුරන් සමග එක්වීමට නිසැක හේතු සොයා ගෙන ඇති සිද්ධිවල දී අවදානමේ අපගේ පංගුව දැරීමට අප කැමත්තෙන් සිටිනවා ද?”

"අවසාන උපායමාර්ගය වශයෙන් හමුදා මැදිහත් කිරීම සාකච්ඡාවට ගන්නා විට ප්‍රතිපත්තියක් වශයෙන් ජර්මනිය බෑ නොකිය යුතු ” යයි ඔහු පැවසී ය.

ගාඋක්ගේ සන්නද්ධ කිරීම පිලිබඳ ගෝලීය ඉල්ලීම සමුළුව තුල දී එකිනෙකට වෙනස් කතා දෙකකින්, ජර්මනියේ නව ආරක්ෂක ඇමතිනී උර්සුලා වොන් ඩර් ලෙයෙන් (ක්‍රිස්ටියන් ඩෙමොක්‍රටික් යූනියන්) හා විදේශ ඇමති ප්‍රෑන්ක්-වයිට් සටොන්මීයර් (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) විසින් පුනුරුච්චාරනය කරන ලදී.

වොන්ඩර් ලෙයෙන් මෙසේ පැවසූවා ය: "අප අද මුහුන දෙන අර්බුද හා ගැටුම් අවබෝධ කර ගැනීමට ප්‍රේක්ෂකයන් මෙම සමුළුවේ වැඩසටහන දෙස බැලීමට අවශ්‍ය නැත: සිරියාවේ බියකරු යුද්ධය, අපගේ අසැල්වැසි මහාද්වීපයේ එනම් අප්‍රිකාවේ සමහර ප්‍රෙද්ශවල පිරිහෙමින් පවතින තත්වය... වාඩි වී කල් මැරීම විකල්පය නො වේ. අපට උපක්‍රම තිබේ නම්, අපට හැකියාවන් තිබේ, අපට බැඳීම් තිබෙනවා මෙන් ම සටන් වැදීමට අපට වගකීමක් ද ඇත. ”

සටේන්මීයර් ජර්මනියෙන් ඉල්ලා සිටියේ, "වේලාසනින්, වඩා තීරනාත්මක ව හා තත්‍ය ලෙස විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති පිලිබඳව සටන් කිරීමට” සූදානම් වනු කියා ය. එක්සත් ජනපදය සමග කිට්ටු සහයෝගයෙන්, ඒකාබද්ධ යුරෝපීය ආරක්ෂක ප්‍රතිපත්තියක් විස්තාරනය කිරීම සඳහා ඔහු ඉල්ලා සිටියේ, යුක්රේනය හා ඉරානය තුල බටහිර උත්සුකයන් ආරක්ෂා කිරීමට රුසියාව සමග සාකච්ඡා කිරීමට යෝජනා කරමිනි.

ජර්මනියට ගොඩ බට වෙලාවේ දී කෙරීට ශුභ පැතූ පලමු අයගෙන් කෙනෙකු වූයේ සටේන්මීයර් ය. දෙදෙනාම අවධාරනය කලේ, සමීප හා මිතුරු සම්බන්ධතාවකි.

ජර්මානු මිලිටරිවාදයේ නව භූමිකාවක් පිලිබඳව කථාකල සියළු ම උපදේශකයන්ගේ ප්‍රධාන විරුද්ධවාදියා ජර්මන් ජනතාව යි. ඒආර්ඩී "මෝගන්මැගසීන්” මගින් කරන ලද මෑත මත ප්‍රකාශයක් නිගමනය කලේ, ජර්මන් ආන්ඩුව අප්‍රිකාව තුල සිදු කරන මොන යම් හෝ උත්සන්න කෙරුනු මැදිහත්වීමකට ජනතාවගෙන් සියයට 61ක් විරුද්ධ බව ය. පසු ගිය සිකුරාදා ප්‍රසිද්ධ කල තවත් සමීක්ෂනයක් හෙලිදරව් කලේ මේවන විටත් විදේශයන්හි සිද කරන මිලිටරි මැදිහත්වීම් "ඕනෑවට වැඩි” යයි සියයට 45ක් විශ්වාස කරන බව යි.

සම්මේලනය තුල බරපතල බෙදීම් මතුවූයේ යුක්රේනය ගැන ය. මෙහි දී ෆැසිස්ට්වාදී ස්වොබෝදා (නිදහස) පක්ෂය ඇතුළු ව අන්ත දක්ෂිනාංශික කන්ඩායම් විසින් නායකත්වය දෙනු ලබන, යුරෝපා සංගම් ගැති විරුද්ධ පක්ෂයේ ආන්ඩු විරෝධී විරෝධතාවන්ට සහාය දීමේ දී, ප්‍රධාන භූමිකාවක් ඉටු කරන්නේ ජර්මනිය හා එක්සත් ජනපදය යි. රුසියානු හා යුක්රේන නිලධාරීහු බටහිර ප්‍රතිපත්තිය විවේචනය කලහ.

යුක්රේනියානු විදේශ ඇමති ලියොනිඩ් කොෂාරා, විරුද්ධ පක්ෂය යුක්රේන පාලනය සමග විශ්වාසයකින් යුතුව සාකච්ඡා නොකල බවට චෝදනා කල අතර යුක්රේනියානු විරුද්ධ පක්ෂ නායක විටාලි ක්ලිට්ස්කෝ ඔහුගේ ආධාරකරුවන්ට එරෙහිව "භීෂනය හා ප්‍රචන්ඩකම්” යොදා ගන්නා එරට පාලනයට චෝදනා කලේ ය.

රුසියානු විදේශ ඇමති සර්ජේයි ලැව්රෝව් ද විරුද්ධ පක්ෂයට සහාය දීම පිලිබඳව එක්සත් ජනපදය හා යුරෝපා සංගමය විවේචනය කලේ ය. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සමග "ප්‍රචන්ඩ වීදි විරෝධතා උසිගැන්වීමට ඇත්තේ කුමන සම්බන්ධයක් ද? රජයේ ගොඩනැගිලි අල්ලා ගන්නා, පොලීසියට පහර දෙන, වර්ගවාදී, යුදෙව් විරෝධී හා නාසි සටන්පාඨ පාවිච්චි කරන අය හෙලාදකිනවා අපට නො ඇසෙන්නේ මන් ද?” ඔහු විමසී ය.

බටහිර නිලධාරීහු මෙම ප්‍රකාශ කෙලින් ම ඉවතලූහ. කෙරී ප්‍රකාශ කලේ ප්‍රජාතන්ත්‍රවාදී යුරෝපීය අනාගතයක් සඳහා සටන, යුක්රේනයේ තරම් වෙන කොහේවත් මෙතරම් පැහදිලි නැත කියා ය. යුක්රේනය ගැන ඔහුගේ ප්‍රකාශය තුල දී කෙරී, කීයෙව් හි මෑත විරෝධතාවන්හි දී නව ෆැසිසිට්වාදී මැරයන් ඉටු කල ප්‍රමුඛ කාර්යභාරය "ඕනෑ ම ව්‍යාකූල තත්වයක දී විදිවල” සොයා ගත හැකි "අප්‍රසන්න කන්ඩායම්” ලෙස බැහැර කලේය.

සමුළුව තුල කෙරීගේ මුලු කතාව ම විකෘතිකිරීම් හා මගහැරීම් වලින් ගහන විය. එක් අවස්ථාවක දී ඔහු ඇමරිකාව තුල ධන සමුච්චයනය ගැන කයිවාරු ගැසීය. "1990 ගනන්වල වෙලඳපොල” ප්‍රතිපත්ති මත පදනම්ව, "...අපගේ ආදායම් ලාභීන්ගේ සෑම හතරෙන් එක් අයෙක් ම සිය ආදායම ඉහල යනවා අත්දුටුවේ ය. 1990 ගනන් අතරතුර ලෝකය දුටු විශාලත ම ධනස්කන්ධය නිර්මානය කලෝ අපි වන්නෙමු. එය පියර්පොන්වරුන්, මෝර්ගන්ස්ලා, රොකෆෙලරවරුන්, කානගීලා හා මෙලොන්වරුන්ගේ කාලයේ පැවතුනාටත් වඩා බොහෝ විශාල ය.”

ඔහුගේ කතාවේ තවත් කොටසක දී කෙරී, ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තුබැලීමේ කටයුතු යුක්තිසහගත කලේ ය. විශේෂයෙන් ම මෙය ජර්මානු ජනතාවගේ පුළුල් ස්ථරයන් ද ඇතුළුව ජාත්‍යන්තර වශයෙන් දැවන්ත විවේචනයකට ලක්ව තිබේ. ඇමරිකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය "හැමවිට ම සිදුවෙමින් පවතින දෙයක් වී” ඇතැ යි පවසමින් කෙරී, ඔබාමා පාලනාධිකාරය යටතේ ජාආඒ විසින් ලෝක පරිමාන ඔත්තුබැලීම ප්‍රසාරනය කිරීම ආරක්ෂා කල අතර "අපගේ සංඥා ඔත්තුබැලීමේ භාවිතයන් විමර්ශනය හා සංශෝධනය” සඳහා ආන්ඩුව ඉදිරිපත් කල මෑත සැලසුම් අගය කලේ ය.

ඇමරිකාව තුල සමාජ අසමානතාවේ දැවන්ත වර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ඔහුගේ ම ආන්ඩුව ගෙනයන ප්‍රහාරයන් ගනන් නොගෙන කෙරී මෙසේ ප්‍රකාශ කලේ ය: "අපි චංචලකාරී ප්‍රවනතාවක් හඳුනා ගෙන ඇත්තෙමු. නැගෙනහිර යුරෝපයේ හා බෝල්කන්වල බොහෝ ප්‍රදේශ හරහා ජනතාවගේ අභිප්‍රායන්, දූෂිත හා කතිපයාධිපති උත්සුකයන් විසින් පාගා දමනු ලැබේ. එවන් උත්සුකයන් සහිත කොටස්, දේශපාලන විරුද්ධ පාර්ශවයන් හා අසහනයට පත්ව සිටින අය මැඩීමට ද දේශපාලකයන් හා මාධ්‍යය ප්‍රචාරකයින් මිල දී ගැනීමට ද මුදල් යොදවති.“

කෙරීගේ අදහස්වල කුහකත්වය ඉමහත් ය. නැගෙනහිර යුරෝපයේ කතිපයාධිකාරීන්ගේ ප්‍රධාන පරමාදර්ශය වෝල් වීදියේ ප්‍රකෝටිපති මූල්‍යකරුවන් හා වත්කම් සොරු ය. පසු ගිය විසිපස් වසරක ක්‍රියාදාමය තුල දී රුසියාවේ, යුක්රේනයේ හා වෙන කොතැනක හෝ වේවා, කතිපයාධීපතීන් ඔවුන්ගේ වාසනාව ගොඩනගාගෙන ඇත්තේ, කෙරී ඔහුගේ කතාවේ දී ආරක්ෂා කල එක ම "වෙලඳපොල” ප්‍රතිපත්තිවල පදනම මත ය.

ඔහුගේ කතාව තුල කෙරී, එක්සත් ජනපද සහාය ලබන යුරෝපා සංගමයේ රැකවරනය යටතේ, ජර්මන් අධිරාජ්‍යවාදයේ බලපෑම් ක්ෂේත්‍රය යටතට යුකරේනය ගෙන ඒමට රුසියාවේ අවසරය ලබා දිමට එකඟ විය යුතු බවට බලකර සිටයේය.

සමුළුවේ දී එක්සත් ජනපද ආරක්ෂ ලේකම් හෙගල් අවධාරනය කලේ, "යුරෝපයට හා එක්සත් ජනපදයට එල්ලවී ඇති ආරක්ෂක අභියෝග ගෝලීය වන බවත් ඊට, මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ දේශපාලන අස්ථාවරත්වය හා ප්‍රචන්ඩ අන්තවාදය, භයානක රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, උතුරු කොරියාව වැනි දඩබ්බර ජාතීන්, සයිබර් යුද්ධ, ජනසංඛ්‍යානික වෙනස්කම්, ආර්ථික අසමානතාව, දරිද්‍රතාව හා සාගින්න ඇතුලත්ව" තිබෙන බවත් ය.

ඔබාමා පරිපාලනයේ "ශාන්තිකරයට හැරීම”ආරක්ෂා කරමින් හෙගල්, චීනය හා රුසියාව අන්තර් අත්ලාන්තික සම්බන්ධතාවට ප්‍රධාන තර්ජනය ලෙස හඳුන්වා දුන්නේය. "අපට මෙම තර්ජනයන් මුනගැසෙන විට, ලෝකය වටා අපගේ ආරක්ෂක හවුල්කාරිත්වයේ තාක්ෂනික තියුනුභාවයට අභියෝග කරමින්, රුසියාව හා චීනය වැනි ජාතීන් ඔවුන්ගේ හමුදා හා ගෝලීය ආරක්ෂක පද්ධතීන් වේගයෙන් නවීකරනය කරමින් සිටියි."

ඔවුන්ගේ අදහස් දැක්වීමෙන් පසුව පැවති සාකච්ඡා වටයේ දී කෙරී හා හෙගල් යන දෙදෙනා ම, ඇමරිකාව ලෝක කරලියෙන් පසුබසිමින් සිටින්නේය යන්න ප්‍රතික්ෂේප කල අතර සිරියාවට හා ඉරානයට එරෙහිව ආක්‍රමනකාරීව ඉදිරියට යාමේ සිය අභිප්‍රාය ප්‍රකාශ කලහ.

මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයට උත්තර දෙමින් හෙගල් පැවසුවේ,"හැම තැනම හරියට ම අප කරමින් සිටින්නේ කුමක්දැ යි යන්න පිලිබඳ සම්පූර්න ලේඛනයක් මා කිසිදා දැක නැති නමුත්, සමහර විට මීට පෙර කිසිදාකට වඩා එක්සත් ජනපදය බොහෝ ස්ථානවල බොහෝ දේවල් කරමින් සිටිතැ යි පැවසීමට මම බිය නොවෙමි යි ” යනුවෙනි.

Share this article: