චීන ආර්ථික වර්ධනය මන්දගාමී වෙයි

Chinese economic growth slows

නික් බීම්ස් විසිනි, 2014 ජනවාරි 21

වසර දෙකක් තරම් මෑතක වාර්තා කල, සියයට 10 කට ආසන්න වාර්ෂික වර්ධන අනුපාතයෙන් පහතට වැටෙන බවට වන අනාවැකි මධ්‍යයේ 2013 හතරවැනි කාර්තුවේ තම අනුපාතය සියයට 7.7 ක් ලෙස චීනය වාර්තා කල අතර මෙය දිගු කාලීන නැඹුරුවක ආරම්භය විය හැක.

වර්ධන අනුපාතය සියයට 7.6 ක් බවට වූ අනාවැකිය අභිබවා ගියත්, එය තුන්වන කාර්තුවේ සියයට 7.8 ට වඩා අඩුය. 2012 හා සමානවම, 2013 සඳහා වූ සමස්ත වර්ධනය සියයට 7.7 ක් විය. කෙසේවුවද, 2014 සඳහා වර්ධන අනුපාතය වසර 20 ක් ඇතුලත පහලතම අගය වන සියයට 7.4 ට කඩා වැටෙන බවට බලාපොරොත්තු වේ.

මන්දගාමීවීමේ වෙනත් ලක්ෂන අතර, නිෂ්පාදන හා සේවා කර්මාන්ත දෙවර්ගයෙහිම කරන ලද සමීක්ෂනයකදී වෙලඳපොල තත්වයන්හි දුර්වලවීමක් පෙන්නුම් කලේය. සමස්ත මිලදීගැනීම් කලමනාකරුවන්ගේ දර්ශක හතරෙහිම (මින් දෙකක් රජය මගින්ද ඉතිරි දෙක එච්එස්බීසී බැංකුව විසින්ද පවත්වා ඇත.) පසුගිය අප්‍රේල් වලින් මෙපිට පලමු වතාවට සිදුවූ අවනතියක්, ගිය මාසයේදී පෙන්නුම් කෙරී තිබේ.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ සිට, දේශීය ආයෝජනයට සහ ඉඳිකිරීම් උත්පාතයට මග පෑදූ වැඩිවූ නය සැපයුම දින නියමයක් නොමැතිව පවත්වාගෙන යාම කල නොහැකි යන තක්සේරුව මත ඇද වැටෙන වර්ධනයේ නැඹුරුවෙහි අනාවැකි රඳා පවතී. සත්‍ය වශයෙන්ම, නය පුලුල්වීම පාලනය කිරීම රජයේ නිල ප්‍රතිපත්තිය වේ.

කෙසේවුවද, රාජ්‍ය බලධාරීන්හට සියුම් රේඛාවක පා තබා යාමට සිදුව තිබේ. එක් අතකට, නය මට්ටම් පහත හෙලීමට ඔවුනට අවශ්‍ය අතර, අනෙක් අතට ඉතා සීඝ්‍ර නය අස්කර ගැනීමක් මහා ආර්ථික සහ මූල්‍ය අර්බුදයක් ජනිත කරතැයි බියක්ද පවතී.

2008 දී දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 130 ක් වූ චීනයේ සමස්ත නය බර, ගිය වසර අගදී සියයට 200 කට වඩා ඉහල ගියේය. ඩොලරයට පර්වර්තනය කලහොත්, නය ඩොලර් ට්‍රිලියන 9 සිට ඩොලර් ට්‍රිලියන 24 ක් දක්වා ඉහල ගොස් තිබේ. ඩොලර් ට්‍රිලියන 15 ක වැඩිවීම සමස්ත එජ වානිජ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමානයට සමානය. වෙනත් රටකදී එවන් සීඝ්‍ර ඉහලයාමක් මූල්‍ය අර්බුදයක පූර්විකාවක් වනු ඇත.

මේ මස මුලදී, චීනයේ මූල්‍ය ක්‍රමයේ තත්වය සම්බන්ධව ගෝලීය මූල්‍ය සමපේක්ෂකයෙක් වන ජෝර්ජ් සෝරෝස් අනතුරු ඇඟවීමක් නිකුත් කලේය. “2008 ඇදවැටීමට පූර්වගාමී වසරවලදී පැවති මූල්‍යමය තත්වයන් සමග යම් භයානත සමානකම් පවතී“යැයි ඔහු ලියුවේය. කෙසේවුවද, වෙනසක් තිබේ. චීනයේදී, බැංකු රජය සතු වේ. මූල්‍ය අංශවල ගැටලුවල ප්‍රතිපලය “චීනය සහ ලෝකය සඳහා ගැඹුරු ප්‍රතිවිපාක“ ගෙන දෙනු ඇත.

මූල්‍ය අංශ “ප්‍රතිව්‍යුහගතකිරීමට" සහ නය අවම කිරීමට රජය කැප වී සිටින අතරේදී ආර්ථික වර්ධනය සියයට 7 කට වඩා ඉහලින් තබාගන්නට ඒ සමගම පොරොන්දු වී තිබීම රජය මුහුන දෙන පරස්පරය වේ. අරමුනු දෙක එකකට එකක් නොගැලපේ. 2008 මූල්‍යමය දියවීමේ සිට, සත්තකින්ම අපනයනයන්හි වැඩිවීමකට වඩා, නය මූල්‍යනය ආයෝජන සහ ඉඳිකිරීම් චීනයේ ආර්ථික වර්ධනයේ වාහකයට ආධාර වී ඇත.

පසුගිය ජූනිවල සිදුවූ වැනි, පොලී අනුපාත ඉහල යැවීමක් මගින් නය පාලනය කිරීමට මහ බැංකුව විසින් ගත් මුල් උත්සාහයන්, ගැඹුරුවන මූල්‍ය කැලඹිමක ප්‍රතිරූපය ඉස්මතු කල අතර එම තත්වය මූල්‍ය බලධාරීන්හට නය ගලායෑම වැඩි කරන්නට හේතු විය.

වර්ධනයෙහි සීඝ්‍ර පහල බැසීම, රෙජීමයෙහි ස්ථාවරත්වයට තර්ජනයක් වෙමින්, කම්කරු පන්තියේ ප්‍රතිචාරයක් උපදවනු ඇතැයි ආන්ඩුවට බියක් පවතී. “සමාජවාදය" හෝ “සමානතාව" නියෝජනය කිරීමේ කිසියම් අයිතියකින් බොහෝ කලකට පෙර අතසෝදා ගත්, තමන්ට “නීත්‍යානුකූලභාවයේ" කිසියම් ඡායාමාත්‍රයක් රඳවාගත හැක්කේ, රැකියා පුලුල් කිරීමට සහ සමාජ ස්ථාවරත්වය පවත්වා ගන්නට අවශ්‍ය ආර්ථික වර්ධනය සියයට 7 මට්ටමට වඩා පවත්වා ගන්නට හැකිනම් පමනක් බව පාලක පැලැන්තිය බිය වී සිටී.

කෙසේවුවද, මෙය කල නොහැක්කක් බව ඉතිහාසය යෝජනා කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එච්එස්බීසී හි ආසියානු ආර්ථික පර්යේෂන ආයතනයේ සම ප්‍රධානී ෆෙඩෙරික් නියුමන් ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසුවේ; “අපි මේ චිත්‍රපටය මීට පෙර දකුනු කොරියාව, තායිවානය, හොංකොං සහ ජපානයේදී නරඹා ඇත්තෙමු. අපි දැන් වඩා දැවැන්ත සහ වඩාත් වෛවර්න පිටපතක් චීනයේදී නරඹමින් සිටින්නෙමු. 1960 ගනන්වලදී ජපානය සියයට 10 ක වර්ධනයක් පෙන්නුම් කරන විට ඒ කාලයේදී ආශ්චර්යමත් ආර්ථිකය ලෙස සැලකුනේය."

අනෙකුත් ආර්ථිකයන් මතට පහර වැදුන සමාන බලවේග වෙතින් චීනය නිර්මුක්ත වේ යැයි විශ්වාස කිරීම “චීන විශිෂ්ඨත්වවාදය මත වැරදි විශ්වාසයක් තැබීමකි." ඔහු පැවසීය.

නය උත්තේජක වර්ධන මොඩලය තිරසාර නොවන බවට වූ තම මතයේ නිරතුරුවම සිටි පීකිං විශ්ව විද්‍යාලයයේ ජාත්‍යාන්තර මුදල් සම්බන්ධ මහාචාර්ය්‍ය මයිකල් පෙටිස් සියයට 7 සහ ඊට වැඩි වර්ධන අනුපාතයක් ගැන බලාපොරොත්තු පමනට වඩා සර්ව ශුභ වාදී බව පවසයි.

“ප්‍රතිව්‍යුහගතකරන" ක්‍රියාවලිය වැඩකරන්නට පටන්ගන්නට නම්, සහ බලධාරීන් නය මට්ටම් අඩු කරන අතර, චීනයේ වර්ධන අනුපාතය සියයට 3 හෝ 4 වැනි පහලම අගයකට ඇද වැටෙන්නට පුලුවනි යැයි පෙටිස් ප්‍රකාශ කරයි. නය මට්ටම්, ආර්ථිකයේ වර්ධන අනුපාතයෙන් දෙගුන හෝ තුන් ගුනයකින් වැඩීම දිගටම පවත්වා ගෙන යා නොහැකි බව ඔහු අවධාරනය කරයි.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ චීනය ආවරනය කරන ආර්ථික විශේෂඥ ස්ටීවන් බාර්නෙට් ට අනුව: “නයට ගැනීම හා වියදම්කිරීම, හෝ චීනයේ හැටියට, නයට ගැනීම හා ආයෝජනය, කෙටි කාලයකට වර්ධනයට රුකුල් දෙන්නට විශිෂ්ටව ක්‍රියාත්මක වන නමුත්, අවසානයේදී නය ඉහල යයි, ආයෝජන පලදායී බවින් අඩුවෙයි, අවදානම ඉහලයයි."

“ආර්ථිකය පෙරමුනු කීපයකදීම වඩා අනතුරට භාජනය විය හැක: ඒවා නම් නය ඉහල නැගීම, ප්‍රෙද්ශීය ආන්ඩුවල මූල්‍ය තත්වයන්ට අධික බර පැටවීම, සහ ආයතනික අංශවල කොටසක දුර්වලවුන ශේෂ පත්‍ර වේ."

චීන ආර්ථිකයේ කිසියම් මන්දගාමිත්වයක්, එය ප්‍රධාන අපනයන වෙලඳපල වන ඕස්ට්‍රේලියාව සහ බ්‍රසීලය මත පමනක් නොව, චීනය මත වැඩියෙන් රඳා පවතින ගිනිකොන දිග ආසියානු කලාපීය ආර්ථිකයන් මතද ප්‍රධාන බලපෑමක් එල්ල කරනු ඇත.

සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය සඳහා ප්‍රධාන ඇඟවුම් පවතී. පසුගිය වසර පහ පුරාවටම, ලෝක ආර්ථික වර්ධනයේ හතරෙන් තුනක්ම චීනය සහ අනෙකුත් “නැගී එන වෙලඳපොල" විසින් සලසනු ලැබ තිබේ.

Share this article: