ඉරාකය සිවිල් යුද්ධය කරා ඇදී යයි

Iraq slides toward civil war

බිල් වෑන් ඕකන් විසිනි, 2014 ජනවාරි 03

දශකයකට පෙර සිදුවූ අමෙරිකානු ආක්‍රමනයට එරෙහි සන්නද්ධ අරගලයේ හරි මැද පිහිටි බටහිර අන්බාර් ප්‍රාන්තයේ ෆලූජා සහ රමාඩි යන නගර වල විශාල ප්‍රදේශ අල්ලා ගන සිටින සුන්නි සටන්කාමින් හා ඉරාක හමුදා අතර පසුගිය 02දා දරුනු සටන් ඇවිල ගියේ ය.

එක්සත් ජාතීන්ගේ මන්ඩලය හා අනෙකුත් ආයතන නිකුත් කල වාර්තා, 2007-2008 එක්සත් ජනපද මිලිටරි "උත්සන්නියට" පසු ඉරාකයේ ඉහල ම මරන සංඛ්‍යාව සිදුව ඇත්තේ 2013 වර්ෂය තුල බව පෙන්වා දුන් අතර වාරයේ අලුතින් සටන් ඇවිල ගියේ ය.

එජා අනුව ගිය වසර තුල ඉරකයේ ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් අහිමිවූ සිවිල් වැසියන්ගේ ජීවිත සංඛ්‍යාව 7,818කි. එම කාලෙහිම මිය ගිය ආරක්ෂක හමුදා භට සංඛ්‍යාව 1050කි. බ්‍රිතාන්‍යයේ පිහිටි ඉරාක මරන ගනන් කරන්නන්ගේ (අයිබීසී) කන්ඩායමට අනුව මියගිය සිවිල් වැසියන් ගනන 9475කි.

එජා තක්සේරුව ඉදිරිපත් කරමින් ඉරාකයේ එජා කාර්යාල ප්‍රධානී නිකොලයි ම්ලෙඩනොව් මෙසේ පැවසීය: "මෙය සංවේගජනක මෙන් ම භයංකර වාර්තාවක් වන අතර මෙම කුරිරු චක්‍රය මැඩලීමට ඉරාක පාලකයන් ප්‍රචන්ඩත්වයේ සුලමුල සොයා ඊට පිලියම් යෙදීමේ හදිසි අවශ්‍යතාව යලි තහවුරු කරයි."

පසු ගිය වසරේ මියගිය ගනන 2008 වසරේ මියගිය සංඛ්‍යාවට දල වශයෙන් සමාන බව පෙන්වා දෙන අයිබීසී ය, "2008 සංඛ්‍යාවෙහි අඩුවීමක් (25,800 සිට පහල යාමක්) පෙන්නුම් කරන නමුත් දැන් එහි ඇත්තේ වැඩි වීමකි; වාර්තාවූ සිවිල් මරන ගනන 4500ක්වූ පෙර වසර මෙන් දෙගුනයකටත් වඩා ඉහල යාමකි."

එය මෙසේ ද පැවසීය, "එන වසර පුරාවට ප්‍රචන්ඩත්වයේ මට්ටම අපාලිතව මෙසේම පැවතිය හොත්, එය ෆලූජා (එක්සත් ජනපද මිලිටරිය විසින්) කොටු කර තැබුනු අවස්ථා දෙක සහ ඉරාක ත්‍රස්තවාදීන් බලය අල්ලාගැනීම සිදුවූ 2004 වසර මෙන්ම 2014ද මරනීය වීමේ තර්ජනය පවතියි."

පසුගිය අප්‍රෙල් සිට ප්‍රචන්ඩත්වය සහ ජීවිත හානි ඉහල ගියේ අගමැති නොඋරි අල්-මලිකිගේ ෂියා වාර්ගික ආන්ඩුව උතුරුකරයේ හවිජා නගරයේ විරෝධතා කඳවුරක සුන්නිවරුන්ට එරෙහිව දල වශයෙන් සිවිල් වැසියන් 50 කට මරු කැඳවූ රුදුරු මර්දනයකට අන කිරීමත් සමග ය.

දෙසැම්බර් 30දා රමාඩිහි කඳවුරකට එල්ල කල එවැනි ම ප්‍රහාරයකින් ඇවිල ගිය කැලඹිල්ල හමුවේ එම නගරය ද ෆලුජා ද තවත් කුඩා නගර ගනනාවක් ද ආන්ඩු විරෝධී කැරලිකරුවන් අතට පත් විය.

මහජන විරෝධය යටපත් කිරීමේ කිරීමේ ගොරහැඩි උත්සාහයක යෙදෙමින් මලිකි, 10 දෙනෙකුට මරු කැඳවූ විරෝධතා කඳවුර විසුරුවා හැරීමෙන් පසු 31දා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලින් එකකට සහනයක් දෙන බව පෙන්වමින් තමන් අන්බාර් වල සුන්නිවරු වෙසෙන ප්‍රදේශවලින් හමුදා ඉවත් කර ආරක්ෂාව සාමාන්‍ය පොලීසියට බාර කරන බව නිවේදනය කලේ ය.

කෙසේ වෙතත් 01දා වන විට දැඩි ලෙස සන්නද්ධව සිටි සටන්කාමීහු, රමාඩි හා ෆලුජා නගරවල පොලිස් ස්ථාන වටලා, අඩු තරමින් සිරකරුවන් 100ක් වත් නිදහස් කරගත් අතර ආයුධ කොල්ලකමින්, ගොඩනැගිලි ගනනාවක් ගිනිබත් කලහ. බොහොමයක් ස්ථානවල දී පොලීසිය සටනක් නොකර ම තම සේවා ස්ථාන අතහැර දැමූහ.

පසුව මලිකි සිය මුල් තීරනය වෙනස් කර හමුදා කන්ඩායම් ප්‍රදේශයට යවා 02දා වනවිට ෆලුජා වෙත මිසයිල එල්ල කල අතර නගරය වැටලීමට සුදානම් වෙමින් ෆලුජා සහ රමාඩි වෙත ගුවන් ප්‍රහාර එල්ල කල බව වාර්තා වෙයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිලධාරියකු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසුවේ, "නගරයෙන් අඩක් අයිඑස්අයිඑල් (ඉරාක සහ ලෙවන්ට් ඉස්ලාමීය රාජ්‍යය) අතෙහි පවතින අතර අනෙක් කොටස" සන්නද්ධ ගෝත්‍රිකයන් විසින් පාලනය කරන බව ය. රමාඩිහි තත්වය ද එසේ ම බව පැවසූ ඔහු එහි ද අඩක් එම සංවිධානය අතෙහි හා අනෙක් අඩ ගෝත්‍රිකයන් අතෙහි පවතින බව කීය.

රමාඩිහි සිය වාර්තාකරුවකු උපුටා දක්වන ප්‍රවෘත්ති ඒජන්සිය, "දැඩි ලෙස සන්නද්ධ මිනිසුන් අය්එස්අයිඑල් වර්නනා කරන ගී ගයමින් ද එය නිතර ඔසවන වර්ගයේ කලු කොඩි වනමින් ද දුසිම් ගනන් ට්‍රක් රථවල නැගී නගයේ නැගෙනහිර දෙසට යනු දුටිමි.''

අල් කයිඩාවට සම්බන්ධ අයිඑස්අයිඑල් සංවිධානය, බටහිර පිටුබලය සහිතව අසල් වැසි සිරියාවේ ආන්ඩු පාලනය පෙරලා දැමීමේ සටනක නිරත "කැරලිකරුවන්" අතර ප්‍රධාන බලවේගයක් බවට පත්ව තිබේ. සිරියාවේ උතුරු දිග ප්‍රදේශයේ පාලනය සියතට ගැනීමෙන් ඉරාක සිරියා දේශ සීමාව හරහා හමුදා යැවීම කල හැකි බව ඔවුන් පෙන්නුම්කර තිබේ. එහිදී ඔවුහු මෝටර් රථ බෝම්බ ප්‍රහාර, මිලිටරි සහ පොලිස් ඒකක වෙත පහර එල්ල කිරීම හා නිකායවාදී ප්‍රහාර එල්ල කරති. එහි ප්‍රකාශිත අරමුන වනුයේ රටවල් දෙක ම අලලා ගත් සුන්නි මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීම ය.

වාර්ගික අගතීන් මත පදනම්ව සිටින බැග්ඩෑග් ආන්ඩුව ගෙන යන සුන්නි ප්‍රජාවට එරෙහි දේශපාලන කොන්කිරීම සහ මර්ධනය හේතුවෙන් පැන නැගුන පුලුල් සුන්නි විරෝධී ව්‍යාපාරය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා හේතුවක් ලෙස අයිඑස්අයිඑල්හි හමුදා කටයුතු මලිකි විසින් ඩැහැ ගෙන තිබේ.

සුන්නි දේශපාලඥයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් "ත්‍රස්තවාදීන්" ලෙස මර්දනය කිරීම ද මෙයට ඇතුලත් ය. මෑතම මර්දනය මුවවිටදී පාර්ලිමේන්තු සභික අහමඩ් අල්-අල්වනි ගේ රමාඩසහි පිහිටි නිවසට කඩා පැන්න ආරක්ෂක හමුදා, ඔහුගේ සොහොයුරා සහ ආරක්ෂකයින් 5 දෙනෙකු මරා දැමීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගත්හ. මෙම ක්‍රියාව, වැඩි පිරිස සුන්නිවරුන් වූ පර්ලිමේන්තු මන්ත්‍රීන් 44 දෙනෙකුගේ ඉල්ලා අස්වීමට මග පෑදීය.

පසුගිය මාසයේ විරෝධතා කඳවුර විසුරුවාලන බවට අවසාන නිවේදනයක් නිකුත් කල මලිකි එය හැඳින්වුයේ "අල්කයිඩා නායකත්වයේ මූලස්ථානය" ලෙස ය.

මලිකිගේ ම ගෝත්‍රවාදී ප්‍රතිපත්ති සුන්නිවරුන් අතර කර්කශ වි‍රෝධයට හේතු වන්නේ ය යන කාරනාව වහංගු කිරීමට ආන්ඩුවේ මෙම ස්වාර්ථවාදී ව්‍යායාමය මගින් උත්සාහ දැරේ. එනම්, පහසුකම් නොමැතිකම, වගවිභාගයක් නැති "ත්‍රස්ත" සෝදිසි, චෝදනා නොමැතිව දහස් ගනන් සිරගත කිරීම සහ රජයේ සේවකයන් රැකියාවලින් නෙරපීම ට යොදා ගන්න නිර්බාත්කරන වැඩසටහන ය.

ආන්ඩුව හුදෙක් අල්කයිඩා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක නිරතව සිටිනවාය යන මවා පෑම ඉරානයේ සහ වොෂින්ටනයේ සහාය ගොනුකර ගැනීමට යොදා ගනී. වොෂින්ටනය මෑතක දී හෙල්ෆයර් මිසයිල ඇතුලු නවීන ආයුධ තොගයක් ඉරාක මිලිටරිය වෙත නැව්ගත කිරීමට නියෝග කලා ය. 01දා ෆලුජා ප්‍රහාරයට මෙම මිසයිල යොදා ගත් බව වාර්තා වේ.

ඇන්බාරයේ මිලිටරි ගැටුම් සූදානම් කෙරෙද්දී ඉරාකයේ අන් ස්ථානවල ද ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වෙයි. බැග්ඩෑගයට කි.මි. 45ක් ඊසාන දිගින් පිහිටි බැලෑඩ් රූශ් නගරයෙහි සෙනග පිරි වීදියක 01දා රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් පුපුරන ද්‍රව්‍ය පිරි පිකප් ට්‍රක් රථයක් පුපුරුවා හැරියේ ය. පිපුරුමෙන් අඩු තරමේ 19ක් වත් මියගිය අතර 37කට තුවාල සිදු විය. ෂියා සහ සුන්නි යන ජන කොටස් දෙකට ම එරෙහිව එල්ල කෙරෙන එවැනි ප්‍රහාර දිනපතා සිදුවෙයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දශකයකට වැඩි විලෝපිත යුද්ධ සහ යටත් විජිත මාදිලියේ ආක්‍රමන වෙනුවෙන් ඉරාක ජනතාව බිහිසුනු මිලක් ගෙවයි. අට වසරක ඇමරිකානු ආක්‍රමනය ලක්ෂ ගනනාවක් ඉරාක ජාතිකයන්ගේ ජීවිත බිලිගත්තේ රටේ ජනතාව බෙදීමේ සහ යටත් කිරීමේ මාර්ගය ලෙස ගෝත්‍රවාදය යොදාගන්නා දේශපාලන පද්ධතියක් එරට මත පටවමිනි. මලිකි කල්ලිය එම පද්ධතියේ නිපැයුමකි.

දැන් අසල්වැසි සිරියාව තුල ඇමරිකාව විසින් අවුලුවනු ලැබූ සිවිල් යුද්ධය ඉරාකයේ ම සිවිල් යුද්ධය සඳහා නව සහ බලගතු තල්ලුවක් සපයයි. වොෂින්ටනය මලිකි තන්ත්‍රයට යුද ආධාර දෙමින් එය ඔසවා තබන අතරතුර, දේශ සීමාව දෙපැත්තෙහි ම සිටින සුන්නි ඉස්ලාම්වාදී සටන්කරුවන්ට එහි සහචරයින් වන සෞදි සහ අනෙකුත් පර්සියානු ගල්ෆ් රාජාන්ඩු ද්‍රව්‍යමය ආධාර සපයති.

Share this article: