ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) වාර්තාව : ආර්ථික කඩාවැටීමට අවසානයක් නැත

IMF report: No end to economic breakdown

2014 අප්‍රේල් 8

ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා ගොස් වසර හයකට ආසන්නයේදී, 2008 සැප්තැම්බරයට පෙර පැවති ආර්ථික වර්ධන අනුපාතයන්ට යලි ලඟාවීමේ ඉඩකඩ ජාමූඅ ප්‍රබලව බැහැර කලේය. මේ සතිය අවසානයේ වොෂින්ටනයේදී පවත්වන්නට නියමිත වසන්ත රැස්වීම සඳහා පලකල, ජාමූඅහි ලෝක ආර්ථික සැකැස්ම (වර්ල්ඩ් එකොනොමික් අවුට්ලුක්) වාර්තාවේ ප්‍රධාන පරිච්ඡේද දෙකක, ලෝක ආර්ථිකයේ තත්වය පිලිබඳ අඳුරු සහගත තක්සේරුවක් සම්පාදනය කර ඇත. වැඩිදියුනු රටවලදී දල දේශීය නිෂ්පාදනයට (දදේනි) සමානුපාතිකව ආයෝජන ඇද වැටෙමින් තිබෙන අතර, “නැගී එන ආර්ථිකයන්” හිදී 2007 ට පෙර පැවති වර්ධන අනුපාතයේ මට්ටම්වලට නැවත හැරීමක් ගැන බලාපොරොත්තුවක් නොපෙනේ.

1980 පටන් යථා පොලී අනුපාත පිරිහෙමින් පවතින අතර “යම්තම් සෘනාත්මක කලාපයක දැන්” පවතින බව ජාමූඅ සඳහන් කරයි. නමුත් මෙය නිෂ්පාදක ආයෝජන ඉහල නැංවීමට අපොහොසත්ව තිබේ. ඊට විකල්පව, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පැන නැංවුනු “පලුදු” “වැඩිදියුනු ආර්ථිකයන්වල ආයෝජනයන්ගේ සීඝ්‍ර සහ අනවරත ඇදවැටීමට හේතු” වී තිබේ. 2008 සහ 2013 අතර, මෙම රටවල ආයෝජනයට දදේනියේ අනුපාතය සියයට දෙක හමාරකින් ඇද වැටී තිබේ. “බොහෝ වැඩිදියුනු ආර්ථිකයන්හි අනුපාත ඊලඟ වසර පහ තුල පූර්ව-අර්බුද මට්ටම්වල තත්වයට ප්‍රකෘති වීමට පවතින ඉඩකඩ අල්ප බව” වාර්තාව එකතු කරයි.

ධනපති ආර්ථිකය පවත්වා ගෙන යාමේදී ආයෝජනවල තීරනාත්මක භූමිකාව සැලකීමේදී මෙම නිගමනය අතිශයින්ම වැදගත්ය. “සාමාන්‍ය” තත්වය සලකද්දී, ආයෝජන එනම් නිෂ්පාදන ප්‍රාග්ධනය පුලුල්වීම, ධනවාදී ආර්ථික වර්ධනයේ ප්‍රධානතම ක්‍රියාකාරී බලවේගයයි. ආයෝජන මගින් අනාගත ලාභ බලාපොරොත්තු පොරොන්දුවෙමින් ශ්‍රම වෙලඳපොලහිද යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය සහ සාමාන්‍යයෙන් නිෂ්පාදන විධික්‍රම සඳහාද නව ඉල්ලුමක් ඇති කරනු ලැබේ. මෙය, පිලිවෙලින්, ඉල්ලුම තවදුරටත් ඇති කරගෙන යන අතර ලාභ අවස්ථා පුලුල් වීම් ඇති කර එමගින් අමතර ආයෝජනවලට උත්තේජන ඇති වෙමින් ඉතා හොඳ චලිත ආර්ථික චක්‍රයක් නිර්මානය වනු ඇත.

නමුත් ආයෝජන ඇන හිටින්නේ නම් හෝ අඩුවේ නම්, චක්‍රය විෂම අතට හැරෙනු ඇත. දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.

ජාමූඅ ඉදිරිපත් කරන අන්දමට; “විශේෂයෙන්ම වැඩිදියුනු ආර්ථිකයන් නව කම්පන වල ප්‍රහාරයකට ලක්වුවහොත් හෝ ඒවායේ ප්‍රතිපත්ති බලාපොරොත්තු වූ ලෙස අර්බුදයන්ගේ දායාදවලට විසඳුම් නොසපයන්නේ නම්, එම ආර්ථිකයන්හි දිගුකාලීනව පවතින ඉතා පහල වර්ධනයේ (චිර කාල ඇනහිටීම) ඉඩ කඩ සැලකිය යුතු කාරනාවකි.”

“වැඩිදියුනු ආර්ථිකයන්ගේ පහල බසින ආයෝජන ආපසු හැරීමේ ඉඩකඩ අතිශයින්ම අල්ප බවට සාක්ෂි මගින් යෝජනා කෙරෙන බව” ජාමූඅ අඳුරු සහගතව ලියයි. වෙනත් ලෙසකින් පැවසුවහොත්, දැකගතහැකි අනාගතයේ කොයි මොහොතකදීවත් නිර්ව්‍යාජ ආර්ථික ප්‍රකෘතියක් ගැන බලාපොරොත්තුවක් නැත.

ගෝලීය ධනවාදය පුලුල්වීමේ නව පදනම ලෙස වරක් තැරැව් කෙරුනු, “නැගීඑන ආර්ථිකයන්ගේ” ද තත්වය හොඳ නැත. ජාමූඅ ට අනුව; “නැගීඑන වෙලඳපොලවල සහ සංවර්ධනය වන ආර්ථිකයන්ගේ මෑතකාලීන මන්දගාමිත්වය ප්‍රතිපත්ති කවතුල බොහෝ සාංකාවනට හේතු වී තිබේ.”

2009 -2010 දී වැඩිදියුනු ආර්ථිකයන්ට වඩා මෙම ආර්ථිකයන් වඩා ප්‍රබලව යලි පැන නැගුනත් ඉන් පසු වර්ධනය මන්දගාමී වුන අතර, “දැන් ගෝලීය මූල්‍ය අර්බුදයට පෙර තිබූ මට්ටම්වලට වඩා සැලකිය යුතු පහල මට්ටමක පවතී.”

යලි පැන නැගීමේ කාලයේදී, “එකිනෙකින් ගැලවීයාම.” පිලිබඳ කතාව මුලුමනින්ම පිලිගත් ව්‍යවහාරය විය. නමුත් නැගීඑන වෙලඳපොල සහ සංවර්ධනය වන ආර්ථිකයන් ලෝකයේ අනෙකුත් කලාපවල ආර්ථික ප්‍රවනතාවයන්ට ඉතා සංවේදී බව ඔප්පු කර තිබේ.

2012 පටන් නැගීඑන වෙලඳපොලෙහි වර්ධන අනුපාතයන් සියයට දෙකක අගයකින් පහලයාම ගත් විට, චීනය සියයට භාගයක අගයකට හේතු වූ අතර, වෙනත් බාහිර සාධක සියයට එකයි කාලක අගයක්ද, වෙනත්, ප්‍රධාන ලෙසම අභ්‍යන්තර, සාධක සියයට කාලක අගයකට හේතු වූ බව ජාමූඅ විසින් සොයා ගැනිනි.

“බොහෝ බාහිර සාධක ආර්ථික වර්ධනයකට උදව් දුන්, ගෝලීය මූල්‍ය අර්බුදයට පෙර කාල සීමාවට වඩා සංකීර්න සහ අභියෝගාත්මක වර්ධන පරිසරයකට මෙම ආර්ථිකයන් මුහුන දීමට ඉඩ ඇතැ”යි වාර්තාව පවසයි.

2013 ග්‍රීෂ්මයේදී සහ මේ වසර මුල මූල්‍ය අස්ථාවරත්වයේදී පෙනුන ලෙස, එක්සත් ජනපදයේ (එජ) පොලී අනුපාත ඉතා සුලු ප්‍රමානයකින් පවා, ඉහල ගියහොත්, “නැගීඑන වෙලඳපොල පීඩාවට පත් වනු ඇත.” චීනයේ පවතින අඩු වර්ධන අනුපාතයත් ඔවුනට පීඩාකාරීව බලපානු ඇත.

රටවල් එකට එකතු වී “නිවැරදි ආකාරයේ ප්‍රතිපත්ති වැඩපිලිවෙලක්” ක්‍රියාවේ නොයෙදුවහොත්, ලෝකය “වසර ගනනාවකට පහල හා උප-තුල්‍ය වර්ධනයකට” මුහුන දෙන බව, ජාමූඅ හි කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාර්ඩ් මේ සතියේ රැස්වීම මුලදී අනතුරු ඇඟවීය. නමුත් ගෝලීය කඩාවැටීමෙන් හය වසරක් ගෙවුනු තැන, කම්කරු පන්තියේ තත්වයන්ට සහ සමාජ අයිතිවාසිකම් මතට කෙරෙන ගැඹුරු ප්‍රහාරයන්ට වඩා මේ “නිවැරදි ප්‍රතිපත්ති” මොනවාදැයි පැහැදිලි ඇඟවුමක් නැත.

එක්සත් ජනපදය තුල, රැකියා උත්පාදනය “ශක්තිමත් නොවන” බව ලගාර්ඩ් සටහන් කලාය. මාර්තුවේදී එජ වැටුප් ගෙවීමේ වාර්තා 192,000 කින් පමනක් ඉහල යෑම පෙන්නුම් කෙරෙන නවතම සංඛ්‍යාත් සමග, අගයයන් “ඉහල යා හැකි හා ඉහල යායුතු යැයි” ලගාර්ඩ් පැවසීය. ඊට අස්ථිරත්වය හා විශ්වාසනීයත්වයේ අඩුබව හේතු නොවනු අතර, “බොහෝ සමාගම් ධාරිතාවයට සහ රැකියා උත්පාදනයට ආයෝජනය කරනවාට වඩා ඇත්තටම තමන්ටම ආයෝජනය කරගන්නා බව සත්‍යයකි.”

ප්‍රධාන එජ සංගත නිෂ්පාදන ධාරිතාව ඉහල නැංවීමට තම ලාභ නොයොදවන නමුත් ඒවා කොටස් නැවත මිලදීගැනීමටත් මූල්‍ය ප්‍රභූන්ගේ සම්පත් ඉහල නංවන කොටස් මිල ගනන් ඉහල යැවීමටත් යොදවන බවට වන සත්‍යය ලගාර්ඩ් ගෙන හැර පෑවාය.

වානිජ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ, සේවක වැටුප් පහලයද්දී, එජ ආයතනික ලාභ, අවම වශයෙන් අවුරුදු 85 ක් තුල, තම උපරිම මට්ටමේ පවතින බවයි. 2012 දී ආර්ථිකයෙන් සියයට 42.6 ක් වූ සේවක වැටුප් ප්‍රතිශතය, 2013 දී සියයට 42.5 ක් බව ගනන් බැලෙද්දී, පෙර වාර්තාගත කිසිම වසරකට වඩා එම අගය අඩු වන බව වානිජ දෙපාර්තමේන්තුව පැවසීය.

2013 තත්වය 2006 සමග සසඳාබැලීමේදී, උද්ධමනය සඳහා සීරුමාරු කල පසු, බදුවලට පෙර ආයතනික ලාභ සියයට 28 කින් ඉහල ගොස් තිබෙන බව නිව් යෝක් ටයිම්ස් ලිපියක සඳහන් කර ඇත. නමුත් බදු සියයට 21 කින් පහල යෑමත් සමග, පසුගිය වසර හත පුරා බදුවලට පසු ආයතනික ලාභ සියයට 36 කින් ඉහල ගොස් තිබේ. කෙසේවුවද, ජාමූඅහි සංඛ්‍යා පෙන්නුම් කරන අන්දමට, මෙම මුදල් ආර්ථිකය පුලුල්කිරීමට නොයෙදවෙන නමුදු, සුපිරි ධනවතුන්ගේ ආදායම් ඉහල නැංවීමට යෙදවේ.

මුල්‍ය ප්‍රභූන් වෙත ඩොලර් ට්‍රිලියන ගනනක් ලැබෙන්නට සැලැස්වුන ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ වැඩපිලිවෙලත් සමග, එජ ආර්ථිකයේ වැඩිවෙමින් පවතින පරපෝෂිත ස්වභාවය, ඇමරිකානු සහ ගෝලීය කොටස් වෙලඳපොලවල් ඉහලට ඔසවා තැබිනි.

ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් සම්පාදනය කරන ව්‍යාපාර කොටස් වෙලඳපොලෙහි සමස්ත ලෝක දර්ශකය 2007 අවසානයෙන් මෙපිට තම උපරිම මට්ටමට ගිය සතියේදී ලඟාවෙන අතරේදී, ඇමරිකානු එස් ඇන්ඩ් පී 500 දර්ශකය මුලු කාලයටම ඉහල අගයට ලඟාවිය.

එජ මූල්‍ය ප්‍රාග්ධනය සම්බන්ධව සාමාන්‍යයෙන් අදහස් පලකරන ජාමූඅ ප්‍රධානියාට, ප්‍රමානාත්මක ලිහිල්කිරීමේ වැඩ සටහන (බැංකුවලින් සුරැකුම්පත් මිලදීගන්නට මහ බැංකු විසින් මුදල් අච්චු ගැසීම) යුරෝපය තෙක් විහිදුවන්නට අවශ්‍යය. ගිය සතියේදී, යුරෝපා මහ බැංකුවේ (යුමබැ) ප්‍රතිපත්ති පිලිබඳ රැස්වීමක් පුර්වාසන්නයේදී, අවධමනයේ තර්ජනය මග හරින්නට වැඩි යමක් කරන්නැයි ඇය යුමබැ වට ආරාධනා කලාය.

ස්පාඤ්ඤයේදී මිල ගනන් ඇත්තටම සියයට 0.2 කින් පහල යන අතරේදී, යුරෝපීය මිල ගනන් මාර්තුවේදී යාංතම් සියයට 0.5 ක වාර්ෂික අනුපාතයකින් ඉහල යන තතු තුල ලගාර්ඩ් ගේ ප්‍රකාශය පැමිනියේය. මෙය යුමබැවේ ඉලක්කය වන සියයට 2 ක උද්ධමනයට වඩා ඉතා පහලය. අවධානය යොමුවී ඇත්තේ ලගාර්ඩ් විසින් “අවධමනයේ බහිරවයා” ලෙස හැඳින්වු ජපානයේදී අත්වින්දා වැනි, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතනවල සත්‍ය නය වැඩිකරන අවධමනකාරී සර්පිලාකාර වක්‍රයක් මතුවීමට පවතින ඉඩ කඩ කෙරෙහිය.

යුමබැ රැස්වීමෙන් පසු, මූල්‍ය වත්කම් මිලදීගැනීම්ද ඇතුලත්ව නව ප්‍රතිපත්තිවලට මුලපිරීම් සලකාබැලීමේ තම වගකීම් ගැන බැංකුවේ පාලන මංඩලය “ඒකමතික” බව මහ බැංකු සභාපති මාරියෝ ඩ්‍රාගි පැවසීය. “ප්‍රමානාත්මක ලිහිල්කිරීම” ගැන සාකච්ඡා වුන අතර එය නොතකා හැරියේ නැතැ“යි ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

නමුත් ෆෙඩරල් රිසර්ව් ආයතනයට වඩා බොහෝ සමීපව සිටිමින් මූල්‍ය ප්‍රතිපත්ති පිලිබද “අතිශයින්ම අවංක යෝජනා ගෙන ඒම” පිලිබඳව ඔහු ව්‍යාජෝක්තිය පසෙක තබා ජාමූඅ ට ස්තූති කලේය. ෆෙඩරල් රිසර්ව් හටද ජාමූඅ රෙකමදාරු ඉදිරිපත් කල බව පවසමින් ලගාර්ඩ් ඇනුම් පදයකින් උත්තර දුන්නාය.“එසේ කීම සුදුසු යැයි අප සිතූ විට අපට කියන්නට ඇති දේ අප කියන බව” ඇය කීවාය. “යුමබැ උද්ධමනය පිලිබඳ ගැටලුවට ආමන්ත්‍රනය කල යුතු බව දිගු කලක් තිස්සේ ජාමූඅ හි දැක්ම වූ” බව ඇය තව දුරටත් පැවසීය.

අත්ලාන්තිකය හරහා ඇනුම් පද හුවමාරු වීම ධනපති ආර්ථික කඩා වැටීම අඛන්ඩව පවතිද්දී ප්‍රධාන ආර්ථික ඒකක අතර වැඩෙන ආතතිය පෙන්නුම් කරයි. ගොඩ ගැසෙමින් පවතින ආර්ථික ගැටලු සමුදායකට විසඳුම් ඉදිරිපත් කර ගත නොහැකි වුවද ප්‍රභූ පාලකයින් මූලික ප්‍රශ්න පිලිබඳ එකඟය. එනම් බැංකු හා මූල්‍ය කතිපයාධිකාර කුමන වියදමක් දරා හෝ ආරක්ෂා කර ගතයුතු අතර ඔවුන් ගේ ක්‍රියාවන්ගෙන් පැන නැංවුනු අර්බුදයට කම්කරු පන්තිය විසින් ගෙවනු ලැබීමට තත්වය සකස් කල යුතු බවයි.

නික් බීම්ස්

Share this article: