චීනයේ ඡායා බැංකු පද්ධතියහි දැවන්ත වර්ධනය

Huge growth in China’s shadow banking system

ඩග්ලස් ලියොන් විසිනි , 2014 නොවැම්බර් 15

2008 ගෝලීය මූල්‍ය අර්බුදය ඉක්බිත්තේ ජී20 ආර්ථිකයන් විසින් නිර්මානය කරන ලද මූල්‍ය ස්ථාවරත්ව මන්ඩලය ( Financial Stability Board -FSB පසු ගිය මාසයේ නිකුත් කරන ලද වාර්තාවකට අනුව චීනයේ ඡායා බැංකු අංශය වේගයෙන් වර්ධනය වීමට පටන්ගෙන ඇති අතර ලෝකයේ තුන්වැනි විශාල ම ශ්‍රේනියට ගැනේ.

නිර්වචනය අනුව, ඡායා බැංකු යනු, ප‍්‍රාග්ධන - නය සම්පාදනයේ අතරමැදි ආතයතන හෝ ”අනෙකුත් මූල්‍ය තැරව්කාර (OFI) ආයතනය”. ඒවා මුදල් තැන්පත් භාරගන්නා සම්ප‍්‍රදායානුකූල බැංකු වලට පිටින් ක‍්‍රියාත්මක වන නිසා සම්ප‍්‍රදායානුකූල බැංකු අංශය මත නියම කෙරුනු සීමිත රෙගුලාසි හා අධීක්ෂනයෙන් ඒවා නිදහස් ය. කෙසේ නමුත් සමහර විශ්ලේෂකයින් ඡායා බැංකුවලට මූලික ශක්තිය ලබාදීම පිලිබඳව සම්ප‍්‍රදායානුකූල බැංකුවලට චෝදනා කරති.

විශාල ම ඡායා බැංකු ව්‍යාපාර පද්ධති ඇත්තේ එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි වැඩි දියුනු ධනේශ්වර රටවල වන අතර, ඒවා ලෝකයේ ඡායා බැංකුවල සමස්තයෙන් පිලිවෙලින් තුනෙන් එකක් හා සියයට 12ක් නියෝජනය කර යි.

කෙසේ නමුත්, නැගී එන වෙලඳපොලවල් අතරින් චීනය, එරට ඡායා බැංකුවල සුවිසාලත්වය හා වේගවත් නැගීම නිසා විශේෂ අවධානයක් දිනා ගන්නා බව විශ්ලේෂකයෝ අවධානයට ලක් කලහ. ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය වීම නිසා ප‍්‍රධාන මූල්‍ය උනුවී යාමක් හමුවේ, ගෝලීය වශයෙන් ඒකාබද්ධ ධනේශ්වර පද්ධතිය පුරාම දැවන්ත ප‍්‍රතිවිපාක එමගින් ජනනය කරනු ඇත.

වාර්තාව පවසන්නේ, චීන ඕඑෆ්අයි අවුරුදු පතා වේගවත් ව්‍යාප්තියක් සඳහා ජවයක් සපයා ඇති බව යි. ඊට පෙර වසර හා සන්සන්දනය කරන විට ඕඑෆ්අයි වත්කම් 2012දී සියයට 42කින් වර්ධනය වූ අතර , 2013දී මෙම වත්කම් සියයට 37කට වඩා වර්ධනය වී, ඩොලර් ට්‍රිලියන 3ට ආසන්න විය.

ඇතම් ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පවසා ඇත්තේ එෆ්එස්බී වාර්තාව චීනයේ ඡායා බැංකු පද්ධතියේ පරාසය අවතක්සේරු කරන බව යි. සමාජ විද්‍යාව පිලිබඳ චීන ශාස්ත‍්‍රාලය ඇස්තමේන්තු කර ඇත්තේ එෆ්එස්බී වාර්තාවේ සඳහන් ඩොලර් ටි‍්‍රලියන 3ට වඩා ඩොලර් ටි‍්‍රලියන 1.5කින් එය වැඩිවන බව යි. මෙය චීනයේ විධිමත් බැකු පද්ධතියේ පහෙන් එකකට සමාන වේ. විශ්ලේෂකයින්ට අනුව අද ඕඑෆ්අයි වත්කම් ඩොලර් ටි‍්‍රලියන 6.54 දක්වා පිමිබී ඇත.

චීනයේ ඡායා බැංකු නය පැහර හැරීම් මාලාවක් මධ්‍යයේ වාර්තාව එලි දැකීම කාලෝචිත ය. සැප්තැම්බර් මාසයේ දී ප‍්‍රධාන බැංකුවක් ශේෂ-පත‍්‍රයට පිටින් රහසිගත නය දීමේ උපක‍්‍රම හරහා ඩොලර් මිලියන 652ක නය පැහර හැරීමකට මුහුන දුන් බව චීන රාජ්‍ය මාධ්‍යය වාර්තා කර ඇත.

මේ ආකාර පරපුටු නය දීමේ ජනප‍්‍රියත්වය මෑත දී පුපුරා ගොස් ඇත. බැංකු හා භාරකාර සමාගම් බැංකු තැන්පත්වලට වඩා ඉහල ඉපැයුම් විකල්ප ලෙස, ශේෂ-පත‍්‍රවලට පිටින් නය නිකුත් කරති. විශ්ලේෂකයින්ට අනුව, ඒවා අවදානම් සහගත මෙන් ම චීන අර්ථිකය මන්දගාමී වීමත් සමග නය පැහර හැරීමේ අවදානම අසමානුපාතිකව ඉහල නංවයි.

නය බුබුල පුපුරා යාමේ අවදානම වැලක්වීමට ආන්ඩුව ඡායා බැංකු ව්‍යාපාර මත පාලනය දැඩි කිරීමට උත්සාහ ගෙන ඇත. අගෝස්තුවේ දී චීන බැංකු නියාමකයෝ, මූල්‍ය කටයුතු අධීක්ෂනය වැඩි කිරීමට කෙටුම්පත් නීති ප‍්‍රසිද්ධ කලහ.මැයි මාසයේ දී ආන්ඩුව අන්තර් බැංකු නය ගැනීම් මත සීමා පැනවී ය.

“පසු ගිය වසර පහ හෝ හය පුරාවට අප දැක තිබෙන ප‍්‍රවනාතව, තවත් අවුරුදු තුනක් හෝ හතරක් තුල ද චීනය එම වේගයෙන්ම නය ප‍්‍රසාරනයක් සිදු නොවිය හැකි බැවින්, තිරසාර නො වේ” යැයි ස්කොට්ලන්තයේ රාජකීය බැංකුවේ ප‍්‍රධාන චීන ආර්ථික විද්‍යාඥ ලූයිස් කුයිජ්ස් රොයිටර් ප‍්‍රවෘත්ති සේවයට පැවසී ය. එය එසේ නම්, ඉහල ලාභ හා නය ගලායාම පවත්වා ගැනීමට චීන නය දෙන්නෝ, වඩාත් පරපුටු මාධ්‍යය පවා ඇතුලත්, වෙනත් මාවත් සොයනු ඇත.

“චීනයේ ඡායා බැංකු ව්‍යාපාරය නැවත්වීමට අපහසු තරම් ලාභ දායකය,” නම් ශීර්ෂයෙන් සවුත් චයිනා මෝනිං පත‍්‍රය වාර්තා කලේ, බැංකුවල බොල් නය ප‍්‍රශ්නය විසඳීමට චීන ආන්ඩුව නිර්මානය කල වත්කම් කලමනාකරන සමාගම් “ඡායා අංශයට මුදල් සැපයීමේ ප‍්‍රධාන මූලාශ‍්‍රයන් වී ඇති බව යි. මේ ආකාරයට ඇතම් චීන දේශපාලඥයින් නොයෙකුත් ව්‍යාපාර සඳහා ප‍්‍රාග්ධනය සැපයීමේ දී ඡායා බැංකුවලට තම සහාය පල කර ඇත.”

ගෝලීය වශයෙන් ඡායා බැංකු කර්මාන්තය 2013දී ඩොලර් ටි‍්‍රලියන 5කින් වර්ධනය වී ටි‍්‍රලියන 75ට ලඟා වී යැයි එෆ්එස්බී ප‍්‍රකාශ කල අතර ”මෙය ගෝලීය ඡායා බැංකු ව්‍යාපාර පද්ධතියට තත්වාරක්ෂක බලල් අතක් සපයන” බව පැහැදිලි කරයි. “අසීමිත විශාලත්වය නිසා දියුනු ආර්ථිකයන් විශාල ම බැංකු නො වන මූල්‍ය පද්ධති සහිත තැනක් බවට පත්ව ඇත.” මෙම වත්කම් සමස්ත මූල්‍ය වත්කම්වලින් සියයට 25ක සාමාන්‍යයක් නියෝජනය කර යි. එය බැංකු පද්ධතියේ වත්කම්වලින් අඩක් පමන වන අතර දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 120කි.

“අඩියක් පසුපසට ගනිමින් හා මෙම සමස්ත පද්ධතිය ම අවලෝකනය කරමින් කුයිජ්ස් පැවසුවේ, (ඡායා බැංකු ව්‍යාපාර) හේතුවෙන් චීනය පද්ධතිමය බැංකු අර්බුදයක් තුල පවතින බව මට තවමත් හැඟී යන්නේ නැත” යනුවෙනි. කොහොම වුනත්, ඡායා බැංකු ව්‍යාපාර මගින් ඉටු කරන ලද සැලකිය යුතු කාර්යභාරය සමග ගත් කල, එජ මූල්‍ය පද්ධතිය බිඳ වැටුන කල ලෝක ආර්ථික විද්‍යාඥයින් විස්මයෙන් තුෂ්නීම්භුත වූ හා අන්දුන්කුන්දුන් වූ අවස්ථාවේ දී එසේ නො වුනි ද?

Share this article: