පුටින් වැඩෙන යුද අනතුරු පෙන්වා දෙයි

Putin points to growing war dangers

නික් බීම්ස් විසිනි , 2014 නොවැම්බර් 01

දෙවන ලෝක යුද්ධය අවසානයේ පටන් ජාත්‍යන්තර සම්බන්ධතා පාලනය කරන නියාම, එක්සත් ජනපදයේ කටයුතු මඟින් උල්ලංඟනය කරනු ලැබිම, යුද්ධයට තුඩුදෙන බව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එක එල්ලේ පෙන්නුම්කර ඇත.

රුසියාවේ ශීත සෘතු නිවාඩු නිකේතනය වන සෝචිහි, වැල්ඩායි ජාත්‍යන්තර සාකච්ඡා මන්ඩපය විසින් සංවිධානය කරන ලද රැස්වීමක් තුල ඔක්තෝබර් 24දා පැවැත්වූ කථාවකදී, ඔහු මෙම ප්‍රකාශය කර තිබේ. රුසියාවේ හා ජාත්‍යන්තර මාධ්‍යෙව්දීන්, විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින් හා ශාස්ත්‍රාලිකයින් සහභාගි වූ සාකච්ඡාවේ මාතාකාව වූයේ, ලෝක පාලනය: නව රෙගුලාසි හෝ රෙගුලාසි නොමැති ක්‍රීඩාවක් යන්නයි.

“අප අද එලඹ සිටින හා අප සියල්ලන් හමුවේ ඇති තේරීම ඓතිහාසික සන්ධිස්ථානයක්ය යන්න මෙම සූත්‍රයෙන් නිවැරදිව පැහැදිලි කරයි...ලෝක පාලනයේ වෙනස්කම් හා මෙවන් පරිමානයකින් අද දවසේ අප දකින සිදුවීම්, ගෝලිය ගැටුම හා යුද්ධය නොවන්නේ නම්, උත්සන්න වන ප්‍රාදේශීය මට්ටමේ ගැටුම් මාලාවක් සමඟ සාමාන්‍යෙයන් එක්ව ගමන් කරයි.“ යනුවෙන් පුටින් කථාව ඇරඹීය.

පුටින්ගේ කථාවට, සිතල යුද්ධය අවසානයේ පටන් එජ විදෙස් පිලිවෙත සම්බන්ධ චෝදනා මාලාවක් අන්තර්ගතකර ගත්තේය. තමන් ජයග්‍රාහකයා යයි පවසා සිටින එජට, “පාලනය හා ස්ථාවරත්වය පවත්වා ගැනිම සඳහා බලයේ නව තුලනයක්‘ ගොඩනැඟීමේ අවශ්‍යතාවක් ඇත්තේ නැත. එහෙත් ඒ වෙනුවට එජ, “පද්ධතිය තියුනු හා ගැඹුරු අසමතුලනයකට ඇද දමන“ පියවර ගෙන ඇත. පුටින් පැවසිය.

පුටින්ගේ සැඳහීම් වොෂින්ටනය හෙලාදැකීම පමනක් ඇතුල්කරගත්තා නොවේ. ධනවාදය පුනස්ථාපනය කිරීමේ අටියෙන් ක්‍රෙම්ලිනය, 1991දී සෝවියට් සංඟමය විසුරුවා හැරීමේ ප්‍රතිවිපාක ද එහි අන්තර්ගත විය. එවකදී ස්ටැලින්වාදී නලධාරි තන්ත්‍රය, ලෙනින් හා බොල්ෂෙවික් පක්ෂය විසින් සොයාගත් දේශපාලන ප්‍රබන්ධයක් ලෙස අධිරාජ්‍යවාදය පිලිබඳ සංකල්පය එක හඬින් ප්‍රතික්ෂේප කලහ.

එතැන් පටන් අපකීර්තිමත්, සුපිරි ධනපති ව්‍යාපාරික කතිපයාධිකාරයක් ගොඩනඟමින්, පැරනි සෝවියට් සමූහාන්ඩු රැස, වාර්ගික ජාතිකවාදයේ පදනම මත පාලනය කරමින්, නේටෝ අධිරාජ්‍යවාදි බලවතුන්ට “වර්නවත් විප්ලවයන්ට“ හා වර්ගවාදී සිවිල් යුද්ධයන්ට පිටුබලය සැපයිය හැකි සරු පසක් සපයනු ලැබිනි. මෙම තත්වය මේ වර්ෂයේදී යුක්‍රේනය තුල, එජ හා ජර්මනිය පිටුබලය සැපයූ කුමන්ත්‍රනයකට තුඩු දෙමින් රුසියාව හා නේටෝව යුද්ධයක අද්දරට ගෙන ආවේය.

හදිසියේ ධන සම්පත් ගොඩගසාගත් අයගේ හැසිරීම එක්සත් ජනපදයේ ක්‍රියාවන්ට සමාන කරමින් පුටින්, “ඔවුන් හදිසියේ ඉමහත් ධන සම්භාරයක් රැස්කරගත් තතු තුල, මෙම කාරනයේදී ලෝක නායකත්වය හා ආධිපත්‍යය හැඩගැස්විම“ සම්බන්ධයෙන් කථා කලේය. “තමන්ගේ ධනය, සැබවින්ම ඔවුන්ගේම වාසියට සරිලන ලෙස ද බුද්ධිමත් ආකාරයෙන් කලමනාකරනය කරනු වෙනුවට ඔවුන්, බොහෝ මෝඩකම් සිදුකර ඇති බව මම සිතමි.“

පසුගිය කාලය පුරා ජාත්‍යන්තර නීතියට “නීතිමය නාස්තිකවාදය“ හමුවේ පසුබැසීමට බලකර තිබේ. නීතිමය සිද්ධාන්ත, “අත්තනෝමතික අර්ථකතන හා පක්ෂග්‍රාහී ගනන්බැලීම්“ මගින් විස්ථාපනය කර තිබේ. ඒ සමඟම “ගෝලීය ජන මාධ්‍යෙය් සම්පූර්න පාලනයට, කැමති විටෙක සුදු කලු ලෙසත් කලු සුදු ලෙසත් පින්තාරු කිරීමට හැකිවී ඇත.“ පුටින් පැවසීය.

එජ ඔත්තු බැලීමේ ආයතනවල ක්‍රියාන්විතයන් හෙලිදරව්වීම පිලිබඳව සඳහන් කරමින් රුසියානු ජනාධිපති පැවසුවේ, “ලොකු සහෝදරයා තමන්ගේ සමීපතම සහචරයින් ද ඇතුලු, සමස්ත ලෝකයම නිරීක්ෂනය යටතේ තබාගැනිම පිනිස ඩොලර් බිලියන ගනනින්“ වැය කරයි, යනුවෙනි.

මැද පෙරදිග, ඇෆ්ගනිස්ථානයේ හා යුක්‍රේනයේ එජ ක්‍රියා විවේචනය කරමින් පුටින් පැවසුවේ, සාමයට හා සෞභාග්‍යයට මඟ පෙන්වනවා වෙනුවට ඒකපාර්ශවික ආඥා පැනවීමෙන් අත්කරදී තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිපලය බවයි. “ගැටුම් විසඳනවා වෙනුවට එය තුඩුදෙන්නේ ඒවා තවත් පැතිර යාමටයි, ස්වයිරී හා ස්ථාවර රාජ්‍යයන් වෙනුවට අප දකින්නේ වඩ වඩාත් ව්‍යසනය පැතිර යාමයි, ප්‍රජාතන්ත්‍රය වෙනුවට ඒවායේ ඇත්තේ, විවෘත නව-නාසිවාදීන්ගේ සිට ඉස්ලාමිය රැඩිකල්, සැකකටයුතු කන්ඬායම් කෙරේ පලවන සහයෝගයකි“.

සිරියාවේදී එජ හා එහි සහචරයින්, කැරලිකරුවන් සන්නද්ධ කර ඔවුන්ට මුදල් සපයා ඇති අතර විවිධ රටවලින් එන කුලී හමුදා භටයින්ගෙන් තම පෙල පුරවා ගැනීමට ඔවුන්ට ඉඩ සැලසා ඇත. “මෙම කැරලිකරුවන් තමන්ගේ මුදල්, අවි හා මිලිටරි නිපුනයින් සපයා ගන්නේ කොහෙන්දැයි ඇසීමට මට ඉඩ දෙන්න. මේ සියල්ල පැමිනෙන්නේ කොහෙන් ද? කුප්‍රකට අයිඑස්අයිඑල්ට මෙතරම් බලගතු කන්ඩායමක්, අවශ්‍යෙයන්ම හමුදා බලයක්, බවට පත්විය හැකිව ඇත්තේ කෙසේ ද?

වොෂින්ටනය හා එහි යුරෝපිය සහචරයින්, මැද පෙරදිග අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මූලධර්මවාදී කුලී හමුදාවන්ට හා යුක්‍රේනයේ දක්ෂින නිකායේ මිලිෂියාවන් වැනි ෆැසිස්ට්වාදී බලවේගයන්ට පිටුබලය දීම මඟින් ලෝකය යුද්ධයේ අද්දරට ගෙනැවිත් තිබේ.

එසේ වුවත් පුටින්ගේ විවේචන දේශපාලනිකව පුහු හා නිස්සාරය. ඔහුගේ තන්ත්‍රය වාරුවී ඇත්තේ, උතුරු කොකේෂස් හා චෙච්නියාව වැනි වර්ගවාදී යුද්ධ වලින් ඉරීගොස් ඇති රුසියාවේ ප්‍රෙද්ශ වල පාලනය ගොනයාමේදී, ජාතිකවාදී මැරයින් හා මැර කල්ලි මතය. එය, ඉරාකය තුල මෙන්ම මැද පෙරදිග පුරා ඉරානයේ පිටුබලය සහිත ප්‍රතිගාමී ෂියා මිලිෂියාවන්ට සහාය දෙයි. අවසානයේදී පුටින්ගේ ප්‍රකාශ නියෝජනය කරන්නේ, ප්‍රතිපත්තියක් වශයෙන් එජ, අල් කයිඩාව හා යුක්‍රේනියානු ෆැසිස්ට්වාදීන් මත විශ්වාසය තැබීම අවදානම් වැඩි යයි කනස්සල්ලට පත්ව සිටින ඇමරිකානු හා යුරෝපීය පාලක ප්‍රභූවේ කොටස් සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීමේ උත්සාහයකි.

එජ ඒක ධ්‍රැවීය ආධිපත්‍යෙය් අවධිය පෙන්නුම්කර ඇත්තේ, එක් බල මධ්‍යස්ථානයක් තිබීමෙන් ගෝලීය දේශපාලනය හොඳින් කලමනාකරනය කල නොහැකිවීම බව යයි සඳහන් කරමින් පුටින්, ක්‍රෙම්ලිනයේ අවශ්‍යතා සඳහා වැඩි පිලිගැනීමක් වෙනුවෙන් පෙනී සිටියි.“ එය ජාතික අභිමානය පිම්බීමටත්, මහජන මතය හැසිරවීමටත් මඟ හෙලිකර ඇති අතර “සවිමත් මැරයෙකුට දුබලයා මැඬීමට ඉඩ සලසා“ ඇත. අවශ්‍යෙයන්ම ඒක ධ්‍රැවීය ලෝකයේ සරල අර්ථය වන්නේ රටවල් හා ජනතාවන් මත ආඥාදායකත්වය යුක්තිසහගත කිරීමය.

ජාත්‍යන්තර සම්බන්ධකම් පාලනය කරන පැහැදිලි ක්‍රමවේදයක් හා කැපවීමක් සමඟ එක්ව අර්බුදකාරී තත්වයන් විසඳාගැනීමට හා කලමනාකරනයට යාන්ත්‍රනයක් නොමැතිනම්, “ගෝලීය අරාජකත්වය අනිවාර්යයෙන්ම වැඩෙනු ඇතැයි“ පුටින් අනතුරු ඇඟවීය.

“බොහෝ රටවල් තමන්ටම බෝම්බ අත්කරගැනීම හැරෙන්නට සිය ස්වෛයිරීත්වය තහවුරු කරගත හැකි අන් මගක් නොදකිති. මෙය අතිශයින්ම භයානකය.“ ඔහු පැවසීය.

න්‍යෂ්ඨික අවි දරන ප්‍රධාන රටක නායකයා විසින් කරන මෙම සෘජු ප්‍රකාශ කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි.

කෙසේ වෙතත් මෙම මිලිටරිවාදයේ නැඟීම හමුවේ ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන එක් ප්‍රධාන අන්තරායක් වන්නේ, පුටින් තන්ත්‍රෙය් ප්‍රතිගාමී රුසියානු ස්වෝත්තමවාදයයි. අසාධාරන ලෙස උපයාගත් තමන්ගේම ධනසම්පත් වලට තර්ජනයක් ලෙස සලකන නිසාවෙන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී මානසිකත්වයට කිසිදු ආයාචනයක් කිරීමට සතුරු පුටින් තන්ත්‍රය, යුක්‍රේන අර්බුදයට ප්‍රතික්‍රියා කලේ රුසියානු මිලිටරිවාදය අවුලුවමින් හා පැරනි සාර්වාදී තන්ත්‍රය හුවා දක්වමිනි.

පලමු ලෝක යුද්ධයේ සියවන සංවත්සරය අනුස්මරනය කරමින් මොස්කෝවේ පොක්ලොනායා කඳු ගැටයේ මිලිටරි ස්මාරකයේ සිට කථාකරමින් පුටින්, සාර්වාදී ජෙනරාල් ඇලෙක්සි බෘසිලොව් ගේ “වෘත්තාන්තගත“ ප්‍රහාරය වර්නනා කරමින් බොල්ෂෙවිකයින් හා ඔක්තෝබර් විප්ලවය හෙලා දුටුවේය. “ජයග්‍රහනය මෙරටින් පැහැර ගත්තේය. එය පැහැර ගත්තේ, තමන්ගේම පීතෘ භූමියේ හා එරට හමුදාවේ පරාජය කැඳවුම් කල අයයි. රුසියාව තුල අසමඟිය වපුරා, ජාතික ආසක්තයන් පාවාදී බලය අල්ලා ගැනීමට පොරකෑ අයයි.“ ඔහු පැවසීය.

අධිරාජ්‍යවාදී ප්‍රකෝපකරනයේ හා යුද්ධයන්ගේ නව පුපුරායාම හමුවේ මෙම ප්‍රතිවිප්ලවවාදී රුසියානු ජාතිකවාදය, තරයේම බංකොලොත්ය.

පුටින්ගේ අලුත්ම ප්‍රකාශයන් අවම වශයෙන් පාර්ශවීයව හෝ අභිප්‍රේරනය වූ බව පෙනී යන්නේ, එජ බලකිරීම මත පනවා ඇති සම්බාධක සමඟ අත්වැල්බැඳ ගනිමින් ගෝලිය තෙල් මිල ගනන් වේගයෙන් පහත වැටීම නිසා රුසියානු ආර්ථිකයට වල කැපෙනු ඇතැයි යන භීතියෙනි.

බැරලයක් ඩොලර් 100 සිට 80 දක්වා තෙල් මිල පහත වැටීම, රුසියාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් තරම් පංඟුවක් සෝදා පාලුවීම හා ආන්ඩුවේ අය වැයට බරපතල ලෙස බලපෑ හැකි නිසා, බලගතු කතිපායාධිකාරීන් මත වාරුවී සිටින පුටින් තන්ත්‍රය අස්ථාවර වනු ඇත.

කථාවේ අභිප්‍රායන් කවරක් වුව ද එයින් පෙන්නුම් කරන යුද්ධයේ අනතුර සැබෑ හා වැඩෙමින් තිබෙන දෙයකි. එජ ක්‍රියාකලාපය ගැන පුටින් ප්‍රසිද්ධියේ මතුකල ප්‍රශ්න අනෙකුත් ප්‍රමුඛ රටවල දේශපාලන කවයන් තුල වැසූ දොරවල් පිටුපස සාකච්ඡා කෙරෙමින් ඇති බව නිසැකය.

පහත වැටෙන තෙල් මිලගනන් රුසියාව මත ඇති කරන බලපෑම පෙන්නුම් කරන පරිදි, ගැඹුරුවන ආර්ථික අර්බුදය හා අවධමනය ද එකතැන පල්වීම ද කරා තල්ලු කරන ප්‍රවනතා මඟින් මෙම භූ-දේශපාලනික ආතතින් ගිනි අවුලුවන්නේ ය.

පුටින් ඇඟවුම් කරන යුද්ධයේ අන්තරායන්, බෘෘකිං ආයතනයේ රුසියාව පිලිබඳ ඇමරිකානු විශේෂඥයෙකු වන ක්‍රිස්ටෝපර් ගාඩි විසින් සමුලුවට කල ප්‍රකාශයන් තුලින් ද සලකුනු කරයි.

පුටින්ගේ කථාවට දින දෙකකට පෙර ගාඩි, පලමුවන ලෝක යුද්ධයේ මූලයන් පිලිබඳව ඉතිහාසඥ ක්‍රිස්ටෝපර් ක්ලාක් විසින් ලියන ලද (ස්ලීප්වෝකර්ස්) නින්දෙන් ඇවිදින්නෝ ගැන කථාකරමින් වත්මන් තත්වය සමඟ සමාන්තරයන් ඇද දැක්විය.

“අද ලෝකය තුල සිටින ප්‍රමුඛ කාර්යධරයන්ගේ ප්‍රතිපත්ති තුල නින්දෙන් ඇවිදීමේ මූලයන් තිබීම ගැන මම බෙහෙවින් බිය පල කරමි.“ ගාඩි පැවසිය. ඔහු ඇඟවුම් කලේ, එජ හා න්‍යෂ්ඨික අවි දරන කුඩා කන්ඬායමක් විසින් රුසියාවට විරුද්ධව සම්බාධක සැලසුම් කර ඇති බව හා ප්‍රතිපල ප්‍රශ්නයට බඳුන්ව ඇති බවත්ය.

Share this article: