වසර 100ට පෙර අපේ‍්‍රල් 20-26 සතියෙහි : මිත‍්‍ර පාක්ෂික හමුදා තුර්කියේ ගැලිපෝලි වෙත සිදුකල ව්‍යසනකාරී ගොඩබැසීම අරඹයි

This week in history: April 20-26

2015 අප්‍රේල් 25

හමුදාවෝ ඇන්සැක් වරායට ගොඩබැසීමට පෙර

1915 අපේ‍්‍රල් 25දා බි‍්‍රතාන්‍ය, ඔස්ටේ‍්‍රලියා හා නවසීලන්ත හමුදා, තුර්කියේ ගැලිපෝලි අර්ධද්වීපයට ගොඩබැස්ස අතර, ගැලිපෝලි මෙහෙයුම ලෙස ප‍්‍රකටව ඇති ගොඩබිම් ආක‍්‍රමනය ආරම්භ කලහ.

“නිදහස” හෝ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” කෙසේ වෙතත් මෙම ගොඩබැසීම, 1914දී පුපුරා ගිය ව්‍යසනකාරී ලෝක යුද්ධය පුලුල් කර පවත්වාගෙන යාමේ අටියෙන් ආසියානු මහාද්වීපය බෝල්කන් ප‍්‍රදේශයෙන් වෙන් කරන පටු සමද්‍ර සන්ධිය වන ඩාඩෙනිලීස් පාලනය සුරක්ෂිත කරගැනීමේ කොල්ලකාරී ව්‍යායාමයෙහි කොටසක් විය. බොස්පෝරස් හා මාමාරා මුහුද ද ඩාඩෙනිලීස් ද කලු මුහුද මධ්‍යධරනී මුහුදට යා කරයි. v

ප‍්‍රථම ලෝක සංග‍්‍රාමයේදී නැගෙනහිර පෙරමුනෙහි ජර්මනිය හා ඔස්ට්‍රෝ හංගේරියාව සමග යුද වැදී සිටියදී සැපයුම් කපාහැරීමකට මුහුනදී සිටි රුසියානු හමුදාවට, ආම්පන්න හා මූනිස්සම් සැපයීම කල හැකිවන පරිදි රුසියානු නාවික හමුදාව වෙත සෘජු මාවතක් විවෘත වීම, ඩාඩෙනිලීස්හි බි‍්‍රතාන්‍ය පාලනය පිහිටුවීමේ අරමුනයි. මධ්‍යම බලවතුන් සමග බැඳී සිටි ඔටෝමන් අධිරාජ්‍යයේ හදවතටම තර්ජනය එල්ල කිරීම ද මේ මගින් සිදුවෙයි.

ගැලිපෝලි අර්ධද්වීපයේ තුඩෙහි තැන් ගනනාවකට බි‍්‍රතාන්‍ය හමුදා ගොඩබැස්සෝය. කේප් හෙලීස්හි වෙරල තීර තුනකට ඔවුහු ප‍්‍රතිරෝධකින් තොරවම ගොඩ බටහ. කෙසේ වුව ද තවත් වෙරල තීර දෙකකදී ඔවුහු තුර්කි හමුදාවේ ප‍්‍රතිරෝධයට මුහුනපෑහ. එක් වෙරලකදී තුර්කි මැෂින් තුවක්කු ප‍්‍රහාරයකට මුහුනපෑ බි‍්‍රතාන්‍ය හමුදා, ගොඩබිමට පා තැබීමට අසමත් වූ අතර මුහුදේදීම මරනයට පත් වූහ. එම දිනය තුල බි‍්‍රතාන්‍යයේ ජීවිත හානි 2000ක් ලෙස ගනන් බලා ඇත.

ඔස්ටේ‍්‍රලියානු හා නවසීලන්ත හමුදා සේනාංක (ඇන්සැක්) 1985දී තුර්කි ආන්ඩුව විසින් ඇන්සැක් වරාය ලෙස යලි නම්කල අර්ධද්වීපයේ එම ඒජියන් නම් ස්ථානයට ගොඩ බැස්සෝය. සැලසුම් කිරීමේ අඩුපාඩු නිසා හමුදා භටයින්ට, වෙරලෙන් ඉවත් වීම පිනිස තියුනු කඳු බෑවුම් නැග යාමට සිදු විය. තුර්කි හමුදා ආරම්භක ඇන්සැක් ගමන පසුබැස්සවූහ. දරුනු සටන් සිදුව තිබුනු නමුත් එම පලමු දිනයේදී සිදුවූ ජීවිත හානි කොපමන දැයි හරියටම පැවසීම අපහසු විය. එහෙත් ඇන්සැක් වාර්තා අනුව 900කට වැඩි සංඛ්‍යාවක් මරුමුවට පත්ව ඇත. ඇන්සැක්වරු බෑවුම් සහිත භූමි ප‍්‍රදේශයේ ආරක්ෂක අගල් කැනීමෙහි යෙදුනහ. ඊලඟ මාස අට තුල ඇන්සැක්වරු කුඩා බිම් කොටසකට කොටුවී සිටි අතර සටන ව්‍යසනකාරී යුද්ධයක් බවට පත් විය.

ගැලිපෝලී මෙහෙයුම පුලුල් වශයෙන් දකිනු ලැබුනේ, පලමු ලෝක යුද්ධයේ දරුනු විනාශයන්ගෙන් එකක් ලෙසය. අවසානයේදී බි‍්‍රතාන්‍ය හමුදා 1915 දෙසැම්බර් හා 1916 ජනවාරියේදී අර්ධද්වීපයෙන් ඉවත්කරගනු ලැබිනි. ගැලිපෝලි මෙහෙයුමේදී දෙපාර්ශවයටම ජීවිත හානි දෙලක්ෂයක් සිදුව තිබුනු අතර බොහෝ මිනිසුන් මිය ගියේ බඩ එලියේ යෑමෙන් හා වෙනත් වසංගත වලිනි.

Share this article: