75 වසරකට පෙර: ජර්මනිය ඩෙන්මාර්කය හා නෝර්වේ රට ආක්‍රමනය කරයි

75 years ago: Germany invades Denmark and Norway

2015 අප්‍රේල් 06

නාසි හමුදා ඇතුලුවීම ඔස්ලෝ නඟරය

ස්වීඩනයේ යපස් ජර්මනියට නැව්ගත කිරීම අවහිර කල හැකි වන පරිදි බ්‍රිතාන්‍ය, උතුරු මුහුදේ නෝර්වේජියානු වරායන් රැක ගැනීම වැලැක්වීම පිනිස ජර්මානු හමුදා 1940 අප්‍රේල් 09දා ඩෙන්මාර්කය යටත් කරගෙන නෝවේ රට ආක්‍රමනය කලේය. බ්‍රිතාන්‍ය නාවික හමුදාව උතුරු නෝර්වේහි නාවික වරාය අසල බිම් බෝම්බ තුනක් වැලලුවේ, ජර්මානු හමුදා නෝර්වීජියානු වෙරලට ගොඩබැසීමට යන්තම් දිනකට පෙරය. ඒ නෝර්වේ යපස් නැව්ගත කිරීම අවහිර කිරීම පිනිස ය.

උතුරු ඩෙන්මාර්කය පැරෂූට් හමුදාවල අනසකට යටත්කර ගනිද්දී අප්‍රේල් 09දා උදෑසන ජර්මානු පැන්සර් හමුදා සේනාංක රටේ දකුනු කොටස හරහා ඇදී ගියේය. කුඩා නැව් තුනක් කෝපන්හේගන් වරායට ඇතුල් වෙමින් අගනුවර සියතට ගත්හ. මේ සියල්ල සිදුවූයේ සුලු නැත්නම් කිසිදු ප්‍රතිරෝධයක් හෝ නොමැතිවය. උදෑසන 6 වෙද්දී ඩෙන්මාර්කයේ රජු ජර්මානුන්ට යටත් විය. ඩෙන්මාර්කය අල්ලා ගැනීම උතුරු මුහුද හා බෝල්ටික් අතර සමුද්‍රසන්ධිය පාලනය කිරීමට අවස්ථාව සැලසීය. එමඟින් ජර්මනියේ වරායවල් හා කඳවුරු ද නෝර්වේහි හිට්ලර්ගේ හමුදා භාරයට ගෙන තිබූ ප්‍රදේශ ද අතර සැපයුම් මාර්ග හා සන්නිවේදනය පවත්වාගැනීමට හැකි විය.

නෝර්වේ ආක්‍රමනය සිදු වූයේ යුද නැව් හා ගුවන් යානා උපයෝගී කරගෙන විශාල හමුදාවක් ගොඩබස්වා එරට නඟර හා වරායවල් අල්ලා ගනිමිනි. ජර්මානු ආක්‍රමනයක් පිලිබඳ නොයෙකුත් සලකුනු තිබියදී නෝර්වේජියානු හමුදා, නාසි කඩාවැදීම හමුවේ වැදගැන්මකට නැති වුව ද කල්වේලා ඇතිව බලමුලු ගන්වා නොතිබුනි. නෝර්වේහි රජු හා ලේබර් පක්ෂයේ නායකත්වය යටතේ පැවති ආන්ඩුව, භීතියෙන් මුසපත්ව උතුරු දෙසට පලා ගියහ. හිටපු නෝර්වේජියානු ආරක්ෂක ඇමතියෙක් හා හිට්ලර්ට පක්ෂපාතී කුඩා පක්ෂයක නායකයා ද වූ විඩ්කුං ක්විස්ලින්, දේශපාලන රික්තය සිය වාසියට හරවා ගනිමින් අප්‍රේල් 10 තමන් අගමැති ලෙස ප්‍රකාශ කලේය.

ආක්‍රමනයේ මුල් දිනවල, බ්‍රිතාන්‍ය හා ජර්මානු නාවික හමුදා එකිනෙකා සමඟ සටන් වැදුනහ. වඩාත් දුබල ජර්මානු බල ඇනි වලට දැඩි හානි සිදු විය. එහෙත් ස්කැන්ඩිනේවියාව ආක්‍රමනයේදී නාසි හමුදා පෙන්වූ අධිෂ්ඨානය හමුවේ බ්‍රිතාන්‍යය වික්ෂිප්ත විය. ඊනියා “ප්‍රෝඩාකාරී යුද්ධයෙන්“ මාස හයකට පසුව ජර්මානු හමුදා පෝලන්තය යටත්කරගෙන රට දෙකඩ කලේය.

Share this article: