ඕස්ට්‍රේලියානු සසපට එරෙහි දේශපාලන වාරනයට විරුද්ධ වෙනු

Oppose the political censorship of the SEP (Australia)

2015 අප්‍රේල් 15

සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක පදනම මත කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) පාර්ශවයක් වසයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි අරගලය ඉලක්ක කර ගනන් බලා පනවා තිබෙන වාරනය විරෝධතා ලිපි ඉදිරිපත් කරමින් හෙලා දකින ලෙස ලෝකය පුරා විසිරී සිටින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පාඨකයන්ගෙන් සසප ඉල්ලා සිටී.‍

“ඇන්සැක් ඩේ, මිලිටරිවාදය හුවා දැක්වීම හා තුන්වැනි ලෝක යුද්ධය කරා ධාවනය“ මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පැවත්වීම සඳහා සසප වෙන් කර ගෙන තිබුනු ශාලාව, සිඩ්නි නගරය තුල ලේබර් පක්ෂ පාලනය යටතේ ඇති බර්වුඩ් නගර සභාව විසින් අප්‍රේල් 10දා අවලංගු කරන ලදි. ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහිව මැයි 3දා පැවත්වීමට කටයුතු යොදා ඇති ජාත්‍යනර අන්තර්ජාල මැයි දින රැලිය සඳහා හජජාක ගෙන යන උද්ඝෝෂනයක කොටසක් ලෙස, අප්‍රේල් 26දා සිඩ්නි, මෙල්බර්න් හා වෙලිංග්ටන් යන නගරවල පැවැත්වෙන රැස්වීම් මාලාවකින් එකකි, මෙම රැස්වීම.

බර්වුඩ් කවුන්සිලය සෘජුවම ක්‍රියා කර ඇත්තේ, සසප රැස්වීම “ඕස්ට්‍රේලියන්-නොවන“ එකක් ලෙස හෙලා දැක එය පැවත්වීම තහනම් කරන ලෙස ඉල්ලා සිටි දක්ෂිනාංශික, සංක්‍රමනියන්ට එරෙහි හා යුදවාදී “ඕස්ට්රේ ලියාව යලි අත්කරගනු“ නම් ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් එල්ල කල චෝදනාවලට ප්‍රතිචාර වසයෙනි. බර්වුඩ් කවුන්සිලය “රැස්වීමේ ස්වාභාවය“ මත යන ප්‍රකාශය යටතේ රැස්වීම අවලංගු කිරීම සාධාරනීය කල නමුත් වෙනත් කිසිදු පැහැදිලි කිරීමක් කර නැත. අප්‍රේල් 15දා විරෝධතා ලිපි ලියූ සසප ආධාරකරුවන් හා ලෝසවෙඅ පාඨකයන් ගනනාවක් වෙත කවුන්සිලය දන්වා සිටියේ තම තීන්දු වෙනස් කරන්නේ නැති බව යි.

මේ දක්වාමත්, කිසිදු කවුන්සිල් සාමාජිකයෙකු- ලේබර් පක්ෂයේ නගරාධිපති ජෝන් ෆේකර් හා නිව්සවුත්වේල්ස් පාර්ලිමේන්තු සාමාජිකයෙකු ද ඇතුලු ලේබර් පක්ෂ සාමාජිකයින් තිදෙනෙක් ද ලිබරල් පක්ෂ කවුන්සිල් සාමාජිකයන් දෙදෙනෙක් හා එක් “ස්වාධීන“ සාමාජිකයෙකු - විරෝධය පලකරමින් සසප යැවූ නිල ලිපියට ප්‍රතිචාර දක්වා නැත. කවුන්සිලය අන්ත දක්ෂිනාංශික කොටස් වෙනුවෙන් ක්‍රියාකර ඇති බවත් රැස්වීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙසත් එම ලිපියෙන් අවධාරනය කෙරුනි.

ඒ අයුරින්ම, මෙම රැස්වීම තහනම් කිරීම සහ දක්ෂිනාංශික “ඕස්ට්‍රේලියාව යලි අත්කර ගනු“ ව්‍යාපාරය අප්‍රේල් 4දා මුස්ලිම්-විරෝධී විරෝධතාවන් සංවිධානය කල තැන් පටන් එහි කටයුතු අඛන්ඩව වාර්තා කරන රූපවාහිනී හෝ මුද්‍රිත මාධ්‍ය ආයතන තහනම පිලිබඳව නිසැකවම දැන සිටියදීත් ඒ ගැන වාර්තා කලේ නැත.

ඒ අනුව, සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ, බර්වුඩ් කවුන්සිලයට ඉහලින්, දේශපාලන සංස්ථාපිතය හා රාජ්‍ය යන්ත්‍රයේ ඉහලම මට්ටමින් සසප රැස්වීම තහනම් කිරීමට සාකච්ඡා සිදු කෙරී ඇති බව යි. මෙහි අරමුන පූර්වාදර්ශයක් ස්ථාපිත කිරීම යි: එනම් ඕස්ට්‍රේලියානු ජාතිකවාදයට හා යුද්ධයට එරෙහිව පෙනී සිටීම හේතුවෙන් රැස්වීම් පැවත්වීම සඳහා ශාලා වෙන්කරවා ගැනීම හෝ අනෙකුත් මහජන කටයුතු සඳහා සසපට ඇති අයිතිය අහෝසි කල හැකි බව යි. මෙය ජාත්‍යන්තර කමිටුව, ලෝසවෙඅ හා සසප ගෙන යන දේශපාලන අරගලයට එල්ල කල සෘජු ප්‍රහාරයකි.

ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සසප රැස්වීම් පැවත්වෙන්නේ, පලමු ලෝක යුද්ධයේ ප්‍රථම සටනට (ඇන්සැක්ස්) -වත්මන් තුර්කියේ ගැල්ලිපෝලි අර්ධද්වීපයට බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ආක්‍රමනය - ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත හමුදා ඒකාබද්ධ කිරීමේ ශත සංස්වත්සරය යෙදී ඇති අප්‍රේල් 26 සැමරීමට ආන්ඩුවේ අරමුදල් හා මාධ්‍ය අනුග්‍රහය සහිතව සංවිධානය කොට තිබෙන ස්වෝත්තමවාදයේ මහා සැමරුමෙන් පසු දිනයේදී ය. ඔස්ට්‍රේලියානු භටකන්ඩායම් යොදවන ලද අනෙකුත් සෑම යුද සැමරුමකදී මෙන්ම “කෑම්ප් ගැල්ලිපෝලි“ සැමරුමට ද දස දහස් ගනන් තරුනයින් ඇද ගෙන තිබේ. මෙම “සැමරුම්“ පිලිබඳ පුවතකට ඇස නොගැටී කිසිදු රූපවාහිනී නාලිකාවක් හෝ පුවත්පතක් විවෘත කල නොහැක්කක් බවට පත්ව තිබේ.

ජාතිකවාදී උමතුව සමග අත්වැල් බැඳගත් ඇන්සැක් දින සැමරුම, හුදෙක් පසුගිය වසර 100ක සිදුවීම් පිලිබඳ සැමරුම පමනක් නොවේ. එහි අරමුන, අද දිනයේදී ඇබට්ගේ ජාතික-ලිබරල් සන්ධාන ආන්ඩුව හා වොෂිංටනයේ සිය සහචරයාගේ සාපරාධී මිලිටරිකරන විදෙස් පිලිවෙත යුක්තිසහගත කිරීම පිනිස යුද-විරෝධී මනෝගතීන් නිහඬ කිරීම යි. ඔස්ට්‍රේලියානු පාලක ප්‍රභූව හා එහි දේශපාලන පක්ෂ- ලේබර් හා ලිබරල්-නැෂනල් යන දෙපාර්ශවයම- ලෝකය පුරා එහි මිලිටරි මැදිහත්වීම් වල දී එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සමීපතම සහචරයෙක් ලෙස සේවය කරයි. ඒ අයුරින්ම, ඕස්ට්‍රේලියානු ජනතාවට හොරෙන්, ඇබට් ආන්ඩුව හා ඔහුගේ ලේබර් පූර්වගාමීන් වන රඩ් හා ගිලාඩ්, මුලු රට පුරාම ඇමෙරිකානු මිලිටරි කඳවුරු හා හමුදා ස්ථානගත කිරීම පුලුල් කරමින්, චීනයට එරෙහි යුද්ධයක් සඳහා එක්සත් ජනපද සැලසුම්වලට ඕසේට්‍රේලියානු මිලිටරිය ඒකාබද්ධ කිරීම ද ඇතුලු, වොෂිංටනයේ ආසියාවට “හැරීම“ සමඟ ඕස්ට්‍රේලියාව ගැට ගසා ඇත.

එක්සත් ජනපද හා ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදයේ කුමන්ත්‍රන, ලෝක ධනවාදය යුද්ධය කරා තල්ලු වීමේ කොටසකි. පලමු ලෝක යුද්ධයෙන් ශත වර්ෂයක් ගතවෙන තැන, ලෝක ආර්ථිකය හා නිෂ්පාදන බලවේගයන්ගේ පුද්ගලික අයිතිය මුල් බැස තිබෙන, ප්‍රතිමල්ල ජාතික රාජ්‍යන් ලෙස එහි බෙදී යාම අතර ධනවාදී පද්ධතියේ විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතා, යලි වතාවක් ගෝලීය ආර්ථිකය බිඳ වැටීමේ සහ සම්පත්, වෙලඳපොලවල් හා ලාභ ප්‍රභවයන් පාලනය කිරීම මුල් කරගත් යෝධ ජාත්‍යන්තර ආතතීන් නිර්මානය කිරීමටත් මෙහෙයවා තිබේ. මැද පෙරදිග සිට යුක්රේනය හා නයිජීරියාව දක්වාත්, දකුනු චීන මුහුදු කලාපයේත් ගිනි පුපුරු අවුලුවා තිබේ. ඒවා මඟින්, කුමන අවස්ථාවක හෝ තුන්වන ලෝක යුද්ධයක ව්‍යසනය ගෙන එනු ඇති න්‍යෂ්ටික අවි බලවතුන් අතර ගැටුමක් ඇවිලවිය හැකිය.

ලෝකය පුරා කම්කරුවන් හා තරුනයින් අතර පැතිර පවත්නා ගැඹුරු යුද-විරෝධී මනෝගතීන්ට ප්‍රකාශනයක් ලබා දෙමින්, අධිරාජ්‍යවාදී යුද්ධයේත් මිලිටරිවාදයේත් එකම දැනුවත් හා ක්‍රියාකාරී ප්‍රතිමල්ලවයන් වන්නේ, ජාත්‍යන්තර කමිටුව හා ලෝකය පුරා ඇති එහි ශාඛාවන් ය. යුද්ධය කෙරේ වන මෙම විරුද්ධත්වයට, මොනයම්ම රටක දේශපාලන සංස්ථාපිතය, ජනමාධ්‍ය හෝ ජනතා සංස්කෘතිය තුල ප්‍රකාශනයක් ඇත්තේ නැත. චීනය සමඟ ගැටුමක් සඳහා ඉහල පූර්ව සූදානම හා එක්සත් ජනපදයේ ආසියාවට “හැරීම“ ද ඇතුලත් යුද්ධයේ අනතුර පිලිබඳ අනාවරනය කරමින්, එය හෙලා දමින් හා එයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට ඕසේට්‍රේලියාව තුල සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය ම පමනි.

ගැඹුරුතම අර්ථයෙන් සැලකූ කල, ජාත්‍යන්තර කමිටුවට හා සසපට එරෙහි මෙම ප්‍රහාරය, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයකි. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වාරනය කිරීමටත් නිහඬ කිරීමටත් පාලක පන්තිය හා එහි දේශපාලන හෙංචයියන් උත්සහා දරන්නේ, ධනවාදී ලාභ පද්ධතියට එරෙහිවත් යුද්ධයේ ශාපය සදහටම අවසන් කර දැමීමටත්, පොදු අරගලයක් තුල සියලුම රටවල කම්කරුවන් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය විප්ලවවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධවීමෙන් කම්කරු පන්තිය වැලක්වීමට ය.

විසිවැනි සියවස පුරා සිදුවූ සෑම ලේවැකි පිපිරීමකදීම දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීම පිනිස රට තුල කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව පාලක පන්තීන් දැවැන්ත ප්‍රහාර එල්ල කර තිබේ.

සසප වෙත එල්ල කල ප්‍රහාරයට දෘඪතම විරුද්ධත්වයකින් යුතුව ප්‍රතිචාර දක්වන ලෙස ලෝකය පුරා පන්ති සවිඤ්ඤානික කම්කරුවන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ එහෙයිනි. එහි තීන්දුව වෙනස් නොකිරීමේ තැත හෙලා දකිමින් හා හැකි ඉක්මනින් එම තහනම ඉවත්කර ගන්නා ලෙස බල කරමින් බර්වුඩ් කවුන්සිලයටcouncil@burwood.nsw.gov.au විරෝධතා ලිපි එවන ලෙස අපි ඉල්ලා සිටිමු. එම ලිපිවල සියලුම පිටපත් සමාජවාදී සමානතා පක්ෂය sep@sep.org.au වෙත ද එවන්න.

අප්‍රේල් 26දා සිඩ්නි, මෙල්බර්න් හා වෙලිංග්ටන් හි අපගේ රැස්වීම්වලට සහභාගී වෙමින්, ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ සටනට සහභාගී වන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරුනු මෙම ප්‍රහාරයට එරෙහිව මූලධර්මාත්මක දේශපාලන ආස්ථානයක් ගන්නා ලෙසත්, ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සියලුම ලෝසවෙඅ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. බර්වුඩ් කවුන්සිලය එහි තහනම ඉවත් නොකරන තත්වයක් තුල විකල්ප රැස්වීම් ශාලාවක් වෙන්කරවා ගනු ඇති අතර ලෝසවෙඅ තුලින් එය ප්‍රචාරය කරනු ඇත.

වඩාත් වැදගත් කාරනයක් ලෙස අපි සෑම පලාතකම කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය සඳහා අදම ලියාපදිංචි වෙන ලෙස යි. එය, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනයේ පදනම මත කම්කරු පන්තිය ජාත්‍යන්තරව ඒකාබද්ධ කිරීමේ බලගතු ප්‍රදර්ශනයක් හා ප්‍රතිපදානයක් වනු ඇත.

ජේම්ස් කොගන්

Share this article: