වරූෆාකිස් සිරිසාවේ දේශපාලන ද්‍රෝහිත්වය ලේඛනගත කරයි

Varoufakis documents Syriza's political treachery

රොබට් ස්ටීවන්ස් විසිනි, 2015 අගෝස්තු 24

ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරූෆාකිස් තමන් සිරිසා අගමැති ඇලෙක්සිස් සිප්රාස් ක්‍රියාවට දැමීමට එකඟ වී ඇති කප්පාදු පොරොන්දු පත්‍රයෙන් දුරස්ව සිටින බව පෙන්නුම් කිරීමේ උත්සාහයක යෙදී සිටී. එ මගින් ඔහු ජාත්‍යන්තර ව්‍යාජ වාම කන්ඩායම් වැලඳගෙන සිටින සමස්ත සිරිසා ව්‍යාපෘතියේම බංකොලොත්කම ගෙනහැර පානවා පමනි.

වරූෆාකිස් ජනවාරි සිරිසා මැතිවරන ජයග්‍රහනයෙන් පසු මුදල් ඇමති ධුරයට පත් විය. සිරිසා ආන්ඩුව විසින් කැඳවන ලද ජන මත විචාරනයේ දී කප්පාදුවට විරුද්ධව අති විශාල ඡන්දයක් ප්‍රකාශයට පත් වීමත් සමග ම, එනම් ජූලි 6දා සිප්රාස් විසින් ඔහු ඉවත් කෙරිනි. පසුගිය සතියේ ඔබ්සවර් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී වරූෆාකිස්, යුරෝපීය සංඟමයේ හා ග්‍රීසියේ අනෙකුත් නය හිමියන්ට යටත් වීමට සිප්‍රාස් තීන්දු කර ඇති බවත් ඔහු “නව ඩිගෝල් කෙනෙක් වීමට” උත්සාහ කරන බවත් පැවසීය.

යුරෝපා සංගමයේ කප්පාදු යෝජනාවලට විරුද්ධව ග්‍රීක ඡන්දදායකයන් දැවැන්ත අනුමැතියක් පල කල දිනයේ ම ඔවුන් ඉල්ලා සිටි සියලු කප්පාදු නිර්දේශ පිලිගන්නා ගනුදෙනුවක් වෙනුවෙන් සිප්රාස් ක්‍රියා කලේ කෙසේදැ යි විස්තර කෙරෙන තවත් කරුනු ඔහු ඉදිරිපත් කලේ ය.

“යටත් වීම යන වචනය බලවත් උද්යෝගයකින් යොදා ගන්නා ට්‍රොයිකාවේ (යුරෝපා කොමිසම, යුරෝපා මධ්‍යම බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ප්‍රාදේශීය හෙන්චයියන්ට ඉඩ දෙනවාට වඩා ප්‍රගතිශීලි ආන්ඩුවක් යටත්වීම යන යෙදුම භාවිත කරන ආකාරය වඩා යහපත් ය” යන පදනම මත සිප්රාස් එය යුක්ති යුක්ත කර යි.

සිද්ධීන් පෙන්නුම් කර ඇති අයුරු ට්‍රොයිකාවේ ප්‍රධානතම හෙන්චයියා වන්නේ, වරූෆාකිස් ප්‍රමුඛ ක්‍රියා කලාපයක් ඉටු කිරීමේ වග කීම දැරූ සිරිසාව යි.

තමන් ට්‍රොයිකාව සමග අදහස් හුවමාරු කර ගැනීමේ දී බදු අය කිරීම හා පුද්ගලීකරනය අඩංගු කර ගත් “තැචර් නෝනාගේ හෝ රීගන් ගේ ප්‍රමිතියේ” ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳ යෝජනා ඉදිරිපත් කලේ කෙසේ දැ යි මෙම හිටපු මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරයි. ට්‍රොයිකාව මෙම යෝජනා පිලි නො ගත්තේ පූර්න යටත් වීමට සහ “තන්ත්‍ර මාරුවකට” අඩු දෙයක් අපේක්ෂා නො කල නිසා ය යි ඔහු චෝදනා කරයි.

සිරිසාව බලයට පැමිනියේ, යුරෝ බිලියන 300 ක් වූ ග්‍රීසියේ විදේශ නය පිලිබඳ සාකච්ඡාමය විසඳුමක් සඳහා තම යෝජනාවට ඉතාලිය, ප්‍රන්සය සහ විශාල ලෙස නය වී ඇති අනෙකුත් රටවල් සමග යුරෝපීය මිත්‍ර සන්ධානයක් ඇතිකර ගැනීමේ සිය උත්සාහය පිලිගන්නා මතයක් සමග ය.

කෙසේ වෙතත් ඔවුන් බෙහෙවින් ම උත්සුක වූයේ ජර්මනියේ සහයෝගය දිනා ගැනීමට ය. ඒ දක්වා පුද්ගලිකවම ජර්මනියට ගමන් කල වරූෆාකිස් යුරෝපා සංගමය යෝජනා කරන වර්ගයේ කප්පාදු පිලිවෙත්වල සැලසුම් කරුවා වන ජර්මනියේ මුදල් අමති වොල්ෆ්ගෑන්ග් ස්කාවුබල් තමා ජීවත්වන යුගයේ ශ්‍රේෂ්ඨතම දේශපාලන නායකයන්ගෙන් කෙනෙකි යි ප්‍රීති ඝෝෂා නැගී ය.

ග්‍රීසියට කුමන හෝ සහනයක් දීම සම්බන්ධයෙන් ෂෝබල් විරුද්ධ බවත්, යුරෝපා සංගමයෙන් ග්‍රීසිය ඉවත් කිරීමට ඔහු කුමන්ත්‍රනයක යෙදී සිටින බවත් පැහැදිලි වූ කල සිරිසාවේ මෙන් ම වරූෆාකිස්ගේ ගුවන් ගමන්වල එල්ලය වූ යේ ෂෝබල් ආම්බාන් කර ගැනීම පිනිස ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඒත්තු ගන්වා ගැනීම ගැන ය.

“අපි කිසි දිනක ට්‍රොයිකාවට ඔවුන්ගේ පිලිවෙත්වල වැරදි පෙන්වා දීමට බලාපොරොත්තු නො වීමු. යුරෝපිය සගයන්ගේ විශේෂයෙන්, චාන්සලර් මර්කෙල්ගේ මැදිහත් වීම අපි බලාපොරොත්තු වූයෙමු.” යි වරූෆාකිස් ඔබ්සවර් පුවත් පතට කී ය.

පසු ගිය සතියේ වරූෆාකිස්, මැයි ජුනි සාකච්ඡා අතරතුරේ තමන් ට්‍රොයිකාවට ඉදිරිපත් කල ලේඛන ප්‍රසිද්ධ කලේ ය. වරූෆාකිස් සිය සමීප මිතුරෙකු ලෙස නම් කල නොර්මන් ලැමොන්ට් සාමි ඇතුලු “ජාත්‍යන්තර උපදේශකයන්ගේ මන්ඩලයක්” ඔහුගේ යෝජනාවල සම කතෘත්වය දරයි.

ලැමොන්ට් එක්සත් රාජධානියේ ජෝන් මේජර්ගේ කොන්සවේටිව් ආන්ඩුවේ භාන්ඩාගාර අධ්‍යක්ෂවරයා විය. ඔහු මාගරට් තැචර් ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලයන් ගනනාවක් ම හොබවා ඇත්තෙකි. වරූෆාකිස් සමග තම සම්බන්ධය පදනම් වන්නේ ආර්ථික දර්ශනයන් සම්බන්ධයෙන් පවතින අන්‍යොන්‍යය අවබෝධය මත යයි ඔහු මෑතක දී ලිවී ය,

“යානිස් සහ මම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි යුරෝව පිලිබඳ විවාදයකට සහභාගි වී සිටි අතර එහි අප දෙදෙනා සිටියේ විවාදයේ ප්‍රතිවිරුද්ධ පැතිවල වුවත් සාකච්ඡාව පෙරට යද්දී අපට පෙනී ගියේ මූලික වශයෙන් අප දෙදෙනා එකගව සිටින බවත් අපගේ දර්ශනය තුල ලොකු පරස්පරයන් නො පවතින බවත් ය“

වරූෆාකිස්ට උපදෙස් ලබා දුන් අය අතර ඩොයිෂ් බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයකු වූ තෝමස් මේයර් සහ හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන් ම එක්සත් ජනපද මහ බැංකුවේ ලේකම්වරයකුව සිටි ලෝරෙන්ස් සමර්ස් ද වෙති. ජාත්‍යන්තර උපදේකයන්ගේ මන්ඩලයේ ශාස්ත්‍රාලිකයෙකු වන මරියානා මෂුකැටෝ යුරෝපා කොමිසමේ ආර්ථික වර්ධනය පිලිබඳ නව යෝජනා පිලිබඳ විශේෂඥ කමිටුවේ ස්ථිර සාමාජිකයෙකි.

ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ ජෙම්ස්.ජේ. ගැල්බ්‍රේත් වරූෆාකිස්ගේ දිගු කාලීන සගයෙකි. ග්‍රීක ආන්ඩුවේ සිය තනතුර ලබා ගැනීමට මත්තෙන් වරූෆාස්කිස් එක්සත් රාජධානියේ හිටපු ලේබර් පක්ෂ මන්ත්‍රීවරයෙකු වන ස්ටුවර්ට් හොලන් විසින් පලමුව ලියන ලද “යුරෝපා අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය යෝජනාවක්” නමැති කෘතියේ සංස්කරනය කල පිටපත් ගනනාවක කතෘත්වය දැරී ය. එහි අවසන් පිටපත 2013 ජුලි මාසයේ දී ගැල්බ්‍රේත් සමග එකතුව ප්‍රකාශයට පත් කරන ලදී. “සිරිසාට පමනක් ග්‍රීසිය බේරා ගත හැකි ය”

යන මාතෘකාවෙන් යුතු ප්‍රධාන ලිපියක් වරූෆාකිස් හා ගැල්බ්‍රේත් 2012 ජුනි මාසයේ දී ලියූහ.

සිරසා ආන්ඩුවක් “යුරෝපයට හෝ යුරෝපා සංගමයට නරක එකක් නො වනු ඇතැ” යි වරූෆාකිස් සහ ගැල්බ්‍රේත් එක්සත් ජනපදයට හා ජාත්‍යන්තර පාලක ප්‍රභූවට සහතික වූහ. සිරිසාව තෝරා ගැනුනේ නම් එක්සත් ජනපදය සඳහා වූ කිසිදු තීරනාත්මක කරුනක් වෙනස් නො වන්නේ ය” යි ඔවුහු ලියූහ. ...නැටෝවෙන් ඉවත් වීමේ හෝ ඇමරිකානු මිලිටරි කඳවුරු වසා දැමීමේ උනන්දුවක් සිරිසාවට නැත.”

මැයි සහ ජුනි මාසවල ෂෝබල් සහ සමාගමට වරූෆාකිස් පිලිගැන්වූ ලියවිලි “ග්‍රීසියේ මූල්‍ය ශක්තිමත් කිරීම, යථා තත්වයට පත් වීම, ආර්ථික වර්ධනය සහ ග්‍රීක අර්බුදය අවසන් කිරීම,ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන,ආයෝජන හමුවේ වර්ධනය, සහ නය පරිපාලනය” යනාදී වසයෙන් නම් කර තිබුනි.

ඔවුහු පුද්ගලීකරනය සහ බිඳවැටීම අද්දරටම ආර්ථිකය ඇද දමනු ලැබූ එම බැංකු අතට ම රාජ්‍ය වියදම් මෙහෙය වීම පැවරූ සහ කප්පාදු වැඩපිලිවෙලට පක්ෂපාතී, අයිරිෂ් ආන්ඩුව විසින් ගොඩ නැගුනු ආකාරයේ “නරක බැංකුවක්” නිර්මානය කිරීම සඳහා කැඳවුම් කලහ. සිරිසා යෝජනා නිසා “යුරෝපයට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට එක යුරෝවක හෝ අමතර වියදමක් ග්‍රීසියේ අවශ්‍යතා සඳහා වැය නොවන බව” ජුනි වාර්තාව ට්‍රොයිකාවට සහතික විය.

සමාජවාදය සඳහා හැකියාවක් නැති බව නැවතත් අවධාරනය කරමින් වරූෆාකිස් ඔබ්සවර් සමග කල සිය සාකච්ඡාව අවසන් කලේ ය. “අවපාතයේ කාල පරිච්ඡේදය විප්ලවවාදී අවධියක් ය යි මම විශ්වාස නො කරමි.” යි ප්‍රකාශ කල ඔහු “මෙයින් වාසි ලබන්නේ නාසීන්, වර්ගවාදීන්, පටු මතධාරීන්, මිනිස් වර්ගයාට වෛර කරන්නන් පමනකි” යි තව දුරටත් කියා සිටියේ ය.(අවධාරනය ඈඳුනි)

වරූෆාකිස් කිසි දිනක සිරිසා සාමාජිකයෙකු නො වූවත් ඔහු තම ආන්ඩුවේ ඉතා වැදගත් තනතුර සඳහා පුද්ගලිකවම මැදිහත් වී පරිස්සමින් තෝරා ගත් සිප්රාස් මේ කිසිවක් සමග නො එකඟ වන්නේ නැත.

සිරිසාවේ ප්‍රති විප්ලවවාදී සමාජවාදී විරෝධී ඉදිරි දර්ශනය ගැන වරූෆාකිස්ගේ වාර්තාකරනය, වාම වේදිකාවේ සහ මාස ගනනක් තිස්සේ සිරිසාව ඉදිරිමාවත ලෙස නම් කර ගෙන හුරේ දැමූ, දැන් එම සේවය පක්ෂයේ විරුද්ධ පාර්ශවයට ලබාදෙන ලොව පුරා සිටින සියලු වාම කන්ඩායම්වල බොරු හෙලිදරව් කර යි.

වාම වේදිකාවේ නායක පැනජියෝටිස් ලැකාසානිස් ඇතුලු එහි බොහෝ නියෝජිතයෝ සිරිසා ආන්ඩුවේ සහ මුලු පක්ෂය තුලම ප්‍රධාන තනතුරු දරූ අයයි. මෙම නිශ්චිත මොහොතේ , පක්ෂ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් හා දේශපාලන ලේකම් මන්ඩලයේ සාමාජිකයන්ගෙන් 11න් 4ක් තම පැත්තේ බව වාම වේදිකාව කිය යි. දක්ෂිනාංශික ෂෙනෝපොබික් ඉන්ඩිපෙන්ඩන්ට් ග්‍රීක්ස් සහ එක්ව සිරිසා සභාගයට ඉතා උනන්දුවෙන් සහාය දෙන්නෝ ඔවුහූ ය.

වරූෆාකිස් සිය සම්පූර්න නිල කාලය තුල ම ලැෆාසානිස් සමඟ සමීප සබඳතාවක් පවත් වා ගත්තේ ය. හිටපු නව ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුව විසින් පිලිගනු ලැබූ කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සිරිසාව එකඟ වීමෙන් සුලු වෙලාවකට පසු, රාත්‍රි කාලයේ ලැෆසානිස් සමග වරූෆාකිස් ග්‍රීක පාර්ලිමේන්තු ආපන ශාලාවේ සාකච්ඡාවක නිරතව සිටින අයුරු ඡායා රූප ගත කරන ලදී.

වරූෆාකිස් සහ සිප්රාස් ට්‍රොයිකාව කල සියලු සාකච්ඡා පිලිබඳව දැන සිටි අතර ලැෆසානිස් සහ සමීපතමයන් තීරනාත්මක මොහොතකදී සිරිසාව බලයේ තබා ගැනීම සඳහා සිය චන්දය ලබා දෙන බවට ද සහතික වී සිටියහ.

දැන් වාම වේදිකාවේ කොටසක් “මහජන එකමුතුව“ ගොඩ නැගීම සඳහා සිරිසාවෙන් ඉවත් වී ඇත. ඔවුහූ , ග්‍රීසියේ කම්කරු පන්තිය තුලින් මතුවන විප්ලවවාදී ව්‍යාපාරයන්ට එරෙහිව ඔවුන්ගේ මැදිහත් වීම මෙම වෙස් මාරුව තුල දිගින් දිගටම පවත්වා ගෙන යයි.

Share this article: