කතිපයාධිකාරීන්ගේ මැතිවරනය

The oligarchs’ election

2015 අගෝස්තු 03

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය සුපිරි ධනවතුන් විසින් මුලූමනින්ම සියතට ගෙන ඇති බව පෙඩරල් මැතිවරන කොමිසම (පෙ.මැ.කො) මෙම මස මුල ලේඛනගත වාර්තාවකින් තහවුරු කරන ලදි.

මෙම සංඛ්‍යාලේඛන අතිශයින්ම කම්පාකාරීය: ඒවා, එක්සත් ජනපදය ප‍්‍රජාතන්ත‍්‍රවාදීය යන සම්ප‍්‍රධායානුකූල කියාපෑම් සමග කොතරම් නොසැසඳෙන්නේ ද යත් සංගත පාලිත මාධ්‍යයන්ට පවා ඒගැන නොතකා සිටිය නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.

පහත දැක්වෙන්නේ මෙම සතිය තුල ඉස්මතු වු එවන් සමහර සිරස්තලයන්ය.

⋆නිව්යෝර්ක් ටයිම්ස් : පොහොසත් දායකයන් කුඩා කන්ඩායමක් මැතිවරනය මත ආධිපත්‍ය දරයි.

⋆ වොෂින්ටන් පෝස්ට්: 2016 ධවල මන්දිරය සඳහා තරගයට ඩොලර් මිලියනපතියෝ විශාල මුදල් තොග පොම්ප කරති.

⋆ ඇසෝසියේටඞ් ප්‍රෙස් මැතිවරන ව්‍යාපාරයේ සමස්ත අරමුදලෙන් තුනෙන් එකක් දුසිම් පහක් ධනපතියන්ගෙනි.

⋆ පොලිටිකෝ ඩොට් කොම්: දානපතියන් 67 ක් සහ මුදල් කන්දරවක් 2016 මැතිවරන තරගය වෙනස් කරති.

2016 ඡුනාධිපතිවරණ ව්‍යායාමයේ ගමන් මග සැකසෙන්නේ ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම තුල ඉන්නා අත්‍යසාමාන්‍ය ධනපතියන් ඉතා කුඩා කණ්ඩායමක භූමිකාවෙන් ය යන්න පෙන්නුම් කිරීම සදහා මේ හැම වාර්තාවක්ම රැුදෙන්නේ පෙඩරල් මැතිවරන කොමිසම ඉදිරිපත්කර තිබෙන ලියවිල්ලේ සංඛ්යමත ය.

මෙම මුදල් ප‍්‍රමානයෙන් වැඩි පංගුව ලබාගෙන ඇත්තේ, බිලියනපතියන්ගේ සහ මිලියනපතියන්ගේ අසීමිත දේශපාලන ප‍්‍රතිපදාන නීත්‍යානුකුල කරන ලද 2010 සුප‍්‍රීම් උසාවියේ එක්සත් පුරවැසි නඩුවේ තීන්දුව මගින් බලගැන්වුනු ඊනියා සුපිරි මැතිවරන ක‍්‍රියාකාරි කමිටු (පී ඒ සි * නමැති, නමින් පමනක් ස්වාධීන දේශපාලන ක‍්‍රියාකාරි කමිටු වලිනි.

වඩා වැදගත් සංඛ්‍යාවන් කිහිපයක් මෙහිලා සටහන්කර ගැනීම වටී:

⋆ ජුනි 30 දා වනවිට 2016 මැතිවරන ව්‍යාපාරය සඳහා රැුස්කර ගත් ඩොලර් මිලියන 388න් භාගයක් ම රැුස්කර ගනු ලැබුවේ පවුල් 400 කට අඩු ගනනකිනි.

⋆ ජනාධිපතිවරන ක‍්‍රියාකාරි කමිටු විසින් රිපබ්ලිකන් අපේක්ෂකයින් සදහා භාගයකටත් වැඩියෙන් මුදල් රැුස්කරගෙන ඇත්තේ හුදෙක් පවුල් 130 ගෙන්ය.

⋆ තරගයේ ඉදිරියෙන් සිටින ජෙබ් බුෂ්ගේ කඳවුරේ අරමුදල් රැුස්කිරීමේදී දායකයන් 67 ක් ඩොලර් මිලියන 119 ක් ලබාදී ඇති අතර එක්කෙනෙක් ගෙන් ඩොලර් මිලියන එකට වඩා වැඩිය.

⋆ 2011 ජනාධිපතිවරන ව්‍යාපාරයේ දි එකතුකල මැතිවරන අරමුදල් ඩොලර් මිලියන 26 මෙන් දස ගුනයක් එනම් ඩොලර් මිලියන 258 ක් මෙම අවුරුද්දේ මේවන විට දී රැස්කරගෙන ඇත. එයින් ආසන්න වශයෙන් තුනෙන් දෙකක් රැස්කර ඇත්තේ සුපිරි ජනාධිපතිවරන ක‍්‍රියාකාරි කමිටු විසිනි

සමහරවිට දැවැන්ත මුදල් වල අධිපති ක‍්‍රියාකලාපයේ වඩාත් නග්න ප‍්‍රකාශනය වන්නේ මෙම සති අන්තයේ බිලියනපති සහෝදර චාල්ස් සහ එඩ්වර්ඩ් කොච් සංවිධානය කල සිද්ධියයි. රිපබ්ලිකානු අපේක්ෂකයන් පහකට ප‍්‍රතිගාමී සල්ලිකාර ක‍්‍රියාකාරි 450 කින් සමන්විත පේ‍්‍රක්ෂකයක් ඉදිරිපිට කතාකිරීමට ඔවුහු ආරාධනය කලෝ ය. රිපබ්ලිකානු ජනාධිපති කෙනෙක් සහ කොන්ග‍්‍රසයක් තෝරා පත්කර ගැනීම සඳහා ඩොලර් මිලියන 900 ක් පොම්ප කිරීමට කොච් සහෝදරයන් ප‍්‍රතිඥා දෙයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට රිපබ්ලිකානු මූලෝපායඥ මාර්ක් මැක්නිනන් පවසා ඇත්තේ “මෙතරම් මුදල් සම්භාරයකින් ඔබට ජනාධිපතියෙකු මිලයට ගත හැකිය, ඇත්තටම හරි: ඒකයි කාරනාව.”

අරමුදල් එකතුකිරීමේ ගනන් හිලව් රිපබ්ලිකානු අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩිවී තිබෙන්නේ මන්ද යන්න පැහැදිලි කරයි. ඔවුන් 17 න් 13 කම තම මැතිවරන මෙහෙයුම් අරමුදල් සඳහා රැඳෙන්නේ ධනවත් ආධාරකරුවන් අතලොස්සක් මතය විස්කන්සින් ආන්ඩුකාර ස්කොට් වෝකර්ගේ අර මුදල් වලින් තුනෙන් දෙකක ට දායක වන්නේ සුපිරි ජනාධිපතිවරන ක‍්‍රියාකාරි කමිටු විසින් ය සෙනෙට් සභික මාර්කෝ රුබියෝ වෙනුවෙන් එකතු වූ මුදලින් හතරෙන් තුනක ප‍්‍රමානයකට දායක වී ඇත්තේ හතර දෙනෙකි. සෙනෙට් සභික ටෙඩ් ක්රූස් සඳහා මුලු අරමුදල් ම පාහේ සම්පාදනය වී ඇත්තේ තුන්දෙනෙකුගේ ගිනුම් වලිනි. සෙනෙට් සභික රැන්ඩ් පෝල්ගේ මැතිවරන ව්‍යාපාරය සඳහා ආයෝජකයෝ දෙදෙනෙක් අරමුදල් සපයති. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අධාර දෙන්නේ එක් බිලියන පතියෙකි. එනම් ඩොනල්ඩ් ට‍්‍රම්ප්ම ය.

අපේක්ෂකයන් සංඛ්‍යාව අනුව ඩිමොක‍්‍රටික් පාක්ෂික මැතිවරන ව්‍යාපාරය රිපබ්ලිකානුවන්ට ප‍්‍රතිලෝම වේ. මුල්‍ය කතිපයාධිකාරින්ගෙන් ලැබෙන විශේෂ ආධාර නිසා හිලරි ක්ලින්ටන් බලාපොරොත්තු තබා ඇති එකම ඩිමොක‍්‍රටික් අපේක්ෂකයා වෙයි. ප‍්‍රධාන වශයෙන් වෝල් වීදියේ සහ හොලිවුඩයේ පුද්ගලයන් අට දෙනෙක් එකකුගෙන් ඩොලර් මිලියනයකට වැඩි වන පරිදි ක්ලින්ටන්ගේ සුපිරි ජනාධිපතිවරන ක‍්‍රියාකාරි කමිටු වට පරිත්‍යාග කර තිබේ.

පහුගිය සිකුරාදා ක්ලින්ටන් අවුරුදු 8 ක බදු ගෙවුම් ප‍්‍රමාන දැක්වෙන ලේඛන නිකුත් කලේය. එම ලියකියවිලි අනුව, ක්ලින්ටන් මුල්‍ය ප‍්‍රභූවේ, අඩුවශයෙන් එහි පහල තට්ටුවට වත්, ඇතුලුවී ඇති බව පෙන්නුම් කරයි. ප‍්‍රධාන වශයෙන්ම දේශන පැවැත්වීමේ හා ලියු පොත් වල ගාස්තු ලෙස ඔවුන් ඩොලර් මිලියන139 ක දල ආදායමක් සහ 2007 සිට 2014 දක්වා උපයාගෙන ඇත.

2008 වෝල් වීදියේ කඩා වැටීමට වගකිවයුතු ප‍්‍රධාන මුල්‍ය අපරාධකරුවන් ගෙන් එක් අයෙකු වන ගෝල්ඩ්මන් සැක්ස් බැංකුව අමතා කල දේශන තුනක ගාස්තුව ලෙස හිටපු රාජ්‍ය ලේකම් වරිය, ඩොලර් මිලියන 675,000ක් ලබාගෙන තිබේ.

එතරම් අවධානයක් නොලත් ජාතික ගුවන් විදුලි විවරන වැඩසටහනක දී පසුගිය අඟහරුවාදා, හිටපු ජනාධිපති ජිමී කාටර් ප‍්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජනපදයේ දේශපාලන පද්ධතිය මුදල් මගින් මුලුමනින්ම දූෂිතව ඇති බවයි. “දැන් එය හරියටම කතිපයාධිකාරයකි” යි ප‍්‍රකාශ කල ඔහු, මෙසේ ද කීය. “ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා ගැනීම සඳහා හෝ එම ධුරයට තේරී පත්වීම සඳහා හෝ අවශ්‍ය එකම දෙය වන්නේ, අසීමිත දේශපාලන අල්ලස් හා දුෂනයයි. එක්සත් ජනපදයේ ආන්ඩුකාර, සෙනෙට් සභික සහ කොන්ග‍්‍රස් සමාජික ධුරයන් සඳහා ද මෙය අදාල වේ.” ..

මෑත වසරවල ජිමී කාටර්, අනාගත වක්තෘවරයෙකුගේ තැන ගෙනසිටියි. එක්සත් ජනපද පාලක ප‍්‍රභූව කොතරම් දුෂිත, ප‍්‍රතිගාමී, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, මිලිටරිමය වශයෙන් ඉවබව නැති තත්වයකට ඇදවැටී ඇත්දැයි කිවහොත්, ඔවුන් තමන්ගේ දේශපාලන සුජාත භාවය මුලුමනින්ම නැති කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු ආනතුරු හඟවන්නට පටන් ගෙන තිබේ. අනෙකුත් සියලු අවස්ථාවලදී මෙන්ම මෙවර ද ඔහුගේ අනතුරු ඇඟවීම නොතකා හරිනු ලැබ ඇත.

දේශපාලන පද්ධතිය මහා සල්ලිවලින් යම් තරමකට හෝ හුදෙකලා කල යුතු යයි කාටර් හෝ නිව්යෝර්ක් පුවත්පතේ කතුවරුන් කරන ආයාචනයන් හුදෙක් ශෝචනීය වනවා පමනක් නොව සහ නිරර්ථක ද වේ. 2016 එක්සත් ජනපද ජනාධිපතිවරනය තුල ඉස් මතුවෙමින් පවතින්නේ, ධනේශ්වර දේශපාලනයේ සාරයයි. එනම්, අමෙරිකානු සමාජයේ සෑම අංශයක්ම මත ආධිපාත්‍යය තහවුරු කරගෙන ඉන්නා මුල්‍ය අධිකාරින්ගේ ඒකාධිපතිතත්වය යි. දේශපාලනයෙන් මුදල් ජීවානුහරනයක් බලාපොරොත්තු විය නොහැකිය. කතිපයාධිකාරීන් දේශපාලනයෙන් ඉවත් කල හැකි එකම ක‍්‍රමය නම් ඔවුන් සමාජයෙන් පලවා හැරීමයි.

මුල්‍ය වංචා, වෙලඳපල දුර්යෝජනය, මුර්ග සූරාකෑම මගින් මහාධන සම්භාර ගොඩගසාගත් බිලියනපතියන්ගේ වස්තුව අත්පත්කරගෙන කම්කරු පන්තියේ අවශ්‍යතාවන්ට නතු කලයුතු ය මෙය සමස්තයක් වශයෙන් ආර්ථික ජීවිතය ප‍්‍රති සංවිධානයකට භාජනය කිරීමේ අත්‍යවශ්‍ය සංරචකයකි. තර්කාන්විත සැලසුම් සහගත ආර්ථිකයක් යටතේ බැංකු සහ මූලික කර්මාන්ත ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයක් යටතේ තැබිය යුතුය.

පැටි‍්‍රක් මාටින්

Share this article: