එක්සත් ජනපදයේ පිටුබලය ඇතිව අඛන්ඩව සිදුකරන මිලිටරි ප්‍රහාර හේතුවෙන් යේමනය මානව අර්බුදයකට මුහුන දෙයි

Yemen faces humanitarian crisis as US-backed assault continues

නීල්ස් විලියම්සන් විසිනි, 2015 අගෝස්තු 20

සවුදි අරාබියේ මූලිකත්වයෙන් මේ අවුරුද්ද මුලදී පටන් ගත් ගුවන් ප්‍රහාර නිසා ආසන්න වශයෙන් ලමුන් අටදෙනෙක් දිනක් පාසා මරනයට පත් වෙතැයි එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල (යුනිසෙෆ්) අඟහරුවාදා නිවේදනය කලේ ය.

එක් එක් වර්ගයේ වෙඩි නතර කිරීමේ ගිවිසුම් සහ ප්‍රකාශයට පත්කල වහාම බිදී ගිය ඊනියා මානව හිතවාදී යුද විරාමයන් සමග බෝම්බ දැමීම අඩු වැඩි වසයෙන් කරගෙන ගොස් ඇත. සවුදි අරාබිය සහ සහචරයෝ මාර්තු මාසයේ යේමනයේ දකුනු වරාය නගරය වන ඒඩනය ඇතුලු බටහිර පලාතේ වැඩි කොටසක පාලන බලය අත් කර ගත් හවුති භට කන්ඩායම් මිලිෂියාවන් පලවා හැර එම ප්‍රදේශ අත්පත් කර ගැනීමට උත්සාහ දරයි.

බහරේන්, එක්සත් අරාබි එමීර් රාජධානිය (යූඒඊ) ඊජිප්තුව, ජෝර්දානය, කුවේටය, මොරොක්කෝව, සුඩානය සහ කටාර් රාජ්‍යය, සවුදියේ මූලිකත්වයෙන් සිදු කෙරෙන යුද්ධයට හමුදා සහාය ලබා දෙන රටවලට අයත් වේ. මාස පහකටත් අඩු කාලයක් තුල දී, සන්ධානයේ ජෙට් යානා ගුවන් ප්‍රහාර දහස් ගනනක් දියත් කර ඇත.

මෙම ප්‍රහාරයේ නාමික නායකත්වය සවුදි අරාබිය විසින් ගනු ලබන අතරතුර දී අහසේ සිටම ඉන්ධන පිරවිය හැකි ජෙට් යානා සහ ප්‍රහාර ඉලක්ක කිරීමට අවශ්‍ය තොරතුරු හා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බෝම්බ සම්පාදනය කිරීම මගින් යුද්ධයට පහසුකම් සම්පාදනය කර ඇත්තේ ඔබාමා පරිපාලනය යි. යුද සන්ධානය ඇමරිකාවේ නිෂ්පාදිත ලේසර් කිරන මගින් මෙහෙය වෙන බෝම්බ සහ ඒ තරමටම ජාත්‍යන්තර නීතියෙන් තහනම් අවි ආයුද ද යොදා ගෙන ඇත.

මෑතක දී වොෂිංටනය සවුදි අරාබියේ සහ බහරේනයේ එකාබද්ද මිලිටරි මෙහෙයුම් මධ්‍යස්ථානවල වැඩ කරන උපදේශකයන්ගේ සංඛ්‍යාව 20 සිට 45 දක්වා ඉහල දැමී ය. එක්සත් ජනපද ඔත්තු සේවා චන්ද්‍රිකා සහ ඩ්‍රෝන් යාත්‍රා බෝම්බ දැමීමට අවශ්‍ය ඉලක්කවල සජීවී වීඩියෝ දසුන් යුද සන්ධානයේ මෙහෙයුම් මධ්‍යස්ථාන වෙත සම්පාදනය කරයි.

ඒඩනයට එල්ල වූ හවුති ප්‍රහාර හමුවේ රට හැර යාමට සිදු වූ ජනාධිපති අබා රභූ මන්සූර් හාඩි යලි තනතුරේ පිහිටුවීමට සවුදි රාජාන්ඩුව සහ එක්සත් ජනපදය උත්සාහ කරමින් සිටී. හවුති භට කන්ඩායම්වල ශක්තිමත් මධ්‍යස්ථානය වන සදා සිට අගනුවර සානා දක්වාත් එතැන් සිට අවසාන වශයෙන් ඒඩන් දක්වාත් මුලු සටනටම හිටපු දිගු කාලීන ඒකාධිපති පාලකයා වන අලි අබ්දුල් සලේට පක්ෂපාතී මිලිටරි හමුදාවල සහයෝගය මේ දක්වා ලැබෙමින් පවතී.

යුනිසෙෆ්හි නිල ගනන් බැලීම්වලට අනුව දහසකට අධික ලමුන් ප්‍රමානයක් සංධානයේ ජෙට්යානා වලින් එල්ල කල කුරිරු ප්‍රහාර සහ හවුතින්ට පක්ෂපාති හා හවුති විරෝධී හමුදා අතර වෙඩි හුවමාරුව නිසා අනතුරට පත් ව ඇත. මාර්තු 26 සිට බෝම්බවලට හා වෙඩි ප්‍රහාරයන්ට ගොදුරුව අඩුම වසයෙන් ලමුන් 398ක් මිය ගිය අතර තවත් 605ක් තුවාල ලැබූහ. නිල වසයෙන් ගනන් බලා ඇති පරිදි මේ දක්වා විපතට පත් වූවන්ගෙන් හතරෙන් පංගුවක් ලමුන් ය.

මාස ගනනක ගුවන් ප්‍රහාර සහ හවුති සහ හවුති විරෝධී හමුදා අතර සටන් මගින් රටේ යටිතල පහසුකම් විනාශ වී ඇති අතර 4000ට වඩා මිය ගොස් මිලියන ගනනක් ජනයා බිහිසුනු මානව අර්බුදයකට ඇද දමා ඇත.

දශ මිලියනයක් ලමයි එනම් දල වශයෙන් රටේ වයස 18 අඩු මුලු ජනගහනයෙන් සියයට 80ක්, එක් හෝ තවත් ආකාරයක හදිසි මානුෂීය ආධාර අවශ්‍යතාවෙන් පෙලෙති. අවම වශයෙන් සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් හතරෙන් එකක්වත් තව දුරටත් එන්නත් සම්පාදනය නො කිරීම නිසා, අඩුම ගනනේ ලමයි මිලියන 2.5 ක් දරුනු ලෙස බෝවන සහ බොහෝ විට මරනීය වසංගතයක් වන සරම්ප රෝගයට ගොදුරු වීමේ අනතුරට මුහුන දී සිටිති.

බොහෝ තැන්වල විදුලි බල සැපයුම් බිද දැමීම හා දරුනු ඉන්ධන හිඟයත් සමග බොහෝ දෙනා කොලරාව වැනි ජලය ආශ්‍රිත රෝග බෝවීමේ අනතුරට ද අඩුම තරමින් මිලියන 20.4 ක් යේමානුවන්ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ මාවත් ද ඇහිරී ඇත. ජලය සඳහා ආරක්ෂාකාරී ක්‍රමයක් නැතිව, අතීසාරය වැලඳීමේ අනතුරට මිලියන 2.5 ලමයි මුහුන දී සිටිති. තවත් මිලියන 1.5 ක් තියුනු විෂ වායු ආසාධනයේ ගොදුරු බවට පත් විය හැකි ය.

ගුවන් හා කාලතුවක්කු ප්‍රහාර නිසා පාසැල් ගොඩනැගිලි 400 කට ආසන්න ප්‍රමානයකට අලාභහානි සිදු වී හෝ විනාශ වී ඇති බැවින් අඩු තරමින් මිලියන 1.8 ක් ලමයින්ට අධ්‍යාපන කටයුතු අහිමිවී ඇත. තවත් පාසැල් 346ක පහසුකම් සරනාගත පවුල්වල නවාතැන් සඳහා භාවිතයට ගෙන හෝ සන්නද්ධ භට කන්ඩායම් විසින් අත් කර ගනු ලැබ ඇත.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් “ සිවිල් ජනයාට කොහේවත් ආරක්ෂාවක් නැත” යන හිසින් බ්‍රහස්පතින්දා නිකුත් කල වාර්තාව, අරාබි ලෝකයේ දුප්පත් ම රටෙහි ජනතාව මත මුදා හැර ඇති මෙම විනාශයට සාක්ෂි දරයි. යුද අපරාධ සිදුකරන සියලු පාර්ශව විසින් නීති විරෝධී ප්‍රහාර මගින් ටායිස් හා ඒඩන් හි සිදුකර තිබෙන ජීවිත හානි හා විනාශය වාර්තාව තුල සංක්ෂිප්ත ව ඉදිරිපත් කර ඇති බව ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනලයේ ජ්‍යෙෂ්ඨ අර්බුද ප්‍රතිචාර උපදේශක, ඩෙනටෙල්ලා රොවෙරා ප්‍රකාශ කලේ ය.

දකුනු යේමනයේ සවුදි හවුලේ ගුවන් ප්‍රහාර අටකින් ගැහැනුන් සහ ලමුන් බහුතරයක් සහිත 141 දෙනෙකු මරා දමා 101 දෙනෙකුට තුවාල සිදු කල බව වාර්තා විස්තර කරයි. නිශ්චිතව සිතා බලා සිවිල් වැසියන්ට හා වාසස්ථාන ලෙස යොදා ගෙන ඇති පාසල් සහ ආහාර වෙලදපොල අතුලත් මිලිටරි නො වන ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාර ගනනාවක් පිලිබඳව ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් වාර්තා කර ඇත.

ජූලි 24දා නිරිතදිග පිහිටි මොකා නගරයේ වාෂ්ප බලාගාරයට අයත් නේවාසිකාගාරවල සිටි කම්කරුවන් හා ඔවුන්ගේ පවුල් මත එල්ල කල ගුවන් ප්‍රහාරය මිනිසුන් 63ක් මරා දමා තවත් 50 දෙනෙකුට තුවාල සිදු කලේ ය. මෙම නිවාස සංකීර්නය කුමන හෝ මිලිටරි අවශ්‍යතාවක් උදෙසා හවුතී කන්ඩායම් විසින් යොදා ගැනුනු බවට කිසිදු සාක්ෂියක් ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් පරික්ෂන තුලින් සොයා නො ගත්තේ ය.

ජූලි 9 දා මිලිටරි හවුල එල්ල කල ගුවන් ප්‍රහාරයක දී උතුරු ඒඩනයේ තහ්රුර් ගම්මානයේ මුසාබ් බෙන් ඕමාර් පාසැල මතට බෝම්බයක් හෙලා ෆාරා නම් අයගේ පවුලේ සාමාජිකයන් දස දෙනාගෙන් නවදෙනෙකු මරා දැමී ය. සටන් නිසා අවතැන් වූ පවුල් දුසිමක්වත් පාසැල් වාසස්ථාන කර ගත්හ. යලි වතාවක් සිදුකල ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් පරීක්ෂනවල දී ගොඩනැගිල්ල කිසිදු අයුරකින් මිලිටරි අවශ්‍යතා වෙනුවෙන් භාවිත කල බවට සාක්ෂි හමු නො වීය.

ජුලි 6 දා සවුදි හවුල ෆායියුෂ්කි හි සත්ව වෙලද පොලකට බෝම්බ හෙලා 40ක් පමන දෙනා මරා දමා , තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු කලේ ය. බෝම්බ හෙලන තෙක් එය එලුවන්, බැටලුවන් හා තවත් සතුන් මිලට ගැනීම හා විකිනීම සිදු කල සාමාන්‍ය දවසක් වූ බව ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ප්‍රදේශවාසියෙක් ප්‍රකාශ කලේ ය.

“ඔවුන් සාමාන්‍ය මිනිස්සු ය‍, ඇතමෙක් තම දූ දරුවන්ට ආහාර ලබා දීමට අන් මගක් නොමැති නිසා නො කැමැත්තෙන් වුව තම සතුන් අලෙවි කිරීමට පැමින සිටිය හ” යි වෙලෙන්දෙක් ඇම්නෙස්ට් ඉන්ටනැෂනලයට පැවසී ය. “මේ අවට සටන් පැවතුනේ නැත, එසේ ම හවුතිවරු මෙහි නො වූ හ. මෙහි සිටි අය හුදෙක් ම අවාසනාවන්ත මිනිසුන් ය.”

මෙම වාර්තා නිකුත්වූ දාම , සවුදි හවුලේ ජෙට් යානා හොන්ඩෙයිඩා නගරයේ පිහිටි වරායට ප්‍රහාරයක් එල්ල කලේ ය. රටේ උතුරු පලාතට හදිසි ආධාර බෙදා හැරීම සඳහා ඇති ප්‍රධාන මධ්‍යස්ථානයව පැවතියේ මෙම වරාය යි. ප්‍රදේශීය නිලධාරීන්ට අනුව, වරායේ වැඩ කටයුතු ඇන හිටවමින් අසල පිහිටි බඩු ගබඩාවක් මත ද බෝම්බ හෙලු අතර බඩු පැටවීමට සහ බෑමට යොදා ගන්නා දොඹකර 4ක් විනාශ වූයේ ය.

ජනතා ප්‍රතිරෝධී කමිටුව නමින් ප්‍රසිද්ධ හවුති විරෝධී භටකායන්, මුස්ලිම් සහෝදරත්වය, දක්ෂින ව්‍යාපාරයේ බෙදුම්වාදී සටන්කරුවන් සහ අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා (ඒකිව්ඒපී) සහ ඉස්ලාමික් ස්ටේට් (අයිඑස්අයිඑස්) යන සංවිධාන සම්බන්ධ කෙරුනු හාඩිට පක්ෂපාතී ඉස්ලාමීය ඉස්ලාහ් පක්ෂයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් මිලිටරි කන්ඩායම් හා ඒකාබද්ධ කර ඇත.

ජුලි අවසානයේ දී හාඩි හිතවාදී භට පිරිස් විසින් ඒඩන් හා ආසන්න අල් ආනද් ගුවන් කඳවුර නැවත අල්ලා ගැනීම මගින් පිම්මක් ගත් හවුතීන්ට විරුද්ධ සටනෙහි නිරත භට කන්ඩායම්වලට සහාය වීම සඳහා සෞදි හා එක්සත් අරාබියේ භටයන් දහස් ගනනක්, යේමනයට පිටත් කර ඇත.

අල් ආනද් යලි අත්කර ගැනීමේ ප්‍රතිප්‍රහාරය කඩිනම් කිරීම සඳහා Leclerc නමැති ප්‍රධාන යුද ටැන්කි සහ යුඒඊ විසින් මෙහෙයවෙන අනෙකුත් සන්නද්ධ රථ සහිතව සවුදි හවුලට අයත් 2800ක හමුදාවක් යොදවනු ලැබ ඇති බව “ඩිෆෙන්ස් නිව්ස්” අගෝස්තු 4 දා වාර්තා කලේ ය. මේ දක්වා අවම වසයෙන් යුඒඊ භටයන් පස් දෙනෙක් සටන්වල දී මරා දමා ඇති බව වාර්තා වී ඇත.

නිල වසයෙන් ඒකිව්ඒපීට එරෙහි යුද්ධයේ පැටලී සිටියදීම එක්සත් ජනපදය, එය හා අයිඑස්අයිඑස් සමඟ හවුතින්ට එරෙහිව යේමනයේදී සන්ධාන ගතව සිටියි. ඉරාකය හා සිරියාව තුල අයිසිස් හමුදාවන්ට විරුද්ධ ව දිනපතා ගුවන් ප්‍රහාර එල්ල කරන අතරේ යේමනය තුල එම කන්ඩායමේ නායකයන්ට එරෙහිව ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරයි.

සවුදි හවුල, අල්කයිඩා බල ඇනි ප්‍රධාන නගරය වන මුකාලා සහ අබ්යාන් පලාතේ කොටසක් ඇතුලත් නැගෙනහිර පලාතේ හද්රාමවුට් ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටිය දී පවා ඒකිව්ඒපීට එරෙහි මොනම ප්‍රහාරයක් හෝ එල්ල කිරීමෙන් වැලකී සිටී.

අගෝස්තු 12 දා එක්සත් ජනපදය මුකාලා සිට අසල නගරයක් වන රුකොබ් වෙත අධිවේගී මාර්ගයේ වාහනයකින් ගමන් කරමින් සිටි ඒකිව්ඒපී සාමාජිකයන් පස් දෙනෙකු ඩ්‍රෝන් මිසයිල් ප්‍රහාර එල්ල කර මරා දැමීය.

Share this article: