වසර 100 පෙර: යුදවාදී “සාමය බලගැන්වීමේ ලීගය” ඇමෙරිකාවේදී ආරම්භ කරන ලදී

100 years ago: Pro-war “League to Enforce Peace” founded in US

2015 ජූනි 15

වසර 100 පෙර: යුදවාදී “සාමය බලගැන්වීමේ ලීගය” ඇමෙරිකාවේදී ආරම්භ කරන ලදී

1916 දි සාමය බලගැන්වීමේ ලීගය. විලියම් හොවර්ඩ් ටෑෆ්ට් මැද

පලමු ලෝක යුද්ධයෙන් පසුව ජාතීන්ගේ සංගමය ඇති කිරීමටවූ තල්ලුවේ පුර්වගාමියා වූ, එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ දේශපාලන හා ව්‍යාපාරික පුද්ගලයින්, සාමය බලගැන්වීමේ ලීගය ආරම්භ කිරීම සඳහා 1915 ජුනි 17 දා හමුවිය. ෆිලඩෙල්ෆියා නිදහස් ශාලාවේ පැවති සම්මේලනයයේ මුලසුන දැරුවේ හිටපු ජනාධිපති විලියම් හොවර්ඩ් ටැෆ්ට්ය. අලුතින් ආරම්භ කරන ලද ඇමෙරිකානු වානිජ මන්ඩලයේ ප‍්‍රකාශක එඩ්වර්ඩ් ෆිලීන්, හාවර්ඩ් සරසවියේ සභාපති ලොරෙන්ස් ලොවෙල් හා හිටපු කැබිනෙට් සාමාජික ඔස්කාර් එස්. ස්ට‍්‍රාවුස් ද ඇතුලු ඇමරිකානු පාලක ප‍්‍රභූවේ, නියෝජිතයන් 100 ක් හෝ එවැනි පිරිසක් ඊට සහබාගි වූහ.

සමුළුව ආරම්භ කෙරුනේ, ජර්මානු ටෝපිඩෝ මගින් ලූසිටානියා නැමති බි‍්‍රතාන්‍ය නෞකාව ගිල්වා දැමීම නිසා ඇමෙරිකානුවන් පිරිසක් මිය යාමෙන් සති හයකට පසුවය. එම සිද්ධිය ජර්මනියට එරෙහි ඇමෙරිකානු මැදිහත්වීමක් සඳහා ආයචානා කිරීමට ධනවාදී පුවත්පත් පෙලඹවිය. මෙම ලීගයට පැහැදිලි බි‍්‍රතාන්‍ය හිතවාදී හා ජර්මානු විරෝධී, ස්වභාවයක් තිබුනු අතර එහි අපැහැදිලි ලෝක සාමය සඳහා වූ කැඳවීම් හා ජර්මනියේ පරාජය හා බෙදා වෙන්කිරීමට මෙන්ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ආරක්ෂා කිරීමට වූ බලාපොරොත්තුව පැවතුනි.

එක්සත් ජනපද පාලක ප‍්‍රභූවේ ප‍්‍රතිවිරෝධී ප‍්‍රවනතා පෙන්නුම් කරමින් ජුනි 8 දා විල්සන් පරිපාලනයෙහි රාජ්‍ය ලේකම් ධුරයෙන්, විලියම් බ‍්‍රයන් ජෙන්ගින්ස් ඉල්ලා අස්වූයේ, ජර්මනියට එරහිව ඍජුවම යුද්ධයට මැදිහත් වීම දිසාවට ඇමරිකානු ආන්ඩුව ගමන් කරමින් තිබීම පිලිබඳ කනස්සල්ල හේතුවෙන්ය. හුදකලාවෙකු ලෙස ජෙන්ගින්ස් ස්වභාවයෙන්ම සාමය බලගන්වන ලීගයට - ලෝක යුද්ධයකට මැදිහත්වීම සඳහා වූ ඇමරිකානු සුදානම පිලිබඳව පක්ෂව කතා කල - විරුද්ධ විය, ඔහුගේ ප‍්‍රකාශනවල “බලගැන්වීම” (එන්ෆොර්ස්) යන වචනය රතු අකුරෙන් මුද්‍රනය කලේය.

ප‍්‍රධාන බලවතුන් අතර වූ ජාත්‍යන්තර සම්බන්ධතා පරිපාලනය කිරීමේ ලෝක ආයතනයක් ගොඩනැගීමට ලීගය පෙනී සිටියේය. එවැන්නක් මතුවී ඒම පෙන්නුම් කලේ, එක්සත් ජනපදය ගොඩනගා ගනිමින් සිටි ආර්ථික බලපෑමට ගැලපෙන ජාත්‍යන්තර දේශපාලනයේ භූමිකාවක් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු පාලක පන්තියේ කොටස්වල පැවති අභිලාශයයි. ප‍්‍රකාශනයේ පුර්විකාව සඳහන් කරන්නේ “අපි ජාතීන්ගේ සංගමයට එක්සත් ජනපදය එක්වීම යෝග්‍ය යයි විශ්වාශ කරමු” එවැනි ආයතනයකට පැවති ඉලක්කයන් මාලාවක් එහි පෙන්නුම් කෙරේ. “අත්සන්කල බලවතුන් ඒකාබද්ධව ඔවුන්ගේ ආර්ථික හා මිලිටරි බලය, යුද්ධයකට සැරසෙන හෝ සතුරු කි‍්‍රයාවන්හි නිරත වන රටකට එරෙහිව යොදා ගත යුතුය” යන්න ඊට ඇතුලත් විය.

Share this article: