75 වසරකට පෙර: නාසි ආක‍්‍රමනය හමුවේ ප‍්‍රන්ස හමුදාව වේගයෙන් පසු බසියි

75 years ago: French Army in rapid retreat before Nazi invasion

2015 මැයි 11

ජර්මානු ආක‍්‍රමනයෙන් පසුව විනාශයට පත්වූ ප‍්‍රන්සයේ යුද ටැංකි

නාසි ජර්මනිය බටහිර යුරෝපයට පහර දීමෙන් යන්තම් දින තුනක් ඇතුලත 1940 මැයි 13දා, ජර්මන් මිලිටරිය වේගයෙන් පෙරමුනට එද්දී ප‍්‍රන්ස අධිරාජ්‍යවාදයේ සන්නද්ධ හමුදා, නින්දිත ලෙස රටේ අභ්‍යන්තරයට පසු බැස්සේය. අර්වින් රොමෙල් විසින් නායකත්වය දුන් ජර්මානු හමුදා, මියුස් ගංගාව තරනය කලේ ආරම්භයේදී සුලු කාවැදීමක් පමනක් ලෙස වුවත්, එකදු ජර්මානු යුද ටැංකියක් හෝ ගඟ තරනය කර නොතිබියදී වුවත්, ප‍්‍රන්ස හමුදා ආඥාපතීන් ඉදිරිපත් කල සාවද්‍ය වාර්තා දෙකකට අනුව, ජර්මානු පැන්සර් ඒකක පෙරමුනට කඩාවැදී තිබුනි.

ප‍්‍රන්ස හමුදාවේ බිඳවැටීම් පෙලකට එය මුල පිරීය. ආඥාපතීන් පෙරමුන අතහැර ගිය අතර හමුදා භටයෝ පසු බැස්සාහ. හමුදාව අතර පැවතියේ තමාගේ පිහිටට තමාමය (sauve qui peut) යන මානසිකත්වයයි. දිග්ගැස්සුන සටනක් සඳහා ගොඩගසා තිබුන ආයුධ තොග කිසිදු සටනකින් තොරවම සතුරා අතට පත් විය. ප‍්‍රන්ස ජෙනරාල් වරයෙක් එම දර්ශනය ගැන මෙසේ පැවසීය: බියපත්ව පලායන්නන්ගේ රැල්ලක්, තුවක්කුකරුවන් හා සොල්දාදුවන් වාහන වලින්, පයින්, බොහෝ දෙනක් අවි නොමැතිව..., සමහරු පිස්සන් මෙන් තම රයිෆල් පත්තුකරමින්, පලායන්නන් අතර නිලධාරීන් ද.. එකට මුසුව, බියෙන් මුසපත්ව හා පොදු උන්මාදයකින් මෙන්...., සියලු තරාතිරම්වල ආඥාපතීන් පසුබසින ලෙස අන ලැබී ඇති බව අඟවමින්, එහෙත් එවන් කඩදාසියක් පෙන්වීමට අසමත්ව” යනාදී වශයෙනි.

ප‍්‍රන්ස ව්‍යසනය විශ්ලේෂනය කරමින් ට්‍රොට්ස්කි, එක් මුඛ්‍ය කාරනාවක් ගෙනහැර දැක්වීය. එනම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය මත ප‍්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදය ඇතිකර තිබූ බලපෑමය. හිට්ලර් දමනය කිරීමේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සන්ධාන” හා “මහජන පෙරමුනු” පිලිබඳ ස්ටැලින්ගේ 1934-39 ව්‍යාපාරය, 1939 අගෝස්තු වන විට හිට්ලර් සමග සන්ධානයක් බවට හදිසියේ මාරුවීම, කම්කරු ජනතාව තීරනාත්මක ලෙස අවමංගත කලේය. ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: ”තම ‘මහජන පෙරමුනු’ පිලිබඳ ව්‍යාපාරය සමග ක්‍රෙම්ලිනය, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සටනින් ජනතාව හුදෙකලා කලේය. හිට්ලර්ගේ පැත්තට තමන්ගේ මාරුව සමග ස්ටැලින්..., ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ මිලිටරි බලය අඩපන කලේය. විනාශයේ සියලු මෙවලම් තිබියේවී නමුත් සදාචාරාත්මක සාධකය බලය සම්බන්ධයෙන් තීරනාත්මක වැදගත් කමක් දැරීය. යුරෝපයේ පුලුල් ජනතාවන් අපේක්ෂා භංගත්වයට ඇද දැමීම මගින් ස්ටැලින්, හිට්ලර් වෙනුවෙන් ප‍්‍රකෝපකාරී ඒජන්තයෙකුගේ කාර්ය භාරය ඉටු කලේය. ප‍්‍රන්සයේ යටත්වීම එවන් දේශපාලනයක එක් ප‍්‍රතිපලයක් විය.”

Share this article: