75 වසරකට පෙර: ප‍්‍රන්සය නාසි ජර්මනියට යටත් වෙයි

75 years ago: France surrenders to Nazi Germany

2015 ජූනි 15

1940 ජුනි 22, ප‍්‍රන්සයේ කොපිගිනේහිදී, විල්හෙම් කෙයිට්ල් ප‍්‍රන්සයේ යටත් වීම චාර්ල්ස් හන්ට්සින්ග්ර් ගෙන් බාර ගනිමින්

හිට්ලර්ගේ හමුදා විසින් ප‍්‍රන්ස හමුදා පරාජය කර ඇතිබව දැනගත් කල, 1940 ජුනි 17 වෙනිදා ප‍්‍රන්සයේ නව අගමැති මාර්ෂල් පෙටින්, නව කැබිනෙට් මන්ඩලයක් පිහිටුවා ජර්මනියත් සමග සටන් නිමා කිරීමේ කොන්දේසි වලට එලඹීම සඳහා අයැදුම් කලේය.

සතියකට පෙර ජුනි 8 වෙනිදා, ප‍්‍රන්ස හමුදා සොම් නදියේදී පරාජයට පත්විය. ජුනි 11 වෙනිදා හමුදාව පසුබැසීමට පටන් ගත් අතර, බොහෝ භට කන්ඩායම් සම්පූර්නයෙන්ම පාහේ විසිර ගොස් තිබුනි. සරනාගතයින් සමග මුහු වූ ඔවුන් නිසා ප‍්‍රන්සයේ මාර්ග තදබදයක් ඇති විය. ජුනි 14 වෙනිදා, ජර්මානු හමුදා පැරිසියට ඇතුළු විය. ප‍්‍රන්ස ආන්ඩුව නගරයෙන් ඉවත්වූ අතර සටනකින් තොරවම ඔවුන් නාසීන්ට යටත් විය. ජර්මානුවන් ඉදිරිපත් කල එක් කොන්දේසියක් වූයේ, කම්කරු පන්තියේ කුමන හෝ ප‍්‍රතිරෝධයක් වැලැක්වීම සඳහා නාගරික පොලිසිය පවත්වාගෙන යාමයි.

උතුරු අප‍්‍රිකාවට ගොස් හිට්ලර්ට එරෙහිව යුද්ධය දිගටම කරගෙන යායුතු බව පැවසූ පොල් රෙනෝඩ්ගේ නායකත්වයෙන් යුත් සිවිල් ආන්ඩුව හා ඉතා ඉක්මනින් යටත් විය යුතු බව පැවසු පිටෙන් හා ජෙනරල් වේගන්ඩ් වැනි මිල්ටරි නායකයින් අතර අර්බුදය සතියක් පුරා පැවතුනි. අවසානයේදී මෙම කාරනය පිලිබඳව රෙඩීන්ගේ කැබිනෙට්ටුව දෙකට බෙදුනි. රෙඩීන් ඉල්ලා අස් වු අතර පිටෙන් අගමැතිකම භාර ගත්තේය.

මිලිටරි පරාජයට හා ආන්ඩුවේ දේශපාලන පරිහානියට අමතරව, ජනරාල්වරුන්ට සටන් නිමා කිරීමේ කොන්දේසි ඉල්ලා සිටීමට හේතුවූ තවත් සාධකයක් වූයේ, කම්කරු පන්තිය විසින් ඇති කල හැකි විප්ලවවාදී නැගිටීමක් මර්දනය කිරීමට ප‍්‍රන්ස හමුදා රැක ගැනීමේ අවශ්‍යතාවයි. පිටෙන් ජර්මනියට ආයචනා කර සතියකට පසුව සටන් නිමාවිය. ප‍්‍රන්සය දෙකට බෙදුනි. උතුරු ප‍්‍රාන්ත ජර්මනියේ ඍජු පාලනය යටතට පත් වූ අතර විචි අගනුවර කරගත් දකුන, පෙටින්ගේ මෙහෙයවීම යටතේ ආන්ඩුව මගින් පාලනය කෙරුනි.

සටන් නිමා කිරීමේ ගිවිසුමේ එක් කොන්දේසියක් වුයේ, ප‍්‍රන්සයේ සිටි සියලු ජර්මානු හා ඔස්ටි‍්‍රයන් සරනාගතයින් ආන්ඩුව විසින් හිට්ලර්ට භාර දිය යුතු බවයි. එම කි‍්‍රයාව නිසා දහස් ගනනකට ජීවිත අහිමි විය. මෙය හිට්ලර් හා ප‍්‍රන්ස ධනපති පන්තිය අතර පැවති කුප‍්‍රකට සහයෝගයේ ආරම්භය වූ අතර එය, තුන්වෙනි ජනරජය ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් කලේය.

Share this article: