වසර 100ට පෙර: ඉතාලිය පලමු ලෝක යුද්ධයට අවතීර්න වෙයි

100 years ago: Italy enters World War I

2015 මැයි 18

ඇන්ටෝනියෝ සැලැන්ඩ‍්‍රා

1915 මැයි 20දා ඉතාලියේ පාර්ලිමේන්තුව, ඕස්ටි‍්‍රයාව සමග වැඩෙන අර්බුදය පිලිබඳව කටයුතු කිරීමේ පූර්න බලය, අගමැති ඇන්ටෝනියෝ සැලැන්ඩ‍්‍රාගේ ආන්ඩුවේ කැබිනට් මන්ඩලය වෙත පවරනු ලැබීය. මෙය දැකගනු ලැබුවේ යුද්ධ ප‍්‍රකාශනයක ක්ෂනික පූර්ව රංගනය ලෙසය. ආන්ඩුවට හදිසි අවස්ථා බලතල පැවරීමේ අනුමැතිය, ඉතාලි ආන්ඩුව 1850දී ඔස්ටි‍්‍රයාවට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීම පිනිස යොදාගත් එම ක‍්‍රියාවලියම විය.

ආන්ඩුවට කටයුතු කිරීමේ පූර්න නිදහස ලබාදුන් ඡන්දය 365ට 54ක් ලෙස ආන්ඩුව ජය ගත්තේය. සමාජවාදී නියෝජිතයෝ 45 දෙනෙක් විරුද්ධව ඡන්දය දුන් නමුත් කම්කරු පන්තිය යුද්ධයට විරුද්ධව බලමුලු ගැන්වීමට කිසිවක් නොකලහ. සාමාජිකයින් 318 දෙනෙකුගෙන් සමන්විත වූ පාර්ලිමේන්තුවේ රැඩිකල්වාදීන් 70 ද රිපබ්ලිකානුවන් 16 ද සමාජවාදීන් 77 ද වෘත්තීය සමිතිවාදීන් 3 හා කතෝලිකයින් 24 දෙනෙක් සිටියහ. යුද්ධයට සූදානම් වෙමින් සැලන්ඩ‍්‍රා, මධ්‍යස්ථව සිටීමට ඉතාලිය හැකි සෑම දෙයක්ම කල බව පෙන්වීමට උත්සාහ කල ද ඔස්ටි‍්‍රයානු ආන්ඩුවේ ක‍්‍රියාවන් නිසා එරට සමග තමන්ගේ සන්ධානය අවසන් කිරීමට බල කෙරුනු බව පිලිගත්තේය. යථාර්තය නම් බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය ඇතුලු මිත‍්‍ර පාර්ශවය, තමන්ගේ පැත්තෙන් ඉතාලිය යුද්ධයට අවතීර්න වන්නේ නම් එරටට සැලකිය යුතු භෞමික සහන පිරිනැමීමට පොරොන්දුවී සිටි බවය.

සැලන්ඩ‍්‍රා මෙසේ පැවසීය. “ඉතාලිය නොවිමසා ඔස්ටි‍්‍රයාව එරට සහචරයෙක් වූ සර්බියාවට අවසන් නිවේදන නිකුත් කිරීම, ත‍්‍රයිපාක්ෂික සන්ධානයේ සියලු කොන්දේසි උල්ලංඝනය කල අතර සැබවින්ම එහි ප‍්‍රතිපල වශයෙන් ලෝක යුද්ධය හටගත්තේය. එය අපගේ අවශ්‍යතාවන්ට පටහැනි නමුත් ඉතාලි ආන්ඩුව සාමකාමී විසඳුමක් සෙවීය. ඔස්ටි‍්‍රයාව අපගේ සියලු ගෞරවනීය පියවර හා අපගේ සියලු අවශ්‍යතා උල්ලංඝනය කරන තෙක් සාකච්ඡා පැවැත්වුනි.”

මැයි 21දා සෙනේට් සභාව විසින් පනත ඒකමතිකව සම්මත කරන ලදී. ඉතාලිය යුද්ධයට පිවිසීමේදී යටින් පැවති අධිරාජ්‍යවාදී අවශ්‍යතා ගෙනහැර දක්වමින් ප්‍රොස්පරා කොලොන්නා කුමරු පැවසුවේ, “ඔස්ටි‍්‍රයානු පාලනය යටතේ පීඩාවට පත්ව සිටින සිය දූවරුන් (ප‍්‍රදේශ) වන ටි‍්‍රන්ටිනෝ, ටි‍්‍රස්ටි හා ඩැල්මැටියා වැලඳ ගැනීමට බෙහෙවින් උත්සුක වන” බවයි.

මැයි 22දා ඉතාලි මිලිටරිය බලමුලු ගැන්වීමේ නියෝග නිකුත් කරන ලදී. මිලිෂියාවන් ද ඇතුලු මිලියන 3.5ක හමුදාව කැඳවන ලදී. ඉතාලියට සිය ආරම්භක යුද මෙහෙයුම් සඳහා එක්රැස්කල හැකි වූයේ 760,000 ක භට සංඛ්‍යාවක් පමනි. එරට තානාපති මගින් මැයි 13දා නිල යුද්ධ ප‍්‍රකාශය ඔස්ටි‍්‍රයාවට දැනුම් දුන්නේය. ඒ වහාම උතුරු ඉතාලියේදී ඔස්ටි‍්‍රයානු හා ඉතාලි හමුදා අතර සටන් ඇවිලගිය බව වාර්තා විය.

Share this article: