වෝල් වීදියේ බිඳවැටීමෙන් සත් වසරක්

Seven years since the Wall Street crash

2015 සැප්තැම්බර් 15

ලෙහ්මන් වින්නැහියෙන් පැය කිහිපයක් ඇතුලත, එය වනාහි එක තනි බැංකුවක සරල බිඳවැටීමක් නොව මුලු එක්සත් ජනපදය මතු නොව සමස්ත ගෝලීය මූල්‍ය පද්ධතියම අලලාගත් අර්බුදයක ප‍්‍රකාශනය බව, පැහැදිලි විය. ඒ අවස්ථාවේ දී , ඇද වැටීමේ තර්ජනය ඔන්න මෙන්න කියා තිබුනු ජාත්‍යන්තර රක්ෂන යෝධයෙකු වූ ඇමරිකන් ඉන්ටර්නැශනල් ගෲප් (AIG) ඇපදී ගලවාගැනීමට එක්සත් ජනපද මූල්‍යාධිකාරීහු ඉදිරිපත් වූ හ.

මෑතදී , චීන කොටස් වෙලඳපොල වැටීම ද දකුනු ආසියාවේ දියුනු වෙමින් පවතිනා රටවල මුල්‍ය සහ කොටස් වෙලඳපල වල් 1997-98 අර්බුදයෙන් මොබ ඇතිවූ ඒවායේ පහලම මට්ටම් කරා ප‍්‍රචන්ඩ ලෙස උච්චාවචනය වීම මෙයට සාක්කි ය.

බෑන්ක් ඔෆ් ඉන්ටර්නෂනල් නල් සෙට්ල්ම්න්ට්ස් ( ජාත්‍යන්තර සමත බැංකුවේ) ප‍්‍රධාන ආර්ථික විශේෂඥ , ක්ලොඩියෝ බොරියෝ, “නය මට්ටම් ඉහල වැඩිය, නිෂ්පාදන වර්ධනය දුබල වැඩිය, මුල්‍ය අවදානම් තර්ජනකාරී ලෙස උග‍්‍ර ය යි ” සඳහන් කලේ ය. “මෑතම වෙලඳ පල කලබැගෑනිය ගැන කතාකරමින් ඔහු මෙසේ අනතුරු ඇඟවිය. “ දැන් අපට දකින්නට ලැබෙන්නේ හුදෙකලා දෙදරීම් නොවේ. අවුරුදු ගනනාවක් තිස්සේ ටිකින් ටික එක්රැස්වී ඇති පීඩනය ප‍්‍රධාන විභේද රේඛා වන් ඔස්සේ එලියට පැනීමය.”

2008 වසරේ අර්බුදය ට මග පෑදු ප‍්‍රතිඝතිතාවන් ජය ගෙන නැතිවා පමනක් නොවේ, පසුගිය සත් වසර තුල ගනු ලැබූ පියවර මගින් ඒවා උග‍්‍ර කොට තිබේ.

සැබෑ ආර්ථිකය එක තැන පල්වෙද්දී පරපුටු කමෙන්- නිෂ්පාදන ක‍්‍රියාවලියට මොනයම්ම සබඳතාවක් හෝ නැතිව , ඇත්තෙන්ම ඊට ප‍්‍රතිපක්ෂව සිදුවන මුල්‍ය වෙලඳපල තුල සමපේක්ෂනයෙන් - ධනය එක්රැස්කර ගැනීම පෙර නුවූ විරු මට්ටම් වලට උග‍්‍ර වී තිබේ.

ගෝලීය ආර්ථිකයේ කෙන්ද්‍රීය සංරචකයක් වන යුරෝපයේ ආර්ථික නිමැවුම තවමත් 2007 මට්ටම් වලට නැගී නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද අනෙකුත් ප‍්‍රධාන ආර්ථික මඬුලු ද පෙන්වාදී ඇති පරිදි , සැබෑ ආර්ථීකයේ ඉතා ප‍්‍රධාන ධාවකය වන ධනේශ්වර රටවල ආයෝජන මට්ටම අර්බුද සමයට පෙර මට්ටමට වඩා අඩු ගනනේ සියයට 25 කින් පහත වැටී තිබේ.

ඒ සමගම ගෝලීය ධනේශ්වර ප‍්‍රසාරනයේ පදනම් ලෙස කලෙක සලකනු ලැබුනු , චීන ආර්ථික වර්ධනය පහත වැටෙමින් තිබෙන අතර, ඊනියා වර්ධනය වෙමින් පවත්නා වෙලඳපලවල් එක්සත් ජනපදයේ පොලී අනුපාතික ඉහල යමක් ගැන උග‍්‍රවන භීතිය තුල හීන වර්ධන අනුපාතික ද මුලුමනින්ම හැකිලයාමේ තර්ජනය ද ඉදිරියේ මුලුමනින්ම හැකිලීයාමක් අත් දකිමින් සිටිති.

“එක්සත් ජනපදයේ සහ ලෝක ආර්ථිකයේ දරන හරිමින් ඇති වෙනස්කම් විසින් පෙර ඇඟවෙන්නේ, 1930ස් ගනන වල මහා අවපාතය ට පසුව දක්නට නොලැබුනු තරම් ව්‍යසනයකි... .මෙම සිද්ධීන් වනාහි ඇමරිකානු සහ ලෝක ධනවාදය ඓතිහාසික අසාර්ථකත්වය දක්වන මංසලකුනු ය. කම්කරු පන්තියට එම සලකුනුවලින් දන්වනු ලබන්නේ දිලිඳු බව , නිවාස නැතිකම , සහ සමාජ අහේනිය වේ.”

2008 බිඳවැටීමෙන් ඉක්බිත්තේ ප‍්‍රධාන ධනපති බලවත්තු අර්බුදය විසඳීමට අන්‍යොනය සහයෝගය සහ සහක‍්‍රියාවේ යෙදෙන්න ට සපත කලහ. එහෙත් ඒ පොරොන්දු නම් දියබත්ව බොහෝ කල්වේ. ඒ වෙනුවට එලඹී ඇත්තේ වෙලඳපල පාලනය සඳහා ඔවුනොවුන් අතර තරඟය හා කාකොටාගැනීම් වඩ වඩාත් උග‍්‍රවීමය. තරඟය ට මුදල අවප‍්‍රමානය කර ගැනීම් ය. අවකැපෙන පරස්පර ආර්ථික පිලිවෙත්ය.

1930 ගනන්වල අවපාතයේ දී පරිද්දෙන්ම , ධනේශ්වර බිඳවැටීම ලෝකය පුරා යුද ධාවනය උග්‍රකොට ඇත. ඇමරිකානු අධිරාජය්වාදය , ඔබමා පාලනාධිකාර ය යටතේ දැවැන්ත යුරේසියානු මහා භූස්කන්ධය සහ එහි ආර්ථික සම්පත් ස්වසන්තක කර ගැනීම සඳහා බටහිර පැත්තේ රුසියාවට විරුද්ධව ප‍්‍රකෝපකරනයන් මාලාවක් ලිහා හැර ඇත. ඒ අතර නැගෙනහිර පැත්තෙන් ඊනියා “ආසියාවට හැරීම” යන නමින් චීනයට එරෙහි යුද සැලසුම් සූදානම් කරයි.

ජර්මන් අධිරාජ්‍යවාදය ගෝලීය බලවතෙකු ලෙස සිය තත්වය යලි තහවුරු කර ගැනීම සඳහා ව්‍යායාමයක් ආරම්භ කර ඇත. ඒ අතර ජපන් අගමැති අබේ , පස්චාත් යුද්ධ ගිවිසුම් මගින් සිය රට මත පටවන ලද මිලිටරි සීමාවන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටී.

හැම රටකම, “කප්පාදුව” යන පදය යටතේ , උග‍්‍රවන්නාවූ අසමානතාවය හා සමාජ දුක්ගැහැට යටතේ කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරය ගැඹුරු කරනු ලැබේ. ඉහල ධනපති තට්ටු වල ධනය ඉහල යන අතර , කම්කරුවන්ගේ වැටුප් පහත හෙලේ. සෞඛ්‍යය, අධ්‍යාපනය සහ අනෙකුත් සමාජ සේවාවන් නිරතුරුවම කප්පාදුවට ලක් කෙරේ.

ව්‍යාජ “ත‍්‍රස්ත විරෝධී යුද්ධය” වනාහි, අති-මූලික ප‍්‍රජාතන්ත්‍ර අයිතීන් උපුටා දැමීමේ ද ප‍්‍රගාමිව උග‍්‍ර වන්න වූ අධිපතිවාදී පාලන ස්වරූපයන් තහවුරු කිරීමේ ද යුක්ති දෑක්වීමක් හැර අන් කිසිවක් නොවේ. මේ වනාහි ආර්ථික බිඳවැටීමට විසඳුමක් තමන් අත නැතැයි දැන සිටින පාලක පන්තින් එමගින් පැන නංවන සමාජ අරගල මර්දනය සඳහා සූදානම් වීමකි.

ලෝක යුද තර්ර්ජනය, උග‍්‍ර වන මර්දනය, දිලිඳුකම සහ දෙව න ලෝක යුද්ධයෙන් පසු වැඩිම සංඛ්‍යාවක් ජනයා අනාථයන් බවට පත්කිරීම සමග බැඳුනු ආර්ථික බිඳවැටීමේ ගතවූ සත් වසර ඔප්පු කරන්නේ, ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික බංකොලොත් බවයි. මේ බව වටහා ගැනීම සමාජ සහ ප‍්‍රජතන්ත‍්‍ර අයිතින් රැක ගැනීම සඳහා ද යුද්ධය ට එරෙහිව ද මුල්‍ය ප‍්‍රාග්ධන කුවේරයන්ට හා ඔවුන්ගේ ආන්ඩුවලට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තයේ දේශපාලන අරගලයක් වර්ධනය කිරීම සඳහා ද පදනම් බවට පත් කර ගත යුතුය.

නික් බීම්ස්

Share this article: