වසර සීයකට පෙර පැවැත්වූ මැයි දින පෙලපාලියේදී, ජර්මානු විප්ලවවාදියෙක් වූ කාල් ලිබ්නෙක්ට් යුද්ධය හෙලා දකියි

100 years ago: German revolutionary Karl Liebknecht denounces war at May Day demonstration

2016

1914 අගෝස්තුවේ පුපුරා ගිය අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධවූ ජර්මනියේ ස්පාටකස් ලීගය නම් විප්ලවවාදී සමාජවාදී සංවිධානය, 1916 මැයි 1දා , සමාජවාදී හා යුද විරෝධී ක්‍රියාමාර්ගයක් සහිතව බර්ලිනයේදී දැවැන්ත පෙලපාලියක් මෙහෙයවීය.

ලිබ්නෙක්ට් කථාකරමින්, 1919

1914 අගෝස්තුවේ පුපුරා ගිය අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධවූ ජර්මනියේ ස්පාටකස් ලීගය නම් විප්ලවවාදී සමාජවාදී සංවිධානය, 1916 මැයි 1දා , සමාජවාදී හා යුද විරෝධී ක්‍රියාමාර්ගයක් සහිතව බර්ලිනයේදී දැවැන්ත පෙලපාලියක් මෙහෙයවීය. සංවිධානයේ වඩා ප්‍රමුඛ නායකයෙක් වූ කාල් ලිබ්නෙක්ට්, ජර්මානු මිලිටරිවාදයට චෝදනා කරමින් කථාවක් පැවැත්වීය. විදේශයේදී ජර්මානු අපරාධ සමඟ අත්වැල් බැඳගෙන රට තුල සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාර ඔහු හෙලා දුටුවේය.

ස්පාටකස් ලීගය නිල වශයෙන් පිහිටුවන ලද්දේ 1916 මුලය. එයට ඇතුලත් වූයේ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක පුද්ගලයින් කිහිප දෙනෙකු පමනි. ඒ එම සමාජප්‍රජාතන්ත්‍ර පක්ෂය, යුද්ධයේ ආරම්භයට ප්‍රතිචාර වශයෙන් තමන්ගේම ආන්ඩුවට සහාය දැක්වීමට තීරනය කර, සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවාදීමෙන් පසුවය.

ස්පාටකස් ලීගය උග්‍ර රාජ්‍ය මර්දනයකට ගොදුරුවිය. එහි ප්‍රකාශන තහනම් කරන ලදී. ජර්මානු ආන්ඩුව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කිසිදු විරුද්ධත්වයකින් තොරව ලිබ්නෙක්ට්ට, ඔහුගේ රෝගී තත්වය ද නොතකා, හමුදාවට බැඳෙන ලෙස බල කලේය. යුද පෙරමුනට පිටත් කල ඔහු, සටන් වැදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, මියගිය අය වල දැමීමට යොදවනු ලැබින. ඔහු 1915 ඔක්තෝබරයේදී ජර්මනියට යලි පැමිනියේය. ඒ වන විට, එනම් 1915 පෙබරවාරි මුල රෝසා ලක්සම්බර්ග් සිරගතකොට තිබුනි. ඒ ද යුද්ධයට විරුද්ධ වීමේ හේතුව මතය.

යුද්ධයට එරෙහි විරුද්ධත්වය නැඟී ඒමත්, ගැඹුරු වෙමින් පැවති සමාජ අර්බුදයත් මධ්‍යයේ ස්පාටකස් ලීගය, රාජ්‍ය බලධාරීන් නොතකා යුද්ධය කෙරෙහි සිය විරුද්ධත්වය පල කරන මහජන ව්‍යාපාරයක් දියත් කලේය. මැයි දින පෙලපාලිය කැඳවමින් නිකුත් කල පත්‍රිකාව, බර්ලිනය පුරා කම්හල් තුල පුලුල් වශයෙන් බෙදාහරින ලද අතර එහි මෙසේ සඳහන් විය: “අපගේ සතුරා ඉංග්‍රීසි, ප්‍රන්ස හෝ රුසියානු ජනතාව නොවේ. සතුරා ජර්මානු ඉඩම් හිමියන්, ජර්මානු ධනවාදීන් හා ඔවුන්ගේ විධායක මන්ඬලයයි...කම්කරුවනි, සහෝදර වරුනි, කාන්තාවනි, ජනතාවනි, යුද්ධයෙන් පසුව එලඹෙන මෙම දෙවැනි මැයි දින සැමරුම, අධිරාජ්‍යවාදී ජන සංහාරයට එරෙහි නොවී, පහව යාමට ඉඩ නොදෙමු! මැයි පලමුවැනිදා, ‘ජනතාව සංහාරය කරන නිර්ලජ්ජිත අපරාධය නතර කරනු!යුද්ධයට වගකිවයුත්තන් භංඟ වේවා!’ යන හඬ මිලියන ගනනකගේ මුවින් හඬ නඟමු.” ‘විරෝධතාවන්ට එක්වූ දස දහසක් තරම් කම්කරුවන් හා තරුනයින් පෝස්ට් ඩැමර් ප්ලාට්ස් වෙත මැයි 1දා සවස රැස් වූහ.

ලිබ්නෙක්ට්ගේ කථාව හා රැස්ව සිටි සෙනඟේ ප්‍රතික්‍රියා, එහි සිටම වාර්තාකර තිබුනේ මෙසේය: ජර්මානු වැඩකරන ජනතාව බොරුවෙන් යුද්ධය තුලට බලහත්කාරයෙන් ගාල් කරනු ලැබ ඇත, එවන් මුසාවාද තුලින් ඔවුහු මිනිසා යුද්ධය සමඟ පෙලගැසීමට පෙලඹවූහ! දහස් ගනනකගේ මුවින් දැවැන්ත හඬක් නැඟුනි. “ලිබ්නෙක්ට්ට ජයවේවා (Hurrah). ‘ලිබ්නෙක්ට් සිය අත ඔසවා නිහඬ වන ලෙස ඉල්ලීය. එහෙත් ගෙවීමට සිදුවිය හැකි වන්දිය නොතකා ඔහු,’ මට හුරේ දමන්ට එපා, ඒ වෙනුවට අපට තව දුරටත් යුද්ධය එපා යන්නත් අපට අවශ්‍ය වන්නේ සාමය බවත්, මේ දැන්! (හඬ නඟමු)”

ලිබ්නෙක්ට් සෙනඟ අතරින් ඇදගෙන ගොස් සිරගත කරන ලදී. ඔහුට රයිස්ටාගයේ (ජර්මානු පාර්ලිමේන්තුව) පැවති මන්ත්‍රී ධුරය අහිමි කරන ලද අතර, “රාජ ද්‍රෝහී වීමට තැත් කිරීම” ඇතුලු චෝදනා ගනනාවකට වරදකරු කරන ලදී. ඔහු වසර දෙදකට සිරගත කරන ලද අතර අභියාචනා පරීක්ෂනය අවස්ථාවේ තවත් යුද විරෝධී කථාවක් පැවැත්වීම නිසා දඬුවම තවත් වසර දෙකකින්, එනම් සිව් වසරක සිර දඬුවම් නියම විය.

Share this article: