ගැඹුරුවන ගෝලීය අවපාතය මැද, භූ-දේශපාලනික හා පන්ති ආතතීන් උත්සන්න වේ

Amid deepening slump, geopolitical and class tensions intensify

2016 අප්‍රේල් 9

පුලුල් ගෝලීය සහයෝගීතාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැඳවුම් කරන නමුත් ආර්ථික ජාතිකවාදය හා මිලිටරිවාදය නැඟ එද්දී, සෑම ප්‍රවනතාවක් ම ගමන් කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටය.

1980 ගනන්වලින් මෙපිට අඩුම වේගය වාර්තා කරමින් 2016 වසරේ ලෝක වෙලඳාම සියයට 3ට වඩා අඩුවෙන් වර්ධනයක් පෙන්වනු ඇතැයි, මේ සතිය මුල ලෝක වෙලඳ සංවිධානය (ලෝවෙස) සඳහන් කලේ ය. මෙය වනාහි ලෝක ආර්ථිකය “ප්‍රකෘතිමත් වනු" වෙනුවට, වඩාත් නරක පල්වීමක පවතින බවට තවත් ඉඟියකි.

ලෝක වෙලඳාම මේ වසරේදී ද 2015 දී මෙන් සියයට 2.8න් පමනක් වැඩිවනු ඇතැයි ලෝවෙසං පැවසීය. මෑත වසරවල දී කලාක් මෙන් වෙලඳාම යලි පිබිදෙනු ඇතැයි එය පුරෝකථනය නොකිරීම අර්ථභාරීය.

නවතම පුරෝකථනය පසුගිය වසර හය තිස්සේ පැවති පැහැදිලි රටාව සමඟ එක පෙලට පිහිටයි. 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ඉක්බිති ව, 2009 දී ලෝක වෙලඳාම එක් අවස්ථාවක දී, 1930 ගනන් ආරම්භයේ දී සිදුවූවාටත් වඩා වේගයෙන් පහත ගියේය.

2010-2011 වසරවල තියුනු ප්‍රකෘතියක් පෙන්වුව ද එතැන් පටන් ලෝක වෙලඳාමේ වර්ධනය, ගෝලීය ආර්ථික වර්ධනයේ අල්ප මට්ටම්වලටත් වඩා පහතින් පැවතුනි. “එවැනි දීර්ඝ හා අඛන්ඩ පහත වැටීමක් තිබුන ද වර්ධනය පෙර නුවූ විරූ ශුභවාදී තත්වයක පැවතුනු" බව වෙලඳ සංවිධානයේ ආර්ථික විද්‍යාඥයින් වාර්තා කලේය.

2008ට පෙර පැවති, ගෝලීය ආර්ථික වර්ධනය මෙන් ආසන්න වසයෙන් දෙගුනයකින් ලෝක වෙලඳාම ප්‍රසාරනය වුනු වසර වලින් කැපී පෙනෙන ලෙස දැන් පවතින තත්ත්වය වෙනස් වෙයි.

ලබන සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) හා ලෝක බැංකුවේ රැස්වීම් ඔන්න මෙන්න කියා තිබියදී ලෝක වෙලඳ සංවිධානයේ වාර්තාව නිකුත් කෙරුනි. එම රැස්වීම්වල දී මෑත වසරවල පැවති රටාව අධ්‍යයනය කිරීමට නියමිත ජාමූඅ, තම ලෝක ආර්ථික වර්ධන පුරෝකථනය පහල දමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ප්‍රකෘතිමත් වීම දිගට ම පැවතිය හැකි නමුත් එය ඉතා අඩු හා අස්ථාවර වන තතු හමුවේ, එය කාලයක් පැවැතීමට ඇති අවදානම වැඩි" යයි ජාමූඅ ප්‍රධානී ක්‍රිස්ටීන් ලැගාඩ් මේ සතිය මුල ෆ්‍රැන්ක්ෆර්ට්හි දී කල කතාවක දී පැවසුවේ එම රැස්වීම්වල තානය පෙන්නුම් කරමිනි.

මෑත වෙලඳපොල කැලඹීම් සමඟ ගත් කල, “පිලිවෙත්වල සාර්ථකත්වය කෙරෙහි ඇති විශ්වාසයේ අඩුව පෙන්නුම් කරමින්" ලෝක වෙලඳාමේ වර්ධනය මන්දගාමී හා මූල්‍ය ස්ථාවරත්වයට පවතින අවදානම ඉහල දමා ඇතැයි ඇය සඳහන් කලා ය. පිලිවෙත්වල සාර්ථකත්වය යන්නෙන් ඇය අදහස් කලේ, තත්ත්වය වර්ධනය නො කරන හා වඩා නරක අතට හරවන මහ බැංකුවල ප්‍රමානාත්මක ලිහිල් කිරීම් හා ඍන පොලී අනුපාතිකයන් පවත්වාගෙන යාම යි. “මෙම ගතිකයන් ඒවා මඟින්ම සවිමත් කරනු ඇතැයි " ඇය තවදුරටත් පැවසුවාය.

“චීනයේ සාපේක්ෂ මන්දගාමීත්වය, පහත් භාන්ඩ මිල හා බොහෝ රටවල මූල්‍ය පටිතද කිරීමේ හැකියාවන් මඟින්" දුබල ගෝලීය දැක්ම පසුගිය හය මාසය පුරා වඩ වඩාත් උග්‍ර අතට පත් කර ඇතැයි ඇය පැවසුවාය. ප්‍රකෘතිමත් වීම වැඩි වසයෙන් දුවවනු ලැබුවේ නැගී එන ආර්ථිකයන් විසින් වන අතර දියුනු ආර්ථිකයන් “වර්ධන යෂ්ටිය යලි අතට ගනු ඇතැ" යි අපේක්ෂා කෙරුනි.

“එහෙත් එය සිදු වී නැතැයි" ලැගාඩ් පිලිගත්තා ය. රුසියාවේ හා බ්‍රසීලයේ පහත වැටීම් අපේක්ෂා කලාට වඩා පුලුල්ව ඇති අතර, “බොහෝ අප්‍රිකානු හා පහත් ආදායම් ලබන රටවල් ද හීන වන අපේක්ෂාවන්ට මුහුන දෙමින් සිටියි".

17ක් තුල වාර්තා වන අඩුම වර්ධනය පෙන්වමින් උප-සහරා කලාපයේ ආර්ථිකය සියයට 2.9න් පමනක් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කල, කැපිටල් ඉකොනොමික්ස් නමැති උපදේශක ආයතනය නිකුත් කල වාර්තාවක්, අප්‍රිකාව මුහුන දෙන දුෂ්කර තත්ත්වය අවධානයට ලක් කලේ ය. වාර්තාව සකස් කල ජෝන් ඇෂ්බෝන් නමැති ආර්ථික විද්‍යාඥයා “අඳුරු පෙරදැක්ම සඳහා පවතින්නේ, මුලුමනින් ම පාහේ පහතට යොමුවූ කොන්දේසි" යයි පැවසූ අතර, අපේක්ෂිත අඩුම වර්ධනය පවා ලඟා කර ගත හැක්කේ “තියුනු අර්බුදයන් වලක්වා ගනු ලැබුවහොත් " පමනකි යයි පැවසීය. “සමස්තයක් ලෙස (අප්‍රිකාවේ) කයිවාරු ගසන ලද නැගීම“ ඇනහිට ඇති බව පෙනෙන්නට ඇතැයි ඔහු නිගමනය කලේ ය.

ගෝලීය ආර්ථිකය පිලිබඳ මෙම වඩා නරක අතට හැරෙන දැක්ම මධ්‍යයේ, ඇතුලට හැරීම, දේශසීමා වැසීම හා ආරක්ෂනවාදය වෙත පල්ලම් බැසීම ආදියට පවතින ප්‍රවනතාව ගැන ජාමූඅ අනතුරු ඇඟවීම් ලැගාඩ් ප්‍රතිරාවය කලා ය. “ඉතිහාසය යලි යලිත් අපට කියා ඇති පරිදි, මෙය ඛේදජනක මාවතකි යි ඇය කීවා ය. මෙයට පිලිතුර, බෙදීයාම නො ව සහයෝගයෙන් ක්‍රියා කිරීම යි.

එහෙත් සෑම ප්‍රවනතාවක් ම යොමු වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ දිශාවට ය. ප්‍රධාන ආර්ථික බලවතුන් අතර පවතින සමහන් කල නො හෙන ප්‍රතිඝතිතා හේතුවෙන්, ලෝක ආර්ථිකය සම්බන්ධීකරනය සඳහා තල්ලුවක් දීමට ජාමූඅ මේ වසරේ මුල පැවති ජී20 සමුලුවට කල ආයාචනයක් සාකච්ඡාවට ගැනීමටත් පෙර ප්‍රතික්ෂේප කෙරුනි.

වෙලඳාමේ හා ආර්ථික වර්ධනයේ වැටීමකට මුහුන දෙන සෑම ධනේශ්වර ආන්ඩුවක්ම, ආරක්ෂනවාදී පිලිවෙත් හා මුදල් අවප්‍රමානය මඟින් සිය ප්‍රතිමල්ලවයන්ගේ වියදමින් තම තත්ත්වය ඉහල නංවා ගැනීමට කැස කවද්දී, භූදේශපාලනික තත්ත්වය සංලක්ෂිත වන්නේ, සහයෝගීතාව වර්ධනය වීමෙන් නො ව, දෙවන ලෝක යුද්ධය කරා මග පෑදූ ආර්ථික ජාතිකවාදයෙන් හා තම තමන්ගේ මුදල අවප්‍රමානය කිරීමෙනි.

වැඩි දුර පොලී අනුපාත ඉහල දැමීමෙන් එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව ඉවත් ව සිටියත්, ඩොලරයේ අගය ඉහල නැගීම නැවතීම මඟින් ඔවුන්ගේ උත්සාහයන්ට බාධා කෙරී තිබේ. මෙය ජපානය පැත්තෙන් කෝපාවිෂ්ට ප්‍රතිචාරයක් පැන නංවා ඇති අතර ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය “ජපානය යෙන් මුදලේ නැගීම ගැන දොස් පැවරී ය" යන හිසින් යුතු ලිපියක් පල කලේ ය. කැබිනට් මන්ඩල ප්‍රධාන ලේකම් යෝෂිහිදේ සුගා මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ආන්ඩුව විදෙස් හුවමාරු වෙලඳපොලවල් දෙස “දෙගිඩියා සහගතව" බලා සිටින බව හා “ඒ අනුව සුදුසු පියවර ගන්නා"බව යි.

මිලිටරි වියදම් ඉහල දමමින් හා යුද්ධයට සූදානම් වෙමින් සිටින, ආර්ථික විසඳුමක් නොමැති සියලු ධනේශ්වර ආන්ඩු, අර්බුදය විසඳීමට උත්සාහ කරන්නේ ලියොන් ට්‍රොට්ස්කි “යාන්ත්‍රික ක්‍රම" යනුවෙන් හැඳින්වූ දෙයෙහි උදවුවෙනි.

ගෝලීය ධනේශ්වර පද්ධතියේ සිදුවෙන බිඳවැටීමටත් ඒ හා බැඳුනු යුද්ධය කරා වන තල්ලුවටත් විසඳුම් දිය හැක්කේ, දැනටමත් ආරම්භක සලකුනු මතු ව ඇති, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත් වීමෙන් පමනි.

සමාජ අසමානතාව හා වෝල් වීදිය හෙලා දැකීමෙන් හා තමන් සමාජවාදියෙක් ලෙස හඳුන්වා ගන්නා බර්නි සෑන්ඩර්ස්ට එක්සත් ජනපදය තුල වැඩෙන සහයෝගය සහ එරටේ නිල ද්වි-පක්ෂ ක්‍රමයේ වැඩෙන අර්බුදය ප්‍රගාඪ ගෝලීය අර්ථභාරයක් දරයි.

සෑන්ඩර්ස් සමාජවාදය නියෝජනය නො කරන අතර ඔහු උත්සාහ කරන්නේ මහජන ව්‍යාපාරය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස පෙලගැස්වීමට යි. එහෙත් සමාජවාදය ගැන සඳහන් කිරීම පවා තහනම්, ප්‍රති-කොමියුනිස්ට්වාදය රාජ්‍ය ආගමක් වන එරටෙහි ජනාධිපතිවරන උද්ඝෝෂනය පෙන්නුම් කරන්නේ, ලෝක දේශපාලනයේ නිදා සිටි යෝධයා වන ඇමරිකානු කම්කරු පන්තිය අවදි වීමට පටන් ගෙන ඇති බව යි.

ප්‍රෝඩාකාරී “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ" කොටසක් ලෙස බලගන්වා ඇති ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීති හමුවේ ප්‍රන්සයේ ඔලන්දේ ආන්ඩුවට එරෙහි ව පිපිරෙන වැඩ වර්ජන හා විරෝධතා ද “1968 සුවඳ" ගුවනට මුසු කොට ඇත.

එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ලෝකය පුරා තමන් මුහුන පාන විභව අනතුරු ගැන පාලක පන්ති දැනුවත්ය. ගෝලීය ශක්‍යතා පිලිබඳ තම බාල තක්සේරුව අනුව, සමාජ ස්ථාවරත්වයට ඇති අන්තරායන් ගැන අනතුරු ඇඟවූ ලැගාඩ්, තනි පුද්ගල භාග්‍යයන් හා “අනවරත, සුවිසල් හා පිම්මේ නගින අසමානතා" පිලිබඳ තතු යටතේ “ප්‍රභුන්ට වාසිදායක වන අයුරින් පොදු මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ පඩියට පිටුපසින් කොටන්නේ යයි පැතිර පවතින මතය" පුදුමයට කාරනයක් නො වේ යයි කීවා ය.

පැන නගිමින් පවතින අරගල, විප්ලවීය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කරන ලෝක පක්ෂය, එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීම ලෙස මෙම විභවය විද්‍යමාන විය යුතු ය.

නික් බීම්ස්

Share this article: