මධ්‍යධරනී මුහුදේ සරනාගත මරන: අධිරාජ්‍යවාදී අපරාධයක්

Refugee deaths in the Mediterranean: An imperialist crime

2016 අප්‍රේල් 20

මධ්‍යධරනී මුහුදේ දී සඳුදා සිය ගනනක් මරනයට පත්වීම ඛේදවාචකයක් පමනක් නො ව; අපරාධයකි. වොෂින්ටනයේ, බර්ලිනයේ, ඇතන්ස්, රෝමයේ, සහ සෙසු යුරෝපීය රටවල ආන්ඩු මෙන් ම බ‍්‍රසල්ස් හි යුරෝපා සංගමයේ කොමිසම ද ඊට වගකිව යුතු ය.

කාරනා දෙකක් සම්බන්ධයෙන් ඔවුන් මෙම ඛේදජනක මරන වලට වරදකරුවෝ වෙති. නිරන්තර ව මරනයේ අන්තරායට සහ සිය රට තුල පවතින කටුක දුගීභාවයේ යාතාර්ථය ට මුහුන දීමට වඩා රටින් පලායාමෙන් සිය ජීවිතවල ට එල්ල විය හැකි තර්ජනය දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන් විසින් විඳ දරා ගැනීමේ කොන්දේසි මැද පෙරදිග හා අප‍්‍රිකාව තුල දසක ගනනාවක අධිරාජ්‍යවාදී පීඩනය සහ ඇෆ්ගනිස්තානයේ, ලිබියාවේ සහ සිරියාවේ යුද්ධ මගින් නිර්මානය කර ඇත.

මංමුලා වූ සරනාගතයන් යුරෝපයට ඇතුලුවීම වැලැක්වීමේ උද්ඝෝෂන ව්‍යාපාරය විසින් ඉල්ලා සිටිනු ලබන ඉමහත් විනාශය විසින් මුහුදුබත් වීමෙන් දහස් ගනනක් මරනයට පත්වීම සාදරයෙන් පිලි නොගන්නේ නම්, අනුමත කරනු ලබයි. මධ්‍යධරනී මුහුදු ප‍්‍රදේශය තුල යුරෝපා සංගමයේ පිලිවෙතේ මරනීය ආදීනව සම්බන්ධ ව ගෝල්ඩ්ස්මිත් කොලීජීය (ලන්ඩන් විශ්වවිද්‍යාලය) කල අධ්‍යයනයක සම කතෘ වන චාර්ල්ස් හෙලර් “නොතකා හැරීම මගින් මරනයට පත් කිරීම” ගැන චෝදනා කරයි.

යුරෝපා සංගමය සහ තුර්කිය සරනාගතයන් ඇතුලුවීම වැලැක්වීමේ ඔවුන්ගේ කැත ගිවිසුම පසුගිය මාසයේ අත්සන් කල විට ජර්මනියේ ස්වදේශ ඇමති තෝමස් ඩි මෙයිසියර් මෙසේ පැවසුවේ ය. “සති කිහිපයකට දැඩි ප‍්‍රතිරූපයන් අපට විඳ දරා ගැනීමට සිදු වූනත් අපගේ මුලික ප‍්‍රවිෂ්ටය නිවැරදියි” සඳුදා විනාශය වාර්තා කිරීමේ අඩුව පෙන්නුම් කරන්නේ මහජනතාව “දැඩි ප‍්‍රතිරූපයන්”ට අතහැර දැමීමට යුරෝපීය මාධ්‍ය තීන්දු කල බව ය.

තනි සිද්ධියක දී සඳුදා සිය ගනනක් මරනයට පත් වූ බව ප‍්‍රසිද්ධ වූ විට බොහොමයක් පත‍්‍ර සහ ප‍්‍රවෘත්ති මාධ්‍ය කලේ ඒ ගැන ලුහුඬින් වාර්තා කිරීම පමනි. අන්තර්ජාල ප‍්‍රකාශන වල තිබු සමහර ලුහඬු වාර්තා ඉක්මනින් ම අතුරුදහන් වුයේ ය. ව්‍යසනය නිල වසයෙන් තහවුරු කිරීමට අසමත් වීම වාර්තා කිරීමේ අඩුකම නිසා සිදුවූවක් බව පෙන්නුම් කිරීමට උත්සාහ කරයි.

ලිබියාව, සෝමාලියාව, ඉතියෝපියාව, එරිති‍්‍රයාව, ඊජිප්තුව සහ සුඩානයේ සරනාගතයන් උතුරු අප‍්‍රිකාවේ සිට ඉතාලිය වෙත රැගෙන යද්දී මධ්‍යම රාත‍්‍රියේ ගැඹුරු මුහුදේ දී බෝට්ටුව පෙරලීම නිසා 200-500 පිරිසක ට ජීවිත අහිමි වූ බව ට ඒ වන විටත් පැහැදිලි සාක්ෂි තිබුනි. ඉතාලියානු ජනාධිපති සර්ජියෝ මතරෙල්ලා සහ ජර්මන් විදේශ ඇමති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මයර් යන දෙදෙන ම ජන සමූහයක් මුහුදේ ගිලුන බව වාර්තා කලහ. බෝට්ටුවේ සංක‍්‍රමනිකයන් 500 පමන සිටි බව සෝමාලියානු ආන්ඩුවේ ප‍්‍රකාශක අබ්දිසලාම් ආටෝ කීවේ ය. බෝට්ටුවේ ගමන් ගත් මගීන්ගේ ලැයිස්තුවක් සමාජ මාධ්‍ය හරහා සංසරනය විය.

“දිවි ගලවා ගත් අය 40 සිටින බව අප දන්නවා. ඊජිප්තුවේ සිට පැමිනි බෝට්ටුවේ 460 පමන ගමන් කිරීමේ හැකියාව තිබුන” බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරනාගතයන් පිලිබඳ මහ කොමසාරිස් බීට් ෂුලා ස්විස් රූපවාහිනියට පැවසීය. ග‍්‍රීසියේ වෙරලබඩ නගරය වන කලමටාවේ දී විනාශය ගැන විස්තර කල සහ ඊට ගොදුරු වූ 500 පමන ජනයා ගැන කතා කල දිවි ගලවා ගත් අයගෙන් බීබීසී ය කරුනු විමසී ය. එනමුදු, අඟහරුවාදා මාධ්‍ය තුල නිහඬ බවක් පැවතුනි.

ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන තහවුරු කෙරෙන්නේ නම් නවතම සිද්ධිය නරක ම ගනයට වැටෙන එකක් නමුත් ඉදිරියේ දී සිදුවිය හැකි එවැනි බොහෝ විනාශයන් ගෙන් එය ද තවත් එකක් පමනක් වනු ඇත. සංක‍්‍රමනිකයන් සම්බන්ධ ව ලබා ගත හැකි සියලු ම දත්ත රැස්කරන සංක‍්‍රමනය පිලිබඳ ජාත්‍යන්තර සංවිධානයේ (අයි ඕඑම්) සංඛ්‍යා ලේඛන වලට අනුව පසුගිය වසර දෙකහමාර තුල මධ්‍යධරනී මුහුදේ දී සාමාන්‍යයෙන් දිනකට සරනාගතයන් දස දෙනෙකු මිය ගොස් ඇත.

අයි ඕඑම් සංඛ්‍යාලේඛන වලට අනුව 2014 දී මධ්‍යධරනී සහ එජියන් මුහුද හරහා ගමන් කිරීමට උත්සාහ කල මිනිසුන් 3,279 මිය ගොස් ඇත. 2015 දී 3,770 සහ මේ වසරේ අපේ‍්‍රල් 13 ට පෙර එනම් මෑත විනාශයට පෙර 732 මිය ගියහ. වාර්තා තුල හෝ ප‍්‍රවෘත්ති විකාශනයන් හි දී සඳහන් නොකල සිද්ධි මෙයට ඇතුලත් නො වේ.

මධ්‍යධරනී මුහුදේ දෛනිකව සිදුවන මිය යෑම් ලෝක ජනගහනයෙන් සුවිශාල බහුතරයකට වඩ වඩා ඔද්දල් වන සමාජ අසමානතාවය, මර්දනය සහ යුද්ධය හැර දීමට වෙනත් යමක් නැති ධනවාදයට එරෙහි දෝශාභියෝගයකි. සරනාගතයන් ආපසු හරවා යැවීම, වෙනස්කම් කිරීම සහ මරනය කරා තල්ලු කිරීම, සමස්තයක් ලෙස කම්කරු පන්තියට විරුද්ධව මුදා හැරීම පෙර ඇඟවුම් කරයි.

ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් විසින් තම රටවල් විනාශ කිරීම නිසා ඒවායින් පලායන සරනාගතයන්ට සහ රැකවරන බලාපොරොත්තු වන්නන් ට කරන අයුතු සැලකීම ලෝක ධනවාදයේ ගැඹුරු වන ආර්ථික බිඳ වැටීම මගින් අවුලවන මිලිටරිවාදය, ජාතිකවාදය සහ මහ බලයන් අතර ගැටුම් සමග අවියෝජනීය ලෙස බැදී තිබේ. 1930 වල දී මෙන් ම ආන්ඩු මහජන මතය ත‍්‍රස්ත කිරීමේ, අවමංගත කිරීමේ හා පුලුල් යුද විරෝධී මනෝගතිය යටපත් කිරීමේ තැතක නිරතව සිටිති. පරභීතික විස කැවීම නව ලෝක යුද්ධයක් සඳහා දෘෂ්ටිවාදාත්මක සහ දේශපාලන සුදානම් වීමේ කොටසකි.

තත්වාරක්ෂකයන්ගේ සිට හරිතයන් දක්වාත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ සිට “වම්මුන්” යැයි කියා ගන්නවුන් දක්වාත් ධනේශ්වර පක්ෂවල පලල් පෙරමුනක් වඩාත් දක්ෂිනාංශික සහ ෆැසිස්ට් සංවිධාන සඳහා බිම සැකසීම පිනිස සරනාගතයන් ට එරෙහිව වෛරය අවුස්සයි. රැඩිකල් වමේ සභාගය (සිරසා) යටතේ පවතින ග‍්‍රීක ආන්ඩුව මෙහි දී සුවිශේෂ භූමිකාවක් ඉටු කරයි. රැකවරන පතන්නන් සම්බන්ධ ජාත්‍යන්තර නීතිමය ආරක්ෂාව උල්ලංඝනය කිරීම සහ මෙම පිලිවෙතට ගොදුරු වන්නන් හිරේ දැමීම, වද දීම සහ මරනයට පත් කරන අතර සරනාගතයන්ගේ මානවහිමිකම් කඩවීමක් ඉන් සිදු වුනත් යුරෝපා සංගමය වෙනුවෙන් සිරසා අන්ඩුව ඔවුන් ආපසු හරවා යවයි.

මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකාවේ සරානාගතයන්ගේ දුක්ඛිත තත්වයට තුඩු දෙන වඩාත් වැදගත් හේතුව වන්නේ පසුගිය පසලොස් වසරේ අධිරාජ්‍යවාදී යුද්ධයන් ය. එක්සත් ජනපදය සහ යුරෝපීය සගයෝ “සරනාගතයන්ගේ දුක්ඛිත තත්වයට එරෙහිව සටන් කිරීමේ” කඩතුරාව යටතේ දැන් නව අධිරාජ්‍යවාදී යුද්ධ සැලසුම් කරති. ලිබියාවට එරෙහි මිලිටරි මැදිහත් වීමක් සඳහා සුදානම වඩා ඉහල මට්ටමක පවතින අතර සිරියාව තුලත් බටහිර බලවේග අසාද් තන්ත‍්‍රයට සහ එහි රුසියානු හා ඉරාන සගයන් ට විරුද්ධව ඔවුන්ගේ වැඩ කටයුතු තීව‍්‍ර කරමින් සිටිති.

අධිරාජ්‍යවාදී මිලිටරිවාදය ඉස්මතුවීමේ මූල හේතුව වන්නේ 2008 මූල්‍ය බිඳ වැටීම මගින් තීව‍්‍ර කර තිබෙන ලෝක ධනවාදයේ පද්ධතිගත අර්බුදය යි. විසිවන සියවසේ මුල් අර්ධයේ දී මෙන් ධනපති ක‍්‍රමයේ නොවිසඳිය හැකි පරස්පර විරෝධයන් ට පාලක ප‍්‍රභූව ප‍්‍රතිචාර දක්වන්නේ කම්කරු පන්තියට එරෙහි සමාජ ප‍්‍රහාර, මර්දනය සහ යුද්ධය මුදා හැරීම මගිනි.

මෙම කොන්දේසි යටතේ සරනාගතයන්ට උපකාර කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීම, යුද්ධයට විරුද්ධවීම සහ ධනවාදයට එරෙහි සටන අවියෝජනීය ලෙස එකිනෙකට සම්බන්ධ වී ඇත. ඒවා විසින් ඉල්ලා සිටිනු ලබන්නේ දේශපාලනිකව ස්වාධීන වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයකි.

පීටර් ස්වාෂ්

Share this article: