ලුයිසියානා ජලගැල්ම:ඇමරිකානු ධනවාදයේ අසාර්ථකත්වය

The Louisiana flooding—a failure of American capitalism

2016 අගෝස්තු 17

සති අන්තයේ ඇද හැලුන අසාමාන්‍ය වැහි කුනාටුවල අතුරුපලයක් වූ දකුනු ලුයිසියානාවේ පෘතුල ජලගැලීම වසර 11 පෙර දල වසයෙන් මෙම ප්‍රදේශය තුලම කට්රිනා සුලිකුනාටුව මගින් සිදු වූ ජලය ගොඩබිමට ගලා ආවිට පැවතියාට වඩා වෙනස් තත්වයක් සැලකිය යුතු සොබාවික විනාශයකට මුහුනදීම සඳහා ඇමරිකානු සමාජය තුල සුදානමක් 2016 දීත් නැති බව පිලිබඳ ප්‍රදර්ශනය වීමකි.

මේ දක්වා 11 මරනයට පත්වී ඇති බව වාර්තා වන අතර කිහිප දහසකට නිවාස අහිමි වී ඇත. ඇසෝසියේටඩ් ප්‍රෙස් සඳහන් කල ආකාරයට “පැය 48 විනාශකාරී ධාරානිපාත වර්ෂාවක් ....ලුයිසියානාවේ දහස් ගනනක් මිනිසුන් අනාරක්ෂිත තාවයට පත් කරමින් ගොඩබිමට ජලය ගලා එන ඉතා නරක කුනාටුවලට ප්‍රදේශය හුරු වන්නේ කෙසේ දැයි බොහෝ දෙනෙකු හිතන තත්වයක් නිර්මානය විය.”

ලුයිසියානා ජලගැල්ම ලෝකයේ පෝසත්ම යැයි සලකනු ලබන රටට එල්ල විය හැකි එබඳු විනාශයන් පෙලක මෑතම සිද්ධිය යි. හැමවිට ම වාගේ සොබාවික ප්‍රපංචයක බලපෑම ඒවා කුනාටු, ජලගැලීම්, සුලිකුනාටු හෝ භූමිකම්පා වේවා සමාජ ජීවිතයේ සරල යථාර්තය එලිදරව් කරයි. වැටුප් චෙක්පතෙන් චෙක්පතට දෛනිකව දිවි ගෙවන දසලක්ෂ සංඛ්‍යාත මිනිස්සුට එවන් සිද්ධියකින් ඇතිකරනු ලබන මුල්‍ය කම්පනයන් සමග ගනු දෙනු කිරීමට සම්පත් නැත. දේශපාලනඥයෝ බොරු පොරොන්දු දෙමින් හිස් මවාපෑම් කරති. මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ නොතකා හල හා ගනන් නොගත් මිනිසුන් මත සුලු එලුයක් විහිදුවීමයි. විනාශයට පත්වූවන්ගේ ක්ෂනික අවශ්‍යතාවයට සහානාධාර සැපයීමෙන් පසු ඊලඟ විනාශයට සුදානම්වීම පිනිස කිසිවක් නොකර ඔවුන් ඔවුන්ගේ ම ඉරනමට අතහැර දමනු ලබයි.

ජලගැල්ම කෙලින් ම බල නොපෑ නිව් ඔර්ලියන්ස් ඇතුලු ප්‍රාන්තයේ සෙසු නගරවල බොහෝ පදිංචිකරුවන් විනාශයට ගොදුරුවූවන් බේරා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය දේවල් සම්පාදනය කිරීමට විනාශයට පත් කලාපයට ස්වේච්චාවෙන් රැස්වූ නමුදු ආන්ඩුවේ ප්‍රතිචාරය කිසිසේත් ම ප්‍රමානවත් නොවී ය.

ලුයිසියානා ප්‍රාන්ත ආන්ඩුව සහ පලාත් පාලන දිස්ත්‍රික්ක හදිසි සහ පලල් සමාජ අවශ්‍යතාවයන් ගෙන් අලලා ගැනුනි. හතලිස් දහසකට වඩා නිවාසවලට හානි වී ඇත. ඒවායෙන් බොහොමයකට සැලකිය යුතු හානි සිදු වී තිබේ. තිස් දහසක් පමන ජනයා බේරා ගත යුතුව ඇත. ඔවුන්ගෙන් බොහෝදෙනා ආරක්ෂාව සඳහා ජල ගැලීම් කලාපයෙන් පලා යාමට තැත් කිරීමේ දී වාහන වල හිර වී සිටින්නෝ ය.

කලින් නවාතැන් පිලියෙල කල සුලිකුනාටු අවස්ථාවට වෙනස්ව අඟල් 22 වර්ෂාපතනයක් ඇති වූ නම් නොකල අඩු පීඩන පද්ධතියක බලපෑමට පැවතියේ ඊට වඩා අඩු සුදානමකි. එහෙත් ප්‍රාදේශීය බලධාරීන් විසින් කඩිමුඩියේ සකස් කල නවාතැන් වල අඟහරුවාදා වන විට 11,000 වැඩි ජනයා පොදි ගැසී උන්හ.

ප්‍රාන්ත ආන්ඩුවෙන් භාගයකට ආසන්න, අවම වසයෙන් පලාත් පාලන දිස්තික්ක 27 කාර්යාල සඳුදා වන විට වසා තිබුනි. ජලය පාදමට ගලා ඒමට පටන් ගැනීම නිසා ආන්ඩුකාරයාගේ බැටන් රෝග් මන්දිරය පවා අතහැර ප්‍රාන්ත ආන්ඩුවේ හදිසි මුලස්තානවලට තාවකාලිකව යාමට සිදු විය. ප්‍රාන්ත ආන්ඩුවේ දසහස් ගනනක් ජනයාට විදුලි බලය නැතිව සිටින අතර මාර්ග ජලයෙන් යටවීම නිසා ප්‍රතිසංස්කරන කටයුතු වැලකී ඇත.

බැටන් රෝග් සහ නිව් ඔර්ලියන්ස් වලින් පිටත සමහර සංවර්ධනයන සහිත ප්‍රදේශ ඇතුලුව ජල ගැල්මට හසු වූ බොහෝ ප්‍රදේශ ග්‍රාමීය ඒවාය. එක්සත් ජනපදයේ දුප්පත් ම ප්‍රාන්ත රාජ්‍යවලින් එකක් වන ලුයිසියානාව ඩිමොක්‍රටික් සහ රිපබ්ලික් ආන්ඩු දෙකෙන් ම කල අයවැය කප්පාදු මගින් විනාශයට පත් කරනු අලබ් තිබේ. වාහන පදවන්නන් විශාල සංඛ්‍යාවක් ගංවතුරට කොටු වීමෙන් ඔප්පු වූ පරිදි මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරනය කෙරෙන්නේ ඉතාම අඩුවෙනි. ඒ වෙනුවෙන් කර ඇත්තේ එක්සත් ජනපද මිලිටරියේ කොටසක් වූ ජාතික ආරක්ෂක හමුදාවට වෙන්කර තිබෙනවාට වඩා අඩු මුදලකි.

කට්‍රිනාවෙන් පසු ඔබාමා ආන්ඩුව වැඩ කර ඇත්තේ බුෂ් ආන්ඩුවටත් වඩා අඩු ප්‍රමානයකි. මාර්තාවේ වයින්යාර්ඩ් හි ගත කරන ඔහුගේ නිවාඩුව අතර මග අත්හිටුවීමේ සැලැස්මක් ඔහුට නැත . නමුත් හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන උද්ඝෝෂනයට සහය දැක්වීම පිනිස ඉක්මනින් ම වයින්යාර්ඩ් දුපතෙන් පිටව යනු ඇත. සඳුදා පලාත් පාලන දිස්ත්‍රික්ක හතරක් සහ අඟහරුවාදා 12 ක් ආවරනය වන පරිදි පෙඩරල් ආපදා ප්‍රදේශයක් ඔහු ප්‍රකාශයට පත් කලේ ය. ප්‍රකාශය පලාත් පාලන දිස්ත්‍රික්ක 30 එනම් ප්‍රාන්ත ආන්ඩුවෙන් භාගයක ක්‍රියාවට දමන බව ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන ලුයිසියානා ආන්ඩුකාර ජෝන් බෙල් එඩ්වර්ඩ් පැවසුවේ ය.

පෙඩරල් ජල ගැලීම් රක්ෂනය තිබෙන්නේ ආපදාවට ලක් වූ ප්‍රදේශයේ පදිංචි කරුවන්ගේ සාපේක්ෂව භාගයකට පමනි. නිව් ඔර්ලියන්ස් ප්‍රදේශයට වඩා ප්‍රමානාත්මකව ඉතාම අඩුය. නිව් ඔර්ලියන්ස් සියයට 40 සමග සංසන්දනය කිරීමේ දී ආපදාවට ගොදුරු වූ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් 10 පමනි රක්ෂනය තිබෙන්නේ. ආපදාවට ගොදුරු වූ බොහෝදෙනෙක් ජලයට යට ව විනාශ වූ ඔවුන්ගේ නිවාස හා දේපොල සමග නොතකා හරිනු ඇති අතර මුලසිට තමන්ගේ ම් වියදමින් විනාශ වූ දේවල් ගොඩ නගා ගැනීමට බල කෙරෙනු ඇත. ඔවුන්ට උපකාර කිරීමේ යතා සමාජ ජාලයකින් තොරව කට්රිනා කාලයේ මෙන් ම වැඩකරන ජනතාව ඔවුන්ගේම ඉරනමට අතහැර දමා ඇත.

මුල්‍ය කතිපයාධිපතියන් 2009 වෝල් වීදියේ බිඳ වැටීමට මුහුන දුන් විට ඔබාමා ආන්ඩුව ඒ සඳහා ට්‍රිලියන ගනන් සම්පත් ගොනු කලේ ය. එය මිලිටරි බුද්ධි අංශ සඳහා ඩොලර් ට්‍රිලියනයකට අසන්න මුදලක් හැම වසරක ම නිර්ලෝභීව වියදම් කරයි. ජල ගැලීම් වලට ගොදුරු වූ පහර කෑ බටහිර වර්ජිනියාව, මාරිලන්ඩ්, සහ ටෙක්සාස් හෝ නියඟය, නායයාම් හා කුනාටු වැනි වෙනත් කාලගුන සංසිද්ධීන් ගෙන් පහර කෑඅයට මෙන් ම ලුයිසියානාවේ ජල ගැල්මට ගොදුරු වුවන්ට ආධාර ලෙස දෙනු ඇත්තේ සොච්චම්කි.

පෙඩරල් ආන්ඩුවේ ප්‍රතිචාරයෙන් 9/11 ප්‍රහාරයෙන් පසු දියත් කල හා දැන් 15 සංවත්සරයට එලඹෙන “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ” යේ ප්‍රෝඩාකාරී ස්වභාය ද එලිදරව් කෙරෙයි. “ප්‍රතිත්‍රස්තවාදය” රාජ්‍ය බලකායන් ගොඩ නැගීමට සහ හදිසි සැලසුම් වෙනුවෙන් දැවැන්ත සම්පත් නැතිභංග කරනු ලබයි.නමුත් හදිසි තත්වයක් පැන නැගිවිට --එමෙන් ම මුලුමනින් ම පෙර දැකිය හැකි එකක්-- සුවිසාල රාජ්‍ය ආයතන ඇනුම් අරිමින් එයට පස්ස හරවයි.

මෑත ම සොබාවික විනාශය තුල අතිරේක සාධකයක් ද ඇත. පෙර එවැනි කවරකට හෝ වඩා එය ඍජුව ම දේසගුනික විපර්යාසයකි. අඟහරුවාදා නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ වාර්තාවක සටහන් කල ආකාරයට සෑම වසර 500 ට වරක් සිදුවන හෝ 0.2 ශක්‍යතාවයක් සහිත සිද්ධීන් පිලිබඳ විද්‍යාත්මක පෙර දැකීම් ඉක්මවා යමින් ලුයිසියානාවේ සති අන්ත ධාරානිපාත වර්ෂාව පසු ගිය මාස 15 තුල අට වැනි එකය.

පසුගිය සතියේ ලුයිසියානාවේ කොටසකට අඟල් 31 වැඩි වර්ෂාපතනයක් සිදුවීම “බෙහෙවින් ම විශ්මය ජනක” බවත් එවැන්නක් සිදුවිය හැක්කේ වසර 1000 ට වරක් පමනක් බවත් ටයිම්ස් පත්‍රය සමග කතාකල ජාතික සාගරික හා වායුගෝල පරිපාලන ආයතනයේ නිලධාරියෙකු වන වෛද්‍ය ඩේවිඩ් ඊස්ටර්ලින් පැවසුවේ ය. “මේ වර්ගයේ තක්සේරු කිරීම් පෙර දකිනු ලැබුවේ කාලගුනය ස්ථාවරව පවතින බව සලකන යල් පිනූ මුලධර්මයක් මත යැයි වෛද්‍ය ඊස්ටර්ලින් පැවසූ” බව ටයිම්ස් ලිපිය වැඩි දුරටත් සඳහන් කලේ ය.

උනුසුම් ම ජුනි මාසය ලෙස ජුනි මාසයක් වාර්තාවීමෙන් පසුව ජුලි මාසය මෙතෙක් වාර්තා වූ උනුසුම් ම මාසයයි. වායුගෝලීය උනුසුම ඉහල යන තරමට වායු ගෝලයේ ජලවාෂ්ප එකරාසි වීමේ ධාරිතාවය වැඩි වන අතර ජලවාෂ්ප වැසි බවට පරිවර්තනය වූ විට ධාරානිපාත වැසි ඇදහැලීමේ සම්භාවිතාව ද වැඩිය. පුද්ගලික ලාබය වෙනුවට තාර්කික සැලැස්මක් සහ සමාජමය අවශ්‍යතාවයන් මත පදනම් වූ සමාජයක් එවැනි අර්බුදයකට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේ ද?

මිනිස්බලය, නිපුන හදිසි ප්‍රතිචාර දක්වන්නන් සහ නවාතැන්, ඇඳුම් සහ ආහාර ඇතුලු මූලික අවශ්‍යතාවයන් ඇතුලු සමාජයේ සම්පත් මුලුමනින් ම බලමුලු ගන්වමින් ඉල්ලා සිටිනු ලබන ප්‍රමානයන්ගෙන් හැකි ඉක්මනින් සපයනු ඇත. එවන් ආපදාවන්ට ගොදුරු විය හැකි, විශේෂයෙන් ම දකුනු ලුයිසියානා වැනි පහත් සහ වගුරු බිම් සඳහා කලින් සැලසුම් සකස් කිරීම ගැන විශේෂ අවධානයක් දෙනු ඇත. එමෙන් ම ගෝලීය උනුසුම ඉහල යාමට තුඩුදෙන ෆොසීල ඉන්ධන අනෙකුත් විමෝචනයන් භාවිතය අඩුකිරීමෙන් දේශගුනික විපර්යාසයන් ට හේතු කාරක වන ප්‍රධාන බලවේග ගැන විද්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමට සමාජයේ තාක්ෂනික සන්තතිය සුදුසු ලෙස සකස් කිරීමට සෑම උත්සාහයක් ම ගනු ලබයි.

එවැනි ප්‍රතිචාරයක් ආසන්නතම සොබාවික ව්‍යසනයට ඇමරිකානු ධනවාදී සමාජය දැක්වූ ව්‍යාකුල , අසංවිධානාත්මක සහ නොතකා සිටීමේ ප්‍රතිචාරයට මුලුමනින් ම ප්‍රතිවිරුද්ධ එකකි. එය කල හැකිවන්නේ කම්කරු පන්තිය විසින් පාලනය කරනු ලබන සමාජාවාදී සැලසුම්ගත ආර්ථිකයක් යටතේ පමනි.

පැට්‍රික් මාටින්

Share this article: