රුසියාවට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපද මාධ්‍ය සංස්ථාපිතයේ නව-මැකාතිවාදී උද්ඝෝෂනය

The US media’s neo-McCarthyite campaign for war against Russia

2016 දෙසැම්බර් 16

යුද්ධයට මග පාදා ගැනීම අරමුනු කර ගත් ඇමරිකානු මාධ්‍යය හා දේශපාලන සංස්ථාපිතයේ බියකරු ප‍්‍රචාරක ප‍්‍රහාරයකට, ඇමරිකානු ජනතාව යට කෙරෙමින් තිබේ.

නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය බදාදා ප‍්‍රකාශනයේ ප‍්‍රධාන ලිපියත් සමග මේ සතිය තුල උද්ඝෝෂනය තියුනු වී ඇත. නම් නො කෙරුනු මූලාශ‍්‍ර සහ බෙහෙවින්ම දියාරු හා ගොතන ලද සාක්ෂි මත මුලුමනින් ම පදනම් ව, රුසියාව ඩෙමොක‍්‍රටික් පක්ෂයේ විද්‍යුත් තැපෑලට කඩා වැදීම පැහදිලිවම ඔප්පු වන බවත් එක්සත් ජනපදයට එරෙහිව“සයිබර් යුද්ධයක්” ලෙසත් එය ඉදිරිපත් කෙරුනි.

මෙම චෝදනාවලින් පසුව බදාදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ධවල මන්දිර ප‍්‍රකාශක ජොෂ් අර්නස්ට් ප‍්‍රකාශ කලේ, විකීලීක්ස් විසින් ප‍්‍රසිද්ධ කෙරුනු ඩිමොක‍්‍රටික් පක්ෂ විද්‍යුත් තැපෑල එක්සත් ජනපදයේ මාධ්‍ය කන්ඩායම් විසින් වාර්තා කිරීම “ඉඳුරාම රුසියානු ඔත්තු සේවයේ ආයුධ බවට පත් වු” බව යි.

“ඔහුගේ උද්ඝෝෂනයට උදව් වනු ඇතැ යි යන විශ්වාසය නිසා සිය විරුද්ධවාදියා දඩයම් කිරීමට රුසියාව” දිරිමත් කර තිබුනේ නව ජනාධිපති ට‍්‍රම්ප් විසින් බව පසු දිනයේ අර්නස්ට් ප‍්‍රකාශ කලේ ය. එදින ම ජනාධිපති ඔබාමා රුසියාවට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාර දෙන බවට තර්ජනය කලේය. එන්පීආර් ප‍්‍රවෘත්ති සේවයට ඔහු මෙසේ ප‍්‍රකාශ කර තිබුනි. “මම හිතන්නේ ඕනෑම විදේශීය ආන්ඩුවක් අපගේ මැතිවරනයේ ඒකාබද්ධතාවට බලපෑමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව අප පියවර ගත යුතු බවට සැකයක් නැති බව යි.”

ඔබාමා පාලනාධිකාරියේ මෙම යුදවාදී අදහස් දැක්වීම් සමග අත්වැල් බැඳ ගෙන එක්සත් ජනපද හා ජාත්‍යන්තර පුවත්පත් කතුවැකි, රුසියාව සමග ට‍්‍රම්ප් දක්වන හිත පක්ෂපාතී ආස්ථානය හෙලා දකින හා චෝදනා එල්ල වන කඩාවැදීම් පිලිබඳව දැඩි ආක‍්‍රමනික ප‍්‍රතිචාරයක් වෙනුවෙන් ඝෝෂා කරයි. නම් නොකෙරුනු ඔත්තුසේවා නිලධාරියෙකු මත පදනම් වූ ප‍්‍රවෘත්ති වාර්තා අතොරක් නැතිව ප‍්‍රකාශ කලේ, රුසියානු ජනාධිපති ඍජුවම මෙම කඩාවැදීම් සඳහා නියෝග දී ඒවා අධීක්ෂනය කල බව ය.

සිය කුපිතකාරී ලිපියට පසු බ‍්‍රහස්පතින්දා ටයිම්ස් කතුවැකියක් පලකරමින්, නව ජනාධිපති රුසියානු ඒජන්තයෙකු ලෙසම හෙලා දුටුවේය. “දඩබ්බර විදේශිය බලවතෙකු විසින් නැටවෙන බව නො දන්නා ඇමරිකානු ජනාධිපතිට වඩා, ලෙනින්ගේ උපක‍්‍රම පාවිච්චි කරන ‘ප‍්‍රයෝජනවත් අමනයකු’ සිටිය නො හැකි” යයි ටයිම්ස් ප‍්‍රකාශ කලේ ය. තවදුරටත් කතුවැකිය, “අපගේ පැරනිත ම, වඩාත් ම අධිෂ්ඨාන සහගත විදේශීය සතුරන්ගෙන් එකෙකු” යයි රුසියාව හඳුන්වා දුන් අතර “2016 මැතිවරනයට ක්‍රෙම්ලිනයේ ඇඟිලිගැසීම් එකට එක කිරීමක්” ලෙස යුක්තිසහගත කරන බව ද පැවසීය.

ටයිම්ස් හා අනෙකුත් මාධ්‍යයක හොරනෑ විසින් කරනු ලබන ප‍්‍රකාශ, සෝවියට් සංගමයට පසුව බිහිකර තිබෙන ධනේශ්වර රුසියාවට එරෙහිව, 1950 ගනන්වල මැකාතිවාදයේ සියලු ම හානිකර මූලිකාංග එකට එකතු කරයි. (මැකාතිවාදය යනු 1950-55 අතරතුර එක්සත් ජනපදය තුල යොදා ගැනුනු සාක්ෂි පිලිබඳ උචිත සැලකිල්ලක් නොමැතිව කඩාකප්පල් කිරීම් හා රාජද්‍රෝහිත්වය පිලිබඳ චෝදනා එල්ල කිරීමේ භාවිතයකි-පරි ) එනම්, රුසියාව “කෛයිරාටික,” ප‍්‍රජාතන්ත‍්‍ර විරුද්ධවාදීන් ඔත්තු කරුවන්, ද්‍රෝහීන් හා විදේශ රටවල ඒජන්තයින් යයි හෙලා දකිමිනි.

එක්සත් ජනපදය තුල කටුක හා අමිහිරි ගැටුම් පවතින අතර, මිලිටරි ඔත්තුසේවා සංවිධානවල කන්ඩායමක් රුසියාව සමග ආක‍්‍රමනකාරී ගැටීමකින් පසු නො බැසිය යුතු යැයි අධිෂ්ඨාන සහගතව සිටී. මෙය, සිරියාව තුල සීඅයිඒ සංවිධානය නායකත්වය දෙන තන්ත‍්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමේ වැටීම නිසා හටගෙන ඇති කෝපය සමග උත්සන්න වී ඇත. ට‍්‍රම්ප් මිලිටරි ජනරාල්වරුන්ගෙන් ඔහුගේ කැබිනට් මන්ඩලය පුරවා ගෙන, යුද්ධයේ දැවන්ත උත්සන්න කිරීමකට සැලැසුම් කරමින් සිටින නමුත් රුසියාව සමග වඩා වැඩි සමායෝජනයක් සඳහා කැමත්ත ද අඟවා ඇත.

පාලක පන්තිය තුල එකිනෙකා මරා ගන්නා ගැටුම යටින් පවතින්නේ, මැද පෙරදිග හා රුසියාව තුල තවදුරටත් මිලිටිරි ප‍්‍රකෝපකිරීම් සඳහා සහාය දක්වන තැනට ඇමරිකානු ජනතාව දේශපාලනිකව දැක්කීමේ ඒකාබද්ධ උත්සාහයකි.

එක්සත් ජනපද මැතිවරනය තුල රුසියානු මැදිහත්වීම ගැන චෝදනා කරන ප‍්‍රචාරක උද්ඝෝෂනය , රුසියාව විසින් පිටුබලය දෙනු ලබන සිරියානු ආන්ඩුවේ හමුදා සිරියාවේ අලෙප්පෝ නගරය නැවත අත්පත් කර ගැනීමත් සමග, ජනසංහාරයන් ක්‍රියාත්මක කරන බවට මාධ්‍ය ගෙන යන ප‍්‍රචන්ඩ ප‍්‍රහාර සමග එක පෙලට සිටියි.

බ‍්‍රහස්පතින්දා ටයිම්ස් පුවත්පතේ “අලෙප්පෝව වනසන්නන්: අසාද්, පුටින්, ඉරානය” නම් ප‍්‍රධාන කතුවැකිය මෙසේ ප‍්‍රකාශ කලේ ය. “2011දී පැත්තකට වෙනු යි අසාද් මහතාට කියා සිටීමෙන් පසුව ඔබාමා මහතා, කිසි දා එය අත්කර ගැනීමට සමත් වූයේ නැත. අඩු වසයෙන් ඇමරිකානු ජනවතාවට පිලි ගත හැකි මට්ටමේ වියදමක් දරා එය සිදු කිරීමට එමෙන් ම ඔහුට කිසි දා බලය නො තිබෙන්නට ඇත.” බ‍්‍රහස්පතින්දා ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේ ප‍්‍රධාන ලිපිය, සිරියාව තුල එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම සඳහා මහජන සහයෝගය පෙලගැස්වීම මීට පෙර ප‍්‍රචාරක උද්ඝෝෂනවලදී තරම් “දෝංකාර දී” නැත යන කාරනය සම්බන්ධයෙන් වැලපෙයි.

ජාත්‍යන්තර මාධ්‍යය ද මෙම සන්නියට දායක වී ඇත. ජර්මනියේ ඩර්ස්පීගල් පුවත්පතේ ප‍්‍රධාන ලිපියක්, “සිරියානු අර්බුදයට රාජ්‍යතාන්ත්‍රික මිස මිලිටරි විසඳුමක් සඳහා ඔබාමා උත්සාහ කලේ” නැතැයි කටුක ලෙස චෝදනා කර යි. එය “ඔහුට එක්සත් ජනපදයේ ද මෙහි ද(ජර්මනියේ ද) ප‍්‍රසිද්ධියක් ගෙන දුන්නේ” යයි ලිපිය සඳහන් කරන නමුත් එවැනි “ස්වයං ධාර්මිකතාව වැරදි” යයි ද සඳහන් කරයි.

එවැනි මාධ්‍ය ප‍්‍රචාරක උද්ඝෝෂන අලුත් දේ නොවේ. සෑම ලේ වැකි මිලිටරි ප‍්‍රයත්නයකට ම පෙරාතුව ඒවා වෙනසක් නැතිව සිදුව තිබේ: 2002දී ඇමරිකාව ඉරාක ආක‍්‍රමනයට සූදානම් වෙමින්, සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය වෙනුවෙන් ඇෆ්ගනිස්තානයට චෝදනා කිරීමේ උත්සාහය; 2003 ඉරාක ආක‍්‍රමනයට පෙර “ජන ඝාතක අවි” පිලිබඳ බොරු ප‍්‍රකාශ; 2011 ලිබියාවේ එක්සත් ජනපද බෝම්බ දැමීම හා විනාශයට පෙරාතුව බෙන්ගාසී හි සිවිල් වැසියන් ඉතා ආසන්න සංහාරයකට මුහුන දී ඇතැ යි වාර්තා පලකිරීම එවැනි දේය.

කෙසේ නමුත් දැන් වෙනස නම්, මෙම උද්ඝෝෂනය එල්ල වන්නේ, සැබවින් ම ආරක්ෂා රහිත මෙන් ම දුප්පත් පැරනි යටත් විජිතයකට එරෙහිව නො ව ලෝකයේ දෙවැනි න්‍යෂ්ටික බලවතාට එරෙහිව ය යන්න යි. මෙම උද්ඝෝෂනය ගෙන යන කිසි පුද්ගලයෙකු රුසියාවට එරෙහිව යුද්ධය ගෙන යන්නේ කෙසේ ද කොපමන සංඛ්‍යාවක් මිය යනු ඇති ද එවැනි යුද්ධයක් මානව ශිෂ්ටාචාරය විනාස කිරීම කරා ගමන් කරන න්‍යෂ්ටික යුද්ධයක් මග හරින්නේ කෙසේ දැ යි විස්තර කිරීමට උනන්දුවක් දක්වන්නේ නැත.

පතාක ශීර්ෂපාඨ හා නින්දා සහගත කතුවැකි පිටුපස සැබෑ පියවර ගැනෙමින් තිබෙන්නේ, වසර 60ක් තුල නො දුටු පරිමාවක යුද්ධයක් සඳහා සූදානම් වීමට ය. මෙම වසර මුල දී, එක්සත් ජනපද හමුදා මාන්ඩලික ප‍්‍රධානී ජනරාල් මාක් ඒ. මිලර් එක්සත් ජනපද හමුදා බලමන්ඬලයට පැවසුවේ, මහා බලවතුන්ට එරෙහි යුද්ධයන්ට මිලිටරිය සූදානම් විය යුතු බව යි. එය “දෙවැනි ලෝක යුද්ධයට පසුව අපගේ හමුදාව අත්දැකි ඕනෑ ම දෙයකට වඩා අතිශයින්ම මාරාන්තික” වනු ඇත.

පසු ගිය සති දෙක තිස්සේ වර්ධනය වී ඇති උද්ඝෝෂනය පැහැදිලි කරන්නේ, ක්ලින්ටන් පාලනයක් බිහි වුනා නම් ප‍්‍රතිපත්තිය කුමක් විය හැකි ද යන්න යි. ඩෙමොක‍්‍රටික් පක්ෂය හා එහි මිත‍්‍ර මාධ්‍ය හොරනෑ, ට‍්‍රම්ප්ට එරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය පැලපදියම් කර ඇත්තේ, ඔහු මුලු ඡන්ද ප‍්‍රමානයෙන් ආසන්න වසයෙන් ඡන්ද මිලියන තුනකින් පරාජය වීමේ පදනම මත හෝ, ඔහු දක්ෂිනාංශික, ප‍්‍රතිගාමී බිලියනපතියන්, බැංකුකරුවන්, ව්‍යාපාරික විධායකයින් හා ජනරාල්වරුන් කැබිනට්ටුවට පත් කරන නිසා හෝ නො ව, ඔහු රුසියාව සම්බන්ධයෙන් “මෘදුවීමේ” චෝදනාව මත ය. එනම්, ඩෙමොක‍්‍රටික් පක්ෂය ට‍්‍රම්ප්ට පහර දෙමින් සිටින්නේ දකුනෙනි.

රට තුල ගැටුමේ ප‍්‍රතිඵලය කුමක් වුව ද ඇමරිකානු පාලක පන්තිය සූදානම් වෙමින් සිටින්නේ, යුද්ධය සඳහා ය. වසර 25ට පෙරාතුව සෝවියට් සංගමය විසුරුවා හැරීම දැකගත්තේ, නිත්‍ය සාම කාලයක ප‍්‍රමුදිත ප‍්‍රකාශනයක් ලෙස ය. මෙම තත්වය තුල එක්සත් ජනපදයේ සුපිරි ආධිපත්‍යය යටතේ ලෝකය 20වැනි සියවසේ මානව වර්ගයා හිරිහැරයට පත් යුද්ධයෙන් නිදහස් වනු ඇත. දැන්, ලේ වැකි කලාපීය ගැටුම්වල විසිපස් වසරකට පසුව, පත්තරවල පල වන ලේ කැටි ගැසෙන ප‍්‍රකාශ පැහදිලි කරන්නේ, නව ලෝක යුද්ධයක් සැකසෙමින් ඇති බව යි.

කම්කරුවන් හා තරුනයන්ගේ පුලුල් කන්ඩායම් අතර, ආන්ඩුවේ බොරු පිලිබඳ ගැඹුරු සැකයක් ද යුද්ධයට විරුද්ධත්වයක් ද පවතී. කෙසේ නමුත් මෙම විරුද්ධත්වයට, දේශපාලන සංස්ථාපිතයේ කිසි කන්ඩායමක් තුලින් ප‍්‍රකාශනයක් සොයා ගත නො හැක. ධනවාදයට හා පාලක පන්තියේ සියලු දේශපාලන පක්ෂවලට විරුද්ධව කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව මත පදනම් නව යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි කර්තව්‍යයක් වී ඇත.

ආන්ද්රේ ඩෙමොන්

Share this article: