25 වසරකට පෙර: ඇමරිකාවට පලමු ජීවිත හානි සිදුවෙද්දී, ඉරාක යුද්ධයට එරෙහි මහජන විරෝධතා පැනනගී

ඇමරිකාවේ යූඑස් එම්1 ඒබ්‍රහම් යුද ටැංකි සටනේ නිරතව සිටී
25 years ago: Mass protests against Iraq war erupt as US experiences first casualties

2016 ජනවාරි 25-31

ඉරාකයට එරෙහි ගුවන් ප්‍රහාර දියත් කිරීමෙන් දින නවයකට පසුව 1991 ජනවාරි 26දා, 150,000ට වැඩි ජනතාවක් පර්සියන් ගල්ෆ්හි ඇමරිකානු යුද්ධයට එරෙහිව වොෂින්ටන් ඩීසීහි පෙලපාලි දැක්වූහ. එම මහජන විරෝධතා ධනපති මාධ්‍ය විසින් නොසලකා හරින ලද අතර ඊට පෙර මාසවල ඔවුහු, ගැටුම හුවාදැක්වීම පිනිස අඛන්ඩ ව්‍යාපාරයක් ගෙන යමින් සිටියහ.

සැන් ෆ්‍රැන්සිස්කෝහි පැවති එවැනිම තවත් පෙලපාලියකට යුද විරෝධීන් 120,000ක් සහභාගී විය.

ජනවාරි 31දා, බුෂ් පාලනය හා පෙන්ටගනය විසින් අධිරාජ්‍යවාදයේ අනභිභවනීය අවි බලය පෙන්නුම් කරන ඉරාක යුද්ධයේ පලමු ගොඩබිම් යුද්ධය දියත් කලේය. පැය කිහිපයක සටන් අතරතුර, ඇමරිකාවේ නායකත්වයෙන් යුත් හවුල් පෙරමුන මවිතයට පත් කල ඉරාක ප්‍රහාරයක දී, වාර්තා නොවුන සව්දි හා කටාර් භටයින් සංඛ්‍යාවක් ද ඇමරිකානු මැරීන් භටයින් 12 ද මිය ගියේය. ඒ සව්දි කටාර් දේශසීමාවේ හා කෆ්ජිහිදී පැවති සටන් වලදීය.

මාස ගනනක් තිස්සේ ඇමරිකානු ජනතාව අතර බුෂ් පාලනයේ, පෙන්ටගනයේ හා මාධ්‍යවල බොරු වපුරන ලදී. බලාපොරොත්තු වූයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අරමුනු, ජීවිත වලින් හා රට තුල රැකියා වලට, ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට යනාදී වශයෙන් සිදු කල, යුද්ධයේ දැවැන්ත වියදම වසං කිරීමය.

පර්සියන් ගල්ෆ්හි දැවැන්ත ඇමරිකානු මිලිටරි මැදිහත්වීමේ සැබෑ අරමුනු වශයෙන් පැවති තෙල් බිම් අල්ලා ගැනීම, ඉරාකය යටත්කර ගැනීම හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අධිකාරවත් ලෝක තත්වය යලි අවධාරනය කිරීම, “කුඩා කුවේටයේ” නිදහස යලි ස්ථාපිත කිරීම පිලිබඳ පුරසාරම් වලින් යටපත් කෙරුනි.

Share this article: