ඩිට්‍රොයිට් හා ෆ්ලින්ට් අර්බුදය පිලිබඳව සසප විසින් හදිසියේ කැඳවන ලද රැස්වීමට විශාල සහභාගිත්වයක්- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ඩිට්‍රොයිට් හා ෆ්ලින්ට් අර්බුදය පිලිබඳව සසප විසින් හදිසියේ කැඳවන ලද රැස්වීමට විශාල සහභාගිත්වයක්

Large turnout at emergency meeting on the crisis in Detroit and Flint called by SEP

2016 ජනවාරි 28

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් 27දා ඩිට්‍රොයිට්හි කැඳවන ලද හදිසි රැස්වීමට, එහි රජයේ පාසැල්වල ලෙඩ නිවාඩු දමා විරෝධතාවයේ යෙදෙන ගුරුවරුන් හා සිසුන්ගේ නියෝජිතයින් ද මෝටර් රථ කම්කරුවන් හා ෆ්ලින්ට්හි නිවැසියන් ද ඇතුලු කම්කරුවන්, තරුනයින් හා විශ්‍රාමිකයින් ඇතුලු 100ට වැඩි පිරිසක් සහභාගී වූහ.

ෆ්ලින්ට්හි ජල අර්බුදය හා ඩිට්‍රොයිට්හි නිදහස් අධ්‍යාපනය වැනසීමට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කරන දේශපාලන මූලෝපාය පිලිබඳව, ලෝසවෙඅ මෝටර් රථ කම්කරුවන්ගේ නිව්ස් ලෙටර් පත්‍රයේ සංස්කාරක ජෙරී වයිට් හා සසප සහකාර ජාතික ලේකම් ලෝරන්ස් පෝටර් මෙහිදී කරුනු දැක්වූහ.

Share this article: