සැන්ඩර්ස් ගේ මෙහෙයුමේ අවසානය: දේශපාලන පාඩම්

The end of the Sanders campaign: The political lessons

2016 ජූලි 28

ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනයේ දී හිලරි ක්ලින්ටන්ට තම සහයෝගය දීමට ඉදිරිපත් වීමත් සමග බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරන මෙහෙයුම නිර්ලජ්ජිත අවසානයකට පත්විය. ගිය සතියේ ෆිලඩෙල්ෆියා සම්මේලනයේ දී සැන්ඩර්ස්ගේම කියුම් කෙරුම් වල ට වඩා ඔහුගේ දේශපාලන භූමිකාව පිලිබඳ වෙනත් විනාශකාරී එලිදරව්වක් තිබිය හැකි ද?

සම්මේලනයට පෙර සඳුදා සමුලු පරිශ‍්‍රයෙන් පිටතදී තමාට හූ කියපු තමාගේම අනුගාමිකයින් ට සැන්ඩර්ස් මෙසේ කීය, “අපට ජිවත් වීමට සිදුව තිබෙන හැබෑ ලෝකය මේකයි. ඔහු “හැබෑ ලෝකය” යන්නෙන් අදහස් කලේ, ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට‍්‍රම්ප් යන අපේක්ෂකයන් දෙන්නා හැර වෙන කිසිම අපේක්ෂකයෙකු ට සැබෑ ලෝකයේ” ඉඩක් නැත යන්නයි. “ප‍්‍රකෝටිපති පන්තියට” විරුද්ධ සැන්ඩර්ස් ගේ “දේශපාලන විප්ලවය” අන්තිමට ඉචරවී ඇත්තේ පවත්නා තත්වය ද ද්විපක්ෂ ක‍්‍රමය ද ආරක්ෂා කිරීමෙනි.

එම රාත‍්‍රියේ ම වෙනත් වෙලාවක සැන්ඩර්ස්, අපේක්ෂකයා තේරීමේ තරගයේ දී තමා විරුද්ධව සටන් කල, වෝල් වීදියට සමීපව බැඳී සිටීම පිලිබඳව සිය දැඩි විවේචනයට ලක් වූ, එම අපේක්ෂිකාව ම වැඩකරන ජනතාවගේ ප‍්‍රගතිශීලි මිතුරියක ලෙස හුවා දැක්වීමට තම කතාව යොදාගති. ඇමරිකානු ඉතිහාසයේ වැඩිම ප‍්‍රමානයක් ධනය, දුප්පතාගෙන් ඉවත්කර පොහොසතාට පවරාදීමට වග බලාගත් ඔබාමා පාලනාධිකාරය ද සැන්ඩර්ස් ගේ ප‍්‍රසංශාවට ලක් විය.

සැන්ඩර්ස් සිය දේශපාලන නිරුවත ප‍්‍රදර්ශනය කලේ, අඟහරුවාදා ? නාමයෝජනා සම්මත කර ගැනීමේ ක‍්‍රියාවලිය තුල දී ය. සබාගැබින් නැගී සිටි හෙතෙම, නම් වශයෙන් නියෝජිත චන්ද විමසීම් පිලිවෙල නවතා හිලරි ක්ලින්ටන් පොදු සම්මතයෙන් පත්කරගත් බව ප‍්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා සිටියේය.

සැන්ඩර්ස්ගේ චන්ද ව්‍යායාමයෙන් දැන් ඉතුරුව ඇත්තේ පුහු ඝෝෂාකාරී, රැවටිලි සහගත වාක්‍ය පමනි. එහෙත් මෙම ප‍්‍රතිපලය පෙර දැකිය නොහැකිවූ හෝ පෙර නොදකින ලද්දක් නොවීය. ගිය වසරේ සැන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යායාමය ආරම්භ වන විටම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් කරන ලද විශ්ලේෂනය මේ මගින් මුලුමනින්ම සනාථ කෙරී තිබේ. ආරම්භයේදීම අප අනතුරු ඇඟවූයේ, සමජවාදියෙකැයි බොරුවට කියාගන්නා ධනපති දේශපාලකයෙකු වන බර්නි සැන්ඩර්ස් යෙදී සිටින්නේ, නැගී එන මහජන විරෝධය, ඩිමොක‍්‍රටික් පක්ෂය හා එහි සමාජ ප‍්‍රතිගාමීත්වයේ ද යුද්ධයේ ද පිලිවෙත වටා යලි රොක් කර දීමට බවයි. ලොසවෙඅ මෙසේ ලිවී ය:

“සැන්ඩර්ස් ගේ මැතිවරන ව්‍යායාමයේ ප‍්‍රධාන කටයුත්ත, පවත්නා ක‍්‍රමය කෙරෙහි වැඩෙන සමාජ නොසංසුන්තා මෙන්ම සතුරුකම් ද පීලි පන්නවා එය ඩිමොක‍්‍රටික් පක්ෂය වෙතටම යලි හරවා යැවීමයි. එය මැඩ පවත්වා දියකර හැරීමයි. ඔහුගේ ඊනියා “සාමජවාදී” උද්ඝෝෂනය වනාහි, කම්කරු පංතියේ ස්වාධින ව්‍යාපාරයක් පැන නැගිම පූර්වභංග කර එවැන්නක් වලක්වා ලීමය.” බර්නි සැන්ඩර්ස් සමාජවාදියෙක් ද ?” ( 2015 ජුලි 16 *

“සැන්ඩර්ස් ට පල වන සහාය, ගැඹුරු සමාජ කෝපයේ ප‍්‍රකාශනයක් යයි කීම, සැන්ඩර්ස්ගේ ව්‍යාපාරය එම කෝපය නියෝජනය කරනවා හෝ එය පිලිබිඹු කරනවා යයි පැවසීමක් නොවේ, සැන්ඩර්ස් කථා කරන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් නොවේ. ඔහු කථා කරන්නේ, සමාජ ප‍්‍රතිරෝධයේ වර්ධනය දෙස බිය මුසු ලෙස බලන හා එය සිරකොට තැබීමට යම් මගක් සොයන පාලක පන්තියේ ද දේශපාලන සංස්ථාපිතයේ ද කොටසක් වෙනුවෙනි... සැන්ඩර්ස් සිය ඡන්ද ව්‍යාපාරය තුල කියාපාන පරිදි වැඩ කරන්නේ, ‘විප්ලවයක්’ කිරීම සඳහා නොවේ, විප්ලවයක් වලක්වා ලීම සඳහා ය. (බර්නි සැනඩර්ස් ගේ උද්ඝෝෂනය තුල ඇති දේශපාලන භූමිකාව, 2016, පෙබරවාරි 11.)

සැන්ඩර්ස් ගේම වැඩපිලිවෙල පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියා සිටියේ, විශේෂයෙන් ම යුද්ධයට සහාය පල කරමින්, ඇමරිකා එක්සත් ජනපදය “ලෝකයේ ප‍්‍රබලම මිලිටරි බලය ලෙස පැවතිය යුතුය” යි ද ඔබමා පාලනාධිකාරයේ ඩ්‍රෝන් ඝාතන තමා ද පවත්වා ගෙන යනු ඇතැයි ද ඔහු පොරොන්දු වන බවයි. ප‍්‍රකෝටිපතියන් හා ඔවුන් ඇමෙරිකානු දේශපාලනය දූෂනය කිරීමට එරෙහිව හඬ තැලීම් වලින් පිරී ගිය ඊනියා “දේශපාලන විප්ලවයක්” පිලිබඳව ඔහුගේ කයිවාරුවේ අතිශයින්ම පැහැදිලි ප‍්‍රතිවිරෝධය නම්, එය අතරමග ඇනහිටින්නේය යන කාරනයයි. විදෙස් පිලිවෙත පිලිබඳ ප‍්‍රශ්න වලදී ක්ලින්ටන් ගෙන් පමනක් නොව, පලක පන්තියේ වෙනත් ඕනෑම දේශපාලකයෙකුගෙන් සැන්ඩර්ස් වෙන් කර ගත හැකි කිසිම දෙයක් ඇත්තේ නැත. (“ඩිමොක‍්‍රටික් පක්ෂ විවාදය තුල සැන්ඩර්ස්: අතරමග ඇනහිටින “දේශපාලන විප්ලවයක්” ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2016 ජනවාරි 19)

“අධිරාජ්‍යවාදී යුද්ධයට සැන්ඩර්ස් දෙන සහයෝගය, ජාත්‍යෝත්තමවාදය ද ආර්ථික ජාතිවාදය ද සමග සමීපව බැඳී තිබේ. ඇමරිකානු කම්කරුවන් ලෝකයේ සෙසු රටවල තම කම්කරු සහෝදරයන්ට එරෙහිව උසිගැන්වීම සඳහා ද දොට්ට දැමීම් වලට සහ විරැකියාවට විරුද්ධව නැගෙන කම්කරු පන්තියේ කෝපය ජාතිකවාදී අගල් තුලට හරවා යැවීමට ද උත්සාහ කරන වෘත්තීය සමිති නිලධරය ද ඩිමොක‍්‍රටික් පක්ෂයේ කොටස් ද සමග සැන්ඩර්ස් පෙලගැසී සිටියි.” (“බර්නි සැන්ඩර්ස් ඩිමොක‍්‍රටික් පක්ෂය සහ සමාජවාදය” ඔක්තෝබර් 15, 2015)

සෑන්ඩර්ස්ගේ ව්‍යායාමයේ දේශපාලන භූමිකාව සහ අර්ථභාරය පිලිබඳව ලොසවෙඅ කල අර්ථකථනය පදනම් වුනේ, පන්ති විශ්ලේෂනය සහ ඓතිහාසික අත්දැකීම මතය. 2016 ජනාධිපති වරනය තුල ඔහුගේ ක‍්‍රියා, ඔහුගේ පූර්ව දේශපාලන වාර්තාවට මුලමනින්ම ගැලපෙයි. හෙතෙම කාලයක් තිස්සේම තම “සමාජවාදී” ලේබලය ද නාමිකව හිමිකරගෙන තිබූ පක්ෂයෙන් ස්වාධීනවීම ද යොදාගෙන ඇත්තේ, ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රධාන ධාරාවෙන් වෙනසක් නැති ඔහුගේ ධනේශ්වර ගැති ක‍්‍රියාමාර්ගය වසං කිරීමට ය. ඔහුගේ විකාශනය -1960 ගනන් වල ශිෂ්‍ය රැඩිකලෙකු ලෙස සිටීමේ තැන් පටන් 1980 ගනන් වල වර්මන්ට් ප‍්‍රාන්තයේ බර්ලින්ග්ටන්හි ව්‍යාපාර ගැති නගරාධිපති දක්වා ද එතැනින්, ඩිමොක‍්‍රටික් පක්ෂයේ දිගුකාලීන කොන්ග‍්‍රස් මන්ඩල සහචරයෙකු ලෙස ද මොහුගේ විකාශනය බැඳී පවතින්නේ, -මේ වනවිට දේශපාලන සංස්ථාපිතය තුලට පුලුල් ලෙස උකහාගෙන ඇති මුලු මහත් මධ්‍යම පන්තික විරෝධතාවාදී සමාජ ස්ථරයේ දකුනු මාරුවත් සමග ය.

19 වන සියවසේ අග හා 20වන සියවසේ මුල විලියම් ජෙනින්ග්ස් බ‍්‍රයන් ගේ “පොපියුලිස්ට් (ජනතාවාදී) ව්‍යාපාරයේ පටන්, 1980 සහ 90 ගනන් වල ජෙසී ජැක්සන් සහ ඩෙනිස් කුසිනිච් ගේ ව්‍යාපාර දක්වා, විවිධ “පිටත්තරයන්ගේ” මෙහෙයුම් යොදාගෙන තමන්ට දේශපාලන විශ්වසනීය භාවයක් ලබා ගැනීමට ද එයට එරෙහි විරෝධය සිර කොට තැබීමට ද ඩිමොක‍්‍රටික් පක්ෂය යත්න දරා ඇත. අන්තිමේදී ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය දෙන බවට සිය ව්‍යායාමයේ මුලපටන් ම සැන්ඩර්ස් දුන් පොරොන්දුව ගැන අප මෙහිදී මතක් කරන්නේ නැත.

සැන්ඩර්ස් මෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂය හා වෘත්තීය සමිති වටා කරක් ගැසූ ව්‍යාජ වමේ දේශපාලන පන්දම් කාරයන් රැලම කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් මතුවීම වැලැක්වීම සඳහා සෘජුවම සිය ශ‍්‍රමය යෙදවූහ. ඔහුට පක්ෂව කෙලින්ම වැඩ කරමින් ද නැතහොත් උපායාත්මක ප‍්‍රශ්න උඩ පමනක් ඔහුට විවේචන එල්ල කරමින් ද ඔහුගේ ඇත්ත දේශපාලනය ආරක්ෂා කරමින්ද මොවුහු ඔහු පිලිබඳව මිත්‍යාවන් වගාකලහ.

සෝෂලිස්ට් ඕල්ටනේටිව්, සොලිඩැරිටි, ඉන්ටර් නැෂනල් සෝෂලිස්ට් ඕර්ගනිසේෂන්, යන්ග් ඩිමොක‍්‍රටික් සොෂ්ලිස්ට් සහ ග‍්‍රීන් පාටි වැනි කන්ඩායම්, ඩිමොක‍්‍රටික් පක්ෂ සම්මෙලනය ආශි‍්‍රතව ෆිලඩෙල්ෆියා නුවර දී සොශාලිස්ට් කොන්වර්ජන්ස් කොන්ෆරන්ස් නමින් රැස්වෙති. තමන් ඊයේ ලියු දෙය ගැන මොනම දේශපාලන තක්ස්රුවක් වත් නැතිවම මොවුහු, යන්තම් මින් මසකට පෙර ග‍්‍රීන් (හරිත) පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන්ගේ තැන සැන්ඩර්ස් ට පිදීමට ඉදිරිපත් වූ ජිල් ස්ටේන් වටා කම්කරු පන්තියට මීලඟ උගුල ඇටවීමට සැරසෙති.

මේ අත්දැකීමෙන් නිගමන උකහා ගත යුතුය. සැන්ඩර්ස් ව්‍යාපාරය වටා සහාය ගොනුවීමට තුඩු දුන් දැවැන්ත සමාජ ආතතීන්ගෙන් එකක් වත් නැතිව යනු නැත. නොවැම්බරයේ ඡන්ද විමසීමෙන් කවුරු ජයග‍්‍රහනය කල ද ඉදිරියේ ඇත්තේ පුපුරන සුලු පන්ති අරගලවලින් යුතු කාල වකවානුවකි.

හරි මැද පවතින දේශපාලන පාඩම නම්, දකුනේ වේවා නමට වාම වේවා, සකල වර්ගයේම ධනේශ්වර දේශපාලනයෙන් ක්ෂමා විරහිතව බිඳී වෙන් වීමයි. ජාත්‍යන්තරවාදී මූලධර්ම මත පාදක, අධිරාජ්‍යවාදයට විරුද්ධ, සමාජ සමානතාව වෙනුවෙන් වන සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට කාලය දැන් එලඹ තිබේ. දැවෙන අවශ්‍යතාවය, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය යි.

ජෙරී වයිට්ගේ සහ නයිල්ස් නිමුත්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය ගොඩනැගී ඇත්තේ ඒ මතය. සැන්ඩර්ස්ගේ පාවාදීමෙන් කෝපයට පත්ව සිටින සියලු කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙමින්, සැබෑ සමාජවාදය සඳහා ආරගලය සියතට ගන්නා ලෙසය.

ටොම් හෝල්

Share this article: