ඕස්ටේ‍්‍රලියානු මැතිවරන අර්බුදයෙන් මතු වන දේශපාලන ප‍්‍රශ්න

The political issues posed by the Australian election crisis

2016 ජූලි 6

කිසිදු පක්ෂයකට හෝ කන්ඩායමකට නැතිව ආන්ඩුවක් පිහිටුවීමට ඉඩක් නැති ජුලි 2 පැවති ඕස්ටේ‍්‍රලියානු මැතිවරනයේ අස්ථාවර ප‍්‍රතිපලය ලෝකයේ හැම රටකම පවතින සම්ප‍්‍රධායික ධනපති පන්ති පාලනයේ ප‍්‍රගාඪ අර්බුදයේ ප‍්‍රතිපලයකි.

ඕස්ටේ‍්‍රලියානු චන්ද දායකයෝ පෙර නොවූවිරු සංඛ්‍යාවක් ප‍්‍රධාන ධනපති පක්ෂ -නිදහස් ජාතික සන්ධානය (ලිබරල් නැෂනල් කෝලීෂන්) සහ ඕස්ටේ‍්‍රලියානු කම්කරු පක්ෂය ( ඕස්ටේ‍්‍රලියන් ලේබර් පාර්ටි) සහ ”ස්ථාවර, බහුතර ආන්ඩුවක්” සඳහා මාධ්‍යවලින් කෙරුන නිරන්තර කැඳවුම් ප‍්‍රතික්ෂේප කලහ.

මූල්‍ය සහ සංගත ප‍්‍රභූවේ උත්සුකයන්ට සේවය කරන දේශපාලන සංස්ථාපිතය හා වැටුප් එකතැන පල්වීම හෝ පහත වැටීම, අනාරක්ෂිත රැකියා, පිරිහෙන සේවාවන් සහ තරුන පරම්පරාව මුහුන දෙන අඳුරු අනාගතය පිලිබඳව මූලිකව සැලකිලිමත් වන බහුතර ජනතාව අතර ගැඹුරු විභේදනයක් ඇත. සාමාන්‍ය මහ ජනතාවගේ ජීවිත පාලනය කරනු ලබන්නේ ජීවන කොන්දේසිවල දසක ගනනාවක පහත වැටීම තවදුරටත් සංකීර්න කල 2008 ගෝලීය අවපාතය ආරම්භයේ සිට ලේබර් සහ සන්ධාන ආන්ඩු විසින් ක‍්‍රියාවට දමන කප්පාදු පිලිවෙත් මගින් ඇති කර තිබෙන අස්ථාවර හා අනාරක්ෂිතභාවය විසිනි.

අධිරාජ්‍යවාදී උත්සුකතාවයන්ගෙන් හා ප‍්‍රධාන බැංකු හා සංගතයන් විසින් නියෝග කෙරුන න්‍යාය පත‍්‍රයක් සඳහා මහ ජන සහයෝගය දිනා ගැනීමේ ඔවුන්ගේ නොහැකියාව ජය ගැනීමට කල උත්සාහයේ දී වසර හයක් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කුමන්ත‍්‍රනයන් සහ ලජ්ජා විරහිත බොරු හා ජනතාවාදය ලේබර් හා සන්ධාන ආන්ඩු විසින් යොදා ගෙන ඇත.

චීනයට එරෙහිව එක්සත් ජනපද මිලිටරි ශක්තිය වර්ධනය කිරීම පිටුපස ඕස්ටේ‍්‍රලියානු විදේශ පිලිවෙත ගැලතීම පිනිස 2010 දී ලේබර් පක්ෂය ජනතාවට හොරෙන් එක් රැයකින් කල කාන්ඩායමික කුමන්ත‍්‍රනයක් මගින් කෙවින් රඩ් අගමැති තනතුරෙන් පහ කොට ජුලියා ගිලාඩ් එතැට පත් කලේ ය. යන්තම් මාසයකට පසුව, 2010 මැතිවරනයේ දී ලේබර් පක්ෂය බරපතල පරාජයක් අත් විඳි අතර ජනතා විරෝධී මිලිටරිවාදී සහ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීම සඳහා 1941 පසු ප‍්‍රථම වතාවට, අන් සියල්ලටමත් වඩා හරිතයන්ගේ සහයෝගය මත වාරු වූ සුලුතර ආන්ඩුවක් පිහිටුවීමට එයට බල කෙරුනි.

මහ ජන කලකිරීම දිගට ම වැඩෙන තතු යටතේ 2013 මැතිවරනය අද්දර තවත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කුමන්ත‍්‍රනයක් මගින් යලිත් රඩ් ගිලර්ඩ් ව විස්ථාපනය කලේ ය. වසර 110 පසුව අඩුම චන්ද ලබා ගත් ලේබර් පක්ෂය පරාජයට පත්වූ අතර සරනාගත විරෝධී උමතුව අවුස්සමින් හා එහි කම්කරු විරෝධී න්‍යාය පත‍්‍රය වසන් කරමින් විශාල ජයග‍්‍රහනයක් සහිතව ටෝනි ඇබෝට් ගේ සන්ධානය බලයට පත් විය. එහෙත් වසර දෙකක් තුල ජනතා උදහසට බෙහෙවින් ලක්වූ කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමට උත්සාහ කිරීම නිසා පාර්ලිමේන්තු අර්බුදයකට මුහුන දුන් ඇබොට් හිටපු ආයෝජන බැංකුකරුවෙකු හා බහු මිලියනපතියෙකු වන වර්තමාන අගමැති මැල්කම් ටර්න්බුල් විසින් සැප්තැම්බර් මාසයේ දී නෙරපුවේ .

ද්විපක්ෂ ක‍්‍රමය කෙරෙහි මහ ජනතාවගේ විරුද්ධත්වය හා බරපතල විතැන්වීමක් ඇතිවී තිබීම නිසා පාර්ලිමේන්තු සභා දෙකේම බහුතර බලය “රැකියා සහ වර්ධනය” ගෙන ඒමේ සහ “පවතින කාලය” පිලිබඳ වංචනික ප‍්‍රකාශ මගින් ලබා ගත හැකි වෙතියි ටර්න්බුල්ගේ මිත්‍යා විස්වාසය දැන් බිඳ වැටී ඇත.

ටර්න්බුල්ට බලයට පත්වීමට නොහැකි වුනොත් හෝ පක්ෂයෙන් නෙරපනු ලැබුවොත් අගමැති තනතුර වසර හයක දී හය වතාවක් වෙනස් වනු ඇත. වර්තමාන දේශපාලන දහනශීලී ස්වභාවයේ පරිමාව තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වන්නේ ඔස්ටේ‍්‍රලියාවට අගමැතිවරුන් හතර දෙනෙක් පමනක් සිටි 1975 සහ 2007 අතර වසර 32 මතකයට නගා ගැනීම පමනි.

වඩ වඩා පුලුල් වන සමාජ අසමානතාවය හා වැඩෙන පන්ති සතුරුකම් යටතේ ඕස්ටේ‍්‍රලියානු සංස්ථාපිත පක්ෂ සහ පාර්ලිමේන්තු යාන්ත‍්‍රනයේ අර්බුදය ලෝකයේ හැම රටක් තුලම එක සමානය. දිගුකාලීන දේශපාලන සැකැස්ම යුරෝපය පුරාම එක්කෝ බිඳ වැටී ඇත; නැතහොත් බිඳවැටීමේ සන්තතියක් තුලට ඇතුලු වී ඇත. ශතවර්ෂ ගනනක් පැරනි ටෝරී පක්ෂයට රට කීතු කිරීමට තර්ජනය කරන දේශපාලන ප‍්‍රකම්පනයන්ගෙන් ගැලවී ගැනීමට ඉඩක් තිබිය නොහැකි එක්සත් රාජධානිය තුල බි‍්‍රක්සිට් ජනමත විචාරනයෙන් ඉක්බිති යුරෝපා සංගමය ම කැඩී බිඳී යමින් තිබේ.

එක්සත් ජනපදය තුල පූර්ව ජනාධිපති මැතිවරනය තුල දී ෆැසිස්ට්වාදී ගෝසාබද්ධයෙකු වන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය ඉදිරියේ කාන්ඩ ගැසීම් සහ විභව භේදයන් විසින් රිපබ්ලිකන් පක්ෂය විනාශ කරනු ලැබ ඇත. බර්නි සෑන්ඩර්ස් සමාජවාදය නියෝජනය කරන බවට වැරදි විස්වාසය තුල ඔහුගේ මැතිවරන උද්ඝෝෂනය සඳහා දසලක්ෂ සංඛ්‍යාත තරුන ජනයාගේ සහයෝගයේ ස්වරුපයෙන් පක්ෂ සංස්ථාපිතයට එරෙහිව කැරැල්ලකට මුහුන දීමෙන් පසුව ඩිමොක‍්‍රටික් පක්ෂය පවතින්නේ ඊට වඩා අඩු විනාශයක නොවේ.

ඔස්ටේ‍්‍රලියාවේ හෝ ලොව අන් කිසිදු රටක පාලක ප‍්‍රභූවට ඔවුන් අතීතයේ පාලනය කල ස්ථාවර හා පෙරදැකිය හැකි පාර්ලිමේන්තු රූපාකාරයන් වෙත ආපසු පැමිනිය නොහැකිය. ලෝක ආර්ථිකයේ ක‍්‍රමානුකූල බිඳ වැටීම, වඩ වඩා තීව‍්‍ර වන භූදේශපාලන ආතතීන්, වර්ධනය වන යුද්ධයේ අන්තරාය සහ අන්සියල්ලටමත් වඩා, කම්කරු පන්තිය හා තරුනයන් අතර සිදුවෙමින් පවතින දේශපාලන රැඩිකලීකරනය එම ශඛ්‍යතාවය වලක්වයි. තවත් ඕස්ටේ‍්‍රලියානු මැතිවරනයක් වහාම කැඳවීම පිලිබඳ සමහර විචාරකයන්ගේ යෝජනාව තුඩු දෙනු ඇත්තේ සමාන හෝ ඊටත් වඩා පෙරදැකිය නොහැකි ප‍්‍රතිපලයකට ය.

“අපට ලබා ගත හැකි එකම සුවපත්වීම ආඥාදායකත්වයක්” බවට ඕස්ටේ‍්‍රලියානු බිලියනපති ගෙරී හෙවී සඳුදා කල ප‍්‍රකාශය ඔවුන්ගේ ආර්ථික, දේශපාලන හා මිලිටරි න්‍යාය පත‍්‍රය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යයන් මගින් සාක්ෂාත් කල නොහැකි බවට පාලක පන්තිය තුල පවතින අපේක්ෂා භංගත්වය පිලිබිඹු කරයි. කම්කරුවන්ගේ ජීවිත විනාශ වෙද්දී සහ මානව වර්ගයා යුද්ධයකට ඇද දැමීමට තර්ජනය කරද්දී ඔවුන්ගේ දැවැන්ත ධනය හා ලාබ පද්ධතිය රැක ගත හැකි වන්නේ ආඥාදායක පාලන රූපාකාරයන් හා විරුද්ධ පක්ෂය නිර්දය මර්දනය මගින් පමනි

සෑම තැනම වර්ධනය වී ඇති ජාතිකවාදී හා ෆැසිස්ට්වාදී පවා වන ප‍්‍රවනතාවයන් ඔස්ටේ‍්‍රලියාව තුල මතුවීම තියුනු අනතුරු ඇඟවීමක් ලෙස කම්කරු පන්තිය සැලකිල්ලට ගත යුතු ය. ආර්ථික ආරක්ෂනවාදය හා වෙලඳ යුද්ධයට පක්ෂව කතා කරන ෂෙන්ෆෝන් ටීම් දකුනු ඕස්ටේ‍්‍රලියාවේ විනාශභාග් වූ කාර්මික ප‍්‍රාන්තය තුල විශාල චන්දයක් ලබා ගත්තේ ය. ක‍්‍රිස්තියානි පක්ෂ ගනනාවක් හා “නීතිය හා සාමය” අපේක්ෂකයා සැලකිය යුතු චන්ද ආකර්ෂනය කර ගත්තේය. විරැකියාව හා දරිද්‍රතාවය කෙරෙහි සමාජ අසංතෘප්තිය සංක‍්‍රමනික විරෝධී සහ විශේෂයෙන් ම මුස්ලිම් විරෝධී භීතියක් තුලට ඌනනය කරන පෝලින් හැන්සන්ගේ ‘වන් නේශන්’ පක්ෂය නැවත වරක් සෙනට් සභාව තුල ආසන දිනා ගැනීම සඳහා සහයෝගය ගොනු කර ගත්තේය.

කලකිරුනු කම්කරුවන්ට හා තරුනයන් ට දක්ෂිනාංශික ගෝසාබද්ධයන් ට ආමන්ත‍්‍රනය කිරීමට හැකිවීමේ දේශපාලන වගකීම පැවරෙන්නේ රැකියා, වැටුප්, සහ ජීවන කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා කම්කරුවන් විසින් කල කවර හෝ අරගලයක් දසක ගනනාවක්පුරා යටපත් කල ලේබර් පක්ෂය සහ වෘත්තීය සමිති වලටය. එමෙන් ම මුලුමහත් දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයන් විසින් රැවටිලිකාර “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ප‍්‍රවර්ධනය කිරීම මගින් ‘වන් නේශන්’ වැනි සංවිධාන වලට ඔවුන්ගේ මුස්ලිම් විරෝධී කුනු කන්දල් ප‍්‍රචාරය කිරීමට හැකියාව ලබා දී ඇත.

ලේබර් පක්ෂය සහ හරිතයන් අඩු නපුඅර ලෙස හුවාදැක්වීම මගින් සෝෂලිස්ට් එලායන්ස් සහ සෝෂලිස්ට් ඔල්ටර්නේටිව් වැනි ව්‍යාජ වාම පක්ෂ සමස්ත නිල සංස්ථාපිතයට එරෙහිව සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට බාධකයක් ලෙස ක‍්‍රියාත්මක විය.

බරපතල දේශපාලන රික්තයක් පවතින බව 2016 ඕස්ටේ‍්‍රලියානු මැතිවරනයෙන් එලිදරව් විය. දිගුකාලීන පක්ෂපාතිකම් බිඳ වැටී ඇති අතර මහජනතාව විකල්පයක් සොයමින් සිටී. සිදුවනු ඇත්තේ මෙම තත්වය තව තවත් ධ‍්‍රැවාන්තගතවීම සහ පුපුරනසුලු වීම පමනි. නරක අතට හැරෙන ගෝලීය අවපාතය සහ දේශීය ආර්ථික අර්බුදයේ කොන්දේසි යටතේ අයවැය කප්පාදු තීව‍්‍ර කිරීම සහ කම්කරුවන්ගේ රැකියා, වැටුප්, හා සේවා කොන්දේසි වලට පහරදීම මගින් ඕස්ටේ‍්‍රලියාවේ මූල්‍ය සහ සංගත ප‍්‍රභූවේ උත්සුකතාවයන් ආරක්ෂා කිරීමට ඊලඟ ඔස්ටේ‍්‍රයානු ආන්ඩුව උත්සාහ කරනු ඇත. අනිවාර්යයෙන් ම පන්ති ගැටුම් පැන නගිනු ඇත.

එමෙන් ම, එක්සත් ජනපදය සමග එහි මූලෝපායාත්මක සන්ධානයට ඕස්ටේ‍්‍රලියානු අධිරාජ්‍යවාදයේ කැපවීම හා චීනය සමග ගැටුමකට, විශේෂයෙන් ම දකුනු චීන මුහුද තුල සිදුකරන මිලිටරි සුදානම්වීම් බරපතල යුද විරෝධයක් අවුලවනු ඇත.

මෙම සන්දර්භය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඕස්ටේ‍්‍රලියානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ගෙන ගිය මැතිවරන උද්ඝෝෂනයේ වෛෂයික අර්ථභාරය මුලූමනින් ම අගය කල හැකිය.

සසප උද්ඝෝෂනයේ හරි මැද පැවතුනේ යුද්ධයේ තර්ජනය පිලිබඳව මුලුමහත් ඕස්ටේ‍්‍රලියානු සංස්තාපිතය විසින් පවත්වාගෙන යන නිහඬතාවයේ කුමන්ත‍්‍රනය බිඳ දැමීම, යුද්ධයේ තර්ජනය ට එරෙහි සටන හා තුන්වන ලෝක යුද්ධයක විනාශය වැලැක්වීම සඳහා ඒකාබද්ධ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා වන හජාජාක කැඳවුම ප‍්‍රවර්ධනය කිරීමය.

ලෝක ධනවාදයේ සහ ජාතික රාජ්‍ය ක‍්‍රමයේ අසාර්ථකවීමට ජාත්‍යන්තර හා සමාජවාදී විකල්පයක් සසප ඉදිරිපත් කරයි: එනම් පවතින දැවැන්ත නිෂ්පාදන ධාරිතාවය කම්කරු පන්තිය සහ පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නතු කරන හා වරප‍්‍රසාදිත සුලුතරයක නො ව; මානව වර්ගයාගේ බහුතරයක අවශ්‍යතාවයන් වෙනුවෙන් ආර්ථිකය හා සමාජ ජීවිතය ප‍්‍රතිසංවිධානය කරන කම්කරු ආන්ඩු සඳහා සෑම රටක් තුලම සටන් කිරීම.

සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පාදක වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සසප මූලධර්මාත්මක උද්ඝෝෂනය ඕස්ටේ‍්‍රලියාවේ හා ලෝක පරිමානව කම්කරු පන්තියේ හා තරුනයන්ගේ වඩාත් වැඩිදියුනු හා හිතන මතන කොටස්වල දේශපාලන විඥානය තුල එලඹෙන කාලපරිච්චේදයේ සනිටුහන් කෙරෙන පදනමක් දමා ඇත. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සියලුම ශාඛාවන්ගේ සහයෝගය ඇතිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර හා විප්ලවවාදී මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා අපි විශ්වාසයෙන් යුතුව අපේක්ෂා කරමු.

සමාජවාදී සමානතා පක්ෂය (ඔස්ටේ‍්‍රලියාව)

Share this article: