75 වසරකට පෙර: නාසි ජර්මනිය සෝවියට් සංගමයට එරෙහිව බාබරෝසා මෙහෙයුම දියත් කරයි

75 years ago: Nazi Germany launches Operation Barbarossa upon Soviet Union

2016 ජූනි 20

වේහ්ර්මක්ට් (ජර්මානු මිලිටරිය) හමුදා 1941 ජූනි 22දා සෝවියට් සංගමයට කඩා වදියි.

1941 ජූනි 22දා අලුයම් කාලයේ හිට්ලර්ගේ ෆැසිස්ට් තන්ත්‍රය, මානව වර්ගයාගේ ඉතිහාසයෙහි අතිශයින්ම ම්ලේච්ඡ හා විනාශකාරී යුද්ධය සෝවියට් සංගමයට එරෙහිව දියත් කලේය. ජර්මානු ආක්‍රමනික හමුදාවට යුද ටැංකි 3600, මෝටර් රථ වාහන 600,000, කාලතුවක්කු 7000, ගුවන් යානා 2500, අශ්වයින් 625,000 හා මිලියන තුනක් අයත් විය. නාසි ප්‍රචාරනයේ ප්‍රධානියා වූ ජෝසෆ් ගොබෙල්ස් අසහනකාරී ලෙස සඳහන් කලේ, 1812 නැපෝලියන්ගේ ශ්‍රේෂ්ඨ හමුදාව රුසියාව තුලට වැදුනේ ද එම දිනයේම බවයි.

1925දී හිට්ලර් සිය මෙයින් කාම්ෆ් (Mein Kampf) තුල දිව්රුම් දී තිබුනේ, සිය ෆැසිස්ට්වාදී යුදෙව් විරෝධයේ ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ගෙන සිටි “යුදෙව්වාදී බොල්ෂෙවිකයින්” ද සමග මාක්ස්වාදය හා සෝසසසං වනසා දමන බවටයි. මාර්තුවේදී හිට්ලර්ගේ අන පරිදි රේන්හාඩ් හේඩ්‍රිච්, අයින්සැට්ස්ගෘපියන් අනදෙන්නන් යටතේ සිටි හමුදා, ආක්‍රමනික හමුදාව සමග සෝවියට් සංගමය තුලට යැවීම පිනිස බලමුලු ගැන්වීය. හේඩ්‍රිච් ඔවුන්ට දැනුම් දුන්නේ, කොමියුනිස්ට්වාදීන්, (ක්‍රියාකාරිකයින්, බුද්ධිමතුන්, කොමිසාර්වරුන්) යුදෙව්වන්, ජිප්සිවරුන්, කඩාකප්පල්කාරීන් හා ඒජන්තයින් යනාදී සියලු ආකාරයේ “මිත්‍රපාක්ෂිකයින්” බවට පත්වීමට නියමිතව සිටි හා ඒ නිසාම එලිමහනේදී මරා දැමීමේ, හිට්ලර්ගේ වචන වලින් පැවසුවහොත් “සමූලඝාතනයේ යුද්ධය” දියත් කිරීමට සූදානම් විය යුතු බවයි.

අතිශයින්ම ම්ලේච්ඡවූ නාසි ව්‍යාපාරය, 1939 හා 1940දී පෝලන්තය වාඩිලාගත් එස්එස් හා ජර්මානු හමුදා යන දෙගොල්ලම විසින් සිදු කල ජන සංහාර තුලින් සූදානම් කරන ලදී. එහෙත් සෝවියට් සංගමය තුල සිදුවීම්, එම අලුගෝසුකමට ද වඩා බෙහෙවින් ම්ලේච්ඡ විය. සැබවින්ම බාබරෝසා මෙහෙයුමේ ආරම්භය සලකුනු කලේ, හොලකොස්ටයේ සන්ධිස්ථානයකි. එනම් යුරෝපීය යුදෙව් වර්ගය මුලුමනින්ම වනසා දැමීම ලෙස සැලකුන, “අවසන් විසඳුම” ක්‍රියාත්මක කිරීමේ තීරනයට සමීපව බැඳී තිබුනි.

බාබරෝසාවේ මාවත දිගේ ජර්මානු හමුදාව, සෝවියට් යුදෙව්වන් 14 ලක්ෂයක් මරා දැමූ බව ඉතිහාසඥයින් ගනන් බලා ඇත. ඇදී ගිය ගැටුම් හමුවේ තවත් සෝවියට් පුරවැසියන් හා සෙබලුන් මිලියන ගනනක් බිහිසුනු ලෙස ජීවිතක්ෂයට පත් විය.

සෝවියට් සංගමය ආක්‍රමනය කිරීමේ ජර්මානු සැලසුම් ගැන තොරතුරු හා විස්තර තොග පිටින් සෝවියට් ඔත්තු සේවාවන් විසින් සම්පාදනය කරනු ලැබ තිබුනි. මොස්කෝවේ ජර්මානු තානාපති ග්රාෆ් ෆ්‍රෙඩ්රිච් වොන් ඩර් ස්කූලෙන්බර්ග් පවා තොරතුරු හෙලි කර තිබුනි. එහෙත් ස්ටැලින් තවමත්, හිට්ලර් ගැන ද හිට්ලර්-ස්ටැලින් ගිවිසුම ගැන ද විශ්වාසය තබා ගෙන සිටියේය. ඔහු, හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමනය කරනු ඇති බව පිලිගත්තේ නැත.

බාබරෝසා මෙහෙයුම ඇරඹීමට පැය ගනනකට කලින් ජර්මානු කොමියුනිස්ට් වාදියෙක්, පැති මාරු කර, එල්බී තිබෙන ආක්‍රමනය ගැන සෝවියට් හමුදාවන්ට අනතුරු ඇඟවීය. බොරු තොරතුරු සපයන බවට චෝදනා කර ස්ටැලින් ඔහුට වෙඩි තබා මරා දමන ලෙස අන කලේය.

ජර්මානු නාවික යාත්‍රා හනි හනිකට සෝවියට් වරාය වලින් ඉවත්ව යාම ද බාබරෝසාවට දින ගනනකට කලින් තානාපති කාර්ය මන්ඩල ඉවත්කර ගැනීම පවා ස්ටැලින්ගේ අලස මුස්පේන්තුවෙන් ඔහු අවදි කිරීමට සමත් නොවීය.

හිට්ලර් කෙරෙහි ස්ටැලින්ට තිබූ නොබිඳුනු විශ්වාසය නොතකා බර්ලින් වේලාවෙන් ප.ව. 3.15ට එල්ලවූ දැවැන්ත කාලතුවක්කු වෙඩි ප්‍රහාර ආක්‍රමනයේ ආරම්භය සලකුනු කලේය. ජර්මානු හමුදාව හා වාහන සැතපුම් 1800ක් පුලුල් දේශසීමාවට ඇදී ආවේය. ආක්‍රමනයෙන් පැය කිහිපයකට පසුව සෝවියට් සංවිධානාත්මක මිලිටරි අනදෙන හා පාලන මධ්‍යස්ථානය විනාශ විය.

Share this article: