අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනගනු!

Build an international movement against imperialist war!

2016 නොවැම්බර් 03

මේ සෙනසුරාදා එනම් නොවැම්බර් 05 දා සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය “ධනවාදයට සහ යුද්ධයට එරෙහිව සමාජවාදය” යන මැයෙන් මිචිගන් ප‍්‍රාන්තයේ ඩෙට්‍රොයිට්හි, වේන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සම්මේලනයක් පවත්වයි.

එහි අරමුන වනුයේ ලෝක තත්වය විමසා බැලීම හා දේශපාලන මූලෝපායක් සකස් කර ගැනීමත්, මිලිටරිවාදයට සහ තුන්වන ලෝක යුද්ධයක වැඩෙන අන්තරායට එරෙහිව ඇමරිකානු, කැනේඩියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සැලසුම් කිරීමයි.

සම්මේලනය, සමස්ත දේශපාලන පර්යායේම ගැඹුරු අර්බුදය අනාවරනය කොට ඇති ඇමරිකානු මැතිවරනයට දින 03 කට පෙර පැවැත්වීමට නියමිතය. මැතිවරනයේ ප‍්‍රථිපලය ක්ලින්ටන් හෝ ට‍්‍රම්ප් යන කවුරු විසින් අත්කරගනීද යන්න නොසලකා, මන්ද එය තවමත් කිසිවකු නොදන්නා හෙයින්, ඊලඟ පරිපාලනය විදේශයේදී යුද්ධයේ ද රට තුල සමාජ සහ දේශපාලන ප‍්‍රතිගාමීත්වයේ ද පිලිවෙතක් අනුගමනය කරනු ඇත.

සම්මේලනය ලෝක අර්බුදය යටින් පවත්නා වෛෂයික බලවේග, කම්කරු පන්තිය අනුගමනය කල යුතු දේශපාලන මූලෝපාය, සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව නව ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය කාර්යයන් පිලිබඳව විශ්ලේශනය කරනු ඇත. එය මතු සඳහන් න්‍යාය පත‍්‍රය මත පදනම් වනු ඇත:

1. ගෝලීය අර්බුදය සහ තුන්වන ලෝක යුද්ධයේ අන්තරාය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් වසර 25 කට පසුව හා පලමු ගල්ෆ් යුද්ධය හා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” වසර 15 කට පසුව ඇමරිකාව විසින් දියත් කල නිමක් නැති ප‍්‍රාදේශිය යුද්ධ, රුසියාව සහ චීනය ඇතුලු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රමුඛ පසමිතුරන් සමග සෘජු ගෝලීය ගැටුමක් දිසාවට වර්ධනය වෙමින් තිබේ. මහජනතාවට හොරෙන්, ජෙනරාල්වරු සහ වොෂිංටනයේ දෘෂ්ටි මන්ඩල, ලෝකය නව අධිරාජ්‍යවාදී කැබලි කිරීමක් සඳහා වන කොන්දේසි මත සටන් කරන ජාතීන් අතර ප‍්‍රධාන ගැටුමක් සඳහා සැලසුම් සකසමින් සිටිති.

2. 2016 ඇමරිකානු මැතිවරනය, ධනවාදයේ අර්බුදය සහ යුද්ධය

මිලිටරි සහ විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතයේ අධිකාරවත් පාර්ශ්වයන්ගේ සහාය ලබන ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන්, රුසියාව සමග යුද්ධයක් බවට ප‍්‍රධාන ජෙනරාල්වරු පවසා ඇති, සිරියාව තුල “පියාසර තහනම් කලාපයක්” නිර්මානය කිරීමට සහය දක්වයි. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප්, “ඇමරිකාව පලමුව” යන ඔහුගේ වැඩසටහන, ඔබාමා පරිපාලනයේ “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස ඇමරිකාව වඩ වඩාත් ප‍්‍රකෝපකාරී මිලිටරි අභ්‍යාසවල යෙදී සිටින, චීනය මත කේන්ද්‍රගතවී ඇත.

ඇමරිකානු මැතිවරනය එහි නිමාව දක්වා ඇදී යද්දී, ක්ලින්ටන් සහ ට‍්‍රම්ප් යන දෙදෙනාම, පාලක පන්තියේ විවිධ පාර්ශවයන් අතර සිදුවන කාකොටාගැනීම් පිටුපසින්, ඇමරිකාවේ සහ ලෝකයේම කම්කරුවන් මුහුන දෙන මූලික ප‍්‍රශ්න වසංකරන අතර එකිනෙකාට එරෙහි අපවාද සෝලිවල පැටලී සිටී.

ඇමරිකානු යුද ධාවනය පිටුපස ඇති ප‍්‍රධාන අභිපේ‍්‍රරනය, රට තුල වර්ධනය වන පුපුරන සුලු සමාජ ආතතීන් පිටතට හරවා යවන, බාහිර සතුරන්ට එරෙහි යුද්ධ සඳහා වන පාලක පන්තියේ අවශ්‍යතාවයයි. ඉලක්කය වනුයේ පොදු නෛතික භාවයක් නැති ආයතන මගින් පාලනය කරන සහ ගැඹුරින්ම බෙදී ඇති රටක්, යුද්ධය හමුවේ ඒකාබද්ධ කිරීමයි. ජනගහනයේ පුලුල් කොටසකගේ ගර්හාවට ලක්ව ඇති ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා රටෙහි මෑත ඉතිහාසය තුල වඩාත්ම පිලිකුලට භාජනය වූ අයයි.

3. අධිරාජ්‍ය විරොධී අරගලයේ මූලෝපාය: ඉතිහාසයේ පාඩම්

ඉතිහාසය පෙන්වා දෙනුයේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය කම්කරු පන්තිය මත සහ ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් විය යුතු බවයි. වසර සියයකට පෙර, මිලියන 38 කට වැඩි මිනිසුන්ගේ ජීවිත බිලිගත් පලමුවන ලෝක යුද්ධයේ බිහිසුනු වාතාවරනය තුල රුසියානු විප්ලවය පැනනැගුනි. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහිව නිර්මානය කරනු ලැබූ හතරවන ජාත්‍යන්තරය මිලියන 60 කට වඩා මිනිසුන් මරා දැමීමට මග පෑදු දෙවන ලෝක යුද්ධයේ මුවවිටෙහි පිහිටුවනු ලැබිනි.

සීතල යුද්ධයෙන් මෙපිට ලෝක යුද්ධයක අනතුර වෙන කවරදාකටත් වඩා සමීපවී ඇති නමුත් ඇමරිකාව තුල හෝ ජාත්‍යන්තර වශයෙන් ක‍්‍රියාත්මක කිසිදු යුධ විරෝධී ව්‍යාපාරයක් ඇත්තේ නැතිකම අපූර්ව දේශපාලන සාධකයකි. ඉහල මධ්‍යම පන්තියේ ව්‍යාජ වාම සංවිධාන අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ උද්යෝගීමත් සහචරයින් බවට පත්වී ඇති අතර පාලක පන්තියේ සියලු පක්ෂ යුද්ධයට සහාය දක්වයි.

05 සම්මේලනය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩපිලිවෙල මත පදනම් වන අතර එය මෙලෙස අවධාරනය කරයි:

x යුද්ධයට එරෙහි අරගලය සමාජයේ සැබෑ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය.

x යුද්ධයේ මූලික හේතුව වන ආර්ථික පද්ධතිය එනම් ධනවාදයට එරෙහිව යොමු නොවේ නම් යුද්ධයට එරෙහි අව්‍යාජ අරගලයක් පැවතිය නොහැකි හෙයින් එය ධනේශ්වර විරෝධී සහ සමාජවාදී විය යුතුය.

x එය ස්වාධීන සහ පාලක පන්තියේ සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන වලට ප‍්‍රති පක්ෂ විය යුතුය.

x සියල්ලටත් වඩා එය, අධිරාජ්‍යවාදයට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් තුල කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගන්වන ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් විය යුතුය.

4. යුද්ධයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව නව ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය. අධිරාජ්‍යවාදී යුද ධාවනයේ ගාමකය වන එකී ධනේශ්වර අර්බුදයම සමාජවාදී විප්ලවය සදහා වෛෂයික කොන්දේසි නිර්මානය කරයි.

යුද්ධයේ වර්ධනය පසෙකින් පන්ති අරගලය නැගෙමින් තිබේ. විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම මූලික කර්තව්‍යයයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන අනුහස ලෝකයේ සෑම කොනකටම පැතිරවිය යුතුය. සියලු පාසල් සහ විශ්වවිද්‍යාල තුල සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ ශාඛා ගොඩනැගිය යුතුය. එලඹෙන අරගල වලට සූදානම් වීම සදහා ප‍්‍රධාන සේවා ස්ථානවල සහ කම්කරු පන්තියේ මූලික පාර්ශ්වයන් අතර කම්හල් සහ වැඩබිම් කමිටු සංවිධානය කල යුතුය.

නොවැම්බර් 05 සම්මේලනය, යුද්ධයට සහ ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් සූදානම් කිරීමේ සැතපුම් කනුවක් වනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය

Share this article: