නොවැම්බර් 5 සම්මේලනය, “ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය” සහ අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධව නව ව්‍යාපාරයක් ගොඩ නැගීම

The November 5 conference, “Socialism vs' Capitalism and War"” and the building of a new movement against imperialist war

2016 ඔක්තෝබර් 12

සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ නොවැම්බර් 5 ඩෙට්‍රොයිට් වල මිචිගන් හි වයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ දී “ධනවාදයට හා යුද්ධයට එරෙහිව සමාජවාදය” මැයින් යුද විරෝධී සම්මේලනයක් පවත්වති. මෙම සම්මේලනයේ අරමුන වන්නේ යුද්ධයේ වැඩෙන අන්තරාය වග විභාග කිරීම හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව්‍යාපාරයක් සඳහා එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව දේශපාලන පදනම දැමීම වේ.

සම්මේලනය කැඳවුම් කරනු ලබා ඇත්තේ වඩ වඩා පුලුල්වන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද ධාවනය මත සංකේන්ද්‍රනය වූ ඉමහත් භූ-දේශපාලන ආතතියක් මැද්දෑවේ ය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව එක්සත් ජනපදය විසින් මුදාහල ශතවර්ෂ කාර්තුවක යුද්ධය හා පසලොස් වසරක “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” බොහෝ ජනතාව දන්නවාට වඩා වේගයෙන් එක්සත් ජනපදයේ සතුරන් සමග ඍජු ගැටුමක් තුලට තල්ලුවෙමින් තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරනයේ අවසන් සති තුල ඔබාමා ආන්ඩුව එකිනෙකට අනුරූප ව රුසියාවට සහ චීනයට දෙකට ම විරුද්ධව එහි උද්ඝෝෂනය තීව‍්‍ර කරන අතර සිරියාව තුල ප‍්‍රධාන උත්සන්න කිරීමක් සුදානම් කරමින් සිටී. රුසියාව සමග යුද්ධයකට වේගයෙන් තල්ලු වී යා හැකිබව එක්සත් ජනපද මිලිටරි නායකයන් විසින් පිලිගෙන තිබෙන සිරියාව තුල පියාසර තහනම් කලාපයක් සඳහා ඇගේ සහයෝගය ඉරිදා ටවුන් හෝල් හි පැවති ජනාධිපතිවරන විවාදයේ දී ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් විසින් යලිත් ප‍්‍රකාශ කලාය.

ඇමරිකානු මාධ්‍ය විසින් මුලුමනින් ම වාගේ නොතකා හරිනු ලැබූ එක්සත් ජනපද මිලිටරි සංගමයේ වාර්ෂික සම්මේලනයට එක්සත් ජනපද නිලධාරීන් වොෂින්ටන් ඩීසී වලට පසුගිය සතියේ රැස්වූහ. ඔවුන් එහි දී රුදුරු තර්ජනයක් කල අතර දැවැන්ත මිලිටරි ප‍්‍රසාරනයක් ඉල්ලා සිටියහ. විශාල ජාතික රාජ්‍යයන් මැදිහත් වන අනාගත යුද්ධයක් “දැනටමත් සහතික කරනු ඇත”යි කාර්යමන්ඩල හමුදා ප‍්‍රධානි මාර්ක් මිලේ ප‍්‍රකාශ කලේ ය. “එක්සත් ජනපදයට විරුද්ධවීමට” උත්සාහ කරන්නන්ට ඔහු මෙසේ ප‍්‍රකාශ කලේය. “අපි ඔබ ව වලකන අතර ඉහත දී කිසි දිනක නොතැලූ ආකාරයෙන් තදින් තලන්නෙමු.”

“ඔවුන් ට අප ව නොතකා සිටිය හැකියයි සිතන සතුරන්ගේ” හොම්බ තැලීමට ඇමරිකානු හමුදාව සුදානම් කරනු ලබමින් තිබෙන බව ට නියෝජ්‍ය ආරක්ෂක ලේකම් රොබර්ට් වර්ක් අනතුරු ඇඟවූයේ ය. “සම්ප‍්‍රදායික අවිවලින් කෙරෙන ගැටුම් නුදුරු අනාගතයේ දී අතිශයින් ම මාරක සහ වේගවත් අවිවලින් කෙරෙන ගැටුම් බවට පත්වනු ඇත” යි කී මේජර් ජනරාල් විලියම් හික්ස් “කොරියන් යුද්ධයෙන් පසුව එක්සත් ජනපද හමුදාව නොදුටු පරිමාවේ ප‍්‍රචන්ඩත්වයන්” සඳහා සුදානම් වන ලෙස මිලිටරි නිලධාරීන් ට අවධාරනය කලේ ය.

ජානධිපතිවරන උද්ඝෝෂනය තුල මෙම දැවැන්ත යුද අන්තරාය මුලුමනින් ම වාගේ ඉවත තබා ඇති අතර එක්සත් ජනපදය තුල “වම” ලෙස පෙනී සිටින්නන් විසින් ද සම්පූර්නයෙන් ම නොතකා හරිනු ලැබ ඇත. සිය සම්පූර්න පාලන වාර දෙක තුල ම, රට අඛන්ඩව යුද්ධයේ නිමග්නව තැබූ ප‍්‍රථම ජනාධිපති ඔබාමා ගේ අට වසරත් ඇතුලුව විසිපස් වසරක යුද්ධයෙන් පසුව ක‍්‍රියාකාරී යුද විරෝධී ව්‍යාපාරයක් නැත.

අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධත්වය සංවිධානය කිරීමේ එක ම උත්සාහය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය සහ සසජාතශි විසින් කැඳවුම් කරනු ලැබ ඇති සම්මේලනය පමනි.

යුද විරෝධී විපක්ෂය අතුරුදහන් වීමට හේතුව කුමක් ද? එසේ වී ඇත්තේ එක්සත් ජනපදයේ සහ ලෝකයේ ජනතාව යුද්ධයට පක්ෂපාතී වී ඇති නිසා නොවේ. 2003 ඉරාකය ආක‍්‍රමනය කිරීමේ දී දසදහස් ගනන්, සමහර අවස්ථා වල දී මිලියන ගනනින් විරෝධතා පෙලපාලි පැන නැගුන යුද විරෝධී මනෝගතිය පහ වී ගොස් නැත. ඒ වෙනුව ට සිදු වී ඇත්තේ මෙම විරෝධතා ව්‍යාපාර විශාල වශයෙන් මෙහෙය වූ සංවිධාන අධිරාජ්‍යවාදී යුද්ධයේ උපදේශකයන් හා ක්ෂමාලාපීන් බවට පරිවර්තනය වීම ය.

“ස්වාධීන සමාජවාදී සංසදය ලෙස තමන් විසින් ම හඳුන්වා ගන්නා New Politics( නිව් පොලිටික්ස් ) වෙබ් අඩවියේ ස්ටැන්ලි හෙලර් විසින් පල කරනු ලැබූ ලිපියක් මෙම බලවේග විසින් ඉදිරිපත් කරනු ලබන තර්කවලට උදාහරනයකි. නිව් පොලිටික්ස් වෙබ් අඩවියේ ආරම්භක කතෘන් වන ජුලියස් සහ ජැකොබ්සන් 1940 දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙන් පලා ගොස් පසුව කොරියාව සහ වියට්නාමය තුල සිදු කෙරුන එක්සත් ජනපද ආක‍්‍රමන වල කප්පිත්තෙකු බවට පත් වූ මැක්ස් ෂැට්මන් ගේ දේශපාලන සගයන් වී සිටියහ. නිව් පොලිටික්ස් වෙබ් අඩවියේ කතෘ මන්ඩලයට ව්‍යාජ වාම සංවිධානවල සාමාජිකයෝ රොත්තක් ගාල් වී සිටිති.

“ඇලෙප්පෝව හා සිරියාව ගැන කෝපය” මැයෙන් සැප්තැම්බර් 28 වෙනිදා ඔහු ලියු ලිපියක දී “මෙය 2003 මෙන් සිතා බටහිර අධිරාජ්‍යවාදී අතිධාවනකාරිත්වයන් කෙරෙහි හැම කෙනෙක් ම අවධානය යොමු කල යුතු, බව සිතන අයට පහර දෙන ඔහු ප‍්‍රධාන ප‍්‍රචන්ඩ ක‍්‍රියාවට මේ දැන් ‘අධිරාජ්‍යය’ සමග කිසිදු සම්බන්ධයක් නැත” යි කියයි.

ප‍්‍රශ්නය එක්සත් ජනපදයේ භූමිකාව නොවන බවත්, “විදේශ බලවේගවල සහයෝගය ලත් (සමහර අවස්ථාවල දී අනකරනු ලැබූ), එකක් අර්ධ ෆැසිස්ට්වාදී (රුසියාව) සහ අනෙක ආගමික අධිකාරියක් (ඉරානය) බෂාර් අල් අසාද් ගේ ආන්ඩුවේ භූමිකාව බව හෙලර් අවධාරනය කරයි. සීඅයිඒ පිටුබලය ලත් සිරියාවේ මෙහෙයුමට විරුද්ධ වන කවරෙකුට හෝ අසාද්ගේ සහ රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සහකරුවෙක් ලෙස ඔහු අවමන් කරයි.

ඉරාකය තුල යුද්ධයේ දී එක්සත් ජනපදය මුදාහල අතිශය දුෂ්ට ප‍්‍රචාරක ව්‍යාපාරය පුනරුච්චාරනය කරමින් “වසර ගනනාවක සිට සිරියාව තහනම් පියාසර කලාපයක් පිලිබඳව කැඳවුම් කර ඇති” බව ප‍්‍රකාශ කරමින් සිරියාව තුල එක්සත් ජනපද මැදිහත්වීම ට මහ ජන සහයෝගය ගොනු කරයි. පියාසර තහනම් කලාපයක් ඉල්ලන කවරෙකු හෝ පෙන්ටගනයේ ඒජන්තයෙකු ලෙස තර්ජනය කරන ‘අධිරාජ්‍ය විරෝධී’, වම විසින් ඔහු ව පිටුපසට තල්ලු කරන” බව හෙලර් ලියයි.

සිරියාව කෙරෙහි වඩාත් ප‍්‍රහාරාත්මක පිලිවෙතක් ගැනීම පිනිස “ජනාධිපති අපේක්ෂකයන්”, විශේෂයෙන් ම ක්ලින්ටන් මත පීඩනය යොදන “සාම ව්‍යාපාරයක්” කැඳවුම් කරමින් හෙලර් ලිපිය අවසන් කරන්නේ, පියාසර තහනම් කලාපයට සහයෝගය දීම ඇතුලුව, “සිරියානු සිවිල් ජනයා ආරක්ෂා කිරීමේ යමක් කරන කිසියම් මනෝගතියක් ප‍්‍රකාශයට පත් කරන්නේ ‘හිලරි ක්ලින්ටන් පමනක්’” බව ඔහු ලියයි. “ක්ලින්ටන් දිනුවත් ජනවාරි වෙනකම් ඇය තනතුරට පත් නොවීම” ගැන ඔහු වැලපෙයි.

ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන් හි Socialist Worker (සෝෂලිස්ට් වර්කර්) කාලීන ලේකකයෙකු වන හෙලර් අයිඑස් ඕ, කොඩේපින්ක්, මිඩ්ල් ඊස්ට් ක‍්‍රයිසිස් කොමිටි සහ වෙනත් විවිධාකාර කන්ඩායම් විසින් නිර්දේශිත සාවද්‍ය ලෙස නම් කරනු ලැබ ඇති “රිවයිව් ද පීස් මූව්මන්ට්” (සාම ව්‍යාපාරය පුනර් ජීවනය කරනු) කන්ඩායමේ ද නායකයෙකි. ඉහත උපුටා දැක්වූ ඔහුගේ ලිපියේ හෙලර් සඳහන් කරන “සිරියාව ගැන විවෘත ලිපියක්” රිවයිව් ද පීස් මූව්මන්ට් මෑත දී ප‍්‍රසිද්ධ කලේ ය.

එය අසාද් ට විරුද්ධ උද්ඝෝෂනය යටපත් කරනු ඇතැයි ප‍්‍රකාශ කරමින් පසු ගිය මාසයේ සටන් විරාමය අසාර්ථකවීම ගැන ඔබාමා ආන්ඩුවට පහරදීම මත ලිපිය මධ්‍යගත කරයි. “කෙරී-ලෙව්රෝයි ගනුදෙනුව යටතේ අසාද් බලයේ සිටීම පවත්වාගෙන යාමට වොශින්ටනය සහ මොස්කෝව සහයෝගයෙන් කටයුතු කරනු ඇත” යි ලිපිය ප‍්‍රකාශ කරයි.

අයිඑස් ඕ වේ ඈස්ලි ස්මිත්, Against The Current (එගේන්ස්ට් ද කරන්ට්) කලමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්කෙල්, ග‍්‍රීන් පක්ෂයේ හෝවී හෝකින්ස්, කැම්පේන් ෆොර් පීස් ඇන්ඩ් ඩිමොක‍්‍රසි හි සම අධ්‍යක්ෂ ජොඈන් ලැන්ඩි, නිව්ස් ඇන්ඩ් ලෙටර්ස් කොමිටීස් හි ෆ්‍රෙඩ් මැක්ලෙන්බර්ග්, නිව් පොලිටික්ස් සම කතෘ සහ සොලීඩරිටි ව්‍යාපාරයේ ප‍්‍රමුඛ සාමාජිකයෙක් වූ ඩාන් ලා බෝට්ෂ් සහ ස්ට‍්‍රගල් ෆෝ සෙල්ෆ් ඩිටර්මිනේෂන් සමග සහයෝගයෙන් කටයුතු කරන ඇන්ටි වෝර් කොමිටි, බ්ලැක් ලයිව්ස් සමග සම්බන්ධ “මොරාල් මන්ඩේ” කන්ඩායමේ නියෝජිතයන් සහ තවත් බොහෝ අය ඇතුලු පලල් සභාගයක් විසින් ලිපියට අත්සන් කරනු ලැබ ඇත.

මෙම ලැයිස්තුව ට මාර්ක්ස්වාදයට ඔවුන්ගේ පොදු විරුද්ධත්වයත්, කම්කරු පන්තිය කෙරෙහි සතුරුකමත් තුල මුල් බැස ගත් අවියෝජනීය සම්බන්ධකමක් පවත්වාගෙන යන අනුබද්ධ සංවිධානයන් නියෝජනය කරන එක්සත් ජනපදය තුල සමස්ත ව්‍යාජ වම ඇතුලත් වෙයි. එගේන්ස්ට් ද කරන්ට් පල කරනු ලබන්නේ 1950 ගනන් වල ට්‍රොස්ට්කිවාදයෙන් බිඳුන පැබ්ලෝවාදී ප‍්‍රවනතාවය විසින් පල කරනු ලබන International Viewpoint (ඉන්ටර් නැෂනල් වීව්පොයින්ට්) සමග දේශපාලනික ව සම්බන්ධකමක් ද පවත්වාගෙන යන විවිධ ෂැට්මන්වාදී සංවිධාන වල එකතුවක් විසිනි. අයිඑස් ඕ ව ෂැට්මන්වාදී දේශපාලනයේ තවත් ශාඛාවකි. නිව්ස් ඇන්ඩ් ලෙටර්ස් හි සම්භවය ඇත්තේ රායා දුනයෙව්ස්කායා සහ සීඑල්ආර් ජේම්ස් ගේ “මාර්ක්සිස්ට් හියුමනිසම්” තුල ය.

ෆින්කෙල්මත් 1963 පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වූ සහ සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වර්කර්ස් ලීගය පිහිටුවීමට මූලිකත්වය ගත් ප‍්‍රවනතාවය ඊට පසු වසරේ ඉන් නෙරපූ සමාජවාදී කම්කරු පක්ෂයේ සාමාජිකයෙකි. ෆින්කෙල් මෑත දී ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට් පිටුපසු සිටින ප‍්‍රධාන සංවිධානය වන නිව් ඇන්ටි කැපිටලිස්ට් පක්ෂයේ ආධාරකරුවෙකු වන ගිල්බර්ට් අච්කාර් සමග සම්මුඛ සාකච්චාවක් කලේ ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑත දී සටහන් කල පරිදි අච්කාර් අයිඑස් ඕ සංවිධානයේ ඈස්ලි ස්මිත් සමග එක්ව සිරියාව තුල මැදිහත්වීමට උද්ඝෝෂනය කල ප‍්‍රධාන උද්ඝෝෂකයෙක් වන අතර ලිබියාව තුල යුද්ධයට සහයෝගය දුන්නේ ය.

විවෘත ලිපියට අත්සන් නොකල ව්‍යාජ වාම කන්ඩායම් එම ලිපිය තුල විස්තාරනය කල මූලධර්ම වලට විරුද්ධවීමෙන් වැලකුනේ නැත. උදාහරන වශයෙන් සෝෂලිස්ට් ඔල්ටර්නේටිව් කන්ඩායම ඇමරිකානු අධිරාජ්‍යවාදයට ආවරනය සැපයීම පිනිස යුද්ධය සඳහා ධාවනය නොතකා හැර ඇත. එක්සත් ජනපද විදේශ පිලිවෙතට සම්බන්ධව සැප්තැම්බර් 4 පල කල එහි අවසාන ලිපිය යුද්ධය පිලිබඳ අන්තරාය ලඝු කරන අතර ඇමරිකානු අධිරාජ්‍යවාදය පිලිබඳ අතිසාරදර්ශී පින්තූරයක් අඳියි. ඉරාකය ගැන සඳහන් නොකලත් මේ අවස්ථාවේ සිරියාව තුල පූර්න මිලිටරි ආක‍්‍රමනයක් ඔවුන් ට (එක්සත් ජනපදයට) දේශපාලනික ව කල නොහැකි ය. එම සංවිධානය විසින් ම කලින් පල කරන ලද ලිපියක “‘හමුදා යැවීමට’ ඇමරිකානු දේශපාලනඥයන් තුල පවතින ආන්තික අකමැත්ත” ගැන ලියයි.

මෙවන් ප‍්‍රකාශයන් කරනු ලබන්නේ ලෝකය පුරා පවතින ඇමරිකානු කඳවුරු 1,000 ආසන්න සංඛ්‍යාවකට දැනට දසදහස් ගනනක් සොල්දාදුවන් යවා තිබීම නොතකමිනි. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව ඇමරිකානු විදේශ පිලිවෙත පදනම් කරනු ලැබ ඇත්තේ විදේශයන් හි මිලිටරි අතිධාවනකාරිතාවයන් භාර ගැනීමේ ආන්තික කුලප්පුවක් මතය. සිරියාව සම්බන්ධයෙන් ගත් කල එක්සත් ජනපදය ඇත්ත වශයෙන් ම අල්කයිඩාව සමග සහයෝගී අල්-නුස්රා පෙරමුන සහ සෙසු කුලීකාර ඉස්ලාම්වාදී බලවේග සමග සන්ධානයක් සහිත ව වසර දෙකකට වැඩි කාලයක් රටට බෝම්බ හලමින් සිටී. එක්සත් ජනපදයේ තන්ත‍්‍ර මාරු කිරීමේ යුද්ධයෙන් සිරියාවේ දසදහස් ගනනක් මරනයට පත් වී ඇති අතර දස ලක්ෂ ගනනක් සරානාගතයන් බවට පත්ව සිටිති. සිරියාව මුලුමනින් ම වාගේ වැනසීමට වොෂින්ටනය වගකිව යුතු ය.

පූර්ව ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරය තුල දී සෝෂලිස්ට් ඔල්ටර්නේටිව් සංවිධානය මුලුමනින් ම කැප වූයේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති මැතිවරන නාමයෝජනා සඳහා බර්නි සෑන්ඩර්ස් ගේ උද්ඝෝෂන ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට ය. වෝල් වීදියට විරුද්ධ “සමාජවාදියෙකු” ලෙස පෙනී සිටින ගමන් ඔහුගේ පූර්ව මැතිවරන ව්‍යාපාරය පුරාම සෑන්ඩර්ස් ඔබාමාගේ යුද පිලිවෙතට සම්පූර්න සහයෝගය දුන්නේ ය. බෙහෙවින් රුසියානු විරෝධී පදනම මත තරඟ කරන සහ සිරියාව තුල අසාද් ගේ සහ රුසියානු හමුදාවන් ට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයන් උත්සන්න කිරීමට ප‍්‍රසිද්ධියේ සහයෝගය දෙන ක්ලින්ටන්ගේ උද්ඝෝෂනය සඳහා ඔහු දැන් උද්‍යෝගයෙන් උද්ඝෝෂනය කරයි.

ව්‍යාජ වම්මුන්ගේ අධිරාජ්‍ය ගැති නැඹුරුව මූලිකව වැරදි අදහස් හෝ එක් හෝ තවත් පුද්ගලයෙකුගේ කුනු වූ දේශපාලනයේ නිෂ්පාදනයක් නො වේ. මෙම සංවිධානවල එකඟතාවය පන්ති අවශ්‍යතාවයන් ප‍්‍රකාශයට පත් කරයි.

ඔවුන් නියෝජනය කරන්නේ ධනේශ්වර දේශපාලන කන්ඩායමකි. ඔවුන් කතා කරන්නේ ඉහල සියයට 10 ධනයෙන් විශාල පංගුවක් සහ සංගත ප‍්‍රභූව, වෘත්තීය සමිති සංවිධාන සහ රාජ්‍ය තුල වැඩි බලපෑමක් හා බලය උවමනා කරන වරප‍්‍රසාදිත මධ්‍යම පන්තික කොටස් වෙනුවෙනි. ජනගහනයෙන් දල වශයෙන් සියයට 10 සිට සියයට 1 දක්වා වන ඉහල මධ්‍යම පන්තිය විදේශයන්හි ඇමරිකානු ආධිපත්‍යය මත සහ රට තුල ආර්ථික හා වැටුප් කප්පාදු මත යැපෙන 2008 අවපාතය පිපිරීයාමෙන් පසුව ඇති වූ කොටස් වෙලඳපොලේ නැගීමෙන් විශාල වශයෙන් වාසි ලබා ඇත. ව්‍යාජ වම රැඩිකල් සහ “සමාජවාදී” වාක්‍ය ඛන්ඩ යොදා ගන්නේ ඔවුන්ගේ යුද්ධයට හා ධනාවාදයට ඇති නැඹුරුව වසන් කිරීම පිනිසය.

ව්‍යාජ වමේ ද්‍රෝහී දේශපාලනය ට විරුද්ධව යුද විරෝධී ව්‍යාපාරයක් කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන් විසින් වර්ධනය කිරීම වඩාත් ම හදිසි දේශපාලන කර්තව්‍ය වන්නේ ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2016 පෙබරවාරි 18 වෙනිදා නිකුත් කල “යුද්ධයට එරෙහිව සමාජවාදය ස‍ඳහා සටන” ප‍්‍රකාශය තුල අවධාරනය කල පරිදි එවන් ව්‍යාපාරයක් “එය පිටුපසින් සියලුම ප‍්‍රගතිශීලි බලවේග ඒකාබද්ධ කරමින් සමාජයේ දැවැන්තම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පාදක කලයුතු ය.” යුද්ධයට එරෙහි අරගලය ජාත්‍යන්තර විය යුතු ය, එය සමාජවාදී විය යුතුය සහ එය මුලුමනින් ම ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන වලින් ස්වාධීනව සහ ඒවාට විරුද්ධ විය යුතු ය.

ලෝක සමාජවාදී විප්ලවයේ ක‍්‍රියාමාර්ගයට හා ඉදිරිදර්ශනයට සටන් වදින එකම සංවිධානය එය පමනක් ම නිසා යුද්ධයට විරුද්ධත්වය බලමුලු ගැන්වීමට සටන් වදින්නේ හජාජාක පමනි. යුද්ධය නිෂ්පාදනය කරන එම ධනවාදී අර්බුදය ම පන්ති අරගලයේ වර්ධනය තුල යුද්ධය වැලක්වීමේ වෛෂයික පදනම ලෝකය පුරා කම්කරුවන්ගේ කෝපය සහ විරුද්ධත්වය දේශපාලනිකව සංවිධානය කර ධනපති ක‍්‍රමයට එරෙහි විප්ලවවාදී ව්‍යාපාරයක් දිසාවට යොමුකල යුතු ය. දේශපාලන නායකත්වයක් ගොඩ නැගිය යුතුයි. සසප සහ සසජාතශි විසින් නොවැම්බර් 5 සම්මේලනය සංවිධානය කරනු ලැබ ඇත්තේ මේ අරමුන සඳහාය.

එරික් ලන්ඩන් සහ ජෝශප් කිෂෝර්

Share this article: