ලෝකය යුද්ධයේ අද්දරට පැමිනෙයි

World teeters on the brink of war

2017 අප්‍ර්ල් 5

අප්‍රේල් 4දා උතුරු කොරියාවට එරෙහිව ඇමරිකානු නිලධාරින් ගනනාවක් කල අත්‍යසාමාන්‍ය ප‍්‍රකෝපකාරී වහසිබස් දෙඩීම් මගින් අවධාරනය කරන්නේ, ශාන්තිකර සාගර කලාපය තුල මහා යුද්ධයක් පුපුරායාම ට ආසන්න බව ය.

එක එක්සත් ජනපද නියෝජිතයෙක් මාධ්‍යවලට කියා සිටියේ, “රතුඉර පැන තිබේ”. උතුරු කොරියාව සමග දෙකින් එක බේරාගැනීමට “ඕනෑම පියවරක් දැන් ගත හැකිව ඇත.” උතුරු කොරියාව 4දා ජපාන මුහුදට තවත් පරීක්ෂන බැලිස්ටික් මිසයිලයක් විදීමෙන් පසු ව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් තර්ජනාත්මක ප‍්‍රකාශයක් කලේ ය: ”එක්සත් ජනපදය උතුරු කොරියාව පිලිබඳව කතාකර කර සිටියා ඇති. තවත් අපට කියන්නට දෙයක් ඇත්තේ නැත.”

මේ කෙටි හා තර්ජනාත්මක ප‍්‍රකාශ වල තේරුම, හිලරි ක්ලින්ටන් මෙහෙයුමේ ප‍්‍රමුඛ උපදේෂකයෙකු ව සිටි , ගිය නොවැම්බරයේදී ට‍්‍රම්ප් ගේ ආරක්ෂක ලේකම් තනතුර ප‍්‍රතික්ෂේප කල ජෝන් ‘ජැක්’ කීන් වැඩි දුරටත් විස්තර කලේ මෙසේ ය:

“මිසයිල මුදාහරින මධ්‍යස්ථාන, න්‍යෂ්ටික උමං කඳවුරු, කාල තුවක්කු, සහ රොකට් ප‍්‍රහාරක සහ පාලන තන්ත‍්‍රයේ නායකයන් යනාදිය එල්ල කරගත් කල්තබාම කෙරෙන පුර්ව භංග ප‍්‍රහාර යි දැන් ඉතුරුව ඇති විකල්ප වන්නේ.”

“උතුරු කොරියවාට එරෙහිව ‘තනිමතයට’ යුද වැදීමට තමා සුදානම් බව ”සෙනසුරා දා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කියා සිටියේය.

චීනයට එරෙහිව මිලිටරි පීඩනය උග‍්‍ර කිරීම ට පක්ෂ, හිටපු එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් සති අන්තයේ කිවේ, උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු යුද ආක‍්‍රමනයක් සමග උග‍්‍ර කෙරෙන ප‍්‍රචන්ඩත්වය, “පසු ගිය කොරියානු යුද්ධයෙන් පසු කාලයක දකින්නට නොලැබුනු උග‍්‍ර භාවයකින් යුක්ත වනු ඇති” බව ය. එම යුද්ධය මිලියන තුනක් ජීවිත නසා දැමිය.

ධවල මන්දිරය ශාන්තිකරයේ ප‍්‍රධාන යුද ගැටුමක් අවුලුවා ගැනීමට වෙර දරන තතු තුල එක්සත් ජනපද ප‍්‍රවෘත්ති මාධ්‍ය, සිරියාවේ බෂර් අල් අසාද්ගේ ආන්ඩුව රසායනික ආයුධ යොදා කැරලිකරුවන්ට පහර දුන්නේ ය යන කතාවක් උඩ එරටට එරෙහි යුද්ධය තවදුරටත් උග‍්‍ර කලයුතු යයි බෙරිහන් දෙමින් සිටි.

ප‍්‍රහාරය පිලිබඳව සිරියාව හෙලාදකින යෝජනාවක් එක්සත් ජනපදය , බ්‍රිතාන්‍යය සහ ප‍්‍රන්සය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට ඉදිරිපත් කර, බදාදා ඡන්දයට ගැනීමට නියමිතව ඇත. බෂාර් අල්-අසාද් තන්ත‍්‍රය කල රුදුරු ප‍්‍රහාරය හෙලාදකිමින්, එයට වරද හිටපු ජනපති ඔබාමාගේ ‘දුර්වලකම’ පිටු දැමීමේ ප‍්‍රකාශයක් ට‍්‍රම්ප් කලේය.

එක්සත් ජනපදය ඉරාකයට සහ සිරියාවට අමතර භටයන් සියගනන් යවන්නේ, මොනම ප‍්‍රසිද්ධ සාකච්ඡාවකින් හෝ තොරව ය. ගිය සතියේ, පෙන්ටගන් කථකයෙකු ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත් පතට කියා සිටි යේ, (ඇමරිකානු නායකත්වයෙන් යුත්) “සන්ධානය, ඉරාකය ට සහ සිරියාවට යවන හා ඉන් ඉවත් කරන ශක්‍යතා, භට සංඛ්‍යා, පිහිටි තැන්, හෝ ගමන් බිමන් පිලිබඳ තොරතුරු නිරතුරුව පිටකරන්නේ නැති” බවය.

ට‍්‍රම්ප් මේ සතියේදී ෆිනන්ෂල් ටයිම්ස් පුවත් පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී යලිත් කියා සිටියේ , “මම නම්, අපි මීලඟට ගහන්නේ මැදපෙරදිග අසවල් තැනට ය කියා කල්තියා කියන ජාතියේ එක්සත් ජනපද ජනධිපතියෙකු වෙන්නේ නැත... මොකට ද මේගොල්ල කතාකරන්නේ? කතා කරන්නට දෙයක් ඇත්තේ නැත.”

සිරියාවේ ඇවිලෙන යුද්ධයත් උතුරු කොරියාවට එල්ල කරන්නට ඉඩ තිබෙන “පුර්වභංග ප‍්‍රහාරයත්” සැබවින්ම ඇමරිකාව චීනය සහ රුසියාව යන සිය ලොකු භූදේශපාලන සතුරන්ට විරුද්ධව ප‍්‍රාදේශීය ගැත්තන් යොදාගෙන කරනු ලබන සටන් ය. ඒ අතරම ඉහතකී දෙරටට එරෙහිව සෘජු මිලිටරි ක්‍රියාවන්ට ද එක්සත් ජනපදය සැරසෙයි.

ගිය සති අන්තයේ දී නැගෙනහිර යුරෝපයේ නේටෝ එන්හාන්ස් ෆඩ් ප‍්‍රසන්ස් [උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ වර්ධිත පෙරටුබල ඇනියේ] අමතර භටයන් 1,350ක් ඊසානදිග පෝලන්තයට යවන ලදී. ඇමරිකානු රාජ්‍ය ලේකම් ටිලර්සන්ට අනුව, මෙම බලකායන් යොදවනු ඇත්තේ, පෝලන්තයේ, එස්තෝනියාවේ, ලැට්වියාවේ, සහ ලිතුවේනියාවේ කෙරෙන , “ප‍්‍රචන්ඩ රුසියානු උද්ඝෝෂන සහ රුසියානු ආක‍්‍රමනයට” විරුද්ධව ය.

ඉදිරි දින කිහිපය ඇතුලත ට‍්‍රම්ප් කරන්නට යන, රුසියාව විසින් අතරමැදි පරාසයේ න්‍යෂ්ටික බලයන් පිලිබඳ ගිවිසුම උල්ලංඝනය කරනු ඇති ය යන ප‍්‍රකාශය, එරට සමග ගැටුම උග‍්‍ර කිරීම සඳහා උපයෝගී කරගත යුතුය යි නිව් යෝක් ටයිම්ස් වැනි මාධ්‍ය හඬ තලති.

සිකුරාදා ට‍්‍රම්ප් අත්සන් කල විධායක නියෝග දෙක තුලින් ඔහුගේ චීන විරෝධී වෙලඳ යුද්ධ න්‍යාය පත‍්‍රය තීව‍්‍ර කරන අතර, මේ සතියේ චීන අගමැති ක්ෂී ජිම්පිංග් සමග ඔහුගේ හමුව ‘කර්කශ’ එකක් බව පවසා ඇත.

ට‍්‍රම්ප් පාලනය එලෙසම, නේටෝ ගිවිසුමේ තම සගයාවූ ජර්මනිය සමග ආතතිය උග‍්‍ර කරමින්, නේටෝ රටවල් ද තම ආරක්ෂක වියදම් වැඩි කලයුතු යයි බලකර තිබේ. ජර්මන් විදේශ ඇමති සිග්මර් ගේබ්‍රියල් එදිනම, එක්සත් ජනපදය ‘වෙලඳ යුද්ධයක’ යෙදී සිටින බවට චෝදනා කරමින්, යුරෝපා සංගමය එක්සත් ජනපදයට විරුද්ධව ලෝක වෙලඳ සංවිධානය ට පැමිනිල්ලක් කල යුතුව ඇති බව කියා සිටියේ ය.

ගෝලීය යුද සූදානමේ හරි මැද සිටින්නේ එක්සත් ජනපදය වන අතර, එරට ආධිපත්‍යය යටතේ ඇති ලෝක පර්යායේ අර්බුදය භූගෝල පරිමාන යුද ආතතින් අවුලුවමින් ඇත.

ලිස්බන් ගිවිසුමේ 50ස්වන කොන්දේසිය යටතේ එක්සත් රාජධානිය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ඉල්ලා යාන්තම් දින කිහිපයක් ගතවීමට පෙරාතුව, එරට සහ ස්පාඤ්ඤය මූලෝපායිකව වැදගත් ජිබ්‍රෝල්ටාව මුල්කරගත් ගැටුමක පැටලීගෙන සිටිති. මෙම දිවයිනේ අයිතිය උඩ යුද්ධයකට යන්නට බ්‍රිතාන්‍යය සූදානම් විය යුතු බව පසුගිය ඉරිදා හිටපු ටෝරි නායක මයිකල් හොවාඞ් ඇඟවුම් කලේ ය. බ්‍රිතාන්‍ය නාවුක හමුදා රියර් අද්මිරාල් ක්‍රිස් පැරි මෙසේ කීවේය: “අප සමග ගැටුමට යාම එතරම් ගුන නැති බව ස්පාඤ්ඤය ඉතිහාසයෙන් උගත යුතුය. අප ස්පාඤ්ඤ රජුගේ රැවුලට ගිනි තබන්නට ද බැරි නැත.”

මේ අතර ජපානය වේගයෙන් සන්නද්ධ වෙමින් සිටී. එරට මේ මාසයේ සිය දෙවන හෙලිකොප්ටර් හාරක නෞකාව දියත් කලේ ය. ගිය සතියේ පාලක ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂය, ජපානය“ප‍්‍රති-ප‍්‍රහාරක” අවි ලබාගත යුතු යයි යෝජනාවක් ඉදිරිපත් කලේ ය. එරට, ගුවන් යානා හාරක නැව් සහ දිගු-දුර මිසයිල වැනි අවි අත්පත් කරගැනුම, ව්‍යවස්ථාවෙන් තහනම් කොට ඇත.

ඒ සමගම මාධ්‍ය වාර්තා මගින් පෙන්නුම් කර ඇති පරිදි ඉන්දියාව, සිය න්‍යෂ්ටික අවි පිලිවෙත නිහඬව වෙනස් කරමින් සිටියි. නිව්යෝක් ටයිම්ස් පුවත් පත පසුගිය සතියේ පලකල වාර්තාවක් මෙසේ සඳහන් කලේ ය “යුද්ධයක පටන් ගැනීමේදී ම පකිස්ථානයට විරුද්ධව පුර්වභංග න්‍යෂ්ටික ප‍්‍රහාරයක් එල්ල කිරීම ගැන ඉන්දියාව සලකා බලමින් සිටි.”

සියවසකට පෙර ප‍්‍රථම ලෝක යුද්ධය ආරාම්භ වීමත් සමග සිදු වූ පරිදි, මුලූ මහත් ලෝකයම වෙඩි බෙහෙත් පීප්පයක් බවට පරිවර්තන වී ඇත. මේ කියන විවිධ ඝට්ටනයන්ගෙන් කොයි එක වුවත් අවුලුවාලනු ඇත්තේ, න්‍යෂ්ටික අවි බලවතුන් අතර සංග‍්‍රාමයකට තුඩුදෙන සිද්ධීන් මාලාවකි. එය මිලියන ගනන් නැතිනම් ලක්ෂ ගනනකගේ ක්ෂනික මරන වලට මග පාදනු ඇත.

අලුත් ලෝක යුද්ධයක ඉමහත් අන්තරාය, සමස්ත ධනේශ්වර පර්යායේ ප‍්‍රගාඪ අර්බුදය තුල බිඳ වැටෙමින් ඇති ජාතික රාජ්‍ය පද්ධතියේ ගැඹුරුවන අර්බුදයක ප‍්‍රකාශනයයි.

ලෝක ධනේශ්වර පාලක පන්තීන් අත මේ බිහිසුනු අර්බුදයට ඇත්තේ එකම විසඳුමකි. එනම් සකල භයංකාර තවත් ලෝක යුද්ධයකි.

ජාත්‍යන්තර කම්කරු පන්තිය මෙම යුද ධාවනයට විරුද්ධව තමන්ගේම ස්වාධීන සමාජවාදී වැඩ පිලිවෙල පෙරටු කර ගත යුතුය. ජාතික රාජ්‍ය පද්ධතිය සහ පුද්ගලික ධනපති දේපල අහෝසි කිරීම සහ සමස්ත ලෝක ආර්ථිකයම ලෝක පරිමාන සමාජවාදී සංයුක්තයක් යටතේ ප‍්‍රතිසංවිධානය කිරීමයි ඒ.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: