විශේෂ වාර්තාව: ට‍්‍රම්ප් ජනාධිපති වීමට එරෙහිව ලෝකය පුරා දැවන්ත විරෝධතා

Massive worldwide protests against Trump presidency

ලෝසවෙඅ වාර්තාකරුවන් විසිනි, 2017 ජනවාරි 21

එක්සත් ජනපදයේ හා ලෝකයේ පුරා මිලියන ගනනාවක් ජනතාව 21දා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පාලනාධිකාරයට එරෙහිව දැවන්ත පෙලපාලි දක්වමින්, බලගතු හා පෙර නො වූ විරූ විරෝධයක් පල කලහ.

සංවිධායකයින් හිතුවාට වඩා විරෝධතා දැවන්ත පරිමානයේ ඒවා විය. ව්‍යාපාරික මාධ්‍යය ඉන් මවිතයට පත් විය. 2003 ඉරාක ආක‍්‍රමනයට එරෙහිව පැවති විරෝධතාවන්ට පසු ගෝලීය වසයෙන් හටගත් විශාලතම මහජන විරෝධතා එසේ පුපුරා ගියේය. ඇන්ටාර්ටිකාවේ එක්සත් ජනපද පර්යේෂන මධ්‍යස්ථානයක් ද ඇතුලුව, සෑම මහාද්වීපයකම ස්ථාන 600 ගනනකදී පෙලපාලි පැවත්වුනි.

වොෂින්ටන් ඩීසී හි පෙලපාලිය

ට‍්‍රම්ප්ගේ සමාරම්භක උත්සවයට පසු වොෂින්ටන් නගරයේ පැවති රැලියකට 500,000කට වඩා පිරිසක් එකරාශී විය. එය ඊට පෙර දිනයේ ට‍්‍රම්ප්ගේ සමාරම්භක උත්සවයට සහභාගී වුනා යැයි පැවසෙන සංඛ්‍යාවට වඩා දෙගුනයක් වූ අතර ඒ සමාන සංඛ්‍යාවක් ලොස් ඇන්ජලීස් නගරයේ ද පෙලපාලි දැක්වූහ. ගනන් බලා ඇති ආකාරයට චිකාගෝ නගර මධ්‍යයේ 250,000ක් දෙනා රැස්වූහ. එහි දී ඇතිවූ තදබදය නිසා සැලැසුම් කෙරුනු පෙලපාලි අවලංගු කෙරුනි. පෙලපාලිකරුවෝ කැමැත්තෙන්ම එම ස්ථානයට රොක්ව සිටියහ.

බොස්ටන් නගරයේ පෙලපාලි වලට 150,000ක් සහභාගී වූහ. අඩ සියවසකට පෙර වියට්නාම් යුද විරෝධී පෙලපාලිවලට පසුව පැවැති විශාල ම පෙලාපාලිය එය බව වාර්තා විය. 100,000ක් දෙනා නිව් යෝක් නගරයේ ට‍්‍රම්ප් කුලුන පසුකර පෙලපාලියෙන් ගමන් කලහ. මිනසෝටා ප‍්‍රාන්තයේ ශාන්ත පෝල් හි 60,000ක, හා විස්කොන්සින් ප‍්‍රාන්තයේ මැඩිසන් හි 75,000ට වඩා පෙලපාලි වලට සහභාගී විය.

චිකාගෝ නගරයේ රැස්වූවන් ගෙන් කොටසක්

මෙක්සිකෝ, පැරිස්, බර්ලින්, ප‍්‍රාග් හා සිඩ්නි යන නගරවල ද පෙලපාලි පැවත්වුනි. 100,000 ක පමන පෙලපාලියක් ලන්ඩන් නගරයේ පැවැත්වුන අතර කාර්ඩිෆ්, එඩින්බර්ග්, ලීඩ්ස්, ලිවර්පූල්, මැන්චෙස්ටර්, හා උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හි ද පෙලපාලි පැවැත්වුනි.

මාධ්‍ය වාර්තා විරෝධතා පෙලපාලි හඳුන්වා දුන්නේ, ප‍්‍රජනන අයිතීන් හා නොයෙකුත් අනන්‍යතා දේශපාලනික ප‍්‍රශ්න වටා කේන්ද්‍රගත වූ ඒවා ලෙසට ය. කෙසේ නමුත්, ට‍්‍රම්ප්ගේ ආක‍්‍රමනකාරී මිලිටරි වැඩසටහන, දේශීය මර්දනය හා ව්‍යාපාර ගැති ප‍්‍රතිපත්ති ඇතුලු පුලුල් ප‍්‍රශ්න, පෙලපාලිවල සහභාගිත්වය විශාල වශයෙන් වැඩි කල බව විස්තර ප‍්‍රකාශකයන්ට පිලිගැනීමට බල කෙරුනි.

වොෂින්ටන් නගරයේ දැවන්ත පෙලපාලිය නගරයේ ගමනාගමන පද්ධතිය අවහිර කල අතර නගරයේ ගමනාගමන අධිකාරය සඳහන් කලේ එහි අතුරු මාර්ග පද්ධතිය ”තෙරපුම්” මට්ටමට ලඟා වී තිබුන බව යි. එය සමාරම්භක දින උත්සවයට සහභාගී වූ සංඛ්‍යාව මෙන් දෙගුනයකි. එසේ වූයේ ද සාමාන්‍ය වැඩ කරන දිනකට වඩා මගීන් සංඛ්‍යාව අඩු ව තිබූ අවස්ථාවක ය.

”කාන්තා පෙලපාලිය” නමින් හැඳින් වූ වොෂින්ටන් නගරයේ පෙලපාලියේ සංවිධායකයින්, ට‍්‍රම්ප් ජනාධිපතිකමේ අනතුරු පින්තාරු කලේ තනිකර ම වර්ගය හා ලිංගික පදනම මත ය. වේදිකාව මත වූ කතිකයන්ට ඩිමොක‍්‍රටික් කොන්ග‍්‍රස් සාමාජිකාවන් මෙන් ම කාන්තාවාදී ග්ලෝරියා ස්ටේයිනෙම් හා නලුවන් කිප දෙනෙකු ද ඇතුලත් වුනි. මිෂෙල් හා බරක් ඔබාමා ”අපගේ ශ්‍රේෂ්ට නායකයින්” යැයි ස්ටේයිනෙම්ගේ ප‍්‍රශංසාවට ලක් විය.

රැස්වීම්වල සංවිධායකයින්ගේ දේශපාලනයට හාත්පසින් වෙනස් ලෙස පෙලපාලිකරුවන් ප‍්‍රදර්ශනය කලේ, ෆැසිස්ට්වාදී හා යුද්ධයට ඇදුනු ට‍්‍රම්ප් පලනාධිකාරියට මෙන් ම ඔහුට මග පෑදූ සමස්ත දේශපාලන පද්ධතියට ම වන ප‍්‍රගාඪ හා අවංක වෛරය යි.

බැල්ටිමෝරයේ , මේරිලන්ඩ් වලින් පැමිනි මැඩ්ලේන් හා ෂෙකේ,

කැනේඩියානු ඇමරිකානුවෙකු වන මැඩ්ලේන් හා කොංගෝලීය ඇමරිකානුවෙකු වන ෂෙකේ, ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය ගැන ආවේගශිලී ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග කතා කලහ. ”ඒ ඔබට පක්ෂ දෙකක් පමනක් ඇති නිස යි. ඔවුන් දෙගොල්ලන් ම වග කිව යුතු යි. මෙම ජාතිකවාදය භයානක යි. අපි සියල්ලන් එක් විය යුතු යි, මන්ද අප සියල්ල සිටින්නේ මේ ලෝකය තුල නිසා” මැඩ්ලේන් පැවසුවා ය.

”අපි ජීවත්වන්නේ ගෝලීය ගමක, විශාල මකුලූ දැලක් වගේ අප සම්බන්ධ යි. දේශප්‍රේමිත්වය හා ජාතිකවාදය අප එකිනෙකාට එරෙහිව යොදා නො ගත යුතු යි” ෂෙකේ පැවසී ය.

උතුරු කැරොලිනාවේ, චැපල් හිල් වලින් පැමිනි රයන්

වොෂින්ටන් නගර පෙලපාලියේ විශාල කන්ඩායමක් තරුනයෝ වූහ. බොහෝ උසස් විද්‍යාල හා පසල්වල සිසුන් ඊට අයත් වුනි. උතුරු කැරොලිනාවේ, චැපල් හිල් වලින් පැමිනි රයන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසුවේ ය, ”ට‍්‍රම්ප් ජනාධිපති වීම ගැන මා භයවෙලයි ඉන්නෙ. එක ම ශඛ්‍ය ආර්ථික ක‍්‍රමය සමාජවාදය කියලා මම හිතනවා.”

රුසියාව සමග පවතිනවා යයි කියන බැඳීම්වල පදනම මත පමනක් ට‍්‍රම්ප්ට විරුද්ධ වන අතර ”ට‍්‍රම්ප් සමග වැඩ කිරීමට” සිය කැමැත්ත පල කිරීම සම්බන්ධයෙන් ෂෙකේ ඩිමොක‍්‍රටිකයන් හෙලාදුටුවාය. ”ඒක හාස්‍යජනකයි. දැන් මේ විදේශිකයන් නොරිස්සීම් සියල්ල ඩිමොක‍්‍රටිකයන්ටත් පොදුයි. අපට විරුද්ධවීමට ඇති තරම් දේවල් ට‍්‍රම්ප් දීලා තියෙද්දී ඩිමොක‍්‍රටිකයෝ ඒවායේ හිඟපාඩු පුරවනවා.”

පෙලපාලියට එක්වූ බොහෝ තරුනයෝ සමාජ අසමානතාවේ අති විශාල වර්ධනයක් ඇති කිරීමේ දී ඩිමොක‍්‍රටික් පක්ෂය ඉටු කල ක්‍රියාකලාපය ගැන තමන්ගේ විරුද්ධත්වය ප‍්‍රකාශ කලෝ ය. ඇමරිකානු විශ්වවිද්‍යාලයේ තරුන ශිෂ්‍යයෝ කීප දෙනෙක් යුද්ධය සම්බන්ධයෙන් ඔවුන්ගේ වෛරය ද විරුද්ධත්වය වඩා පුලුල් විරෝධතාවකට මග පාදනු ඇත යි බලාපොරොත්තු වන බව ද ප‍්‍රකාශ කලහ. ”ඩිමොක‍්‍රටිකයන් ඉන්නේ පොහොසතුන් වෙනුවෙන්” යයි ක්වින්සි නම් ශිෂ්‍යයා පැවසී ය.

රැචල් මෙසේ පැවසුවාය. ”නරක ම වැරැද්ද ක්ලින්ටන්ට නාමයෝජනා දුන්න එක. රජයේ අධ්‍යාපනයට මුදල් නෑ කියලා ඔවුන් කියනවා, ඒත් ආන්ඩුව මිලිටරිය සඳහා අසාධාරන මුදල් තොගයක් වියදම් කරනවා!”

එවැනි මනෝගතීන්, කොන්ග‍්‍රස් මන්ඩලය තුල ඩිමොක‍්‍රටික් පක්ෂ නායකයින්ගේ ආකල්පයන්ට වඩා මුලුමනින් ම වෙනස් ය, ඇමරිකානු සංගත උත්සුකයන් ප‍්‍රවර්ධනය කිරීමට ට‍්‍රම්ප් ආර්ථික ජතිකවාදීවාදය වැලඳගැනීම වෙනුවෙන් සහයෝගය ප‍්‍රකාශ කර ඇති ඔවුහු, රුසියාවට එරෙහිව වඩා ආක‍්‍රමනකාරී ආස්ථානයක් ඉල්ලා සිටිති.

සෙනෙට් සභා ඩිමොක‍්‍රටික් සුලුතර නායක ෂූමර් ස්කූමර් ට‍්‍රම්ප්ගේ සමාරාම්භක උත්සවයට ප‍්‍රශංසා කලේ, ”අද අපි සමරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කේන්ද්‍රීය ලක්ෂනය වන සාමකාමී ලෙස බලය මාරු කිරීම” යයි පවසමිනි. ජනාධිපති ඔබාමා නොවැම්බර් ජනාධිපතිවරනය ”ගේ ඇතුලේ කෝලාහලයක්” ලෙස විස්තර කල අතර ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් ”මුලුමනින් ම එකම කාන්ඩායමක” අය බව ප‍්‍රකාශ කලේ ය.

ලෝකය පුරා දැවන්ත පෙලපාලි ට‍්‍රම්ප්ගේ ජනාධිපතිත්වයට පවතින පුලුල් මහජන විරුද්ධත්වයේ මූලික ඇඟවුමක් පමනි. විදේශයන් හි යුද්ධය ද රට තුල මර්දනය ද හඹායාමට අධිෂ්ඨාන සහගත මෙම පාලනාධිකාරය යුද්ධය, සමාජ අසමානතාව, හා එය ඇති කල ධනේශ්වර පද්ධතියට ද විරුද්ධ දැවන්ත මහජන ව්‍යාපාරයකට මුහුන දෙනවා ඇත.

Share this article: