සීගේ බර්ලින් සංචාරය, ජී 20 සමුලුවට පෙර ඇමරිකානු-යුරෝ සංගමයේ ගැටුම් ඉස්මතු කරයි

Xi’s visit to Berlin highlights growing US-EU conflicts before G20 summit

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2017 ජූලි 6

ජූලි 7-8 දිනවල ජර්මනියේ හැම්බර්ග්හි පැවැත්වෙන ජී 20 සමුලුවට පූර්වයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් 5දා පෝලන්තයට පැමිනියේය. සමුලුව පැවැත්වෙන්නේ, වොෂින්ටනය හා යුරෝපීය සංගමය තුල එහි සම්ප‍්‍රධායික සහචරයින් අතර ආතතිය ගැඹුරු වන කොන්දේසි හමුවේය. ආර්ථික රැස්වීමක් යයි කියනු ලබන සමුලුව, උතුරු කොරියාව මුල්කරගෙන ඇමරිකානු-චීන මතභේද හා ආසියාව, මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපය තුල නැගෙන ඇමරිකා-යුරෝ සංගම් ගැටුම වැනි ලෝක මිලිටරි අර්බුද කෙරෙහි අවධානය යොමු කරනු ඇත. තවත් ප‍්‍රශ්නයක් නම් ට‍්‍රම්ප්, පැරිස් දේශගුනික ගිවිසුමෙන් ඉවත් වීමය.

ට‍්‍රම්ප් පෝලන්තයට පැමිනීමට පෙර ඇමරිකානු නිලධාරීහු, 4දා විසින් පියොංයෑන් තන්ත‍්‍රයට අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් පසුව, ආර්ථික වශයෙන් උතුරු කොරියාවේ බොටුව මිරිකීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීම මත චීනය හෙලා දකින ප‍්‍රකාශ ගොන්නක් නිකුත් කලහ. එසේ වුවත් 5දා බර්ලිනයේදී චීන ජනාධිපති සී ජින්පිං උනුසුම් ලෙසින් පිලිගත් අතර ආසියාවේ හා යුරෝපයේ ආර්ථික බල මධ්‍යස්ථාන වන දෙරට අතර වැඩෙන දේශපාලන හා වානිජ්‍ය බැඳීම් පිලිබඳව අවධානය යොමු කරනු ඇත. ඔහු මෙන්ම ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ද ඇමරිකානු පිලිවෙත සම්බන්ධයෙන් තියුනු විවේචන එල්ල කර තිබියදී සිදුවන සීගේ සංචාරයේ නොවැරදීම ප‍්‍රමුඛ ප‍්‍රශ්නය වන්නේ, ප‍්‍රධාන බලවතුන් අතර ලෝක ධනපති ආර්ථිකයේ හදවතෙහිම වර්ධනය වෙමින් පැතිර යන ගැටුම්ය.

මැයි මාසයේදී ඇය කල, දැන් ප‍්‍රකටව ඇති ප‍්‍රකාශය, එනම් යුරෝපයට තවදුරටත් හුදෙක් වොෂින්ටනය සමග පවතින මිත‍්‍රත්වය මත පමනක් රැඳී සිටිය නොහැකිය යන්න යලිත් අවධාරනය කරන්නේදැයි ඩි සේට් පුවත්පත ඇගෙන් විමසූ කල, “ඔව් ඇත්තෙන්ම එසේ” යයි ඇය පිලිතුරු දුන්නාය.

සී ජර්මනියට පැමිනියේ මොස්කෝවේදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමෙන් පසුවය. නායකයින් දෙදෙනා, වොෂින්ටනය සමග ආරවුලකට ලක්ව ඇති උතුරු කොරියාව පිලිබඳව පොදු පිලිවෙතක් මත එකඟත්වයකට පැමිනියහ. “ලෝකය යහපත් තැනක් බවට පත්කරන්න” යන මැයෙන් සී, ජර්මානු මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබා දුන්නේය. එමගින් චීන ජර්මානු සමීප මූලෝපායික සම්බන්ධතා වෙත අවධානය යොමු කල අතර, එය ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන පිලිවෙත ගැන තියුනු විවේචනයක් ද ගැබ්කර ගත්තේය.

චීන ජනාධිපති මෙසේ ලිවීය, ජර්මනිය හා චීනය, “ද්විපාර්ශවික සම්බන්ධතා ගැන මූලෝපායික සන්නිවේදනයක් ඇතිකර ගැනීමේදී මූලික ක්‍රියාකලාපයක් ඉටු කරනු ඇත...ලෝක වෙලඳ සංවිධානයෙහි හදවතේම පවතින බහු පාර්ශවික වෙලඳ පර්යායක විවෘත සංවර්ධනයට සහයෝගය දීමටත්, ගෝලීය ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට හැකියාව ඇති කරන වෙලඳ හා ආයෝජන සඳහා ජී 20 කැපවීම අවශ්‍යය.”

චීනය, රුසියාව, මැද පෙරදිග හා යුරෝපය එකට යා කරන යුරේසියානු යටතල ව්‍යූහ ජාලයක් වර්ධනය කිරීමේ, චීනයෙහි සේද මාවත/ එක් තීරයක් එක් මාවතක් යන සැලස්ම මර්කෙල් පැවැත්වූ මාධ්‍ය සමුලුවකදී ඇය විසින් අනුමත කරන ලදී. “එවන් ව්‍යාපෘතීන්ට සහභාගී වීම සතුටට කරුනක් වන බව විශ්වාස කරන අතර ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලිය විනිවිද භාවයකින් යුතුව පැවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව” ඇය පැවසුවාය.

යුරෝ-චීන නිදහස් වෙලඳ ගිවිසුමකට යොමුවූ හා රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ නව චීන මාවතෙන් පසුව, එරට වැඩ කිරීම සඳහා ජර්මානු ආයතන වලට විශාල අවස්ථා ද උදා වෙන ආයෝජන ගිවිසුමක් සඳහා වන සූදානම ද මර්කෙල් ගෙනහැර දැක්වුවාය.

චීනය විසින් මිලට ගනු ලබන ගුවන් බස් ජෙට් යානා සඳහා වන ඩොලර් බිලියන 22ක් කොන්ත‍්‍රාත්තුවකට ද ජර්මානු හා චීන නිලධාරීහු අත්සන් තැබූහ.

කෙසේ වෙතත් චීන හා යුරෝ සමාගම් අතර නැගී එන තරඟය හමුවේ මර්කෙල්, චීනය තුල ජර්මානු සංස්ථාවන්ට වඩාත් විශාල හා වාසිදායක තත්වයක් ඉල්ලා සිටියාය. “අපට වඩා සාධාරන ලෙස සැලකීමත් වෙලඳපොලට ප‍්‍රවිෂ්ටයත් අවශ්‍යය. ඒවා අපේ සමාගම් සඳහා ඉතා වැදගත්” යයි ද ඇය පැවසුවාය.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායම් නායක තෝමස් ඔපර්මාන් කියා සිටියේ, ජී 20 සමුලූව තුලදී යුරෝපීය බලවතුන් ඇමරිකානු අවශ්‍යතා පිලිබඳව වඩාත් දැඩි ස්ථාවරයක් ගත යුතු බවයි. “ට‍්‍රම්ප් පිලිබඳව වඩා සාමකාමී ලෙස කටයුතු කිරීමට ඔබ උත්සාහ කරන්නේ නම්, අවසානයේ බටහිර වටිනාකම් හෝදාපාලුවී යාමට තුඩු දෙනු ඇත. දැනටමත් පොඩි ට‍්‍රම්ප්ලා පෝලන්තයේ හා හංගේරියාවේ හිස ඔසවා තිබේ” යයි ඔහු පැවසීය.

ඇමරිකාව හුදෙකලා කිරීමට ට‍්‍රම්ප්ට එරෙහිව අනෙක් රටවල් 19 එක්සත් කරන්නැයි ද ඔපර්මාන් මර්කෙල්ගෙන් ඉල්ලා සිටියේය. “එය ඉටුකර ගැනීම සඳහා හොඳ අවස්ථාවක් තිබෙනු ඇත.”

සමුලුවට පෙර සී බර්ලිනයට පැමිනීම සලකුනු කරන්නේ, ස්ටැලින්වාදී නිලධරය විසින් 1991දී සෝවියට් සංගමය විසුරුවා හල තැන් පටන් ලෝක ධනවාදයේ කටයුතු මත අනුහස දැරූ ජාත්‍යන්තර ආයතන හා සන්ධානවල බිදී යාමයි. රුසියාව හා චීනය සමග යුද්ධයක් ඇවිලවිය හැකි, වොෂින්ටනය උතුරු කොරියාවට එල්ල කරන මිලිටරි තර්ජන හමුවේ නේටෝ බලවතුන් සමුලුවට සහභාගී වන්නේ, දරුනු මතභේද සමගය. සතුරු බලවතුන්ගේ එකතුවක් ලෙස සමුලුව ආර්ථික මන්ඩපයක් වනු නැත. සියල්ලන්ම බලන්නේ නව, බිහිසුනු ගෝලීය ගැටුමක සේයා පහලව තිබියදී තමන් කා සමග රැලි වන්නේ ද යන්න තීන්දුකර ගැනීමටය.

ට‍්‍රම්ප් පෝලන්තයට යාමමත්, පශ්චාත් සෝවියට් යුගයේ යුරෝ සංගමය සමග පලමු ප‍්‍රධාන ගැටුම අවධියේ ඇමරිකානු මූලෝපාය යලි මතුකර ගැනීමකි. බර්ලිනයේ හා පැරිසියේ විරුද්ධත්වය මධ්‍යයේ බුෂ් ආන්ඩුව නීති විරෝධී ඉරාක ආක‍්‍රමනයට සූදානම් වූ 2002දී, ඇමරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ්, ආක‍්‍රමනයට විරුද්ධ “පැරනි යුරෝපීය” රටවලට එරෙහිව නැගෙනහිර යුරෝපීය රටවල “නව යුරෝපය” පෙලගැස්වීය.

ලෝකයේ ප‍්‍රමුඛ ආර්ථිකයන් අතර මෙම වැඩෙන ගැටුම්, ජාත්‍යන්තර වශයෙන් කම්කරුවන්ට අනතුරු ඇඟවීමක් වේ. ඊයේ සී බර්ලිනයට පැමිනීමත් අද ට‍්‍රම්ප් පෝලන්තයට යෑමත් සලකුනු කරන්නේ, වසර 15ට පෙර ඉරාකය පිලිබඳව වොෂින්ටනය හා බර්ලින්-පැරිස් අක්ෂය අතර හටගත් ගැටුම හුදෙකලා වර්ධනයක් නොවන බවයි. ඊට වඩා එය, එකිනෙකා සමග තරග වැදී සිටින ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ව්‍යාපාරික ආසක්තයන් පිලිබඳ ගැටුම තුල මුල් බැස තිබේ. මේවා පසුගිය සියවසේ දෙවරක් ලෝක යුද්ධ වලට තුඩු දුන්නේය.

ජී 20 සමුලුව ආසන්නයේ පෝලන්තයට යාමෙන් ට‍්‍රම්ප් උත්සාහ කරන්නේ, යුරෝ සංගමයට විපක්ෂව බලවේග දිරිමත් කිරීමටය. විශේෂයෙන්ම එහි අධිකාරවත් බලවතා වන ජර්මනියට එදිරිව. ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේම “අන්තිම නරක” යයි පැවසූ ජර්මනියේ වෙලඳ ප‍්‍රතිපත්තියේ කොටසක් ලෙස එරට ඇමරිකාවට කරන මෝටර් රථ නිර්යාත කපා හරින බවට ඔහු තර්ජනය කලේය. පෝලන්තයේ නාසි පෑගීමට එරෙහි 1944 වොර්සෝ නැගිටීම සිහිපත් කරන ස්මාරකය ඉදිරියේ ට‍්‍රම්ප් අද දිනය තුල කථා කිරීමට නියමිතය. ජර්මන් මිලිටරිය විසින් ම්ලේච්ඡ ලෙස මඬිනු ලැබූ එහිදී ජීවිත 200,000ක් විනාශ කෙරුනි.

පෝලන්තයේ පාලක අන්ත දක්ෂිනාංශික නීතිය හා සහයෝගිතාවයේ පක්ෂයෙහි නිලධාරීන්, ට‍්‍රම්ප්ට සහාය පල කරන සෙනග රැස්කිරීමේ උත්සාහයක නිරත වෙමින්, පක්ෂ ආධාරකරුවන් විශාල සංඛ්‍යවක් වෝර්සෝවට බස් මගින් ප‍්‍රවාහනය කිරීමේ නිරතව සිටියි. එම පක්ෂයේ නායක ජරොස්ටාව් කැකින්ස්කි, ජී 20 පෙරාතුව ට‍්‍රම්ප් වෝර්සෝවේදී කථා කිරීමට ගත් තීරනය හුවා දක්වමින්, 1දා පැවති පක්ෂ සමුලුවේදී පැවසුවේ, “අපි නව සාර්ථකත්වයක් අත්කරගෙන සිටිමු. එනම් ට‍්‍රම්ප්ගේ පැමිනීමයි. අනෙකුන් එයට ඊර්ශ්‍යා කරයි, එය මුල්කරගෙන බ්‍රිතාන්‍ය අපට පහර දෙයි” යනුවෙනි.

පෝලන්ත සංචාරය ඔහු කෙරෙහි ජනතාවගේ පුලුල් සහයෝගයක් පිලිබිඹු කරන්නක් නොවේ. ජනමත විමසුමකට අනුව, බ්‍රිතාන්‍යයේ සියයට 22 සමග සසඳන කල, ජාත්‍යන්තර දේශපාලනය තුල ට‍්‍රම්ප් “නිවැරදි යයි” සලකන්නේ පෝලන්ත ජනතාවගෙන් සියයට 23ක් පමනි. නීතිය හා සහයෝගිතා පක්ෂය බලාපොරොත්තු වන්නේ, පෝලන්ත අධිකරන ක‍්‍රමයේ බලතල උදුරාගෙන ඇති බවටත්, පෝලන්තය තුලට සංක‍්‍රමනිකයින්ගේ පැමිනීම අවහිර කල බවටත්, අන්ත දක්ෂිනාංශික මිලිෂියාවන් ගොඩනගා ඇති බවටත් ආඥාදායක තන්ත‍්‍රයක් පැලපදියම් කර ඇති බවටත් පෝලන්ත තන්ත‍්‍රය විවේචනය කල යුරෝ සංගමය සමග කටුක ගැටුම් ඇතිවී තිබෙන තතු හමුවේ, තමන්ට බලගතු මිතුරන් සිටින්නේය යන පනිවිඩය නිකුත් කිරීම පිනිස ට‍්‍රම්ප්ගේ සංචාරය ගසා කෑමටය.

ඇමරිකානු නිලධාරීන් පැහැදිලි කල පරදි ට‍්‍රම්ප්, පෝලන්තයේදී පවත්වන සිය කථාව යොදාගැනීමට අදහස් කරන්නේ, වොෂින්ටනය හා යුරෝපීය බලවතුන් අතර නේටෝ සන්ධානය තුල හා යුරෝපය තුල නැගෙමින් තිබෙන ගැටුම් පිලිබඳ සිය ආස්ථානය පැහැදිලි කිරීමටය.

සතියේ ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෙනරාල් මැක්මාස්ටර් පැවසුවේ, “ඔහු (ට‍්‍රම්ප්*)ඉතිහාසයේ අන්ධකාරම පැයේදී පෝලන්ත වැසියන් දක්වා ඇති දිරිය බලය අගය කරනු ඇති අතර, යුරෝපීය බලවතෙකු ලෙස පෝලන්තයේ මතුවීම සමරනු ඇති” බවත්ය. ”යුරෝපය සමග අනාගත ඇමරිකානු සම්බන්ධතා ගැන පමනක් නොව, අපගේ අන්තර් අත්ලාන්තික් සන්ධානයේ අනාගතය ගැනත්, ඇමරිකාවේ ආරක්ෂාව හා ඇමරිකානු සෞභාග්‍යය සම්බන්ධයෙන් එහි අර්ථයත් පිලිබඳ දැක්මක් ඔහු විසින් ගෙනහැර දක්වනු ඇත.”

Share this article: