ග්‍රෙන්ෆෙල් මහල් නිවාස ගින්නේ දේශපාලන ඇඟවීම්

The political implications of the Grenfell Tower fire

2017 ජූනි 27

එලඹෙන වසර ගනනාව තුල ග්‍රෙන්ෆෙල් සිද්ධියට “පෙර” සහ “පසු” ප‍්‍රකාරව බ්‍රිතාන්‍යයේ දේශපාලන ජීවිතය ගැන සඳහන් කිරීම අවශ්‍ය වනු ඇත. මෙය ඒ සා පරිමාන කෲර ඛේදවාචකයක් වන තරමට ම එය සිදු වූ ලෝකයේ ධනවත්ම නගර අතරින් එකක් වන ලන්ඩනයේ ය. එමෙන් ම එය, ලන්ඩන් හි ධනවත්ම ඡන්ද කොට්ඨාශයක පවතින පන්තිමය - සමාජ සම්බන්ධතා යටින් පවතින යථාර්ථය හෙලිදරව් කර ඇත.

ග්‍රෙන්ෆෙල් යනු ජාතික ව්‍යසනයකි. වසර 100 කට වැඩි කාලයක් තුල බ්‍රිතාන්‍යයේ සිදුවු දරුනුතම ගින්නෙන් දින දහතුනකට පසු, ඝාතනය වු සංඛ්‍යව නිල වශයෙන් පිලිගැනීම තවමත් කෙරී නොමැත - එක්කෝ බලධාරීන්ට මරන සංඛ්‍යාව පිලි නොගන්නා ලෙස තර්ජනය කොට ඇත; නො එසේ නම් ග්‍රෙන්ෆෙල් වැසියන්ගේ ජීවිත පිලිබඳව වගේ වගක් නැතිව ඔවුහු නොදන්නා ලෙස ඔහේ සිටිති.

සෑම දිනක් පාසා ම ව්‍යසනය පිලිබඳව පෙර නොවූ විරූ පරිමානයේ අලුත් තොරතුරු ගෙන එයි. - දිවි ගලවා ගැනීමේ බලාපොරොත්තුවක් නොමැතිව නැසී ගිය නිවැසියන්, හෙලිදරව් ප‍්‍රකාශයක එන ගිනි නිවන භටයන්ගේ සිද්ධි විස්තර කිරීම්, දිවි ගලවා ගත් අය, ඥාතීන් හා ප‍්‍රදේශවාසීන්ගේ සන්තාපයන් ඒ අතර වේ.

දහස් ගනනක් ජීවත් වන්නේ තමන්ගේ හා තම දරුවන්ගේ ජීවිත අනතුරේ හෙලෙන තතු තුලය. කුඩා ගින්නක් සියල්ල දවා හලු කෙරෙන මහා ගින්නක් බවට පත්වීමට ඉඩ ඇති ඒ හා සමාන ආවරන හා පරිවරන සහිත නේවාසික මහල් නිවාස කුලුනු 600 ක් පවතී. මෙතෙක් පරීක්ෂා කර ඇති මහල් නිවාස කුලුනු 75 න් සෑම තනි නියැදියකම අනාරක්ෂිත බව ඔප්පු වී ඇත.

දැනට පාසල් 30,000 ක්, එමෙන් ම රෝහල්, ශිෂ්‍ය නේවාසිකගාර, හෝටල් සහ පාපන්දු ක්‍රීඩාංගනයක්ද පරීක්ෂා කරමින් තිබේ. කාර්යාල, වෙලඳ මධ්‍යස්ථාන හෝ වෙනත් වානිජ දේපල පිලිබඳව බැරෑරුම් විමර්ශනයක් තවමත් සිදු වී නැත.

ග්‍රෙන්ෆෙල් ජාත්‍යන්තර මානයන් අත්කර ගෙන ඇත. මෙම ගින්න අහම්බයක් නොවන මුත් අපේක්ෂිතව පැවතුනකි. ආවරනවල අනාරක්ෂිතභාවය සම්බන්ධිත මීට අඩු ඛේදවාචකයන් අඩුම වශයෙන් 20 ක් ලොව පුරා ම ප‍්‍රධාන උස් ගොඩනැගිලිවල සිදු විය. එක්සත් ජනපදයේ ආකොනික්, කලින් ඇල්කොවා ලෙස හැඳින්වූ ආවරන නිෂ්පාදකයාගේ නිපැයුම් ඇමරිකාවේ තහනම් කර ඇති අතර දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ යුරෝපයේ තහනම් කර තිබිය දී එක්සත් රාජධානියෙහි අලෙවි කෙරේ. ගිනි එක්සත් රාජධානියේ ගොඩනැගිලි රෙගුලාසි මැද පෙරදිග සහ බ්‍රිතාන්‍යයට යටත්ව පැවති පොදු රාජ්‍ය මන්ඩලීය රටවල්වල අච්චුවක් ලෙස භාවිතා කෙරෙන බව ට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

බ්‍රිතාන්‍යයේ පමනක් නොව ලෝකය පුරා සිදු වූ දේ ගැන කම්පා කරවන තත්වයක් ඇතිවීම පුදුමයක් නොවේ. ඛේදවාචකය අතිවිශාල වන්නා සේ ම එහි ගම්‍යතාවන් ද අතිමහත්ය. බොහෝ දෙනා තවමත් සිදු වී ඇති සියල්ල සහ නිරාවරනය වී ඇති සියල්ල උකහා ගැනීමට උත්සාහ කරති.

එහෙත් ඛේදවාචකය තුලින් බිහිවූ කම්පනය කෝපය සමග මිශ‍්‍ර වී ඇත. ග්‍රෙන්ෆෙල් හදිසි අනතුරක් නොව අපරාධයක් බව මිලියන සංඛ්‍යාත ජනයා අවබෝධ කරගෙන ඇත. මෙය මුලුමනින් ම කොන්සර්වේටිව් සහ ලේබර් ආන්ඩු සහ ඔවුන්ගේ ප‍්‍රාදේශීය නියෝජිතයින් විසින් මාරුවෙන් මාරුවට ගෙන ගිය දශක හතරක අවනීතික පාලනයේ ප‍්‍රතිපලයක් වන අතර ඔවුහු මහජන සංහාරයෙහි අපරාධකරුවෝ වෙති.

සියයක් හෝ ඇතැම් විට ඊට වැඩි ගනනක් ජනයා දැවී මරනයට පත් වී ඇත්තේ හුදෙක් ම ඔවුන් සුපිරි පොහොසතුන් පමනක් අනුග‍්‍රහය ලබන සමාජයක දුප්පත් සහ කම්කරු පන්තියේ අය වූ නිසා ය.

තැතිගන්වන ජීවිත අහිමිවීම කොල්ලකාරී ධනවාදය වැඩකරන ජනයාගේ පරම්පරාවන් මත පටවා ඇති විනාශයේ තරම සංක්ෂේපයෙන් පෙන්නුම් කරයි. එය සමාජයේ ධනය දැවැන්ත හා අඛන්ඩව දුප්පතුන්ගෙන් පොහොසතුන්ට මාරු කිරීමෙහි ප‍්‍රතිපලයකි.

කුලුනේ දැවී ඉතුරු වූ රොඩ්ඩ චෝදනාවේ ඇඟිල්ල දිගු කරන්නේ මාග‍්‍රට් තැචර් සහ ඇගේ අනුගාමිකයන් වූ බ්ලෙයාර්, බ‍්‍රවුන්, කැමරන්, තෙරේසා මේ වැනි සියල්ලන්ගේ ම දේශපාලන සමාජපථයේ සාපරාධීභාවය - ගෝලීය ප‍්‍රභූන්ගේ සේප්පු සහ සාක්කු පිරවීම සඳහා නිර්මානය කරන සමාජ නාශකවාදයේ උන්මාද උත්සවය දෙසට ය.

දැන් විදේශ ලේකම්වරයා වන හිටපු නගරාධිපති, බොරිස් ජොන්සන් විසින් ලන්ඩන් නගරයේ ගිනි සේවා සිඳලීම ඇතුලුව - අත්‍යවශ්‍ය සේවා කප්පාදු කිරීමට ඔවුන් යෙදූ උපක‍්‍රම ද මීට හේතු වී තිබේ - 1999 න් ආරම්භ වී 2009 ලකානාල් මන්දිරයේ සිදුවු ගින්න ද ඇතුලුව එක්සත් රාජධානියේ ගිනි ගැනීම් පිලිබඳ පරීක්ෂන මගින් ගෙනා අනතුරු ඇඟවීම් නොතකා හැරීම සහ ආරක්ෂිත විධිවිධාන තඹ සතයකට මායිම් නොකිරීම ද ඒ අතර වේ.

ග්‍රෙන්ෆෙල් නිවැසියන් විසින් දිගින් දිගටම මහල් නිවාසයේ අවදානම් සහගත කොන්දේසි පිලිබඳව අනතුරු ඇඟවීම් ඉස්මතු කිරීමට උත්සාහ දරන ලදී - විශේෂයෙන් ම එය පවත්වාගෙන ගිය ටෝරි සභාව සහ එය කුලියට ලබාදුන් සමාගම්වලින් අවශ්‍ය “නවීකරන කටයුතු” සඳහා ඉල්ලීම් කලද - එවුන් එය නොතකා හැරියා පමනක් නොව, ඉදිරිපත් කල අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද තර්ජනය කෙරිනි.

, ලිංගික හා ලිංගික දිශානතිය මත පදනම් වූ දේශපාලනයේ තකතිරුකම ග්‍රෙන්ෆෙල් සිද්ධිය මගින් හෙලිදරව් කර තිබේ. අනුකම්පාව සහ සහයෝගිතාවයේ විශ්වීය ප‍්‍රගතික්‍රියාව තුල ගින්න සාපරාධීත්වය දෙසට වෛරීය ප‍්‍රකාශිතය ජනනය කර තිබෙන අතර, පන්ති සමාජය තුල අතිමූලික බෙදීම ලෙස යලි යලිත් තහවුරු වීම අපි දැක්කෙමු.

මෙම පිබිදීම පූර්ව දශකවල කටුක අත්දැකීම මගින් පෙන්නුම් කර ඇත්තේ වැඩ කරන ජනතාවගේ දේශපාලන සවිඥානිකභාවයේ පුපුරන සුලු පිම්මක් ලෙස ය.

1905 රුසියානු විප්ලවය පරාජය කිරීමෙන් පසුව, එහි පන්ති අරගලය වසර ගනනාවක් තිස්සේ පස්සට තල්ලු වූ අතර දේශපාලන ප‍්‍රතිගාමීත්වයේ ජයග‍්‍රහනයක් ලෙස පෙනී ගියේ ය. 1912 ලෙනා ගෝල්ඩ්ලිෆීල්ඩි හී වර්ජිත කම්කරුවන් 250 ක් සමූලඝාතනයෙන් පසුව මේ සියල්ල වෙනස් විය. මෙම ජනඝාතනය උත්ප්‍රේරක බලපෑමක් ඇති කරමින්, පවත්නා පර්යාය කෙරෙහි රුසියානු ජනතාවගේ යටපත් ව පැවති විරුද්ධත්වය යලි පුබුදු කල අතර මහජන වැඩවර්ජන රැල්ලක් හා විප්ලවවාදී මනෝගතීන් යලි මතුවීමක් සිදු විය.

රාජධානියේ මෙන්ම ලෝකය පුරා වෙසෙන කම්කරුවන් පන්ති අරගලයත් කම්කරුවන්ගේ සමාජවාදී විඥානයත් යටපත් කරනු ලැබූ දීර්ඝ කාල පරිච්ඡේදයක් තුල ජීවත් විය. මිලියන ගනනක් ජනයා මිට වන්දි ගෙවනු ලැබුවේ ඔවුන්ගේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන් අතුගා දැමීමෙන් හා එක් රටකට පසු තවත් රටක නොනවතින යුද්ධයකින් සියවස් කාලක් තිස්සේ පීඩා විඳිමෙනි.

නමුත් මෙයද අවසානයකට එමින් තිබේ.. 1917 ඔක්තෝබර් මාසයේ දී ධනේශ්වර ප‍්‍රතිගාමීත්වය විප්ලවවාදීව පෙරලා දැමීමේ දී මහජනතාවට නායකත්වය දීමට බොල්ශෙවික් පක්ෂය අවශ්‍ය වූයේ මන්ද යන කාරනයත් - මෙම වීරෝදාර අරගලය එක්සත් රාජධානිය ඇතුලූ බොහෝ රටවල සහයෝගය දිනා ගත්තේ මන්ද යන්නත් කම්කරුවන් හා තරුනයින්ට මෙනෙහි කරන නව ඓතිහාසික වේදිකාවක් විවෘත වෙමින් තිබේ.

මෙම සති අන්තයේ ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් ග්ලාස්ටන්බරිහිදී 200,000 ක ජනකායක් ඉදිරියේ කතා කලේය. ඔහු සිය කතාවේදී මෙසේ ඇසුවේ ය: “ග්‍රෙන්ෆෙල් කුලුනේ සිදුවූ සංත‍්‍රාසය දැක, තමන් ජීවත්වන්නේ කොතැනක, කුමන මොහොතකදැයි බොහෝදෙනා බිය වී සිටිත් ද ?”

1869 දී පීටර්ලූ සමූලඝාතනයට ප‍්‍රතිචාර දැක්වමින් කම්කරුවන්ට කල ෂේලිගේ ප‍්‍රසිද්ධ නිරෝධාඥාව කෝබින් උපුටා දැක්වූවේ ය: “නිද්‍රාවෙන් පසු සිංහයන් මෙන් නැගී සිටින්න.”

එහෙත්, ඔහුට වුවමනා වන්නේ බැටලු පැටවුන් මෙන් කම්කරු පන්තිය සැතපී සිටීම ය. ඔහුගේ අරමුන වන්නේ, “බුද්ධිමත් මිනිසුන්ගේ” “එකමුතුව” ආදී ලෙස ඔහුගේ පූජක ලීලාවේ කැඳවුම මගින් මහජන කෝපයේ හුස්ම හිර කරවීම හා සමාජ සාමය පුනස්ථාපනය කිරීමයි. එබැවින් ඔහු සහය දක්වන්නේ ග්‍රෙන්ෆෙල් සිද්ධිය කෙරෙහි සෘජු කෝපය පොදු විමර්ශනයක ආරක්ෂිත නාලිකා තුලට ඇතුලු කිරීමට අගමැති තෙරේසා මේ දරන උත්සාහයට ය- යම් ප‍්‍රවේසම් සහිත වියදම් දරා වඩා සැලකිය යුතු ප‍්‍රතිසංස්කරන පසුවට එනු ඇතැයි යන්න මෙතැන් සිට වසර කීපයක් ඉදිරියට ඇදගෙන යාමට ඔහු මාන බලයි.

නම්, මූල්‍ය කතිපයාධිකාරයේ හා සමාජය මත බලපවත්වන එහි දේශපාලන පක්ෂවල ආධිපත්‍යය අවසන් කිරීම සඳහා දේශපාලන ප‍්‍රහාරයකින් මිස ග්‍රෙන්ෆෙල් මගින් හෙලිදරව් කෙරුනු දැවැන්ත සමාජ ව්‍යසනයට වෙනත් පිලිතුරක් නොමැති බව ය. සුපිරි පොහොසතුන්ගේ ධනය හා වත්කම් අත්පත් කර ගැනීමෙන් හැර, මිලියන ගනනක් නිවාස, පාසල්, රෝහල් සහ වෙනත් පොදු ගොඩනැගිලි සුරක්ෂිත කර ගත හැක්කේ කෙසේද? ඒ සා මට්ටමේ අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේද?

ක්‍රිස් මාස්ඩන්

Share this article: