සමාජවාදය උදෙසා අරගලය සහ සෞඛ්‍ය සේවාව

Health care and the fight for socialism

2017 ජුනි 24

ඔබමා කෙයාර් සෞඛ්‍යරක්ෂන ක‍්‍රමය අහෝසි කොට ඒ වෙනුවට වෙනත් ක‍්‍රමයක් පැනවීමට සෙනෙට් සභාවේ රිපබ්ලිකන් පාක්ෂිකයන් ගිය බ‍්‍රහස්පතින්දා ඉදිරිපත් කල පනත එන්නේ ගියමස නියෝජිත මන්ත‍්‍රීමන්ඩලයේ ඉදිරිපත් කෙරුනු එබඳු ම පනතකට ඉක්බිතිව ය. පනත් දෙක ම 1930ස් ගනන් හා 60 ගනන් වල ඇතිකල සමාජ ප‍්‍රතිසංස්කරනයන් වනසා දැමීමට ඇමරිකානු පාලක පන්තිය දසක ගනනාවක් තිස්සේ කර ඇති ධාවනයේ මංසලකුනු ය.

මේ දෙකෙහිම කේන්ද්‍රීය ලක්ෂනය නම් ආන්ඩුව මේඩිකේඩ් නමින් නැති-බැරි අය සඳහා පවත්වන සෞඛ්‍ය ආධාර වැඩපිලිවෙලින් ඩොලර් බිලියන 800කට වැඩි ප‍්‍රමානයක් කපාහැර සහතික ආධාර වැඩපිලිවෙලක් ලෙස එය ඉවර කර දැමීමයි. අවසාන වශයෙන් මේ පන්තියුද්ධ නීති වල නිශ්චිත ස්වරූපය කුමක් වුවත්, එය වනාහි මෙතෙක් පැවති සෞඛ්‍ය රක්ෂන ක‍්‍රමය වූ මෙඩිකෙයාර් ක‍්‍රමය පුද්ගලික අංශයට භාරදීමේ සහ 1930 ගනන්වල අවපාතය මැදදී රාජ්‍යය විසින් පනවනලද විශ‍්‍රාමික ක‍්‍රමය වන සෝෂල් සිකියුරිට් අහෝසි කර දැමීමේ පෙර පියවරකි.

නියෝජිත මන්ත‍්‍රී මන්ඩලයේ ද සෙනෙට් සභාවේද යන දෙකේ ම මෙම පනත් මහසංගත වලද මහා ධනපතියන්ගේ ද බදු ඩොලර් බිලියන 700කින් කපාදමයි. තම සේවකයන්ට සෞඛ්‍ය රක්ෂනය සපයා දීමට පවත්නා වගකීමෙන් ව්‍යාපාරිකයන් නිදහස් කොට, වෛද්‍යවරුන්ගේ සේවා, රෝහල් මගින් අභ්‍යන්තර සහ බාහිර රෝගීන්ට සැපයෙන සේවා, ගිලන්රිය සේවා, වෛද්‍ය නියමිත ඖෂධ සැපයීම, ගර්භනී සහ ප‍්‍රසූත සේවා සෞඛ්‍යසේවා සහ [මත් ] ද්‍රව්‍ය අපයෝජන ප‍්‍රතිකාර සම්පාදනය කිරීමේ වගකීමෙන් රක්ෂන සමාගම් නිදහස්කරනු ලැබේ.

මේ සිදුවන්නේ සමාජ ප‍්‍රතිවිප්ලවයකි. මෙය රිපබ්ලිකන් මෙන්ම ඩිමොක‍්‍රටික් පාලනයන් යටතේ දශක හතරකට වැඩි කාලයක් තිස්සේ සිදුවෙමින් තිබේ. එය 2008 වෝල්වීදියේ බිඳවැටීමෙන් ඉක්බිත්තේ ඔබාමා පලනය විසින් උග‍්‍රකරනු ලැබිනි. ඇමරිකානු මූල්‍ය අල්පයාධිපතියේ බිලියනපතිප‍්‍රතිමූර්තියවූ ඩොනල්ඩ් ට‍්‍රම්ප් බලයට පත්වීමත් සමග එය ම්ලේච්ඡත්වයේ පෙරනුූුවිරූ ඉහල මට්ටමකට නංවනු ලැබ තිබේ.

ඇමෙරිකාවේ වැඩකරන ජනතාවගේ දෛනික ජීවිත මත මෙම නීති කුමන බලපෑමක් කරනු ඇති ද? දියවැඩියාව සහ ඇදුම පමනක් නොව පිලිකා රෝගයෙන්ද පෙලෙන මිලියන් 23 ක් යයි ගනන්බලා ඇති ජනකායකට හදිසියේම පෙනී යනු ඇත්තේ තවදුරටත් තමන් වැටී ඇත්තේ පන රැකෙන බේත්ටිකවත් මිලදී ගැනීමට බැරි තත්වයකට බවයි.

මිලියන ගනන් ජනයා නිරපරාදේ විඳවනු ඇත. ඉන් දහස් ගනනක් අකාලයේ මිය යනු ඇත. මෙය මෙම පනත්වල කතුවරුන් හා ඔවුන්ගේ මහා ව්‍යාපාරික පිටුබලය සපයන්නන් අපේක්ෂා නොකල අතුරු ඵලයක් නොව ඔවුන්ගේ සෞඛ්‍ය සේවා පිලිවෙතේ දැනුවත් අරමුනයි.

තමන්ගේ ලාභවලින් හා පෞද්ගලික ගිනුම් වලින් මුදල් උදුරා ඒවා වැඩ කරන ජනයා (විශේෂයෙන්ම අතිරික්ත වටිනාකමේ සහ ලාභයේ උල්පත් ලෙස සේවය කිරීමට නොහැකි තරමට මහලු කොටස්) අවම සෞඛ්‍ය මට්ටමක ජීවත් කරවීමට යෙදවීම වනාහි [ඇමරිකානු සමාජයේ] යටි තට්ටු වලට උඩින් වැජඹෙන හා එහි ප‍්‍රධාන පක්ෂ දෙක අරක්ගත් සමාජයේ පොහොසත්ම සියයට 10 ක් වන දේශපාලන ස්ථරයට පෙනීයන්නේ දරාගත නොහැකි විවෘත නින්දාවක් ලෙස ය. ඇමරිකා එක්සත් ජනපදයේ යෝධ සමාජ අසමානතාව උග‍්‍ර කිරීම හා සමගම , කම්කරු පන්තියේ ජීවිතාපේක්ෂාව පහත වැටෙමින් පවත්නා අතර මරන අනුපාතය ඉහලයමින් පවතී. පාලක පන්තියට උවමනා කර තිබෙන්නේ මේ සන්තතිය උග‍්‍ර කිරීම යි.

මෙඩිකෙයාර් ආධාරවලට සුදුසුකම් ලබන වයස 65න් පහල අඩු ආදයම් ලබන වැඩිහිටියන් මූලිකම ප‍්‍රහාර සඳහා රිපබ්ලිකන් සැලැස්ම විසින් ඉලක්ක කරගෙන තිබීම් අහම්බයක් ද? වඩා බාල අය ගෙන් කපාගන්නවා ට වඩා පස් ගුනයක් මේ වයසේ අයගෙන් කපාගැන්මට රක්ෂන සමාගම් වලට ඉඩ සලසා ඇත. ඩොලර් 35,000 ක් උපයන අවුරුදු 60ක ගැහනියෙකුට රක්ෂනයක් මිලදී ගැනීමට තම ආදායමෙන් ඩොලර් 6,000 ක් වියදම කිරීමට සිදුවනු ඇත. මේ අනුව සෞඛ්‍ය රක්ෂන වලට වියදම් කිරීමට නොපොහොසත් දසදහස් ගානක්, මෙඩිකෙයර් ආධාරවලට සුදුසුකම් ලබන වයසවන අවුරුදු 65 ට පෙරම, සෞඛ්‍ය රක්ෂන මිලදී ගැනීමට මුදල් නැතිකමනිසා මැරෙන බවත්, වයස 65 ඉම පැනගෙන, මෙඩිකේඩ් වලට සුදුකම් ලැබීමට සමත් වන ටිකදෙනා පවා ඊට කලින් පහසුකම් නොලබා සනීපයෙන් තොරවීම නිසාම ඉක්මනින් මියැදෙන හෙයින් මෙම ස්තරයට ලබාගත හැකිවන මෙඩිකේඩ් සෞඛ්‍ය ආධාර ප‍්‍රමානය පහත වැටෙන බවත් තේරුම් ගැනීමට, රොකට් විද්‍යාඥෙයකු අවශ්‍ය වන්නේ නැත.

ඩිමොක‍්‍රටිකයන්ගේ වාචික විරෝධය හෝ පාර්ලිමේන්තු වෙට්ටු, සෞඛ්‍ය ආධාර සුරැකීමේ බරපතල අරගලයක් යයි කිසිවෙකු වරද්දා ගතයුතු නැත. 1930 ගනන්වලින් හා 1960 ගනන් වලින් ඇරඹුනු මූලික හිමිකම් වැඩපිලිවෙල වලට එරෙහි ප‍්‍රහාරය බැරෑරුම් ලෙස මුල පුරනු ලැබුවේ, බිල් ක්ලින්ටන් විසිනි. ඔහු තම පාලනකාලය තුල දී “අපට සුපුරුදු හැටියට සුභසාධන” ඉවර කර දැම්මේ ය.

සෙනෙට් සභාව ඉදිරියේ ඇති සෞඛ්‍ය පනත “මධ්‍යම පන්තික සහ දිලිඳු පවුල්වලින් දැවැන්ත ධනසම්භාරයක් ඇමරිකාවේ පෝසත්ම කොටසට දීමේ සැලැස්මක් යැ”යි බරක් ඔබාමා කියන විට එය තරම් නිර්ලජ්ජිත කතාවක් තවත් නැත. කතාව නම් ඇත්තය, එහෙත් ට‍්‍රම්ප් පහර දීම පටන් ගන්නේ ඔබාමා නවත්තපු තැනිනි. කොටස් මිල හා කෝපෙර්ට් ලාභ වාර්තාගත ලෙස ඉහල දැමීමට වෝල් වීදියේ බැංකු වලට හා හෙජ්ෆන්ඩ් වලට ගලවාගැනීමේ නය හා සහනාධාර ලෙස ට්‍රිලියන ගනන් ඩොලර් යෙදීම මගින් එක්සත් ජනපද ඉතිහාසයේ පහල සිට උඩට දැවැන්ත හා ගොරතරම වස්තු මාරුව සිද්ධ කලේ ඔබාමය. ඔහු එසේ කරන ගමන් මෝටර් කම්කරුවන්ගේ වැටුප් ද නාගරික කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් හා සෞඛ්‍ය සහනාධාර කපා දමමින් ආහාර මුද්දර මහා පරිමානයෙන් කපාදැම්මේ ය.

අබින් සහ හෙරොයින් වසංගතය ද, ඉහල යන සියදිවිනසාගැනුම් අනුපාතය ද විසින් ඔබාමාගේ කාල පරිච්ඡේදය තුල දී කම්කරුවන්ගේ ජීවිත කාලය දැවැන්තව කපා හෙලිනි. ඔහුගේ “ඇෆෝර්ඩබල් කෙයාර්” පනත් සිදුකලේ මහ සංගත සහ ආන්ඩුව කරන සෞඛ්‍ය වියදම් කපාදමමින් මිලියන ගනන් කම්කරුවන් අතින් යන වියදම් ඉහලද මා, සෞඛ්‍යාධාර කපාදමමිනි. එමගින් කෙරුනේ ට‍්‍රම්ප්ගේ සෞඛ්‍ය සේවයට එරෙහි ප‍්‍රහාරයට කරලිය සකසා දීමයි. ඔහු ගේ පිලිවෙත ලෙස පුද්ගලික කොම්පැනි වලින් රක්ෂන මිලදීගැනීම සඳහා අඩ වශයෙන් සහනාධාර දෙන වවුචර් ක‍්‍රමයක් ක‍්‍රියාවට දැමීම මගින්, රිපබ්ලිකානුවන් දිගු කලක් තිස්සේ ක‍්‍රියාවට දැමීමට තතනමින් සිටි සෞඛ්‍ය සේවාව පුද්ගලීකරනය කිරීමට අවශ්‍ය රාමුව සැකසීය.

ඩිමොක‍්‍රටිකයන් ගේ වත්මන් පිලිවෙත වන්නේ, ඔබමාකෙයාර් ක‍්‍රමය “ෆික්ස්” කිරීම, එනම් ද්විපාක්ෂික “සම්මුතියක්” අටවාගැනීම උදෙසා වඩාත් උග‍්‍රලෙස රක්ෂනලාභින්ගේ දීමනා කපා වාරිකගෙවීම් සහ කැපීම් ඉහලදමා ලාභ වියරුවෙන් උමතුවූ මහා රක්ෂන සමාගම්වලට තවදුරටත් සහන සැලසීමයි.

පාලක පන්තිය ඉදිරිපත්කරන “ට‍්‍රම්ප්කෙයාර්” සහ “ඔබාමාකෙයර්” අතර තෝරාගැනීම මොනම තෝරාගැනීමක් වත් නොවේ. දෙකම ගමන් කරන්නේ කුරිරු දුක, වේදනාව සහ මරනය කරා ය. සතුරු මහා සංගත ප‍්‍රභූවෙන්, තමන් සටන් කොට ලේ හලා බලෙන් උදුරාගත් සමාජ ලාභ විනාශ කරනු පිලිිගැනීමට කම්කරු පන්තිය සුදානම් නැත.

අමෙරිකා එක්සත් ජනපදයද යුරෝපයද, ලෝකයේ අතිමහත් ප‍්‍රදේශයකද පන්ති අරගලයේ නව යුගයකට පිවිසෙමින් පවතී. දශක ගනනාවක්, කප්පාදු කඨොරතාව, යුද්ධය සහ දේශපාලන ප‍්‍රතිගාමීත්වය ඔප්පුකර සිටින්නේ සෞඛ්‍ය ය සුරැකීම වැනි ඉතාමුලික සමාජ අයිතීන් ආරක්ෂා කිරීම අද දින පත්ව ඇත්තේ විප්ලවයේ ප‍්‍රශ්නයක් බවටය යන්නයි. ධනවාදය එහි අර්බුදයේ සහ කුනුවීමේ ඝෝරම අවධියට පිවිස පවත්නා තතුතුල - යහපත් වැටුප් සහිත වූ ද සුරැකිවූ ද රැකියා, සෞඛ්‍ය ආරක්ෂාව, නිවාස, අධ්‍යාපනය හා සංස්කෘතිය භුක්ති විඳීම ආදී මූලික ප‍්‍රජා තන්ත‍්‍ර අයිතීන් සහ සමාජ අයිතීන් සමග සමහන් කල නොහැකිවේ.

කම්කරු පන්තිය ට‍්‍රම්ප්ද ඩිමොක‍්‍රටිකයන්ද යන දෙගොල්ලටම සතුරුව සමාජවාදය සඳහා අරගලය මත පදනම් වූ තමන්ගේ ම ස්වාධීන වැඩපිලිවෙල ඉදිරිපත් කලයුතු වේ. සෞඛ්‍ය සේවාවෙන් ලාභ ගැරිල්ල ඉවර කලයුතු ය. සෞඛ්‍ය සේවය පුද්ගලික හස්තයෙන් ගලවාගෙන පොදු අයිතිය මත පදනම් කොට කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතට ගත යුතුය. මෙය ඉල්ලා සිටින්නේ ඇටුවන් බසින ලද ධනය සහ වරප‍්‍රසාද වලටද ඒවා බලෙන් තහවුරුකරන දේශපාලන පර්යායට ද එරෙහි අශමනීය අරගලයකි.

බැරි ග්‍රේ සහ කේට් රැන්ඩොල්

Share this article: