සිරියාවට එරෙහි එක්සත් ජනපද මිසයිල ප‍්‍රහාරය සම්බන්ධව සීමෝර් හර්ෂ්ගේ හෙලිදරව්ව ගැන මාධ්‍ය ගොලුවෙයි

The media blackout of Seymour Hersh’s exposé on US missile strike against Syria

2017 ජූලි 3

පුලිසර් සම්මානලාභී මාධ්‍යවේදියෙකු වන සීමෝර් හර්ෂ්, අපේ‍්‍රල් 4දා සිරියානු ආන්ඩුව රසායනික අවි ප‍්‍රහාරයක් දියත් කලේ ය යන පච කියාපෑම ප‍්‍රධාන ජර්මානු පුවත්පතක් හරහා මුලුමනින්ම ම හෙලිදරව් කිරීමේ සිට හරියටම සතියක් ගත වී තිබේ. අපේ‍්‍රල් 6දා අල්-ෂයාට් ගුවන් තොටුපලට එක්සත් ජනපද කෲස් මිසයිල එල්ල කිරීම යුක්ති සහගත කිරීමට, බසාර් අල්-අසාද්ගේ පාලාන තන්ත‍්‍රය විසින් සිදුකලේයැයි කියූ සාපරාධී කි‍්‍රයාව යොදාගනු ලැබී ය. බටහිර සිරියාවේ ගුවන් තොටුපලට ටොමහෝක් මිසයිල 59ක් එල්ල කල අවස්ථාවේදී, ලමුන් හතර දෙනෙකු ද ඇතුලූව අඩුම ගනනේ සිවිල් වැසියන් නව දෙනෙකු මරුමුවට පත් විය.

ජූනි 25දා, “ට‍්‍රම්ප්ගේ රතු ඉර” යන සිරසින් ජර්මානු දිනපතා පුවත්පතක් වන ඩී වෙල්ට් හි හර්ෂ්ගේ ලිපිය පලකල තැන් පටන්, එක්සත් ජනපදය තුල ප‍්‍රධාන පුවත්පත්, ගුවන් හා කේබල් පුවත් ජාලයන් විසින් සම්පූර්න අවහිර කිරීමකට භාජනය කරනු ලැබී ය.

ඛාන් ෂීක්හෝන් නගරය මත සිරියානු ආන්ඩුව විසින් රසායනික අවි ප‍්‍රහාරයක් දියත් කිරීම ගැන වොෂිංටනයේ චෝදනාවන්ට පිටුබලය දෙන එකදු වෛෂයික සාක්ෂියක් හෝ නැති බව පමනක් නොව, කෲස් මිසයිල් ප‍්‍රහාරයට නියෝග ලැබීමට පෙරාතුව පවා එවැනි ප‍්‍රහාරයක් ගැන එක්සත් ජනපද මිලිටරිය සහ බුද්ධිඅංශ යාන්ත‍්‍රනය එවැනි ප‍්‍රහාරයක් ගැන දැන නොසිටියේ ය යන කාරනය ද හර්ෂ්ගේ වාර්තාව මගින් පැහැදිලි කෙරින.

“දැනට පවත්නා බුද්ධි අංශ වාර්තා පැහැදිලි කලේ, රුසියාව සැපයූ-සාම්ප‍්‍රදායික පුපුරන ද්‍රව්‍යවලින් තැනූ බෝම්බ යොදාගනිමින් අපේ‍්‍රල් 4දා ජිහාඩ්වාදීන්ගේ රැස්වීම්භූමියක් සිරියානුවන් විසින් ඉලක්ක කර තිබූ බව යි”, හර්ෂ් ලීවේ ය. “එහි සුපිරි ඉලක්ක ගැන තොරතුරු ද ඇතුලත් ප‍්‍රහාරයේ තොරතුරු, කලාපය තුල සියලුම එක්සත් ජනපද, මිත‍්‍ර, සිරියානු හා රුසියානු ගුවන් හමුදා මෙහෙයුම් ඒකාබද්ධ කරන දෝහාවල ඇමෙරිකානු හා මිත‍්‍රමිලිටරි නිලධාරීන්ට දින කිහිපයකට කලින් රුසියානුවන් විසින් සපයා තිබුනේ ය.”

නිර්නාමිකව සිටීමේ කොන්දේසි සහිතව තොරතුරු සැපයූ එක්සත් ජනපද බුද්ධි අංශ යාන්ත‍්‍රනය තුලම වූ මූලාශ‍්‍රයන් මෙන් ම “අපේ‍්‍රල් 4 සිරියානු ප‍්‍රහාරයෙන් ක්ෂනික ඉක්බිත්තේ එයට අදාල යථා-කාලීන සංනිවේදනයන්හි පිටපත්වලට” ලද ප‍්‍රවේශය මත පදනම් වෙමින් හර්ෂ් පහත කරුන තහවුරු කලේ ය: “පූර්වයෙන් ජැබ්හාට් අල්-නුස්රා නමින් හැඳින්වූ අල්-කයිඩා අනුබද්ධ කන්ඩායම හා අහ්රාර් අල්-ෂාම් නියෝජිතයන්ගෙන්” සමන්විත රැස්වීම් භූමියට සිරියානු ආන්ඩුවේ ගුවන් යානයක් මගින් සම්ප‍්‍රදායික රාත්තල් 500 බෝම්බයක් හෙලනු ලැබූ බවත් එය රසායනික අවියක් නොවන බවත් ය.

ඉලක්කය වූයේ, ඊනියා “කැරැලිකරුවන්” සඳහා “පාලන හා මෙහෙයුම් මධ්‍යස්ථානය” ලෙස යොදා ගත් කොන්කී‍්‍රට් මහල් ගොඩනැගිල්ලකි. ඔවුහු මෙහි පතුල් මහල “රොකට්, ආයුධ හා පුපුරන ද්‍රව්‍ය” මෙන්ම ක්ලෝරීන්, පොහොර හා කෘමිනාශක ගබඩා කිරීමට යොදාගත් බව හර්ෂ් වාර්තා කරයි.

“එක්සත් ජනපද මිලිටරිය විසින් පසුව සිදුකල බෝම්බ හානිපූරක ඇස්තමේන්තුවක් (බීඞීඒ) නිගමනය කලේ, රාත්තල් 500ක් බර සිරියානු බෝම්බයේ උනුසුම හා බලය දෙවන ගනයේ පිපිරීම් මාලාවක් ඉපදවූ බව යි. ඒවා පතුල්තලයේ ගබඩා කර තිබූ පොහොර, විෂබීජ නාශක හා අනෙකුත් ද්‍රව්‍යය නිදහස්වී තැනුනු මහා විෂ වලාවක් බවට පත්ව නගරය සිසාරා ව්‍යාප්ත වීම ඇරඹුනු අතර පොලවට ආසන්න දුම රැගත් උදෑසන ඝනකම් වාතය මගින් එහි බලපෑම කීප ගුනයකින් දියුනු කෙරිනැ”යි හර්ෂ් තවදුරටත් ලියයි.

“සිරියානුවන් ඛාන් ෂීකොහොහ්න්ට පූර්න ලෙස පහර දීමට සැලසුම් කලේ ද?” එක්සත් ජනපද බුද්ධි අංශ සඳහා ජ්‍යෙෂ්ට උපදේශකයෙක් හර්ෂ්ට කීවේ ය. “එය සනාත කිරීම අවශ්‍ය පිටපත් අප සතු ද? අනිවාර්යයෙන්ම. ඔවුන් සරින් (මරනීය විෂ වායු) යොදා ගැනීමට සැලසුම් කලා ද? නැත. එහෙත්, ‘අපිට ප‍්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන සොයා බලමු’ කියලා ජනාධිපති කීවේ නෑ. ඔහුට අවශ්‍ය වුනේ සිරියාවට දැවැන්ත ලෙස බෝම්බ හෙලීමට යි.”

හර්ෂ්ගේ ලිපියේ ප‍්‍රවෘත්තිමය හා දේශපාලනික වැදගත්කම එය පලකොට, හරියටම දිනකට පසු ධවල මන්දිරය විසින් නිකුත් කල අනතුරු අඟවන හා සදොස් ප‍්‍රකාශනය විසින් අවධාරනය කෙරින. එයින් කියවුනේ, “අහිංසක ලමුන් ද ඇතුලත්ව, සිවිල් වැසියන් සාමූහිකව ඝාතනය කිරීමට තුඩු දෙන තවත් රසායනික අවි ප‍්‍රහාරයක් සඳහා ශක්‍ය සූදානම් වීම් වොෂිංටනය විසින් හඳුනාගෙන” තිබෙන බව යි. සිරියානු ජනාධිපති අසාද් “රසායනික අවි යොදාගනිමින් තවත් මහා ජනඝාතනයක් දියත් කරන්නේ නම්, ඔහු සහ මිලිටරියට දැවැන්ත වන්දියක් ගෙවීමට සිදුවනු ඇත” ප‍්‍රකාශය තවදුරටත් සඳහන් කලේ ය.

මීට පසුව එක්සත් ජාතීන් සඳහා එක්සත් ජනපදයේ තානාපති නිකී හැලී ගෙන් වඩා පුලූල් තර්ජනයක් එල්ල විය. ඇය මෙසේ කීවාය: “මෙම අවස්ථාවේදී අරමුන වන්නේ අසාද්ට පනිවුඩයක් දීම නොව, රුසියාවට හා ඉරානය පනිවුඩයක් දීම යි. එනම්, මෙය යලි සිදුවුවහොත් අපි ඔබලා ගැන බලාගන්නම්”.

මේ අයුරින්, සිරියාව තුල රසායනික අවි ප‍්‍රහාරයක් ගැන කෙරෙන ඕනෑම චෝදනාවක් ඉරානය හා න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රුසියාවට එරෙහි යුද්ධයක් දියත් කිරීමට එක්සත් ජනපදය සඳහා යුක්තිකරනයක් ලෙස සේවය කල හැකි ය. අනිවාර්ය රසායනික අවි ප‍්‍රහාරයක් පිලිබඳ ධවල මන්දිරයේ කියාපෑම් ප‍්‍රශ්නකල නොහැකි සත්‍යයක් ලෙස එක්සත් ජනපද මාධ්‍ය යටත්පහත් ලෙස වාර්තා කලේ ය.

අමෙරිකානු මහජනයා හා සමස්ත මානව වර්ගයා න්‍යෂ්ටික මහා ගිනිමැලයක් තුලට ඇද දැමිය හැකි යුද්ධයක සන්දර්භය තුල මෙම තර්ජනය සඳහා වන සමස්ත තර්කය පච පොදියක්ය යන පුලූල් හා ඒත්තු ගැන්වෙන සාක්ෂි ප‍්‍රධාන මාධ්‍ය විසින් විවේචනාත්මක විභාග කිරීමකට යටත් කිරීමට හා අඩුම ගානේ දැනුවත්භාවයක් සහිතව සිටිනු ඇත යන්න කෙනෙකු සිතන්නේ නම් ඔහුට සමාව දිය යුතුවනු ඇත.

කෙසේවෙතත්, මෙය විස්වාස කිරීමට කෙනෙකු, බලාත්කාරී එක්සත් ජනපද යුද ආක‍්‍රමනවල පසුගිය ශතවර්ෂ කාල පුරා එක්සත් ජනපදයේ “සිව්වන රාජ්‍යය” ක‍්‍රියාත්මකවූ ආකාරය නුහුරු එකක් විය යුතුව ඇත. එක්සත් ජනපදයේ භූමූලෝපායික අවශ්‍යතා සඳහා දියත් කල යුගෝස්ලාවියා සිට ඉරාකය, ලිබියාව සහ සිරියාව දක්වා සියලූ යුද්ධවලට පච “මානව හිමිකම්” ක්ෂමාලාප යලියලිත් එක්සත් ජනපද මාධ්‍ය විසින් පුනරුච්ඡාරනය කර තිබේ. 2003 වසරේ සාපරාධී එක්සත් ජනපද ඉරාක ආක‍්‍රමනය කරා ගමෙන්දී නිව්යෝක් ටයිම්ස් විසින් මූලිකත්වය ගත් එක්සත් ජනපද මාධ්‍ය “ජන ඝාතන අවි පිලිබඳ බුෂ් පාලානාධිකාරියේ මුසාවන් පුනරුච්ඡාරනය කලා පමනක් නොව ඒවා ඔප දැමීමට ද සහායවූයේ ය. මිලියන ගනනක් ජීවිත බිලිගත් යුද අපරාධවලට ඔවුහු මුලුමනින්ම සහය දක්වා තිබේ.

හර්ෂ් මත් සිය ලිපිය තුලදී ඇමෙරිකානු මාධ්‍ය ඉටුකොට තිබෙන සාපරාධී භූමිකාව පිලිබඳ අවධානය යොමු කරයි. “අසාද් සමග සාමය ඇතිකරනු ඇතිබවට සපථකරන්නෙක් ලෙස උද්ඝෝෂනයේ යෙදෙනු අයෙකු වූ ට‍්‍රම්ප් බලය ගැනීමෙන් 11වැනි සතියේදී සිරියාවට බෝම්බ හෙලමින් සිටි අතර එසේ කිරීම ගැන රිපබ්ලිකානුවන්, ඩිමොක‍්‍රටිකයන් හා මාධ්‍යවලින් ප‍්‍රසංශා ලැබුවේ ය” ඔහු ලියයි. “මුහුදේ සිට ටොමහෝක්ස් මිසයිල දියත් කිරීමේ පින්තූර විස්තර කිරීමට “සුන්දරත්වය” යන වචනය ප‍්‍රමුඛ එම්එස්එන්බීසී රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකු වන බ‍්‍රයන් විලියම්ස් විසින් යොදා ගැනිනි. සීඑන්එන් වෙත කතා කරමින් ෆරීඞ් ෂකාරියා කීවේ, ‘මා සිතුවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති වූ බවයි’. බෝම්බ හෙලීමෙන් අනතුරුව, නිව්යෝක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් හා වෝල්ස්ටී‍්‍රට් ජර්නල් ඇතුලූ එක්සත් ජනපදයේ වැදගත්ම පුවත්පත් සියය ගැන විමර්ශනයක් පෙන්වා දුන්නේ ඒවායින් 39ක්ම එයට සහය පල කොට කතුවැකි පල කර තිබූ බව යි”.

1969දී, එක්සත් ජනපද භටයින් විසින් වියට්නාම් පිරිමින්, ගැහැනුන් ලමුන් ඇතුලු සියයක් පමන සංහාරය කල මයිලායි සමූලඝාතනය පිලිබඳ කතාව (ඒ පිලිබඳව එක්සත් ජනපද මාධ්‍ය මුලින් කතා කිරීමට ප‍්‍රතික්ෂේප කර තිබිනි) හර්ෂ් විසින් හෙලිදරව් කරනු ලැබීය. 2004දී අබු ග‍්‍රයිබ් සිරකඳවුරේදී එක්සත් ජනපද සොල්දාදුවන් විසින් ඉරාකී සිරකරුවන්ට වධ බන්ධන පැනවීම හා ලිංගික හිංසනයට භාජනය කිරීම මුලින්ම හෙලිදරව් කල අය අතර ඔහු සිටී. එමෙන්ම, ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කල 2011 වැටලීම පිලිබඳව ඔබාමා පාලානාධිකාරියේ මුසාවන් මෙන් ම එක්සත් ජනපදය තවත් යුද්ධයක් සමීපයට ගෙන ආ 2013 සිරියානු රසායනික අවි ප‍්‍රහාරයක් පිලිබඳ අතේ පැලකල කියාපෑම් ඔහු විසින් හෙලිදරව් කෙරිනි.

සංගත මාධ්‍ය අන්කවරදාටත් වැඩිය ධවල මන්දිරය, පෙන්ටගනය හා සීඅයිඒ සඳහා විවෘතව ප‍්‍රචාරන උපකරනයක් බවට පරිවර්තනය වී තිබෙන තතු තුල, ඔහු වයස 80දීත් ඇමෙරිකානු ආන්ඩුවේ බොරු හෙලිදරව් කිරීමේ අරමුනින් ආක‍්‍රමනකාරී විමර්ශනාත්මක මාධ්‍යකරනයේ නියැලෙමින් සිටියි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ භූමූලෝපායික කුමන්ත‍්‍රනවලට එරෙහිව හා එහි අපරාධ හෙලිදරව් කිරීම්වලට එරෙහිව මහජනයා දැනුවත් වීම වැලක්වීමට තොරතුරු අවහිර කරන අතරේ ආන්ඩුවේ මුසාවන් පැතිරවීමට මාධ්‍ය කි‍්‍රයාත්මක වෙයි.

“ප‍්‍රධාන ධාරාවේ” මාධ්‍ය, ධනපති රාජ්‍යය, එහි මිලිටරිය හා බුද්ධි අංශ යාන්ත‍්‍රනය වෙනුවෙන් හොරනෑව හා ලඝු ලේඛකයාගේ භූමිකාව පවරා ගෙන තිබෙන අතර එහිදී මාධ්‍යවේදී සම්මතයන් එකදිගට පහත වැටෙමින් තිබේ. කෙටුම්පත් සංස්කාරකයන්ගේ රැකියා දුසිම් ගනනක් අතුගා දැමීම හරහා එහි සංස්කරන කි‍්‍රයාව “නව්‍යකරනය” කිරීම සඳහා මෙහෙයවන ප‍්‍රමුඛ ධනපති පුවත්පත පිලිබඳ විරෝධය පාමින් නිව් යෝක් ටයිම්ස් කම්කරුවන් සියගනනක් පසුගිය සතියේ විරෝධය පෑම මගින් අවධාරනය කෙරුනු ප‍්‍රවනතාවකි, මෙය.

ආන්ඩුවට හා වෝල්වීදියයට මාධ්‍යයෙහි නිහීන යටත්වීමේ එක් ප‍්‍රතිපලයක් වන්නේ, නිව් යෝර්ක් සඟරාව සඳහා නිරන්තර ලිපි ලිවීමේ නිරත හර්ෂ් කෙරෙහි බලවත් වාරනයක් පවත්වා ගෙන යාම යි. ඛාන් ෂීක්හෝන් සිද්ධිය ගැන ඔහුගේ ලිපිය පලමුවරට පිලිගෙන ඒ සඳහා ගෙවීමට එකඟවූ එක්සත් රාජධානියේ ලන්ඩන් රිවීව් ඔෆ් බුක්ස් සඟරාවේ කතුවරු පවා, “සිරියානු හා රුසියානු ආන්ඩු පිලිබඳ ආස්ථානය” පිලිගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙනු ඇති බවට තමන් තැතිගැන්වුන බවට මාධ්‍යවේදීන්ට ප‍්‍රකාශ කරමින් හර්ෂ්ගේ මෑත ලිපිය පල කිරීම මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කලෝ ය.

දක්ෂිනාංශික ස්පි‍්‍රන්ගර් ප‍්‍රකාශන මධ්‍යස්ථානයේ කොටසක් වන ඩි වෙල්ට් හි ඔහුගේ ලිපිය පල කිරීම හෙලිදරව්වකි. එය නිසැකවම පිලිබිඹු කරන්නේ, වොෂිංටනයේ අධිරාජ්‍යවාදී විදෙස් හා මිලිටරි පිලිවෙත කෙරෙහි වැඩෙන පරිමානයෙන් ප‍්‍රතිවිරුද්ධ පිලිවෙතක් ගෙන යාමට පටන් ගෙන තිබෙන ජර්මනිය හා එක්සත් ජනපදය අතර වැඩෙන ආතතීන් ය.

කෙසේවෙතත්, හර්ෂ්ගේ හෙලිදරව්ව නිහඬ කිරීමට දැරෙන ප‍්‍රයත්නය පෙන්නුම් කරන්නේ, එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව වැඩකරන ජනයා මුහුනදී සිටින වැඩෙන යුද තර්ජනය අනාවරනය කිරීමට අවශ්‍යතාවක් නැති ගෝලීය ධනපති මාධ්‍යවල භූමිකාව යි. මෙම තර්ජනයන් හෙලිකිරීමේ හා යුද්ධයට එරෙහි අරගලයේදී කම්කරු පන්තිය සඳහා ස්වාධීන දේශපාලන මූලෝපායක් වර්ධනය කිරීමේදී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්යභාරයේ වඩාත් තීරනාත්මක බව මේ සියල්ල මගින් පෙන්නුම් කරයි. මෙම අරගලය ගෙන යාමේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මූල්‍යමය වසයෙන් ආරක්ෂා කරගැනීමේදී හා එහි ආවරනය අඛන්ඩව ව්‍යාප්ත කරමින් ගෝලීය පාඨකත්වයට ගෙනයාම සඳහා පදනම දැමීමේදී අපගේ පාඨකයන්ගේ ආධාරය තීරනාත්මක ය.

බිල්වෑන් ඕකන්

Share this article: