ශ්‍රේෂ්ඨාධිකරනය හා ට‍්‍රම්ප්ගේ මුස්ලිම්-විරෝධී විධායක නියෝග

The Supreme Court and Trump’s anti-Muslim executive orders

2017 ජූලි 01

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධී තහංචිය ක්‍රියාවට නැංවීමට ඉඩ සලසමින් ශ්‍රේෂ්ඨාධිකරනය ජූනි මස 26 වන දින ගත් තීරනය එම ආයතනයේ ඉතිහාසය තුල වඩාත්ම වැදගත් නඩුකරයන්/ තීන්දු අතරින් එකක් වේ. වඩා පහල ෆෙඩරල් (මධ්‍යම ආන්ඩුවේ) විනිසුරුවන් ට‍්‍රම්ප්ගේ කැපී පෙනෙන ආකාරයේ අසාධාරන විධායක නියෝග ක්‍රියාවට නැංවීම අවහිර කිරීමෙන් පසු ව ශ්‍රේෂ්ඨාධිකරනය ඔහුට දිනුම දීම සඳහා මැදිහත් විය.

අධිකරනයේ ලිඛිත මතය වැදගත් වන්නේ එය දීප්තිමත් නෛතික තර්කනයන් කරන කොටගෙන කැපී පෙනෙන නිසා හෝ ප‍්‍රජාතන්ත‍්‍රය පිලිබඳ මූලධර්මය විචක්ෂනශීලීව තහවුරු කිරීම නිසා නොවේ. එය යන්තම් පිටු 13කට විහිදුනු ඇල්මැරුනු නීරස ලියවිල්ලකි. පැහැදිලිව ම දේශපාලන සමථයකට එලඹී ඇති අතර, තීන්දුව සඳහා නෛතික “තර්කය”, පූර්ව-නිශ්චිත ප‍්‍රතිපලයක් දෙසට කරන ගොරහැඩි උදාසීන ගෑටීමකි.

ප‍්‍රජාතන්ත්‍රීය අභිප‍්‍රායයන් සේ හඳුනාගත හැකි කිසිවක් මේ ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය තුල ප‍්‍රකාශිත නොවේ. එය සරලව ම “ජාතියට ආරක්ෂාව සම්පාදනය කිරීම ස`දහා රජයට බලකෙරෙන අවශ්‍යතාවය විසින් තුලනය තමා දෙසට නම්මා ගනී” යයි ප‍්‍රකාශ කරයි.

ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව, දිග්ගැස්සුන ගොම්මනකින් අනතුරුව ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රය යි හැඳින් විය හැකි කිසියම්ම දෙයක් පැවතිනි නම් ඉන් හිරු අවරට යෑම සනිටුහන් කරන්නේ වෙයි. ඇමරිකානු විප්ලවයෙන් හා සිවිල් යුද්ධයෙන් උරුම ලද්දා වූ, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය හා එක්තරා ප‍්‍රජාතන්ත්‍රීය දේශපාලන සංස්කෘතියක ආයතනවල හා සම්ප‍්‍රදාය අතර වූ ඓතිහාසික සබ`දතාව ක්ෂිතිජය ඉක්මවා බොහෝ කල් ගත වී ඇත; එම සබඳතාව තවදුරටත් යථාර්ථ නොවේ.

ඝෝෂාකාරී, අජූව ඩොනල්ඩ් ට‍්‍රම්ප් නව යථාර්ථය ප‍්‍රකාශයට පත් කරයි. අධානග‍්‍රාහිත්වය හා අගතිගාමිත්වය සඳහා ඔහුගේ අයාචනයන් මගින් ඇමරිකානු සමාජ පද්ධතියේ හදවතේ ඇති කුනු වීම ට‍්‍රම්ප් ප‍්‍රකාශයට පත් කරයි. ඇමරිකානු ධනවාදයේ ව්‍යාධිත වු සෑම දෙයක් ම එනම් එහි පාලක පන්තියේ සාපරාධිත්වය, මෝහය, බඩජාරී, විලෝපිතභාවය, ආත්මරාගය සහ චෞරෝන්මාදය ඇතුලත් සියලු දේ මෙම අසික්කිත මන්දබුද්ධිකයාගේ වේශයෙන් වමාරා ඇත. ට්‍රම්ප්ගේ නැගීම, යුද්ධය, මර්දනය සමාජ ප‍්‍රතිවිප්ලවය සහ පන්ති අරගලය ඇතුලත් කරගත්තා වූ නව යුගයක ආගමනය ප‍්‍රකාශයට පත් කරයි.

පසු ගිය 26 වන දින තීන්දුව හා Korematsu v. United States (කොරෙමාට්සුට එදිරිව එක්සත් ජනපද) නම් 1944 නරුම ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව සංසන්දනය මුලුමනින් ම සාධාරනය. එම නඩුකරයේ දී ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන්ගේ බහුතරයක් මිලිටරිමය වාසි සහගත වීමේ පදනම මත, ජපන් ප‍්‍රවේනිය ඇති ජනයා හට, බහිෂ්කාරී නියෝග, රඳවා ගැනීමේ කඳවුරු හා ඇඳිරි නීති ආදිය පැනවීමේ නීත්‍යනුකූලතාවය තහවුරු කලහ. ශ්‍රේෂ්ඨාධිකරනය නැවත වතාවක් ජාතිකත්වය පදනම් කොට වෙනස් කොට සැලකීම අනුමත කරයි.

එනමුත් කොරෙමාට්සුට විපරිතව, අද දින, පීඩිත සුලුතරයකට අසාධාරනකම් කිරීමට එරෙහිව හඬ නැගීම සඳහා අපමතික වන විනිසුරුවන් නැත. කොරෙමාට්සු තීන්දුව අඩු ගනනේ විනිසුරු ෆ‍්‍රෑන්ක් මාර්ෆි ගේ යට දැක්වෙන සුප‍්‍රසිද්ධ අපමතිය ඇතුලත් කර ගති: එසේ නම් මෙම වර්ගවාදය නීත්‍යනුකූල කිරීමට එරෙහි වීම මගින් මම අපමතික වෙමි. වාර්ගික වෙනස්කම් කිරීම අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිවි පෙවෙතේ කිසිදු අයුරකින්, කිසිම ප‍්‍රමානයකට මොනයම්ම හෝ යුක්ති සහගත කොටසක්, නොවේ. එය ඕනෑම තත්වයක් යටතේ අනාකර්ශනීය වන නමුත්, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සනිටුහන් කර ඇති ප‍්‍රතිපත්ති වැල`දගත් නිදහස් ජනතාවක් අතරේ ආන්තිකව පිලිකුල දනවන සුලු ය.

අද දින අපමතික වන්නේ කවුරුන්ද? 2017දී එකම අපමතික වීම සිදු වූයේ ශ්‍රේෂ්ඨාධිකරනයේ ආන්තික දක්ෂිනාංශයෙනි, මතභේදය පවතින්නේ. එක්සත් ජනපදයට “සද්භාවී සබඳකම්” ඇති අයට හැර අනෙකුන්ට මුස්ලිම්- විරෝධී තහංචිය බලපෑමට ඉඩ සැලසීමට පක්ෂ විනිසුරුවන් හය දෙනෙකු සහ සීමාකිරීම්වලින් තොරව එය ක්‍රියාත්මක කිරීමට පක්ෂ, විනිසුරුවන් තිදෙනෙකු අතර ය.

මුස්ලිම්-විරෝධී විධායික නියෝගයන් වඩා නරක වන්නේ උසාවියේ ඊනියා ලිබරල් පාර්ශ්වය විසින් අනුමත කරනු ලැබූ “සද්භාවී සබදකම්” පිලිබඳ අත්තනෝමතික විරුද්ධවාචකය ඇතිවද නැතිවද යන්න නො පැහැදිලි ය. මෙම විරුද්ධවාචකය ට‍්‍රම්ප් ගේ ආගමන නිලධාරීන්ට වඩාත් හිතුවක්කාරී අධිකාරයක් පිරිනමයි. ලොස් ඇන්ජලිස්හි විස්තෘත පවුලක් ඇති සතේ අතේ නැති අති දුෂ්කරතාවයේ සිටිනා සිරියානු සරනාගතයෙක්, “සද්භාවී සබඳකම්” ඇත්තෙකු සේ සැලකෙනු ලැබේවි ද? වෝල් වීදියේ සබඳකම් ඇති ධනවත් ව්‍යාපාරිකයකුටත් එම සැලකිල්ලම ලැබේවි ද?

ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව නීතිය මත පාදක නොවේ, එය මුසාවන් හා අගතීන් මත පාදකවේ. උතුරු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චාල්ස් කර්ස්මන් රැස්කල දත්ත අනුව විධායක නියෝගවල එල්ලය වූ රටවලින් පැමින, 2001 පසු එක්සත් ජනපදය තුල ත‍්‍රස්තවාදී පහරදීම්වල යෙදුනු මුස්ලිම් අන්තවාදීන්ගේ සංඛ්‍යාව හරියට ම ශූන්‍යයකි.

ට‍්‍රම්ප්ගේ ජනාධිපති ආඥාවන්, සඳහා “ගමන් තහංචි” යන පදය යෙදීමට මාධ්‍යය වඩා කැමැත්තක් දැක් වුව ද ඒවාට සහයෝගය දක්වන්නන් මෙන් ම විරුද්ධවාදීන් ද ඒවා මුස්ලිම්-විරෝධී ආධානග‍්‍රාහිත්වය මගින් අභිප්‍රේරිත බව හඳුනා ගනී. ඔහුගේ ජනාධිපතිවරන මෙහෙයුම තුල පැවැත් වූ රැලි තුල දී ට‍්‍රම්ප්, නිරන්තරයෙන් “මුස්ලිමුන් සඳහා ආන්තික පරීක්ෂාව” යන තේමාවට නැවත නැවතත් පිවිසෙමින්, “එක්සත් ජනපදයට මුස්ලිමුන් ආගමනය මුලුමනින් ම හා සම්පූර්නයෙන්ම නවතා දමන බවට ප‍්‍රකාශ කලේ ය. ට‍්‍රම්ප්ගේ උපදේශක හා කලින් නිව්යෝක් නගරාධිපති රූඩි ජුලියානි, මුස්ලිමුන් පීඩාවට පත් කිරීම සඳහා නීතිමය පරීක්ෂනයට ඔරොත්තු දෙන ලේඛනයක් කෙටුම්පත් කිරීම සඳහා තමාගේ උපදෙස් පැතූ බව ප‍්‍රසිද්ධියේ කයිවාරු ගසා තිබේ.

ජනවාරියේ දී ප‍්‍රකාශයට පත්කල තහංචිය විශාල විරෝධතාවන් මගින් පිලිගැනුනු අතර, මුස්ලිම්-විරෝධී විධායක ආඥා, ඇමරිකානුවන් පැහැදිලි බහුතරයකගේ ප‍්‍රතික්ෂේප කිරීමට ලක් වේ. මෙම උද්ගෝෂනවල දී තිබූ සටන් පාඨ පුවරු අතර හොඳම ඒවා “මුලින් ම උන් මුස්ලිමුන් සොයා හඹා ආවෝ ය” යන්න සටහන් කර තිබුනි. මෙම විරෝධතාවන්ට සහභාගී වූ බොහෝ දෙනෙක්, මුස්ලිම්-විරෝධී තහංචි, එක්තරා සුවිශේෂ සුලූතරයන් වෙත එල්ල වූ ප‍්‍රහාරයකට වැඩි දෙයක් ය යන්න ගැන තිබෙන වැටහීම ප‍්‍රකාශකර සිටියහ. මූලික ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් සමස්ථය මත එල්ල කල ප‍්‍රහාරයන් ද භේදකොට යටත්කොට ගැනීම සඳහා උත්සාහයන් ද ඉදිරි මර්දනය සඳහා පූර්වාදර්ශයන් ද ඉන් නියෝජනය වේ.

ජනගහනයේ බහුතරයෙන් සමන්විත වූ ද දේශපාලන ජීවිතයෙන් බැහැර කොට තැබුවා වූ ද කතිපයාධිකාරයේ වස්තුවට හා දේශපාලනය කෙරේ එන්න එන්න ම කෝප ගනිමින් සිටින්නා වූ කම්කරු පන්තිය මර්දන යන්ත‍්‍රයේ අවසන් එල්ලය වේ.

මුස්ලිම්-විරෝධී විධායක ආඥා කෙටුම්පත් කල, ෆැසිස්ට් ආකාර ට‍්‍රම්ප්ගේ උපදේශකයන් වන ස්ටීව් බැනන්ට හා ස්ටීවන් මිලර්ට විධික‍්‍රමයක් තිබේ. පසුගිය සියවසේ ප‍්‍රතිගාමීන් මෙන් ඔවුන් ද දේශපාලනිකව ප‍්‍රතිගාමී දිශාවකට හරවා යැවීම සඳහා හිතාමතා ම පසුගාමිත්වය, බුද්ධිරෝධවාදය හා අගතිගාමිත්වය කලතමින් සිටිති.

ට‍්‍රම්ප් මත් ඔහුගේ ඇඳ අද්දර කැබිනෙට්ටුවක හිට්ලර් පැවැත්වූ. කතා රැගත් පොතක් තබා ගෙන සිටි බව, 1990 වැනිටි ෆෙයා හි පල වූ ලිපියක සඳහන් කොට තිබුනි.

අර්බුදයේ ගැඹුර සාමූහිකව ප‍්‍රතික්ෂේප කරන ඇමරිකාවේ “වාමාංශික” හා “ප‍්‍රගතිශීලී” විචාරකයන් පසුගිය 26 වැනිදා තීන්දුවට ප‍්‍රතිචාර වශයෙන් සංසුන් බව දේශනා කරති. සාමාන්‍යයෙන් ඩිමොක‍්‍රටික් පක්ෂය හා පෙල ගැසී සිටිනා මොවුන් සෝනියා සොටොමෙයාර් හා එලිනා කේගන් යන ඔබාමා පත්වීම් ලාභීන්ද ඇතුලත් ශ්‍රේෂ්ඨාධිකරනයේ ඊනියා ලිබරල් (නිදහස් මතධාරී) පාර්ශ්වයේ නින්දිත යටත්වීම ආවරනය කිරීම සඳහා වෙහෙස වන්නෝ වෙති. ඒ පිලිබඳ විස්තරය, ගමන් තහංචිය පූර්නව ක්‍රියාවට දැමුනු දිනට පසුදින, ඩිමොක‍්‍රටික් පක්ෂයේ හා සීඅයි ඒ හි මුවකඩ වන නිව්යෝක් ටයිම්ස් , එහි මුල් ලිපිය, මිකා බ්‍රසින්ස්කි හා ජෝ ස්කාර්බරෝ යන එම්එස්එන්බීසී නිවේදකයින් දෙදෙනාම පහර දුන් ට‍්‍රම්ප්ගේ ට්වීට් පනිවිඩ පිලිබඳ මාධ්‍ය ගාලගෝට්ටිය සඳහා කැප කරමින් වලලා දැමීමට කටයුතු කලේ ය.

ශ්‍රේෂ්ඨාධිකරනය වමට හැරවීම උදෙසා, ඩිමොක‍්‍රටිකයන් තෝරාපත් කර ගැනීම අවශ්‍යයයි, වසරක් හැර වසරක් පාසා කියා පාන්නේ ද මෙම සමාජ තට්ටූන්මය. අනන්‍යතා දේශපාලනයේ ගිලී, සමාජ සත්තාව පිලිබඳව අන්ධව මොවුන් 2009දී ”ශ්‍රේෂ්ඨාධිකරනයේ සේවයට පැමිනි පලමු හිස්පැනික් (ලතින් ඇමරිකානු සම්භවික) ජාතිකයා හා තුන්වන ස්ත්‍රිය” පත් කිරීම පිලිබඳ අධික උද්යෝගය ප‍්‍රකාශ කිරීම නිව්යෝක් ටයිම්ස් ලිපියක ආරම්භයේ සඳහන් විය. ට‍්‍රම්ප්ට පක්ෂව 26 දුන් ඒකමතික තීන්දුව හමුවේ, මෙවැන්නෝ තම දෙවුර හකුලා ගනිමින් නිදහසට කරුනු කියා පාති.

එහි ප‍්‍රතිගාමී රුසියානු-විරෝධයේ කරවටක් ගිලී සිටින ඩිමොක‍්‍රටික් පක්ෂය වුව. ට‍්‍රම්ප්ගේ මුස්ලිම්-විරෝධී විධායක ආඥාවලට හෝ ආගමනිකයන්ට හිංසා පීඩා කිරීමට විරුද්ධව ජනතා විරෝධය පෙලඹවීම සඳහා කිසිදු උනන්දුවක් නැත.

26 වන දින ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පාලනාධිකාරයන් දෙක ම දශක ගනනාවක් තිස්සේ නො කඩවා, ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට හා නීතියේ ආධිපත්‍යයට එරෙහිව සිදු කල ප‍්‍රහාරයන් මත ලැග සිටී. සුවිශේෂව, එහි රාජ්‍ය අනුමත ඝාතන, වදදීම්, පැහැර ගෙනයෑම්, ඒකාධිපති ජනාධිපති බලතල, හදිසි නීති තත්වයන්, මිලිටරි කොමිසම්, මිලිටරිමය කල පොලිසිය, නිලබලයෙන් ලත් දන්ඩන මුක්තිය, නගරයට අලලාගත් ගමනා ගමන සීමාවන්, ස්වදේශී ඔත්තු බැලීම්, රාජ්‍ය රහස්, රහස් හෙලි කරන්නන්ට පීඩා කිරීම් සහිතව දශක එකහමාරක් තිස්සේ ද්විපාර්ශවයෙන් ම සිදු කෙරෙනු “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” මගින් මෙම තීන්දුවට එලඹීමේ හැකියාව ඇති කෙරුනි. එම කාල පරිච්ඡේදයම, එක්සත් ජනපදය තුල සමාජ අසමානතාව සීග‍්‍රයෙන් ඉහල නැගි සමාජ ප‍්‍රතිවිප්ලවය ද, විදේශයන්හි ඇමරිකානු මිලිටරියේ මිනීමරු කෝපවේශී විනාශය ද අත් දුටුවේ ය.

ජූනි 26 දින ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවෙන් තියුනු නිගමන කරා එලඹිය යුතු ය. අපේ යුගය අර්ධ-ක්‍රියාමාර්ග හෝ නො පැහැදිලි සංකල්පනාවන් සඳහා වන යුගයක් නොවේ. ට්‍රම්ප්ගේ මුස්ලිම්-විරෝධී විධායක ආඥාවන්ට විරෝධය පාන්නන් මුහුනපා සිටින්නේ, එක බිලියනපතියෙක් හා ඔහුගේ ෆැසිස්ට් බඳු උපදේශකයන් රැලට වඩා වැඩි යමකටය. මුලු මහත් කුනු වූ දේශපාලන සංස්ථාපිතයට ධනවාදී පාලන පන්තියට හා එහි බැලයන් හට ඔවුන් මුහුන පා සිටී. ට‍්‍රම්ප්ගේ රෙජිමයට එරෙහිව නැගෙමින් පවත්නා කැරලිකාරිත්වය, මර්දනය, අසමානතාවය හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයන්, ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන ද්විත්වයෙන්ම ස්වාධීන වූ ද ව්‍යාධිගත ලෝක සමාජ, දේශපාලන හා ආර්ථික පද්ධතියට එරෙහි වූ ද මහජන දේශපාලන ව්‍යාපාරයක් බවට ඒකාබද්ධ කල යුතු ය.

ටොම් කාටර්

Share this article: