උග‍්‍රවන යුදවාදය මැද
ඇමරිකානුවන් ගෙන් සියයට 76ක් මහා යුද්ධයක් පිලිබඳව බියට පත්ව ඇත

Amid escalating militarism Poll shows 76 percent of Americans fear a major war

2017 ජුලි 19

ප‍්‍රධාන පක්ෂ දෙක සහ මහසංගත-පාලිත මාධ්‍යය ද ඇතුලු එක්සත් ජනපද පාලක සංස්ථාපිතය ඇමරිකනු වැඩකරන මහාජනතාවගෙන් වෙන්කර දමමින් වඩවඩාත් පුලුල් වන අගාධය යුද්ධ තර්ජනය තුල සුවිශේෂව තියුනු ප‍්‍රකාශනයක් අත් කර ගනිමින් ඇත.

මීලඟ අවුරුදු හතර ඇතුලත රටමහා යුද්ධයකට ඇදවැටෙනු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදයේ ජනයාගෙන් සියට 76ක් බයෙන් පසුවන බව එන්බීසී මාධ්‍යය ගිය අඟහරුවාදා නිකුත් කරන ලද ජනමත විචාරනයක ප‍්‍රතිඵල වලින් පැහැදිලිවිය. හුදෙක් පෙබරවාරි මස පටන් පමනක් ගනන්ගත්තේ වුව ද යුද්ධයක් පිලිබඳව කම්පාවට පත්ව සිටින ඇමරිකානුන් ගනන සියයට 10කින් ඉහල ගොස් තිබේ.

මේ බිය මුලුමනින්ම යුක්ති සහගතවේ. පෙබරවාරි මාසයේ පටන්, එක්සත් ජනපද ජනාධිපතිවරනය තුලට මොස්කව් ඇඟිලිගැසීමකට ට‍්‍රම්ප් කඳවුර සහය දී ඇති යයි කරනලද චෝදනාවක් මැදි කරගෙන නොනැවත කරනු ලබන උග‍්‍ර ප‍්‍රචාරයකට ඇමරිකානු ජනකාය පාත‍්‍ර කරනු ලැබ ඇත. මේ දේශපාලන සහ මාධ්‍ය මෙහෙයුමට ප‍්‍රධාන තල්ලු බලය දෙන්නේ, ලෝකයේ දෙවන න්‍යෂ්ටික බලවතා වන රුසියාව සමග ඇමරිකා එක්සත් ජනපදය පවත්වා ගෙන යන ඝට්ටනය තවත් උග‍්‍ර කිරීමට එකසත් ජනපදයේ යුද හා බුද්ධි තන්ත‍්‍රය ට තිබෙන අධිෂ්ඨාන ය යි. පෙන්ටගනයට සහ සී අයි ඒ සංවිධානයට රුසියාව පෙනෙන්නේ තම ආධිපත්‍ය මැදපෙරදිග නැගෙනහිර යුරෝපය හා ලොව වටා අත්පත් කර ගැනීමේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රයත්නයට බාධකයක් ලෙස ය.

පෙන්ටගනය, එකවරම, එක්සත් ජනපද යුද නෞකා යොදවා දකුනු චීන මුහුදේ චීනය හිමිකම් කියන ප‍්‍රදේශයේ සීමා උල්ලංඝනය කරමින්ද, චීන-ඉන්දියා දේශසීමා ගැටුම ට ගිනි අවුලමින්ද ජපානයේ සහ තායිවානයේ යුද බලය උත්සන්න කිරීම ට දිරි දෙමින්ද චීනයට එරෙහි නිරන්තර ප‍්‍රකෝපකරනයන් හි යෙදී සිටී.

මේ අතර ට‍්‍රම්ප් පාලනධිකරය උතුරු කොරියාවට එරෙහි යුද පියවර ගන්නා බවට යලියලිත් තර්ජනය කරයි. ඒ සඳහා ට‍්‍රම්ප් අලුතින්ම යොදා ගෙන ඇත්තේ උතුරු කොරියාව සිදුකලේයයි කියනු ලබන අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමයි.

මහා යුද්ධයක් පිපිරීයාමට බියව සිටින ජනසංඛ්‍යාව ඉහල දැමීමට නිසැකවම තවත් සිද්ධි මාලාවක් හේතුවීඇත. එනම්: අප්‍රේල් මාසයේ දී සිරියාවට එරෙහිව ඇමරිකාව එල්ල කල කෲස් මිසයිල ප‍්‍රහාරය, ඉක්බිති එක්සත් ජනපද යුද යානයක් සිරියානු සටන්-ජෙට් යානයක ට පහර දී බිම හෙලීම සහ 1945 හිරෝශිමා සහ නාගසාකි පරමානු බෝම්බවලට පසු ඇමරිකානු මිලිටරිය හෙලූ ඊනියා යෝධතම බෝම්බය (MOAB) ඇෆ්ඝනිස්ථානයට දැමීම මිට අදාල වේ.

ඇමරිකා එක්සත් ජනපදය මුලූ ලෝකය පුරා නිතිපතා යුද අපරාධවල නිරතව සිටින අතර, ඇමරිකාවේදී මහසංගත ගැති මාධ්‍යය එම තතු ඇමරිකානු මහජනතාවගෙන් මුලුමනින්ම පාහේ වසන් කොට ඇත. ඉරාකයේ මොසුල් නගරය වටකොට යටත් කර ගැනීමට එක්සත් ජනපදය විසින් මෙහෙයවුනු දිර්ඝ ප‍්‍රහාරයේදී අඩුගනනේ 7,000ක් සිවිල් වැසියන් ගොඩනැගිලි සුන්බුන් වලට යටව වැනසුනු බව ගිය සතිය ඇතුලත තහවුරුවී ඉස්මත්තට එමින් පවතී.

සිවිල් වැසියන් 1,622ක් මරාදැමුනු 2017 මුල්භාගය වනාහි අවුරුදු 16ක් තිස්සේ කරගෙන යනු ලබන එක්සත් ජනපද ඇෆ්ඝනිස්ථාන ආක‍්‍රමනයේ වාර්තාගත වැඩිම සංඛ්‍යාවක් සිවිල් වැසියන් මරනලද හය මාසය වේ. ඇෆ්ඝනිස්ථානය තුලට එක්සත් ජනපද භටයන් 100,000කට වැඩි සංඛ්‍යාවක් යවමින් ඔබාමා සිදුකල “පිම්ම” අවස්ථාවේදී පවත්වා ගත් මට්ටමට ම ගුවන් හමුදා ප‍්‍රහාර උග‍්‍රකර තිබෙන තතුතුල, පසුගිය වර්ෂයේ මුල් හයමස තුල පැවැති මට්ටම ඉක්මවා ගැහැනු මරන සංඛ්‍යාව සියයට 23 කින්ද ලමා මරන සංඛ්‍යාව සියයට 9කින් දඉහල ගියේ ය.

වොෂිංටනය ඒ සමගම යේමනයට එරෙහි ව සෞදි අරාබිය මෙහෙයවන සම්පූර්න ජනඝාතනයකට සමාන ආක‍්‍රමනකාරී යුද්ධයට සිය සහය ඉහල දමා ඇත්තේ මහා බෝම්බ පතනයක් මගින් 12,000කට වැඩි සංඛ්‍යාවක් මරා දමා මූලික පොදුකාර්ය ව්‍යූහය වනසා සාගතයක් සහ කොලරා වසංගතයක් ඇතිකර තිබෙන තතු තුලය.

අලුතින් නිකුත්ව ඇති මත විචාරනයෙන් එලිදරව් වී ඇත්තේ එක්සත් ජනපදය තුල මුලුමනින් ම ප‍්‍රති විරුද්ධ සන්තතීන් දෙකක් දිගහැරෙමින් පවත්නා බවය. එක් අතකින් ඇමරිකානු ජනාකයගෙන් අතිමහත් බහුතරය තුල ප‍්‍රගාමිව වැඩි වැඩියෙන් යුද්ධය කෙරේ භීතිය සහ විරෝධය වැඞී එයි. අනෙක් අතට, එක්සත් ජනාපද ආන්ඩුව සහ එය නියෝජනය කරන පාලක අල්පාධිපතිය වඩවඩාත් නැමීගන්නේ මහා යුද ඝට්ටනයක් අවුලූවාගැනීමටය.

ඉහතකී එන්බීසි විචාරනයේ ප‍්‍රතිඵල නිකුත් කිරිමට යන්තම් දින හතරකට පෙර , එක්සත් ජන්පදයේ නියෝජිත මන්ත්‍රී මන්ඩලය අතිමහත් ද්විපාක්ෂික බහුතරයකින් ඩොලර් බිලියන 700ක්වු පෙන්ටගන් වැය අනුමත කලේ ය. මේ වනාහි. දිගින් දිගටම කරෙගන යන යුද්ධ ද අලුත් යුද සූදානම් කිරීමද සඳහා ට්‍රම්ප්ගේ ධවල මන්දිරය ඉල්ලා තිබුනු යුද වියදම් ප‍්‍රමානය ඉක්මාවා යාමකි.

එක්සත් ජනපද යුද හමුදා විද්‍යාලයේ (ආමි වෝර් කොලේජ්) මූලෝපයික අධ්‍යයන ආයතනය විසින් සකසනු ලැබ මෑතකදී ප‍්‍රකාශිත, “පශ්චාත් ප‍්‍රමුඛත්ව ලෝකයක අවදානම තක්සේරු කිරීම” නමැති අධ්‍යයනය යුද්ධය කරා මාවත සකස් කරන්නන් ගේ චින්තනය තුලට පිවිසුමක් ලබාදෙයි. “එක්සත් ජනපදයද එරට යුද හමුදාවද මුහුනදී සිටින්නාවූ පසමිතුරු යථාර්ත දෙකක්” සඳහන් කරනා එය මෙසේ කියා සිටී: “පලමුවැන්න නම් උග‍්‍ර වෙමින් පවත්නා අනාරක්ෂිත භාවය, ඛාදනය, හා සමහර අවස්ථාවල අතිශයින් වැදගත් ආරක්ෂාව සම්බන්ධ අභියෝග වලදී එක්සත් ජනපදයට ලැබේ යැයි සිතන මිලිටරි වාසිය අහිමි වී යාමයි. දෙවැන්න නම් ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධ අස්ථිර හා අවිනිශ්චිත ආරක්ෂක කරුනු පිලිබඳ යලි සැකසීමේදී ඒක්සත් ජනපද නායකත්වෙය් අනභියෝගී බවට වැඩි වැඩියෙන් නොරිස්සුම් සහගත වීම දක්නට ලැබීමයි.

එක්සත් ජනපද යුද අධ්‍යනය නිර්වචනය කරන ලෙසට ‘පශ්චාත් එ.ජ. ප‍්‍රමුඛත්ව’ සමයක වොෂින්ටනයේ මූලෝපයික අරමුනු වලට අයත් වන්නේ ‘මූලෝපායික ප‍්‍රදේශ, වෙලඳපොල, සහ සම්පත්’ වලට අතගසාගැනීම සහ ‘එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද මය වාසිය සහ විකල්ප පුලුල් කිරීමය. වෙනත් වචනවලින කිවහොත් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක ආධිපත්‍යයේ සාපේක්ෂ පරිහානිය යුදබලය යොදාගෙන වලක්වාගත යුතු වේ’.

මෙම මූලෝපාය “එක්සත් ජනපදයේ යුද හැකියාවෙන් බරපතල කොටසක් එක්කෝ අසාර්ථක වීමට නියමිත නැතොත් සැලකියයුතු පාඩු වලට තුඩු දෙන ‘ධාරිතා උරගා බැලම්’ මාලවක ට ඇද දමනු ඇති බව” එය පිලිගනී. මින් අදහස් වන්නේ , දැන් සැකසෙමින් පවත්නා යුද්ධ විසින් සිදුකෙරෙන්නට යන විනාශයේ පරිමානය දෙවන ලෝක යුධයේ දී ඇමරිකානු භටයන්ට අත්වූ විනාශයෙන් පසු නොදැක්ක පරිමානයක් වනු ඇති බවයි.

යුද්ධය කෙරේ පවත්නා අත්‍යන්ත මහජන විරෝධය මෙල්ල කිරීමේ අවශ්‍යතාවයද මෙම ලියවිල්ල ගම්‍යව පිලිගනී. එය කියාසිටින්නේ “ඒ සමගම ඇමරිකා එක්සත් ජනපද මාතෘභූමිය, තනි තනි ඇමරිකානු වැසියන්, සහ එක්සත් ජනපද මහජන මතය සහ සංවේදන යන මේ සියල්ලම රනපිටි බවට පරිවර්තනය වනු ඇති” බවකි.

මේවනතෙක් මෙම සටන පැවත ඇත්තේ බොහෝදුරට එ්කපාක්ෂික වය. යුද ධාවනය ඩිමොක‍්‍රටික් පක්ෂයේ ද රිපබ්ලිකන් පක්ෂයේ ද යනදෙක්හිම අත්‍යන්ත සහයෝගය ලබයි. ජන මාධ්‍ය පෙන්ටගනයේ සහ සි අයි ඒ සංවිධානයේ ප‍්‍රචාරක හස්තයක් බවට ලඝු කරනු ලැබ ඇත.

පසුගිය සමයේ යුදවිරෝධී මනෝගතිය ඩිමොක‍්‍රටික් පක්ෂය පිටුපස ගාල්කිරීමට කටයුතු කල, නමට “වාමාංශික” දේශපාලන සංවිධාන සහ ප‍්‍රකාශන, අධිරාජ්‍යවාදී යුද්ධයේ නව සහායක කොටසක් ලෙස, මෙම සටනේ දී දේශපාලන වශයෙන් බරපතල වූ භූමිකාවක් ඉටු කර තිබේ අද දින , මේ අංශ එක්සත් ජනපද මිලිටරිය විසින් කරනු ලබන අපරාධවලට එරෙහි කුමන ආකාර විරෝධතාවකට වුව විරුද්ධ වනවා පමනක් නොවේ; ඔවුහු එක්සත් ජනපද පාලනය විසින්, ලිබියාවේ සිට සිරියාව දක්වාත් ඉන් ඔබ්බටත් කරනු ලබන අධිරාජ්‍යවාදී තන්ත‍්‍ර මාරු මෙහෙයුම් වල වාචාල පෙරකදෝරුවන් බවට පත්ව සිටිති.

එක්සත් ජනපදයේ ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් සංවිධානය, ප‍්‍රන්සයේ නිව් ඇන්ටි-කැපිටලිස්ට් පක්ෂය සහ ජර්මනියේ වාම පක්ෂය වැනි මෙම කන්ඩායම් එක්සත් ජනපදයේ අපරාධ, “මානව හිමිකම්” නමැති අවමානනීය කොඩියේ යොදාගෙන රුසියාව චීනය සහ ඉරානය “අධිරාජ්‍යවාදී” යයි ග‍්‍රස්ත අවලාද නගමින්, සිරියාවේ සහ තවත් තැන්වල සීඅයිඒ සංවිධානය විසින් මෙහෙයවනු ලබන අස්ථායකාරක මෙහෙයුම් “විප්ලවයන්” යයි මවා පෙන්වමින් ඒවාට සහය දෙති.

ඔවුන්ගේ දේශපාලනය ගැඹුරින් මුල් විහිදා ඇත්තේ මධ්‍යම පන්තියේ ධනවත් කොටස් වල ආසක්තයන් තුලය. මෙම මධ්‍යම පන්තියේ පෞද්ගලික ධන සම්පත් අමරිකානු යුදවාදයේ ගෝලීය ඝට්ටනයෙන් දිරි ලබන, කොටස් සහ දේපල වල වටිනකමත් සමග ඉහල නැගගෙන ඇත.

ඇමරිකා එක්සත් ජනපදය තුල සහ ලෝකය පුරා යුද්ධයට එරෙහිව පුලුල්ව හා ගැඹුරින් නැගෙන මහජන විරෝධය ට පවත්නා දේශපාලන ස්ථාපිතය තුල, ප‍්‍රකාශනයක් අත්පත් කරගත නොහැකිය. සමාජවාදී සමනතා පක්ෂයත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් සටන්වැද සිටින්නේ ජාත්‍යන්තර හා සාමාජවාදී පර්යාලෝකයක් පදනම් කරගත් කම්කරු පන්තිය මත පදනම්වූ මහජන යුද විරෝධි ව්‍යාපාරයක් ගොඩනැගීම තුලින් මෙම හැඟීමට සවිඥාත සහ සංවිධිත ප‍්‍රකාශනයක් අත්කර දීම සඳහා ය.

බිල් වෑන් ඕකන්

Share this article: