ට‍්‍රම්ප් පාලනයේ මාස හය: ධනවාදය සහ යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ මූලෝපාය

Six months of the Trump administration: The working-class strategy against capitalism and war

2017 ජුලි 20

එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම දක්ෂිනාංශික ආන්ඩුව බලයට පත් කල, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පදවි ප‍්‍රාප්තියේ සයවන මාසය අද දිනට යෙදී ඇත.

මෙය “අපකීර්තිමත් සිද්ධියක් ලෙස පවතිනු” ඇතැයි ජනවාරි 20 වන ට‍්‍රම්ප්ගේ පදවිප‍්‍රාප්ත දිනයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කලේය. ට‍්‍රම්ප් පත්වීම හමුවේ අපි මෙසේ ලිව්වෙමු. “ඉතිහාසය ඇමරිකානු ධනවාදය ලූහුබැඳ ගොස් අල්ලාගෙන ඇත. නිල දේශපාලන මිථ්‍යාවන් සහ යටින් පවතින යථාර්ථය අතර පවතින හිඩැස සැඟවීමට දායකවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැකි වලින්, ආර්ථිකයේ සහ සමාජ ඛාදනයේ දශක ගනනක දික්ගැසුනු කි‍්‍රයාදාමය ආවරනය කර තිබිනි. එහෙත් දැන් වෙස්මුහුන ගැලවී ඇත. ඩොනල්ඞ් ට‍්‍රම්ප් මූර්තිමත් කරන්නේ, එක්සත් ජනපද ධනපති කතිපයාධිකාරීන්ගේ ¥ෂනය, නිර්දය බව, පරපුටුභාවය සහ අවශ්‍යයෙන්ම ෆැසිස්ට්වාදී මනෝගතියයි.”

මෙම විග‍්‍රහය පිලිබඳ පසුගිය සය මාසය තුල, ප‍්‍රමානවත් ලෙස තහවුරු කර ඇත. ට‍්‍රම්ප්ගේ දේශීය ප‍්‍රතිපත්තිය කේන්ද්‍රගත වී ඇත්තේ, සංක‍්‍රමනික කම්කරුවන්ට සහ සරනාගතයින්ට පහර දෙමින් ද පොදු අධ්‍යාපනය විනාශ කරමින් ද සංගත සහ පරිසරය පිලිබඳ නීතිරීති ඉවත් කරමින්ද සහ ධනවතුන් සඳහා බදු අධික ලෙස කපා හරිමින් ද, 1930 සහ 1960 දශකවල ඇති කරන ලද සමාජ සුභසාධක සහනවල ඉතිරිව ඇති සියල්ල වැනසීමයි.

විදේශ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේදී ට‍්‍රම්ප්, මෝසුල් නුවර දහස් සංඛ්‍යාත ජනතාව විනාශ කිරීමට ජනාධිපති ඔබාමා විසින් සැලසුම් කරන ලද හා මුල පිරූ ව්‍යාපාරය ප‍්‍රථමයෙන් අවසන් කිරීම ගැන අවධානය යොමු කරමින්, පිටරටවල මිලිටරි ප‍්‍රචන්ඩත්වය තීව‍්‍ර කරමින් සිටියි. ට‍්‍රම්ප් පාලනය සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාර ආරම්භ කර ඇති අතර ඇෆ්ගනිස්ථානයට එක්සත් ජනපද අවි ගබඩාවේ ඇති විශාලතම න්‍යෂ්ටික නොවන බෝම්බය දමමින් ලෝකයේ අනෙක් රටවලට ද තර්ජනය එල්ල කලේය.

මෙම න්‍යාය පත‍්‍රය ගැඹුරු ලෙස අප‍්‍රසාදයට පත් වී ඇත. ට‍්‍රම්ප්ගේ පදවිප‍්‍රාප්තිය රට පුරාත් ජාත්‍යන්තර පරිමානවත් මහජන විරෝධතා සහිත උද්ඝෝෂන වලින් පිලිගන්නා ලදී. පසුගිය ජනවාරි 20 දා සිට ඔහුගේ ආන්ඩුව සිදු කල කි‍්‍රයාවන් ට‍්‍රම්ප්ට එරෙහි සතුරුකම පුලූල් පරිමානයෙන් ගැඹුරු කර ඇත. මෑතකදීම පවත්වන ලද ජනමත විමසීමකට අනුව, ඉතා කෙටි කාලයක් තුල ට‍්‍රම්ප්ගේ ජනප‍්‍රසාදය පෙර නොදුටු විරූ මට්ටමකට අඩු වී ඇත.

එහෙත් පදවි ප‍්‍රප්තියෙන් මාස 6ට පසුව ද මහජන විරෝධය, සමාජ අසමානතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර සහ එක්සත් ජනපදයේ වැඩිදියුනු වෙමින් පවතින හමුදා මෙහෙයුම් වැනි තීරනාත්මක ප‍්‍රශ්න කේන්ද්‍රීය කරගත්, වාම නැඹුරුවක් සහිත සංවිධිත ව්‍යාපාරයක රූපාකාරය ගත් සැලකිය යුතු ප‍්‍රකාශයනයක් අත් කරගෙන නැත. සියල්ලටත් වඩා මෙම තත්වයට හේතුව වන්නේ, ට‍්‍රම්ප්ට එරෙහි මහජන සතුරුකම, තම අවශ්‍යතා නියෝජනය කරන පාලක පන්තියේත්, රාජ්‍යයේත් පිටුපස දැක්කීමට ඩිමොක‍්‍රටික් පක්ෂය සහ එහි සහචරයින් දරන ප‍්‍රයත්නයයි.

2016 නොවැම්බර් 8දා ට‍්‍රම්ප් තෝරාපත් කර ගැනීමේ සිට ඩිමොක‍්‍රටික් පක්ෂයේ වාර්තාව ගැන පරීක්ෂා කර බලමු.

ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය ගැන ඩිමොක‍්‍රටිකයන්ගේ ආරම්භක ප‍්‍රතිචාරය, “සාමකාමී පරිවර්තනයක්” පිලිබඳ පොරොන්දුවක් විය. මැතිවරනය වනාහි පැති දෙක, එකම කන්ඩායමෙන් සමන්විත “අභ්‍යන්තර කෝලාහලයක්” බව ඔබාමා පැවසීය. සෙනේට් සභිකයින් වන බර්නි සැන්ඩර්ස්, එලිසබෙත් වොරන් සහ අනෙකුත් “වාම” ඩිමොක‍්‍රටිකයෝ, කම්කරු පන්තියට යහපත් ප‍්‍රතිඵල ගෙනදෙන ප‍්‍රතිපත්ති ගෙන යන තාක් දුරට ට‍්‍රම්ප් සමග වැඩ කරන බවට පොරොන්දු වූහ. කම්කරු පන්තියේ අවශ්‍යතා ඉටු කරන ප‍්‍රතිපත්ති වෙනුවෙන් ට‍්‍රම්ප් පරිපාලනයට පීඩනය දැමිය හැකිය යන විකාර සහගත කොන්දේසිය මත පදනම් වූ එම සංකල්පය, සේවය කරන්නේ, ඩිමොක‍්‍රටික් පක්ෂය ගැන මිථ්‍යා වැපිරීමට සහ එයින් ස්වාධීන ක්‍රියාවන්ට එරෙහිව වීමට විනා වෙන කිසිදු අරමුනකට නොවේ.

මෙයට පසුව ට‍්‍රම්ප්ට එරෙහි පොදු මහජන විරෝධය අතිශයින්ම උමතු, යුද්ධ ගැති සහ නව මැකාතිවාදී උද්ඝෝෂන පිටුපස පෙල ගැස්වීමට ප‍්‍රයත්න දැරිනි. පාලක පන්තියේ කන්ඩායමක් මෙම උද්ඝෝෂනය සැලකුවේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සහ ට‍්‍රම්ප් අතර පැවැති සමීප සබඳතාව නිසා ඇතිව තිබෙන බවය. ඩිමොක‍්‍රටිකයන්ගේ විරෝධතාවය කේන්ද්‍රගත වී ඇත්තේ, ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික, සංගත ගැති ප‍්‍රතිපත්ති හෝ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙත ඔහුගේ ආන්ඩුවෙන් එල්ල වන දැඩි අනතුර ගැන නොව, ට‍්‍රම්ප් විසින් තම ව්‍යාපාරික අවශ්‍යතාවලට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලික මූලෝපායික අවශ්‍යතා යටත් කරමින් සිටීම තුලය.

ට‍්‍රම්ප් පිලිබඳ කුමන විවේචන තමන්ට තිබුනද ඩිමොක‍්‍රටික් පක්ෂයත් එය පිටුපස ගාල්වී සිටින විවිධ මධ්‍යම පන්තික විරෝධතා සංවිධානත්, ස්වාධීන පදනමක් මත කම්කරු පන්තිය සංවිධානය කිරීමේ කුමන හෝ ප‍්‍රයත්නයකට සම්මුති විරහිතව සතුරු වෙති.

මෙම අත්දැකීමෙන් උකහා ගත යුතු මූලික නිගමනය විය යුත්තේ, සමස්ත දේශපාලන සංස්ථාපිතය සහ එය පදනම් වී ඇති ධනපති පද්ධතියටත් එරෙහි සටනකින් තොරව ට‍්‍රම්ප් පාලනයේ න්‍යායපත‍්‍රයට එරෙහි බරපතල සටනක් තිබිය නොහැකිය යන්නයි.

වොෂින්ටනය තුල මතු වී ඇති දේශපාලන කාකොටා ගැනීම් වලට පටහැනිව, වැඩි දියුනු වෙමින් පවතින සමාජ කෝපය මුදා හැරියහොත්, පාලක ප‍්‍රභූවේත් එහි දේශපාලන නියෝජිතයින්ගෙන් සියලුම සැලසුම් සහ ව්‍යාපෘතීන් කඩාකප්පල් වනු ඇත. සෞඛ්‍ය පහසුකම් විනාශවීම, දරිද්‍රතා මට්ටමේ වැටුප්, මහා පරිමාන නය ගැතිකම, පොදු අධ්‍යාපනය විනාශ කිරීම, සංක‍්‍රමනික කම්කරුවන්ට එරෙහි යුද්ධය, උත්සන්න වෙමින් පවතින පොලිස් හිංසනය සහ නිමක් නැති යුද්ධය, දස මිලියන සංඛ්‍යාත ජනතාව අතර විරුද්ධත්වයේ ප‍්‍රභවය නිර්මානය කර ඇත.

තමන්ගේ අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රනය කරන වැඩ පිලිවෙලකින් කම්කරු පන්තිය සන්නද්ධ කල යුතුය. පාලක ප‍්‍රභූවේ ධනය හා සමාජ හා ආර්ථික ජීවිතය මත පවතින එහි අධිකාරයට එරෙහි ප‍්‍රහාරයකින් තොරව එකුදු සමාජ හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් රැක ගත නොහැකිය. සාපරාධී සහ පරපුටු පාලක ප‍්‍රභූව ගොඩ ගසාගෙන ඇති ඇදහිය නොහැකි ප‍්‍රමානයේ සම්පත් අත්පත් කර ගෙන, බහුතරයක් මහ ජනතාව මුහුන දෙමින් සිටින පරදුවට තබනු ලැබ ඇති සමාජ අර්බුදය විසඳීමට භාවිතා කල යුතුය. යෝධ සමාගම් සහ බැංකු කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ පොදු ව්‍යවසායන් බවට පරිවර්තනය කල යුතුය.

ට‍්‍රම්ප් පරිපාලනයට පමනක් නොව, ධනවාදී ක‍්‍රමයට එරෙහිවත්, දැවැන්ත මහජන විරෝධයක් වැඩි වර්ධනය වෙයි. කම්කරු පන්තියේ සටන්කාමීත්වය වර්ධනය වීමේ සලකුනු බහුලය. සමාජ සහ දේශපාලන ජීවිතයේ මතුපිට පන්ති වෛරය පුපුරා යාම කාලය පිලිබඳ ප‍්‍රශ්නයක් පමනි. එය ද අනියමිත කාලයකට නොවේ. තීරනාත්මක අභියෝගය වන්නේ මෙම මතුවෙමින් පවතින ව්‍යාපාරයට පැහැදිලි දේශපාලන වැඩපිලිවෙලක් සහ ඉදිරි දර්ශනයක් සම්පාදනය කිරීමය. මෙය වනාහි විප්ලවවාදී සමාජවාදය සඳහා ඉදිරිදර්ශනයක් සඳහා මහජන සහභාගිත්වයක් දිනිය හැකි සහ දිනන වකවානුවකි.

මෙම ඉදිරිදර්ශනය මතයි, සමාජවාදී සමානතා පක්ෂයත් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයත් සටන් කරන්නේ. අප අපගේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ට‍්‍රම්ප් පරිපාලනයේ සය මස තුලින් පැනනගින නිගමන උකහා ගන්නා ලෙසටය. සසප සහ සසජාතශි සමග අත්වැල් බැඳගන්න. යුද්ධයටත්, අසමානතාවයටත්, ආඥාදායකත්වයටත් එරෙහිව සටන් කිරීමේ තීන්දුව ගන්න. සමාජවාදය සඳහා සටන් කිරීමට තීරනය ගන්න.

ජෝසප් කිෂෝර්

Share this article: