කොමේ සෙනෙට් සභාව ඉදිරියේ සාක්ෂිදීම: වොෂින්ටනයේ දේශපාලන සංදර්ශනයක්

Comey’s Senate testimony: A political circus in Washington

2017 ජූනි 9

හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ සෙනසුරාදා සෙනේට් ඔත්තුසේවා කමිටුව ඉදිරියේ සාක්ෂිදීම සියලු කේබල් හා ජාල ප‍්‍රවෘත්ති නාලිකා ඔස්සේ සජීවීව විකාශ කෙරුනු අතර, කල්තබා ප‍්‍රචාරය කෙරී තිබුනේ එය 2016 ජනාධිපතිවරනය තුල රුසියානු මැදිහත්වීම සමග ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ චූදිත සම්බන්ධකම් පිලිබඳ පරීක්ෂනයේ ඓතිහාසික අවස්ථාවක් ලෙස ය.

වෝටර්ගේට් නඩු ඇසීම හා සන්සන්දනය කිරීම්වලින් මාධ්‍ය පිරී තිබුනේ, මෑතක් වන තුරුම බාධාවකින් තොරව මහජනයා ගැන ඔත්තු බැලූ ඔත්තුසේවා සංවිධාන තුල ප‍්‍රමුඛ පුද්ගලයෙකු වූ කොමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ව්‍යවස්ථාදායක ආන්ඩුවේ වීරයෙකු ලෙස පිම්බීම සමගිනි.

පැය කීපයකට පසු, “කොමේ මහතා හා සියලුම ජනාධිපතිවරුන්ගේ මුසාවද” නම් මාතෘකාවක් යොදා නිව්යෝක් ටයිම්ස් පත‍්‍රය කතුවැකියක් පලකලේ ය, එකී මාතෘකාව වොටර්ගේට් මගඩිය ගැන වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ වුඩ්වර්ඩ්ස් හා බර්න්ස්ටයින් යන මාධ්‍යවේදීන් දෙනොගේ පරීක්ෂනය මත පදනම්වූ 1976 චිත‍්‍රපටයකට අදාල සඳහනකි. කතුවැකිය අවසන් කරන්නේ මෙසේ ය, ” ‘එෆ්බීඅයි මෙහෙවර ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීමට හා එක්සත් ජනපද ව්‍යවස්ථාව ඔසවා තැබීමට’යයි කොමේ මහතා ප‍්‍රකාශ කලේ ය. ඔහු විස්තාරනය කල ප‍්‍රතිපත්ති හා ඒවා මෙහෙය වන අය, ඉදිරි දිනවල දී පරීක්ෂනයට මග පෙන්වනවා ඇතැ”යි අපි බලාපොරොත්තු වෙමු.

ටයිම්ස් පත‍්‍රයේ වෝටර්ගේට් සැසඳීම පිලිබිඹු කරන්නේ ඩිමොක‍්‍රැටික් පක්ෂයේ රුසියානු විරෝධී උද්ඝෝෂනයේ රැවටිලිකාර හා ව්‍යාජ ස්වභාවය යි. එය 1973 වෝටර්ගේට් පරීක්ෂනයට වඩා කිට්ටුවෙන් සමාන වන්නේ වයිට්වෝටර් හා මොනිකා ලෙවෙන්ස්කිගේ සිට බෙන්ගසි දක්වා නොවැදත් සිද්ධීන් ගැන සෝලි මවමින් පීඩනය යෙදීමට යොමු වූ රිපබ්ලිකානුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී උත්සාහයන්ට ය.

වෝටර්ගේට් විභාග කිරීම හෙලිදරව් කලේ නික්සන්ගේ ජනාධිපති යලි පත්කර ගැනීමේ කමිටුවේ (කී‍්‍රප් නමින් ප‍්‍රසිද්ධ විය) නිලධාරීන් මැදිහත්වෙමින් ඩිමොක‍්‍රටික් පක්ෂ ජාතික කමිටු කාර්යාලයට කඩා පැනීම හා එය වසන් කිරීමට ජනාධිපති ඍජුවම සම්බන්ධ කර ගැනුන යි යන කාරනය යි.

කඩා වැදීම හා ඊට පසු එය වසන් කිරීම සිදුවූයේ වියට්නාම් යුද්ධයට එරෙහිව විශාල විරෝධතා, කාම්බෝජය හා ලා ඕසයේ නීතිවිරෝධී බෝම්බ දැමීම් ගැන හෙලිදරව්වීම්, සහ සීඅයිඒ හා එෆ්බීඅයි සංවිධාන විසින් ජනාධිපතිගේ දේශපාලන හතුරන් ගැන පුලුල් සෝදිසි කිරීම් පිලිබඳ වාර්තා ලැබීම මධ්‍යයේ ය. සෑම දිනකම, මිලියන ගනනාවක දෛනික පේ‍්‍රක්ෂකයින්ට පරීක්ෂනය විසුරුවා හැරුනි, ජනාධිපතිගේ කි‍්‍රයා නීතිය ඉක්මවා ගියා වූ ද මොනයම් හෝ පරීක්ෂනයක් අවහිර කිරීම මගින් ඔහුගේ නොමග යෑම් වසන් කිරීමට උත්සාහ කෙරුනා වූ ද විධායක ඒකාධිපතිත්වයක් නික්සන් ස්ථාපිත කරමින් සිටියේ ය යන සාක්ෂිවලින් පේ‍්‍රක්ෂකයින් ගල් ගැසුනි. ජූනි මාසයේ දී, නික්සන්ගේ හිටපු මාන්ඩලික ප‍්‍රධානී ජෝන් ඩීන් පිටු 245ක සාක්ෂි ද “ජනාධිපති ධුරය මත පිලිකාවක් ඇතැ” යි ඔහු නික්සන්ට පැවසූ සංවාදයක විස්තර ද ඉදිරිපත් කලේ ය.

වසර දහතුනකට පසු, 1987 මාර්තුවේ දී, ඉරාන-කොන්ට‍්‍රා සෝලිය තුල රේගන් පාලනාධිකාරියේ කාර්යභාරය අනාවරනය කර ගැනීමට නියෝජිත මන්තී‍්‍ර මන්ඩලය හා සෙනේට් සභාව ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කලේ ය. ඉරාන-කොන්ට‍්‍රා ගනදෙනුව වධදීම්, පැහරගැනීම්, ස්ති‍්‍ර දූෂන, හා දසදහස් ගනනක් මරාදැමීට වගකිවයුතු නිකරගුවාවේ දක්ෂිනාංශික ඝාතක කල්ලිවලට අරමුදල් සැපයීමෙන් රේගන් පාලනාධිකාරිය වලකන ලද බෝලන්ඞ් සංශෝධන මග හරිනු පිනිස ඉරානයට ආයුධ සැපීමේ කූඨෝපායක් විය.

කොමේ පරීක්ෂනයේ ප‍්‍රශ්න හාත්පසින් ම වෙනස් දෙයකි: එය මූලික වසයෙන් විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධ ප‍්‍රශ්න මත පාලක පන්තිය තුල කෙරෙන කටුක අරගලයකි.

ඩිමොක‍්‍රටික් පක්ෂය පරීක්ෂන ඉල්ලා සිටින්නේ ට‍්‍රම්ප් විසින් ලේඛන නොමැති සංක‍්‍රමනිකයන් විශාල වසයෙන් පිටුහල් කිරීම ගැන හෝ නැතහොත් සෞඛ්‍ය රැකවරන හා වෛද්‍යාධාරවල ට‍්‍රම්ප්ගේ යෝජිත කප්පාදුවල ප‍්‍රතිඵලයක් වසයෙන් ජීවිතාපේක්ෂාව අඩුවීම ගැන නොවේ. ට‍්‍රම්ප්ගේ විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත් විට, සිරියාවට එරෙහිව ටොමහෝක් මිසයිල දියත් කිරීමට හා අපේ‍්‍රල් මාසයේ දී ඇෆ්ගනිස්ථානය මත “මැසිව් ඕර්ඩන්ස් එයාර් බ්ලාස්ට්” නම් යෝධ බෝම්බය හෙලීමට පාලනාධිකාරය තීරනය ගත් විට ඩිමොක‍්‍රටිකයෝ ශබ්ද නගා ප‍්‍රශංසා කලහ.

ජනාධිපති බරක් ඔබාමාගේ පාලනාධිකාරිය අතරතුර, වරෙන්තු හෝ නඩු විභාගයක් නොමැතිව එක්සත් ජනපද පුරවැසියන් ඝාතනය කිරීම පිලිබඳව හෝ එඩ්වර්ඩ් ස්නෝඩන් විසින් හෙලි කරන ලද මහජන සෝදිසි කිරීම් පිලිබඳව හෝ පරීක්ෂන නොපැවත්වුනි. වධදීම් පිලිබඳ සෙනෙට් වාර්තාව විනාස කිරීමට සීඅයිඒ සංවිධානය උත්සාහ කල හා සීඅයිඒ මූලස්ථානයෙන් වාර්තාව ගැනීම නිසා සෙනෙට් කාර්ය මන්ඩලය හිර කිරීමට තර්ජනය කල අවස්ථාවේ සෙනෙට් ඔත්තුසේවා කමිටුව ප‍්‍රසිද්ධ විභාගයක් වත් නො පැවත්වී ය.

සම්පූර්න ජෝ මැකාර්ති වර්ගයේ බොරුවලින් සැරසී, කමිටුවේ උප සභාපති මෙන් ම ප‍්‍රමුඛ ඩිමොක‍්‍රටිකයෙකු වන සෙනෙට් සභික මාර්ක් වෝර්නර් ඊයේ මෙසේ පැවසී ය, “අප මෙහි සිටින්නේ විදේශීය හතුරෙකු අපගේ නිවසේ දී ම අපට පහර දී ඇති නිසා ය, පැහදිලිව මෙන් ම සරලව කිවහොත්, තුවක්කු හෝ මිසයිලවලින් නොව, නමුත් අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමය පැහර ගැනීමට උත්සාහ කරමින් සිටින විදේශීය කි‍්‍රයාකරුවන් විසින් පහර දී ඇති නිසා ය.” ඔහු විසින් කොමේ පින්තාරු කලේ “සත්‍ය කතා කිරීමට කැමත්තෙන් සිටින” වීරයෙකු ලෙස ය.

ඔහුගේ සාක්ෂි දීම අතරතුර දී, කොමේ “රුසියානු ජනාධිපති වෙත ට‍්‍රම්ප්ගේ විෂම හා නොපැහදිලි දයාව” හෙලා දුටුවේ රුසියානුවන් ගැන අනතුරු අඟවන අතර ය: “ඔවුන් යලි පැමිනෙනු ඇත.” නමුත් සාක්ෂි සඳහා බල කෙරුනු විට, කොමේ පහසු ප‍්‍රකාශයක් පුනරුච්චාරනය කලේ ය, එවැනි සාක්ෂි “රහසිගත” වන අතර ඒවා මහජනයාට ලබා දිය නො හැක.

ඔත්තුසේවා ඒජන්සි සමග ඩිමොක‍්‍රටික් පක්ෂයේ සන්ධානය හා නොවැම්බරයේ හිලිරි ක්ලින්ටන්ගේ පරාජය සඳහා රුසියාව වගකිවයුතු ය යන තහවුරු නොකල චෝදනා විභාග කිරීම ට‍්‍රම්ප් විසින් අවහිරකරමින් සිටිතැ යි යන ඔවුන්ගේ ඒකාබද්ධ ප‍්‍රකාශය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී කිසිවක් නැත.

කැපී පෙනෙන ලෙස, ජනාධිපතිවරනයට යන්තම් දින කීපයකට පෙර, එෆ්බීඅයි සංවිධානය හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් දුරකතන පිලිබඳ අපරාධ විමර්ශනය යලි විවෘත කර ඇත යි ඔක්තෝබර් 28වැනිදා ඔහු කල ප‍්‍රකාශය ගැන ප‍්‍රශ්න කිරීමට ඩිමොක‍්‍රටික් සෙනෙට් සභික අසමත් විය. හිටපු ඩිමොක‍්‍රටික් අපේක්ෂිකාව ඈ විසින් ම පවත්වාගෙන ගිය මෙම ඡන්ද වංචාකිරීමේ කි‍්‍රයාව ඇගේ පරාජයේ කේන්ද්‍රීය හේතුවක් විය. එය රුසියාව හා ට‍්‍රම්ප්ට එරෙහිව ගෙනයන චෝදනාවලට වඩා බොහෝ දුරට හානිකර විය.

ට‍්‍රම්ප් නීත්‍යානුකූල පරීක්ෂනයක් අවහිර කරමින් සිටී ය යන ප‍්‍රකාශය පදනම් වන්නේ මහජනතාවගෙන් උපකල්පිත සත්‍ය පදනම සඟවමින් එය (ඒෆ්බීඅයි) විසින් තෝරා ගනු ලබන ඕනෑ ම අයෙකුට එරෙහිව පරීක්ෂන දියත් කිරීමට එෆ්බීඅයි සංවිධානයට “අයිතිය” ඇති යි යන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කල්පිතය මත ය. 1990 ගනන්වල දී, බිල් ක්ලින්ටන්ගේ පෞද්ගලික ජීවිතය හේතු ප‍්‍රත්‍ය කොට ගෙන රිපබ්ලිකන් පක්ෂය මේ ආකාරයේ පදනම් විරහිත “සෝලි” ඇවිස්සුවේ පාලනාධිකාරියේ ප‍්‍රතිපත්ති තුල වෙනසක් ඇති කිරීමේ උත්සාහයක් ලෙස ය. දැන් කේන්ද්‍රීය වෙනස වන්නේ න්‍යෂ්ටිකව සන්නද්ධ රුසියාව සමග එක්සත් ජනපදය යුද්ධයකට ගෙන ඒමට තර්ජනය කරන්නා වූ රනකාමී වෙනසක් කි‍්‍රයාවේ යෙදවීමට ඩිමොක‍්‍රටිකයන් ට‍්‍රම්ප්ට පීඩනය යොදමින් සිටීම යි.

ඉහත කී විභාග කිරීම් හා ඊයේ කොමේගේ සාක්ෂි දීම අතර සන්සන්දනය කිරීම ඩිමොක‍්‍රටික් පක්ෂයේ දේශපාලන පරිහානිය පිලිබඳ මිම්මකි. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට එරෙහිව දකුනින් උද්ඝෝෂනයක් වර්ධනය කල හැක්කේ ඩිමොක‍්‍රටික් පක්ෂය වැනි බංකොලොත් සංවිධානයකට පමනකි.

පොහොසත්කමේ විශාල පරතරයකින් මහජනයාගෙන් වෙන් කෙරුනු, ඩිමොක‍්‍රටික් පක්ෂය හා ඒකාබද්ධ පාලක පන්තියේ කන්ඩායමක් අතිමූලික වසයෙන් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිගාමී සමාජ ප‍්‍රතිපත්තිවලට විරුද්ධ නො වේ. ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දීර්ග කාලීන උත්සුකයන්ට යටින් වල කපතැයි ඔවුන් බිය වන අතර, ඔහු ඔවුන්ගේ විදේශ ප‍්‍රතිපත්ති අරමුනු පිලි ගන්නේ නම් ඔවුන් ට‍්‍රම්ප් උනුසුම්ව වැලඳ ගන්නවා ඇත.ට‍්‍රම්ප් තෝරා පත් කර ගැනීම සමාජ විරෝධය ගැඹුරු කර ඇතිවා පමනක් යැයි ඔවුන් ඒ අයුරින් ම දැනුවත් අතර ඔවුහු සමාජ පිපිරීමක අපේක්ෂාවන්ගෙන් බියවෙති. ඔවුන්ගේ රුසියානු විරෝධී උද්ඝෝෂනය මෙම විරුද්ධත්වය ප‍්‍රතිගාමී, ජාතිකවාදය ඔස්සේ හරවා යැවීමට ඉලක්ක කෙරුනු උද්ඝෝෂනයක කොටසකි.

කම්කරු පන්තිය ට‍්‍රම්ප්ට වන තම විරුද්ධත්වය සම්පූර්නයෙන් ම වෙනස් පදනමක් මත ගෙන යා යුතු ය. සංක‍්‍රමනිකයන් මත ප‍්‍රහාර, වෛද්‍යාධාර හා ආහාර සලාක බඳු සමාජ සහන වැඩසටහන්වල දැවන්ත කප්පාදු, පොහොසතුන් සඳහා බදු සහන, හා ලෝකය පුරා ආක‍්‍රමනකාරී මිලිටරි කි‍්‍රයාකාරකම් මගින් එක්සත් ජනපදය තුල හා ලෝකය පුරා මිලියන ගනනාවක් කම්කරුවන් විනාස කරෙනු ඇත.

මෙම ප‍්‍රතිගාමී න්‍යායපත‍්‍රයට එරෙහි අරගලය එෆ්බීඅයි, සීඅයිඒ, ජාතික ආරක්ෂක ඒජන්සිය හා ඩිමොක‍්‍රටික් පක්ෂය සමග සන්ධාන මගින් දූෂනය නො කල යුතු ය. සමාජවාදය සඳහා වන පොදු අරගලයකට සෑම තැනකම කම්කරුවන් ඇද ගනිමින් එය පදනම් කල යුත්තේ ලෝකය පුරා කම්කරු පන්තියේ අසමාන අරගල එක්සත් කිරීමේ පදනම මත ය.

එරික් ලන්ඩන්

Share this article: