බි‍්‍රතාන්‍ය මහ මැතිවරනය: පන්ති අරගලයේ නව අවධියක්

Britain’s general election: A new stage in the class struggle

2017 ජූනි 10

බි‍්‍රතාන්‍යයේ හදිසි මහ මැතිවරනය අගමැති තෙරේසා මේ ගේ කොන්සර්වැටිව් ආන්ඩුවට ප‍්‍රබල දේශපාලන පහරක් දී ඇත. මේ වනාහි ටෝරි ආන්ඩුව විසින් පැටැවෙන නිමක් නැති කප්පාදු, නිර්දය වැටුප් කප්පාදුව ට හා සහනාධාර කප්පාදුවට ද, අත්‍යවශ්‍ය සමාජ සේවා විනාශයට ද එරෙහිව මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයන් තුල පැනනැගි කෝපය උතුරායාමකි.

මෙනිසා ජෙරමි කෝර්බින් ගේ නායකත්වයන් යුතු ලේබර් පක්ෂයට පක්ෂව විශාල රැල්ලක් පැනනැගී, ලේබර් පක්ෂයේ ඡන්ද සියයට 10ක් තරම් ඉහල නංවා, ටෝරින් ලද මුලු සියයට 42 ට, සියයට දෙකක් තරම් කිට්ටු කලේ ය. තරුන පරපුරේ වයස 18-24 අයගෙන් 3 න් 2 ද, 25-34 අයගෙන් අඩක් ඉක්මවා ද ලේබර් පක්ෂයට චන්දය දුනි.

මෙම ප‍්‍රතිපලය මාධ්‍යයන් ට ඉමහත් කම්පනයක් දුනි. ටොරින්ගේ අති මහත් ජයක් පිලිබඳව මාධ්‍ය කියාපෑම් අමු අමුවේ කල දේශපාලන ප‍්‍රචාරයක් නොවීය; මැතිවරන ප‍්‍රතිඵලය, වරප‍්‍රසාදිත, සුරක්ෂිත, පවුම් ලක්ෂගනන් ආදායම් ලබන, ප‍්‍රවෘත්ති රචකාධිකාරය, මහජනයාගේ අත්දැකීම් වලින් කොයිතරම් හුදෙකලා ව පැවතියේ ද යන්නද ඉන් පෙන්නුම් කෙරිනි.

මෙම මැතිවරනය වනාහි, දැන් ලෝකය සිසාරා යමින් පවත්නා කම්කරු පන්ති යේ දේශපාලන රැඩිකලීකරනය කොයි තරම් ද යන්න පිලිබඳ බලගතු ඇඟවීමකි. එක්සත් රාජධානියේ කෝර්බින් ලබා තිබෙන වාසිය පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරනයේ දී ඩිමොක‍්‍රටික් පාක්ෂික අපේක්ෂකත්වය බර්නි සැන්ඩර්ස්ට ට ලැබුනේ නම්, දින්නේ ඔහු මිස ඩොනල්ඩ් ට‍්‍රම්ප් නොවන බව යි.

ඇත්තවශයෙන්, අගමැති මේ ලද අවමානය පිලිබඳව කම්කරුවන් හා තරුනයින් අතර එක්තරා තෘප්තියක් පමනක් නොව උද්දාමයක් ද පවතී. මෙය තේරුම් ගත හැකිය; එහෙත් ජුනි 8 මැතිවරන ප‍්‍රතිඵලයෙන් ඉක්බිත්තේ, දැන් අවශ්‍යව පවතින්නේ, ඉවසිලි සහගත විශ්ලේෂනයක් හා පැහැදිලි දේශපාලන ඉදිරි දර්ශනයකි. මොනවා වුවත්, ටෝරීන් තවමත් බලයේ ය. සිය දේශපලන අර්බුදය මැද්දේ ම, සිය කප්පාදු සැලැස්මද ඉරාකයේ සහ සිරියාවේ යුද්ධය උත්සන්න කිරීමේ සැලසුම් ද බලෙන් පැටවීමට ටෝරීහු කි‍්‍රයා කරමින් සිටිති.

ඉමහත්ම දේශපාලන අන්තරාය නම් මහජනතාවගේ රැඩිකලී කරනය සමග, ප‍්‍රාරම්භකව එම රැඩිකලී කරනයෙන් තමන්ට අහිමි අධිකාරයක් අනියමින් අත්කර ගෙන සිටින, කොර්බින් සහ ලේබර් පක්ෂය වැනි උදවිය අනන්‍ය කර ගැනීම ය.

1967 දී එවකට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) බි‍්‍රතාන්‍ය ශාඛාව ලෙස පැවති සෝෂලිස්ට් ලේබර් ලීගය (එස්එල්එල්) එවකට හජාජාකයේ ප‍්‍රන්ස ශාඛාව ව පැවති ඔර්ගනයිසේෂන් කොමියුනිස්ට් ඉන්ටර්නැෂනලිස්ට් ( ඕසීඅයි) සංවිධානයට කල අනතුරු ඇඟවීමෙන් මේ පිලිබඳව පාඩමක් උකහාගත හැකි වේ. කම්කරු පන්තිය විප්ලවවාදී පරිමානයේ දේශපාලන වෙනසක් ගැනීමේ මූලාරම්භක කොන්දේසි අද්දරදී ඕසීඅයිය මාධ්‍යමික මාවත ඔස්සේ ගමන් කරමින් සිටියේය.

සෝෂලිස්ට් ලේබර් ලීගය ඕසීඅයි සංවිධානයට මෙසේ අනතුරු හඟවා සිටියේ ය.

වර්ධනයේ එවන් අවස්ථාතාවක දී සැබැවින්ම පැනනැගිය හැකි අන්තරායක් නම්, කම්කරු පන්තිය තුල පවත්නා තත්වයට විප්ලවවාදී ලෙස ප‍්‍රතිචාර දැක්වීම හැරපියා, පැරනි නායකත්වය විසින් කම්කරුවන් පුරුදුකර තිබෙන ආකාරයට අරගල තත්වයන් ට අනුගත වන ප‍්‍රතිචාරයකට විප්ලවවාදී පක්ෂයම බැසගැනීමයි. එනම් ආරම්භක ව්‍යාකූලත්වයකට අනිවාර්යයෙන් ඇද දැමීමයි.

ස්වාධීන පක්ෂය සහ සංක‍්‍රමන කි‍්‍රයාමාර්ගය සඳහා අරගලය ඉහත කී ආකාර සංශෝධන වලට පාත‍්‍ර කිරීම සිදු කරනු ලබන්නේ කම්කරු පන්තියට වැඩිවැඩියෙන් ලංවීම, අරගලයේ ඉන්නා සෑම සියලු දෙනාම සමග එක්සත් වීම, අන්තිම නිවේදන නිකුත් කිරීමෙන් වැලකී සිටීම, සහ පොතේ ගුරු වාදයෙන් ගැලවීම යනාදීවශයෙනි.

මෙම අනතුරු ඇඟවීම් නොතකා හැරි ඕසිඅයි සංවිධානය ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී සෝශලිස්ට් පක්ෂය (පීඑස්) ප‍්‍රන්ස ධනපති පන්තියේ ප‍්‍රධාන ‘වාම’ පක්ෂය හැටියට පිහිටුවීමේලා තීරක භූමිකාවක් ඉටු කලේ ය.

දැන්, බි‍්‍රතාන්‍ය සෝෂලිස්ට් පක්ෂය, සෝෂලිස්ට් වර්කර්ස් පක්ෂය සහ අනෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම් කියන දෙයට අනුගතව කෝර්බින් කම්කරු පන්තියේ ස්වාභාවික නයකයා යයි කියන්නට නැමෙන අයට අප කියා සිටින්නේ ඇලෙක්සිස් සිප්රාස් සහ සිරිසාව මතක තබා ගනු යනුවෙනි.

‘ලේබර් පක්ෂය තුල කෝර්බින්ගේ ජයග‍්‍රහනය විසින් එම පක්ෂය පරිවර්තනය කර ඇතිය’යි ව්‍යාජ වාම කන්ඩායම් දෙසාබන්නේ මහ බොරුවකි.

තමා ලේබර් පක්ෂයේ නායකයාව සිටි අවුරුදු දෙක ඇතුලත කොර්බින්, දක්ෂිනාංශය පලවා හැරිමට එය තුල කෙරුනු කුමන අරගලයක් හෝ වලක්වාලීය. ඒ වෙනුවට, ඔහු කලේ බ්ලෙයාර්වාදීන් ගේ ප‍්‍රතිපත්ති, එනම්: “නැටෝ සංවිධානයට සහය දීම ට‍්‍රයිඩන්ට් න්‍යෂ්ටික අවි ඇටවීම, මුල්‍ය වගකීම (රාජ්‍ය වියදම් හිඟය පියවීම සඳහා සමාජ සහන කැපීම- පරි.-” සහ බි‍්‍රතාන්‍යය යුරෝපිය ඒකීය වෙලඳපලතුල තබා ගැනීම ඇතුලත් ප‍්‍රකාශනයක් ගිය මැතිවරනයේ දී ඉදිරිපත් කිරිම යි.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, කෝර්බින් දැන් නැගගෙන ඉන්නේ, ඉදිරියේදී අනිවාර්යයෙන් ම ඔහු විසින්, සිය ඡායා ඇමති මන්ඩලයකට ඇතුලත් කරගනු ඇති, කලින් ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමට කුමන්ත‍්‍රන කල, යටිකුට්ටු කඩාකප්පල් කාරයන් රොත්තක් වහ වැටීමෙන් පලල් කෙරුනු, පාර්ලිමේන්තු ලේබර් පක්ෂයක මුදුන ට ය.

මැතිවරනය මැද්දෑවේ ම කෝර්බින් තවතවත් දකුනට ගමන් කලේ ය. මැන්චෙස්ටර් සහ ලන්ඩන් නගරවල කෲර ත‍්‍රස්ත කි‍්‍රයාවලට ඔහුගේ ප‍්‍රතිචාරය වුයේ [එක්සත් රාජධානිය තුල] ත‍්‍රස්තවාදී තර්ජන වලට හේතුව, ඉරාකයේද, ලිබියාවේ ද ඇෆ්ඝනිස්ථානයේ ද ආන්ඩු පෙරලා දැමීමට එක්සත් රාජධානිය කල යුද්ධ යයි, තමා ම කලින් ගෙන තිබුනු ආස්ථානය අත හැර දැමීමයි. එපමනක් නොව වත්මන් අගමැති මේ විසින් පොලිසියේ සංඛ්‍යාවන් කැපීමට විරුද්ධවූ කොර්බින් හමුදාවට සහ රහස් පොලිසියට ද අමතර මුදල් සැපයීම ට සපථ කර තිබේ.

කෝර්බින්ව දේශපාලන වශයෙන් හැඩගස්සා ගැනීමට කෙරන වැඩ කටයුත ඉදිරි කාල පරිච්චේදයේ දී තවදුරටත් වේගවත් කෙරෙනු ඇත.

අගමැති මේ ගේ ඩිමොක‍්‍රටික් යුනියනිස්ට් පක්ෂය සමග එක්ව වැඩ කිරීමේ යෝජිත සැලැස්ම අතේ පත්තු වනු ඇති බවටත්, ඇයට බලය රැක ගැනීමට හැකිවේද හා කෙතරම් ඉක්මනින් නව මැතිවරනයක් පැවැත්වීමට සිදුවේද යන්න පිලිබඳවත් සමපේක්ෂනයන් දැනටමත් පැතිරෙමින් පවතී. “මේ ගේ දැඩි බ්රෙක්සිට්” පිලිවෙත සුන් වී යන තතු තුල ද ෆිනැන්ෂල් ටයිම්ස් පත‍්‍රය වැනි බලවත් (ධනපති) පුවත්පතක් කෙලින්ම කෝර්බින්ගේ පැත්තට ට යොමු විය. එය මෙසේ ප‍්‍රකාශ කලේ ය. ”දැඩි බ්රෙක්සිට්” පිලිවෙතක් වැලැක්වීමට බොත්තම තද කිරීමට කාලය එලඹ ඇත. යුරෝපීය සංගමය සමග හැකිතාක් සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට පක්ෂ හරහා සහයෝගය දිනා ගැනීමට කාලය එලඹ තිබේ.”

ටෝරි පක්ෂය තුලින් මේ අරමුනු දිනාගැනීමට බැරි තත්වයක් උද්ගත වුවොත්, එවිට තවත් මහමැතිවරනයක් ඉතා ඉක්මනින් කැඳවීමට හොඳටම ඉඩ තිබේ. කෝර්බින් ට පවත්නා පොදු ජන සහාය නිසා, එවන් ප‍්‍රමුඛ පිලිවෙත් මාරුවක් කි‍්‍රයාත්මක කිරීම සඳහා යාන්ත‍්‍රනය සම්පාදනය කිරීමට ඔහු සමත් වේවා යන්න පිලිබඳව පාලක කවයන් තුල සාකච්චා දැනටම ඇරඹී තිබේ.

ලේබර් පක්ෂය තම වාමාංශික ‘වාග්ධාරාව’ යොදාගෙන කම්කරු පන්තිය රවටා එය ලේබර් පක්ෂයට ද එම පක්ෂයේ වෘත්තීය සමිති නිලධර ගෝලයන්ට ද යටත් කොට හික්මවාලීම ට යොදා ගැනීමේ ඉතිහාසය ශතවර්ෂයකට ද වඩා ඈතට දිවෙයි.

අද දින බ්ලෙයාර්වාදීන්ගෙන් සමහරු කෝර්බින් යොදාගෙන එවැන්නක් කිරීමට අලූත් දේශපාලන අවස්ථාවක් පාදා ගනිමින් සිටිති. බ‍්‍රහස්පතින්දා (ගිය 8 වන දා), චන්ද ප‍්‍රතිඵලයට පෙර, නිව් ලේබර් පක්ෂයේ සහය නිර්මාපක පීටර් මැන්ඩෙල්සන් නිතරම කියන්නට පුරුදුව සිටියේ තමා නිරතුරවම වැඩ කරමින් සිටින්නේ කෝර්බින් ඉවත් කිරීමට බව ය. දැන් ‘පක්ෂය මෙහෙයවීමට සුදුසුකම දිනාගෙන ඇති කෝර්බින් ෆිනෑන්ෂල් ටයිම්ස් මගින් බල කර සිටින පුලූල් සභාගය වැලැක්වීමේ ක‍්‍රියා පිලිවෙත් ඉවත දමා තවත් සර්වග‍්‍රාහී වියයුතු බවකි දැන් මොහු කියන්නේ.

මේ වැඩපිලිවෙලට පක්ෂ එක්සත් බවේ වක්තෘ වන කෝර්බින්, වැඩි ප‍්‍රතිරෝධයක් දක්වනු නැති අතර ව්‍යාජ වාම සංවිධාන වල සහයෝගය දිනා ගනු ඇත. මැතිවරනය තුලදී ඔවුන් සියලු දෙනාම කෝර්බින්ට සහය දෙමින් සියලු ලේබර් අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටිමින් දක්ෂිනාංශය ද ඊට ඇතුලත් කර ගැනීමේ වැදගත්කම පෙන්නුම් කලහ.” මැතිවරනයෙන් ඉක්බිත්තේ, එම ආස්ථාන ම අදාලව පවතී. ලේබර් පක්ෂය තුල ඉන්නා සියලූදෙනා, පාර්ලිමේන්තු ලේබර් පක්ෂය ද, කෝර්බින්ගේ නායකත්වයට කලින් සහය නුදුන් කොටස් ද විශේෂයෙන් ‘වාම සමගිය’ කන්ඩායම ද යථාර්ථය පිලිගෙන යාත‍්‍රාවට නැගගත යුතු ය.

මොවුන් නොපනින ඉරක් නම් නැත.

කෝර්බින් ලිබරල් ඩිමොක‍්‍රටිකයන් ද ස්කොට්ලන්ත නැෂනල් පක්ෂය සහ වෙනත් අය ද සමග “විශ්වාසයේ සහ සම්පාදනයේ” සම්මුතියක්, හෝ සන්ධානයක් ගොඩනැගීමේ වැඩපිලිවෙලක් ආරම්භ කලහොත්, එ ද ලේබර් පක්ෂය බලයට ගෙන ඒමට අවශ්‍ය ‘ප‍්‍රගතිශීලී සන්ධානය’ ලෙස යුක්ති යුක්ත කෙරෙනු ඇත. ඊනියා වම, ගී‍්‍රසියේ දී සිරිසාව, කප්පාදුවට විරුද්ධ අරගලය පාවා දීම දක්වාම ගමන් කල ප‍්‍රති-ආගාමික දක්ෂිනංශය සමග ගොඩ නැගූ හවුල අනුමත කරමින් සිදුකල යුක්ති ප‍්‍රතිපදානය මෙහි පූර්වාදර්ශය වේ.

කම්කරු පන්තිය ඉන්නේ වමට, විප්ලවය දෙසට ගමන්කරමිනි. එහෙත් එහි විඥානය පවතින්නේ ප‍්‍රතිසංස්කරනවාදී මට්ටමක ය. සසපයේ කර්තව්‍යය වන්නේ කම්කරු පන්ති විඥානයේ පවත්නා මට්ටමට අනුගත වීම නොවේ; බි‍්‍රතාන්‍ය සහ ලෝක ධනවාදයේ උග‍්‍රවෙමින් පවත්නා අර්බුදයට මුහුන දීම සඳහා අත්‍යවශ්‍ය කරනු ලැබ ඇති මට්ටමට කම්කරු පන්තියේ විඥානය ඔසොවාලීම වේ.

මෙහි අර්ථය නම් පන්ති අරගලයයේ වර්ධනය, ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු රාමුවට අනුගත කිරීමට දැරෙන සකල ප‍්‍රයත්නයන්ටම විරුද්ධ වීමයි.

අත්‍යවශ්‍යව පවතින්නේ කම්කරු පන්තිය විසින්, නව මාක්ස්වාදී දේශපාලන නායකත්වයක් ගොඩ නගාගැනීම මගින් සමාජ අසමානතාවයට ද යුද්ධයට ද එරෙහි ස්වාධීන අරගලයක් වර්ධනය කර ගැනීම වේ.

කි‍්‍රස් මාර්ස්ඩන් සහ ජුලි හයිලන්ඩ්

Share this article: