එජ දකුනු ආසියාවේ මිලිටරි අභ්‍යාස ඉහල දමයි

US steps up military exercises in South Asia

සමන් ගුනදාස විසිනි, 2017 මාර්තු 9

ශ‍්‍රී ලංකාවේ දකුනේ හම්බන්තොට වරායේ දී මාර්තු 1 දා එජ නාවික හමුදාව මේ වසරේ “පැසිෆික් සහයෝගීතා” අභ්‍යාස ආරම්භ කල අතර එය දකුනු ආසියාවේදී පැවැත් වූ ප‍්‍රථම වතාව විය. මෙම අභ්‍යාස එජ, චීනය මිලිටරිමය ලෙස වැටලීමේ දී දකුනු ආසියානු රටවල සහභාගිත්වයේ තවත් අවස්ථාවක් සනිටුහන් කරයි.

චීනයට එරෙහිව ඇමරිකාවේ “අහස්-මුහුදු සටන්” සැලසුම් වල මධ්‍ය යේ සිටින එජ හත්වන නාවික බලඇනිය, පැසිෆික් සහයෝගීතාවයට සම්බන්ධ වේ. ඉන්දියාවේ බටහිර වෙරලේ පිහිටි ගුජරාට් ප‍්‍රාන්තයේදී හත්වන බලඇනිය සඳහා නඩත්තු වැඩ කිරීමට පෙන්ටගනය මෑතකදී ඉන්දියානු සමාගමක් වන රිලයන්ස් සමග ගිවිසුමක් අත්සන් කලේය.

“මානුෂීය පිලිසරන හා ආපදා සහන සුදානම් කිරීමේ මෙහෙයුම” ලෙස පැසිෆික් සහයෝගීතාව ප‍්‍රසිද්ධ කර තිබුන ද, ඕස්ට්‍රේලියාවෙන්, ජපානයෙන්, දකුනු කොරියාවෙන්, එක්සත් රාජධානියෙන් හා එක්සත් ජනපදයෙන් මිලිටරි හා සිවිල් පුද්ගලයන් මෙම බහුජාතික අභ්‍යාසවල නිරත වනු ඇත. ශ‍්‍රී ලංකාවට අමතරව මියන්මාරය, මැලේසියාව හා වියට්නාමය මේ වසරේ සත්කාරක රටවල් වෙති.

එජ පැසිෆික් බලඇනියේ යූඑස්එන්එස් ෆෝල් රිවර් යුද නැව ගිය සතියේ එජ, ඔස්ට්‍රේලියානු හා ජපාන මැරයින් (ප්රසබැෙ) භටයන් 104 ක් සමග හම්බන්තොට වරායට ලඟා විය. ඉන්දියානු නාවික හමුදාවේ ඝාරියල් ද හා 2004 දී ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද පෙර එජ වෙරල ආරක්ෂක යාත‍්‍රාවක් වන ශ‍්‍රී ලංකාවේ එස්එල්එන්එස් සමුද්‍ර ද ඊට එකතු විය. තවත් ඇමෙරිකානු මැරයින් භටයන් හා නාවික පිරිස් 60 ක් මෙහෙයුමට ඉදිරියේදී එක්වනු ඇත.

කොන්ග‍්‍රස් මංඩල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහයෝගීතා සභාපති පීටර් රොස්කම් ඇතුලත් තිදෙනෙකුගෙන් සමන්විත එජ කොන්ග‍්‍රස් නියෝජිතයන් හම්බන්තොට වරායටත් ඒ ආසන්නයේම පිහිටි යාල වනෝද්‍යානයටත් ගියේය.

එජ පැසිෆික් බලඇනියේ ප‍්‍රධානී රියර් අද්මිරාල් ඩොනල්ඞ් ගේබි‍්‍රයල්සන් සහ ශ‍්‍රී ලංකාවේ දකුනු පලාත් සභාවේ ආන්ඩුකාරයා, ප‍්‍රධාන ඇමති හා දිස්ත‍්‍රික් ලේකම්වරු මෙම දින 10 මිලිටරි මෙහෙයුමට ඇතුලත් වනු ඇත. මාර්තු 17 දා අභ්‍යාසයන් අවසන් වූ විට, යූඑස්එන්එස් ෆෝල් රිවර් යාත‍්‍රාව මියන්මාරයට, මැලේසියාවට හා අවසන ජූනි මාසයේදී වියට්නාමයට යාත‍්‍රා කරනු ඇත. ඒ සමග ශ‍්‍රී ලාංකික නාවික නිලධාරීන් පිරිසක් ද යාත‍්‍රා වේ ගමන් කරනු ඇත.

ගිය සතියේදී, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සාමාජිකයන් 300 කට වැඩි ශ‍්‍රී ලංකා නාවික මැරයින් සේනාංකය විසිර යාමේ පෙලපාලිය නිරීක්ෂනය කලේය. එජ මැරයින් ආකෘතියට සමාන මෙම සේනාංකය එම ආකාරයේ පලමුවැන්න වේ.

මානුෂීය හා ආපදා සහන අභ්‍යාසයක් ලෙස ප‍්‍රවර්ධනය කල වාර්ෂික පැසිෆික් සහයෝගිතා මිලිටරි අභ්‍යාස 2004 දී ආරම්භ කෙරුනි. මේ වසරේදී, හම්බන්තොට හා ඒ අවට ප‍්‍රජා සෞඛ්‍ය සායන පැවැත්වීම, පාසල් හා රෝහල් අලුත්වැඩියාව, වෛද්‍ය හා ආපදා සහන සඳහා ඉගෙනුම් හුවමාරු හා “සාමය හා ආරක්ෂාව” පිලිබඳ දේශන වැනි සිවිල් ක‍්‍රියාකාරකම්වලදී එජ හා ශ‍්‍රී ලංකා නාවික හමුදාවන් එක්ව කටයුතු කිරීමට සැලසුම් කොට ඇත. එජ 7 වන සේනාංක තූර්ය වාදක කන්ඩායම මහජන ප‍්‍රසංග වලට සහභාගී වනු ඇත.

කෙසේවුවත්, මේ වසරේ අභ්‍යාසයන්වලදී ආරෝග්‍යශාලා නැවක් සහභාගී කර ගනු නොලැබේ. පැසිෆික් සහයෝගිතා අනදෙන නිලධාරී ස්ටැන්ෆීල්ඩ් චෙන් “වියදම් ඉතා දැඩි” නිසා එසේ වූ බව ප‍්‍රකාශ කලේය.

වියට්නාමයේ සිට ඉරාකය, ලිබියාව හා සිරියාව තෙක් වොෂින්ටනයේ පෙර අපරාධවලට සුදුහුනු ගෑම හා අභ්‍යාසයේ නියම අරමුන වන චීනයට එරෙහි තමන් කරගෙන යන මිලිටරි වර්ධනය වසන්කිරීම, මානුෂීය මුහුනතේ ඉලක්කය වී තිබේ.

වසර කීපයකට පෙර චීන අරමුදල් උපයෝගී කර ගෙන ශ‍්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය සංවර්ධනය කොට පුලුල් කරන ලදී. මෙම වරාය චීනයේ “එක් මාවතක්, එක් තීරුවක්” ව්‍යාපෘතියේ කොටසකි. චීනයට අවශ්‍ය තෙල් හා අනෙකුත් ස්වාභාවික සම්පත් ආනයන හා යුරෝපය, අප‍්‍රිකාව හා මැද පෙරදිග වෙත යැවෙන තම සියලු අපනයන ගමන් ගන්නා ලෝකයේ ඉතාමත් කාර්ය බහුල මුහුදු මාර්ගයකට ආසන්නව එය පිහිටා තිබේ.

විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමට ස්ථාපිත කෙරෙන කාර්මික කලාපයක් සඳහා අක්කර 15,000 ක යාබද ඉඩමක් ද සමගින් වරායෙන් සියයට 80 ක් චීනය වෙත විකිනීමේ ගනුදෙනුවකට මූල්‍ය අහේනියකින් පෙලෙන ශ‍්‍රී ලංකා ආන්ඩුව දැන් සාකච්ඡා කරමින් සිටී.

පැසිෆික් සහයෝගීතා අභ්‍යාස දකුනු ආසියාව තෙක් පැතිරීම බීජිනයට උත්සුකතා දනවන්නක් වුවද, මිලිටරි මෙහෙයුම සම්බන්ධයෙන් එය මේ දක්වා කිසිවක් පවසා නැත.

දකුනු හා ගිනිකොන දිග ආසියානු කලාපය වටකරමින් 2004 දී ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසුව එජ විසින් පැසිෆික් සහයෝගීතාවට මුලපුරන ලදී. ඒ කාලයේදී, සුනාමියෙන් බලපෑම් ඇති වූ රටවලට ආධාර කිරීමේ මුවාවෙන්, වොෂින්ටනය දැවැන්ත යූඑස්එස් ඒබ‍්‍රහම් ලින්කන් නවුකාව, යුද ගුවන්යානා හා හෙලිකොප්ටර් ඇතුලුව 13,000 ක හමුදා යුද නැව් 20 ක් සමගින් ඉන්දියානු සාගරය වෙත යැවීය. එය වියට්නාම් යුද්ධයෙන් මෙපිට කල විශාලතම එජ මිලිටරි යෙදවීම විය. මෙම මිලිටරි යෙදවීමේ කොටසක් ලෙස 2005 ජනවාරියේදී, යූඑස්එස් ඩුලූත් නැව විසින් එජ මැරයින් භටයන් 200 ක් ශ‍්‍රී ලංකාවේ දකුනු පලාතට ප‍්‍රවාහනය කරන ලදී.

පැසිෆික් සහයෝගීතාවය බහුජාතික මානුෂීය ව්‍යාපෘතියක් ලෙස ප‍්‍රකාශ කරන නමුත්, බීජිනයට එරෙහිව එජ නායකත්වය ඇතිව පෙලගැසීමේ අවශ්‍ය කොටසක් ලෙස, එය චීනය බැහැර කර, ජපානය, ඔස්ට්‍රේලියාව, දකුනු කොරියාව හා ඉන්දියාව ඇතුලත් කර ඇත.

ගිය මාසයේ නැගෙනහිර ආසියාවට කල සංචාරයේදී, ජපානය හා දකුනු කොරියාව සමග වොෂින්ටනයේ චිරාගත මූලෝපායික සන්ධානය එජ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් නැවත තහවුරු කලේය. නැගෙනහිර චීන මුහුදේ ඇති මතභේදාත්මක පාෂානමය මතුවීම් සම්බන්ධයෙන් ජපානය චීනය සමග යුද්ධයකට පැටලුනහොත් එජ ජපානයට සහයෝගය දෙන බවට ඔබාමා පාලනයේ ප‍්‍රකාශනය ඔහු නැවත ස්ථිර කලේය.

යුද නැව් හා අනෙකුත් යාත‍්‍රා සඳහා ඉන්දියාව සේවා හා නඩත්තු මධ්‍යස්ථානයක් වන බව ගිය මාසයේදී ට‍්‍රම්ප් පාලනය ද නිවේදනය කලේය. ගිය වසරේ ඔබාමා පාලනය ඉන්දියාව වෙත “ප‍්‍රධාන ආරක්ෂක සහකරු” තත්වය පිරිනැමීය.

ශ‍්‍රී ලංකා ආන්ඩුව දැන් එජ සමග තම ප‍්‍රතිග‍්‍රහන සහ සේවා සැපයීමේ Acquisition - cross-service) ගිවිසුම අලූත් කිරීමේ ක‍්‍රියාවලියේ නිරතව සිටී. පෙර පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවෙන් වසර 10 ක් සඳහා 2007 දී අත්සන් කල මෙම ගිවිසුමෙන්, රටෙහි වරායන් හා ගුවන් තොටුපලවලදී, එජ අවශ්‍යතා අනුව යමින්, එජ යුද නැව් හෝ යුද ගුවන් යානා පිලිසැකසීමට (සර්විස් කිරීම), නඩත්තු කිරීමට හා ඉන්ධන සැපයීමට ශ‍්‍රී ලංකාව බැඳී තිබේ.

2015 දී, චීනය සමග තිබූ සමීප සබඳතා නිසා, රාජපක්ෂ ආන්ඩුව නෙරපා දැමීමට වොෂින්ටනය තන්ත‍්‍ර-මාරු මෙහෙයුමක් දියත් කලේය. වර්තමාන එජ-ලැදි සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය වොෂින්ටනයේ භූ-මූලෝපායික අවශ්‍යතා සියල්ල සමග පෙල ගැසී තිබේ.

Share this article: