වොෂින්ටනයේ දේශපාලන අර්බුදය තුලට කම්කරු පන්තිය තම වැඩ පිලිවෙල අතැතිව මැදිහත් විය යුතුයි

The working class must intervene with its own program in the political crisis in Washington

2017 මැයි 17

ගෙවී යන සෑම දිනක් පාසාම වැඩිවැඩියෙන් ප‍්‍රත්‍යක්ෂ වන්නේ පාලක පන්තියේ සහ රාජ්‍ය යාන්ත‍්‍රනයේ ප‍්‍රතිගාමී කල්ලි දෙකක් අතර මතු වී ඇති ගැටුම වොෂින්ටනය දේශපාලන අර්බුදයකින් වෙලා ඇති බව ය.

ට‍්‍රම්ප් පරිපාලනය කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර සහ සමාජ අයිතිවාසිකම් වලට මරනීය අනතුරක් මතු කරයි. කතිපයාධිපතියන් සහ ජෙනරාල් වරුන්ගෙන් සමන්විත ඔහුගේ පරිපාලනය අසීමිත බලයක් සහිත ජනාධිපතිකම මත පදනම් වූ දේශපාලන ඒකාධිපතිත්වයක ආකෘතියක් තහවුරු කිරීමට මාන බලමින් සිටියි. එහි සමාජ දේහ ලක්ෂන වල අර්ථයෙන් ගත් කල, ට‍්‍රම්ප් පරිපාලනය ඇමරිකාව පාලනය කරන කෝපරේට්/ මූල්‍ය වංශාධිපතිත්වයේ මැර ස්වාභාවය විදහා දක්වයි.

ඩිමොක‍්‍රටික් පක්ෂය විසින් මෙහෙයවන මාධ්‍යයේ සහ දේශපාලන සංස්ථාපිතයේ ට‍්‍රම්ප් විරෝධීන් නියෝජනය කරන්නේ පාලක ප‍්‍රභූවේ තවත් කල්ලියකි. ට‍්‍රම්ප්ට එරෙහි තම උද්ඝෝෂනය තුල ඔව්හු එකම ප‍්‍රගතිශීලී සහ ප‍්‍රජාතාන්ත්‍රික ගැටලුවක්වත් මතු නොකරයි. ඔවුන්ගේ ආයාචනය වන්නේ කම්කරු පන්තියට නොව විශේෂයෙන් ම එන්බීඅයි, එන්එස්ඒ, සහ සීඅයිඒ යන හමුදා බුද්ධි අංශ වලට ය. ඔවුන් සතුව තිරය පිටුපස වර්ධනය කරන ලද සහ විදේශ ප‍්‍රතිපත්තිමය කරුනු මත විශාල වශයෙන් අවධාරනය කරන ලද අප‍්‍රකාශිත වැඩ පිලිවෙලක් ඇත.

ට‍්‍රම්ප්ව තමන්ගේ මාවතට නම්මවා ගැනීමට හෝ ඔහු තනතුරෙන් ඉවත් කිරීමට දරන ඔවුන්ගේ (එනම් ට‍්‍රම්ප් විරුද්ධවාදීන්ගේ) ප‍්‍රයත්නය සාර්ථක වුවහොත්, එමගින් ශක්තිමත් කරන්නේ කෝපරේට්වාදී මූල්‍ය ප‍්‍රභූව ද බුද්ධි නිලධාරීන්ගේත් ජෙනරාල්වරුන්ගේත් “ගැඹුරු රාජ්‍යය” පමනි. මෙහි ප‍්‍රධාන ප‍්‍රතිවිපාකය වන්නේ රුසියාවට එරෙහි ප‍්‍රකෝපකරනය දිශාවට විදේශ ප‍්‍රතිපත්තියේ කඩිනම් මාරුව සමග ලෝක යුද්ධයත් ඊට බද්ධව සමාජ ප‍්‍රති විප්ලවයත්ය.

මෙම ගැටුම වොෂින්ටනයේ ආරම්භ වූ අතර, වොෂින්ටනයේ සිදුවන තිත්ත ඇන කොටා ගැනීමට එරෙහිවත් ඉන් පිටතත් වෙනත් යමක් රට පුරාම සිදුවෙමින් පවතී. රුසියාව සමග අභිමුඛවීමට දායක වීමට නොව, මහජනයා යුද්ධයට සතුරු වෙති. ඔවුන්ගේ සිත්වල හොල්මන් කරන්නේ “රුසියානු හැක් කිරීම” නොව, විරැකියාවත්, අසමානතාවයත්, සෞඛ්‍ය පහසුකම් සහ විශ‍්‍රාම වැටුප් විනාශ කිරීමත්, නයගැති කමත් සහ ගැඹුරු වෙමින් පවතින සමාජ අර්බූදයේ අනෙකුත් ප‍්‍රකාශනයනුත්ය.

අතිමහත් බහුතර ඇමරිකානුවන්ගේ සැබෑ ලෝකයේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

ආර්ථිකය වෙන කවරදාටත් වඩා යහපත් යයි ඩිමොක‍්‍රටික් පක්ෂයේ කියාපෑම් සහ “ඇමරිකාව යලි ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම”, ගැන ට‍්‍රම්ප්ගේ වාචාලකම තිබිය දී, කම්කරුවෝ මුහුන දෙමින් සිටින්නේ අඩු වැටුප්, ජීවන මට්ටම කඩා වැටීම සහ අඩුනොවන විරැකියාවටය. 2008 වසරේ සිදුවූ ආර්ථික දියවීයාමෙන් අනතුරුව ආසන්න වශෙයන් වසර නවයකට පසුව, රැකියා සෙවීම අතහැර දැමූ අය සහ තාවකාලික රැකියාවල නිරතවීමට බල කෙරුනු අය ද සැලකිල්ලට ගතහොත් නියම විරැකියා මට්ටම සියයට 8.6 ක් වෙයි. රැකියා කප්පාදුව සිල්ලර අංශය ද (ට‍්‍රම්ප් පත් වූ දා සිට 81,000ක්) නිෂ්පාදන අංශය ද විනාශයට පත් කරමින් පවතී. අඟහරුවාදා, ජෙනරල් මෝටර්ස් සමාගම දහස් සංඛ්‍යාවක් කම්කරුවන් දොට්ට දැමීමෙන් පසුව, තම භූගෝලීය ශ‍්‍රම බලකායෙන් සියයට 10 ක් කපා හරිමින් සිිටින බව ෆෝඩ් සමාගම ප‍්‍රකාශයට පත් කලේය.

වැටුප් එකතැන පල්වන අතර එය යන්තම් නිල උද්ධමන මට්ටම මත වර්ධනය වෙමින් පවතියි. නියම වටිනාකමින් සැලකුවොත් වයස අවුරුදු 27ක පුද්ගලයකුගේ 2013 වාර්ෂික ආදායම් 1969 එම වයසැති පුද්ගලයකුගේ වාර්ෂික ආදායම් වලට වඩා සියයට 31 ට වඩා අඩු බව නැෂනල් බියුරෝ ඔෆ් ඉකොනොමික් රිසර්ච් ආයතනය විසින් මෙම මස මුලදී ප‍්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් සොයාගෙන ඇත. මධ්‍ය ආදායම් දර්ශකය 1999 සිට කඩා වැටී ඇත.

ඔබාමාකෙයා සම්මත කිරීමෙන් වසර හතකට පසුව, සෞඛ්‍ය සනීපාරක්ෂන සේවා අර්බුදය වඩාත් දරුනු වී ඇත. එම නීතියේ බලපෑම මගින් සිදු කෙරී ඇත්තේ සමාගම් සහ රජය මත ඇති වියදම් වල බර කම්කරුවන් මතට මාරු කිරීමයි. මේ අතරතුර “අධිකතර” සෞඛ්‍ය පහසුකම් කපා හැරීමට සේවා යෝජකයින් දිරි ගැන්වෙයි. පසුගිය මස, ගුවන්සේවා සහ ආරක්ෂක යෝධ සමාගමක් වන හනිවෙල් සමාගම විශ‍්‍රාමිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් කපා දැමීමේ මෑතම සමාගම බවට පත් විය.

ඩිමොක‍්‍රටිකයන් තම අවධානය රුසියාව සමග ට‍්‍රම්ප්ට ඇතැයි පවසන සබඳතා පිලිබඳව යොමු කරන අතර, ට‍්‍රම්ප් පරිපාලනය සහ රිපබ්ලිකානුවන් විසින් පරිපාලිත කොන්ග‍්‍රසය, සෞඛ්‍ය පහසුකම් වලට දිගටම ප‍්‍රහාර එල්ල කරමින් සිටිති. මෙය සිදුවන්නේ දුගීන් සඳහා ආන්ඩුවේ වැඩ පිලිවෙල වන මෙඩිකෙයා සෞඛ්‍ය ආධාර ක‍්‍රමය විනාශ කරන, මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් සඳහා පැවැති ආවරනය අඩු කරමින් හෝ නැති කර දමන ප‍්‍රතිගාමී ප‍්‍රතිකර්මයක් වන මේ මස මුලදී සම්මත කරන ලද ඇමරිකානු සෞඛ්‍ය ආරක්ෂක පනත අනුවය.

කොන්ග‍්‍රස් සභිකයින් සමග රටපුරා නගරශාලා වල පැවැති හමුවීම් වලදී මහජන වෛරය පුපුරා මතු වී ආවේය. ස්ථිර රැකියා සහිත මිලියන සංඛ්‍යාත මහජනයා මූලික සෞඛ්‍ය ආරක්ෂාව සඳහා පුන්‍යායතන හෝ හදිසි ප‍්‍රතිකාර සේවාවන් මත යැපෙති. මාර්තු මස දහස් සංඛ්‍යාත ජනයා මේරිලන්ඩ් නගරයේ සායන වලින් නොමිලේ දන්ත වෛද්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා හිරුඑලිය පතිත වීමට ප‍්‍රථම ශීතල පවතිද්දීම පෙල ගැසී සිටියහ. මෙම සිද්ධිය වාර්තා කල වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, වයස අවුරුදු 65 ඉක්මවූ ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් ආසන්නව එක් අයකුට සැබෑ දත් එකකුදු නැත.

විශ‍්‍රාමික වැටුප් අඛන්ඩ ප‍්‍රහාරයකට ගොදුරු වී ඇත. වයෝවෘධ කම්කරුවෝ 1962 සිට ඉහලම මට්ටමකින් වැඩ කරමින් සිටිති. මක්නිසාදයත්, ප‍්‍රධාන වශයෙන්ම තමන්ට විශ‍්‍රාමික ජීවිතයක් ගත කිරීමට ඇති නොහැකියාවයි. වසර 55 ඉක්මවූ කම්කරුවන්ගෙන් හතෙරන් පංගුවක් ඉතිරි කර ඇත්තේ ඇ.ඩො. 10,000 ටත් අඩු වශයෙනි. ට‍්‍රක් රථ රියදුරන්ගේත්, පතල් කම්කරුවන්ගෙත් සහ අනෙකුත් කම්කරුවන් සඳහා පැවැති මහා පරිමාන බහු-සේවායෝජක විශ‍්‍රාමික වැටුප් අරමුදල් බංකොලොත්භාවයට මුහුන දී ඇත.

පොදු විශ‍්‍රාමික වැටුප් අරමුදල සඳහා රටපුරා සමස්ථ අරමුදල් හිඟය ඇ.ඩො. ටි‍්‍රලියන 3.85 දක්වා ඇ.ඩො. බිලියන 434 න් පසු ගිය වසෙර්දී වැඩි වූ බව ෆිනෑන්ෂල් ටයිම්ස් සඟරාව වාර්තා කරයි. දහස් සංඛ්‍යාත ගුරුවරුන් සහ අනෙකුත් සේවකයින් නෙරපා හරිමින් විශ‍්‍රාම වැටුප් සියයට 10න් කපා හැරීමට බලාපොරොත්තු වන පුඑටෝ රිකෝහි එක්සත් ජනපද දේශයේ බංකොලොත්කම පාලක පන්තිය දකින්නේ ප‍්‍රතිලාභ උදුරා ගැනීමේත් සමාජ සුභසාධක සේවාවන් කපා හැරීමේත් ඩෙට්රොයිට්-මාදිලියේ නගර බංකොලොත් කිරීම් මාලාවකට පූර්වාදර්ශයක් ලෙසිනි.

අනතුරුව, අතිමූලික සමාජ අධස්ථව්‍යූහය විනාශ කිරීම ක්‍රියාත්මක වෙමින් පවතී. ෆ්ලින්ට්හි, පක්ෂ දෙකෙහිම ප‍්‍රාදේශීය සහ ජාතික බලධරයන්ගේ සාපරාධීකාරී ක්‍රියාවන් මගින් නගරවල සිදු වී ඇති විසවීම් එලිදරව් වී වසර තුනකට පසුව 8,000 නිවැසියෝ ඊයම් දූෂනය වූ ජල බිල්පත් ගෙවීමේ අපොහොසත් කම නිසා තම දේපොල අහිමි වීමට මුහුන දෙමින් සිටිති. ජල සැපයුමට ඊයම් නිකුත් කල ආදිකල්පිත වූ නල පද්ධතිය විස්ථාපනය කිරීමට සැබවින්ම කිසිවක් කර නොමැත. එලෙසම රට පුරාම ගරායමින් පවතින ජල පද්ධති පවතී.

තරුන ජනයා අඩු වැටුප් සහ ස්ථාවර නයගැතිකමේ අනාගතයකට මුහුන දෙති. පාසැල් සහ විශ්ව විද්‍යාල සඳහා ටියුෂන් ගාස්තු (යම් ශිෂ්ඨ සම්පන්න රැකියාවන් බලාපොරොත්තු වීම සඳහා අවශ්‍ය කරන්නාවූ) 1985 සිට සියයට 500 ඉක්මවමින් අහස උසට වැඩිවෙමින් පවතී. නව ෆෙඩරල් ටියුෂන් නය සඳහා පොලී අනුපාතයන් ලබන වසර සිට වැඩි වීමට නියමිතය. සමස්ථ ශිෂ්‍ය නය දැන් ඇ.ඩො. ට්‍රිලියන 1.4 ඉක්මවා ඇති අතර, පාසැල අත් හැර යන සාමාන්‍ය ශිෂ්‍යයකු ඇ.ඩො. 37,000 ඉක්ම වූ නයකින් මිරිකී ඇත.

රාජ්‍ය අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරවලට ඇති මහජන වෛරය පසුගිය සතියේ විශ්ව විද්‍යාලයක ආරම්භක උත්සවයක දී ට‍්‍රම්ප්ගේ අධ්‍යාපන ලේකම් බෙස්ටි ඩෙවොස් ට හූ තැබීම් මගින් ප‍්‍රදර්ශනය විය. ලමා ශ‍්‍රමය නැවත පැමිනීමේ අවශ්‍යතාව පිලිබඳව උපදෙස් දුන් සංවිධානයක් වරක් මෙහෙය වූ බිලියනපති උරුමක්කාරිය ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ බරක් ඔබාමා විසින් ආරම්භ කල රාජ්‍ය අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරය වැඩි දියුනු කරමින් සිටින්නීය.

මේ අතර, ට‍්‍රම්ප් පාලනය ඉදිරියට යමින් සිටින්නේ ආගාමික කම්කරුවන් අල්ලා පිටුවහල් කිරීමට ය. මත් ද්‍රව්‍ය වසංගතය පාලන කරගත නොහැකි තතු තුල නීති පති ජෙෆ් සේෂන්ස් මත් ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන්ට වඩා ලිහිල් දඬුවම් පැනවීමට කලින් ගෙන තිබුනු තීන්දු ඉවත් කර දමන බවට බව දැනුම් දී ඇත.

දිනපතා භයංකර පොලිස් දාමරිකය නොනැවත උග‍්‍ර වෙමින් පවතින නමුත්, මාධ්‍යය එය කිසිසේත්ම වාර්තා කරන්නේ නැති තරම් ය. ඒ, මෙම වසරේ දැන් වන විට 445 දෙනෙක් මරා දමනලද තතු තුල ය.

වොෂිංටනයේ දේශපාලන අර්බුදය ඓතිහාසික ස්වභාවයක් දරන අතර, එය මුලු ලෝකයම කෙරේ විශ්ඵෝටනිය [පුපුරායන] විපාකයන් ජනනය කරයි. ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානයේ පවත්නා ව්‍යවස්ථානුකුල පාලන ආකෘතිහු අනන්ත යුද්ධයේ ද ඉතිහාසගත මට්ටමක සමාජ අසමානතාවයේ ද දේශපාලන විපාක ලෙස බිඳ වැටෙමින් පවතිත්.

මෙවන් අර්බුද වනාහි පූර්ව-විප්ලවවාදී තත්වයක ප‍්‍රාමානික ලක්ෂනයන් වන නමුත් පාලක පන්තියේ ඇන කොටා ගන්නා කන්ඩායම් තුලින් විප්ලවවාදී ව්‍යාපාරයක් පැනගින්නේ නැත. [ධනපති පන්තියේ ක්ඩායම් අතර ඝට්ටනයට වඩා] බෙහෙවින් වෙනස් ආකාරයක ඝට්ටනයක් ඇමරිකා එක්සත් ජනපදය තුල දිග හැරෙමින් පවතී. අති මහත් ගෝලික විපාක ජනනය කරන එම ගැටුම වනාහි - කම්කරු පන්තිය සහ ධනපති පන්තිය අතර ගැටුමකි.

අවස්ථාව එලඹෙන්නේ කම්කරු පන්තියට ය. කම්කරු පන්තිය මෙම අර්බුදය විසඳීමට තමන්ගේ ම විසඳුම අත ඇතිව මැදිහත් විය යුතු ය. එය සිය සැබෑ අවශ්‍යතා විසඳාලන්නක් විය යුතුවේ. සමජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තිය තුල, -සුදු, කලු සහ ලතිනෝ ද, පිට රටින් ආ සහ සිය රටතුල උපන්නා වූ ද, ගැහැනු සහ පිරිමි ද- යනාදී සියලු කම්කරු කොටස් වල අරගලයන් සමාජවාදී සහ විප්ලවවාදී ක්‍රියා මාර්ගය උඩ ඒකාබද්ධ කරමින් කම්කරු පන්තිය තුල දේශපාලන නායකත්වයක් ගොඩ නැගීමට සටන් වදියි.

සසපය අවධාරනය කරන්නේ කම්කරුවන්ට මුලික අයිතීන් තිබෙන බවයි. ඒවාට යහපත් වැටුප් සහිත සුරක්ෂිත රැකියා, සොඛ්‍ය රක්ෂනය, සැපවත් විශ‍්‍රාමයක්, පොදු අධ්‍යාපනය, විවේකය සඳහා අයිතිය, ලාභ පහසු නිවාස පහසුකම් සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් කලාව සහ සංස්කෘතිය විඳීමට අයිතිය, යනමේ සියල්ල ඇතුලත් වේ.

මෙම අයිතිවාසිකම් දිනාගත හැක්කේ මහ සංගතවල ද මහ ධනපතියන්ගේ ද වරප‍්‍රසාදයන් ට කෙලින්ම එල්ල කරන ප‍්‍රහාරයක් තුලින් මිස අන් කිසි අන්දමකින් නොවේ. ධනය දැවැන්ත ලෙස අලුතින් බෙදා හැරීමක්, අවශ්‍ය වන අතර, මේ සඳහා ධනපතියන් විසින් සමපේක්ෂනය සහ වංචාව තුලින් දුශ්ට ලෙස ගොඩ ගසා ගෙන ගෙන තිබෙන ලාභ පොදි උදුරා ගැනීමද අවශ්‍ය වේ. මහජන අයිතිය යටතේ හා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තුල ප‍්‍රධාන බැංකු සහ සංගත පොදු උපයෝගිතාවන් බවට පරිවර්තනය කර ගත යුතුය.

මෙම අයිතිවාසිකම් අත්පත් කරගැනීම සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලුගැන්වීම සමග පාලක පන්තියේ විදේශ පිලිවෙතේ මුලු ග‍්‍රහ ලෝකයටම තර්ජනය කර සිටින අක්ෂය වන, අධිරාජ්‍යවාදී යුද්ධය ට එරෙහි අරගලය සමග අවියෝජනිය වේ. මෙම බලමුලුගැන්වීම රඳාපවත්නේ මේ එකම බංකොලොත් සමාජ සහ ආර්ථික පද්ධතිය තුල, සෑම රටක් තුලම එක්වන් තත්වයන්ට මුහුන දී සිටුනා කම්කරුවන් ඒකාබද්ධ කිරීම තුල වේ. ධනවාදයේ මාරාන්තික අර්බුදයට විසඳුමක් සොයාගත හැක්කේ, මහා සංගත විසින් පාලනය කරනු ලබන දේශපාලන පක්ෂවලට එරෙහිව සහ මුලු ධනේශ්වර රාජ්‍යයටම එරෙහිව, කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කිරීම මගින්ම පමනක් වේ. ඉලක්කය වියයුත්තේ සමාජයේ අවශ්‍ය තාවයන් සපුරාලීම උදෙසා ආර්ථික ජීවිතය සංවිධානය කිරීමට කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීමයි.

රුසියානු විප්ලවයෙන් වසර සියයක් ගිය තැන මානවවර්ගයා ට පවත්නා එකම ඉදිරි මාවත වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනයයි. මෙම ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා නායකත්වයක් ගොඩ නැගීම අද පවත්නා දැවෙන ප‍්‍රායෝගික කර්තව්‍යයයි.

ජෝෂප් කිෂෝර්

Share this article: