අප‍්‍රිකාවට මැදිහත්වීීම උත්සන්න කිරීම සඳහා වොෂින්ටනය එක්සත් ජනපද සොල්දාදුවන්ගේ ඝාතන යොදා ගනී

Washington exploiting Green Beret deaths to escalate Africa intervention

2017 ඔක්තෝබර් 27

ඇමරිකානු විශේෂ බලකායේ භටයන් හතරදෙනෙක් නයිජර් රාජ්‍යයේ දී මරනයට පත්වීමෙන් සති තුනකට ද වැඩියෙන් ගෙවී ඇතත්, එම මිලිටරි ව්‍යසනයට හේතු වූයේ කවරක් ද යන්න පිලිබඳ ව තාර්කික පිලිතුරක් සම්පාදනය කිරීමට පෙන්ටගනය තවමත් සමත් ව නැත.

එම මරනයන් පිලිබඳ ව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මුල දී පවත්වාගෙන ගිය නිශ්ශබ්දතාව ද ඉන්පසු, ඝාතනය වූ එක් සොල්දාදුවකුගේ වැන්දඹුව සමග ඔහු පැවැත්වූ පිලිකුල් කටයුතු ප‍්‍රසිද්ධ සංවාදය ද සමග අතිනත ගෙන ඇති මෙම සිද්ධිය, කොංග‍්‍රස් සභාවේ අනුමැතිය ලබාගැනීම පසෙක තැබුව ද ඇමරිකානු ජනතාවට හොරෙන්, කිසිදු ප‍්‍රසිද්ධ විවාදයකින් තොර ව අප‍්‍රිකා මහාද්වීපය තුල එක්සත් ජනපද මිලිටරිය දිගේලි කිරීමේ වැඩ ක්ෂනික ව ප‍්‍රසාරනය කිරීම මත ආලෝකයක් හෙලා තිබේ.

“ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යන නින්දිත ලෙස පිලුනු වී ඇති බැනරය යටතේ කරගෙන යනු ලබන්නා වූ, වඩ වඩා තීව‍්‍ර වන මෙම මිලිටරි මෙහෙයුම, ඇමරිකානු ජනයාට විකුනා දැමීමට ට‍්‍රම්ප් පරිපාලනය කිසිදු සැබෑ උත්සාහයක් දරා නැත.

මේ අතර, කිසිසේත් විශ්වාස කල හැක්කක් නො වූවත්, සෙනට් සභාවේ ඩිමොක‍්‍රටික් සුලූතර නායක චක් ෂූමර් ඇතුලු එක්සත් ජනපද සෙනෙට් සභාවේ ඉදිරිපෙලේ සභිකයන් කියා සිටින්නේ, එක්සත් ජනපද විශේෂ බලකායේ භටයන් 1,000කට ආසන්න ගනනක් නයිජර් රාජ්‍යය හා එහි දේශසීමාව මත රඳවා තිබේ ය යන්න ගැන තමන් කිසිවක් දැන සිටියේ නැති බව යි.

ට‍්‍රම්ප් මත් අප‍්‍රිකාවේ සිදු වන්නේ කුමක් ද යන්න පිලිබඳ ව ඔහුට පවතින නො දැනුම ගැන මුලුමනින් ම විශ්වාසනීය ප‍්‍රකාශයක් සම්පාදනය කලේ ය. ධවල මන්දිරයේ මිදුලේ දී වාර්තාකරුවන් විසින් නයිජර් රාජ්‍යයේ මෙහෙයුමට ට‍්‍රම්ප් බලය දුන්නේදැයි ඔහුගෙන් විමසූ විට තමන් එසේ නො කල බව කීවේ, තකතීරු ලෙස මේ ආකාරයෙන් පවසමිනි: “ශ්‍රේෂ්ඨ ජෙනරාල්වරුන් වන ජෙනරාල්වරුන් මට සිටිනවා. ඒගොල්ලො ශ්‍රේෂ්ඨ සටන්කාමීන්. ඒ වගේ ම විශිෂ්ට රනකාමීන්. අපට ජයග‍්‍රහනය කිරීමට අවශ්‍ය නිවැරදි දේවල් කරන ලෙස මම ඔවුන්ට බලය පැවරුවා.”

ඉහල ම පෙලේ දේශපාලනඥයන්, සිදුවන්නේ කුමක්දැයි නො දන්නා බව කීමත් එක්සත් ජනපද භටයන් අප‍්‍රිකාවේ සටන් කරන්නේ (ඔවුන් එහි සිටින්නේ ඇයිදැයි යන්න පසෙක තැබුවත්) කුමක් අරබයා ද යන්න ගැන මහජනයා මුලුමනින් ම අඳුරේ තබා තිබීමත් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදයේ පිලිවෙත සකසමින් සිටින්නේ පෙන්ටගනය බව යි. නයිජර් රාජ්‍යයේ දී ඔක්තෝබර් 4දා සිදු වූ සිද්ධිය ගසාකෑමට පෙන්ටගනය ස්ථිරසාර ලෙසින් රන ඝෝෂා පවත්වමින් සිටින්නේ එක්සත් ජනපද ආක‍්‍රමනයේ ගුනාත්මක තීව‍්‍ර වීමක් සඳහා තල්ලුව දෙමිනි.

යූඑස්ඒ ටුඬේ පත‍්‍රයේ ඔක්තෝබර් 26දා පලවූ කතාවක් තුල මේ බව පිලිබිඹු කෙරුනේ, කතාවේ ප‍්‍රධාන මූලාශ‍්‍රය වන පෙන්ටගනයේ නිලධරයේ නම් සඳහන් නො කල එක් අයෙක්, ”ඊනියා ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්) එහි තථ්‍ය-සම අගනුවර වන සිරියාවේ රකා නුවරින් පන්නා දමා ඇති නිසා එක්සත් ජනපදයේ ත‍්‍රස්ත-විරෝධී මෙහෙයුම් වඩ වඩා අප‍්‍රිකාව වෙතට යොමුකිරීමට සිදුවනු ඇති” බවට කල තර්කයෙන් සාක්ෂි ලැබෙන තත්ත්වය තුල යි.

එක්සත් ජනපදයේ ඉහල මිලිටරි නිලධරය, ඔක්තෝබර් 26දා රහසේ පැවැත්වූ සාකච්ඡාවක දී සෙනට් සන්නද්ධ සේවා කමිටුවේ සාමාජිකයෝ හරියට ම මෙම පනිවුඩය ම ප‍්‍රතිරාවය කල හ. රැස්වීමෙන් පසුව ඉවතට පැමිනි රිපබ්ලිකානු හා ඩිමොක‍්‍රටික යන පක්ෂ දෙකේ ම සෙනෙට් සභිකයෝ, අප‍්‍රිකාවෙන් “නැගී එන ත‍්‍රස්තවාදී තර්ජනය” සහ “වඩ වඩා සම්පත්” සපයමින් එක්සත් ජනපද මිලිටරිය එහි සිටීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡා කල හ.

සුවිශේෂී වසයෙන් එක්සත් ජනපද මිලිටරිය අපේක්ෂා කරන්නේ, ඝාතන හා සමූලෝත්පාඨන මාලාවක් මධ්‍යම අප‍්‍රිකාවේ සෙහ්ල් ප‍්‍රදේශයේ සිදු කිරීමට සන්නද්ධ රීපර් ඩ්‍රෝන් යානා ක්ෂනික ව නයිජර් රාජ්‍යය තුල දිගේලි කිරීමට යි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සූදානම් වෙමින් සිටින්නේ, මිලියන ගනනක් ඝාතනය කරමින් හා තුවාල කරමින් ද තවත් දසමිලියන ගනනක් ඔවුන්ගේ නිවහන්වලින් පන්නා දමමින් ද සමස්ත සමාජයන් විනාශභාග කර ඇති මැද පෙරදිග කලපායේ මෙන්, අප‍්‍රිකා මහාද්වීපය තුල ද මිනිස් සංහාර සිදු කිරීම යි.

ඇමරිකානු මිලිටරිවාදය ගෝලීය පරිමාන ව පුපුරා යාමේ මේ නව අවධිය, බුෂ් පරිපාලනය විසින් 2007 දී අරඹා, ඔබාමා යටතේ වේගෙයන් ප‍්‍රසාරනය කරන ලදුව අත්‍යසාමාන්‍ය වේගයෙන් සූදානම් කොට අතිශය රහසිගත ව ගොඩනගන ලද, එක්සත් ජනපද ප‍්‍රාදේශීය මිලිටරි බලඇනිය වන “ඇෆ්රිකොම්” බලඇනිය විසින් සූදානම් කරන ලද්දකි. අද වනවිට අප‍්‍රිකානු රටවල් 24ක් පුරා එක්සත් ජනපද භටයන් 6,000ක් රඳවා තබා තිබෙන අතර, ඇෆ්රිකොම්වල ම සංඛ්‍යාලේඛනවලට අනුව ඔවුන් වාර්ෂික ව මිලිටරි අභ්‍යාස හා මෙහෙයුම් 3,500ක් පමන සිදු කරයි.

2011 වසරේ ලිබියා නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පාලන තන්ත‍්‍රය ඇදවැට්ටවීම සඳහා ජීවිත 80,000ක් පමන ගොදුරට ගනිමින් හා ඉන් වසර හතක් ගෙවීගිය අද දින වනවිටත් සමස්ත සමාජය ම නටබුන්වන තත්ත්වයට පත් කරමින් එක්සත් ජනපද-නැටෝ ආක‍්‍රමනය සිදු කලවිට, ඇෆ්රිකොම් බලඇනිය සිය ප‍්‍රථම සැබෑ රුධිර ස්නානය සිදුකලේ ය. සමස්ත කලාපය ම අස්ථාවරත්වයට පත්කල ලිබියාවේ තන්ත‍්‍ර-මාරු මෙහෙයුම, මාලි හා නයිජර් රටවල ආන්ඩු සහ තුආරෙග් ජනයා අතර දුරදිග යන ගැටුම් අවුලුවාලූයේ, එක්සත් ජනපදය හා එහි සහචරයන් විසින් සන්නද්ධ කොට සහයෝගය ලබා දී ගඩාෆිට විරුද්ධ ව ගොඩබිමෙහි සටන් වදින කුලීකාර හමුදාවන් ලෙස යොදාගත් අනේකාකාර ඉස්ලාමීය ව්‍යාපාරයන් ශක්තිමත් කරමිනි.

ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව හා අන්තැන්වල මෙන් ම එක්සත් ජනපද මිලිටරිය සටන් වැදීම සඳහා දිගේලි කරන ඊනියා ත‍්‍රස්තවාදීන් යනු, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නව හා වඩා ලේවැකි මැදිහත්වීම් සඳහා ආවරනය සම්පාදනය කරන්නා වූ, එහි ආක‍්‍රමනකාරී හා තන්ත‍්‍ර මාරු යුද්ධවලට යොදාගැනීම පිනිස සෘජු ව නිර්මානය හෝ නිෂ්පාදනය කරන ලද ඒවා ය.

එහෙත් මෙම ව්‍යාජ නිමිතිවලට පිටුපසින් රැඳී පවතින්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පරදුවට තැබිය නො හැකි භූ-මූලෝපායික අවශ්‍යතාවන් ය. ඇෆ්රිකොම් අනදෙන නිලධාරී ජෙනරාල් තෝමස් වෝල්ඩ්හවුසර් විසින් මේ වසරේ මුල්කාලයේ කොංග‍්‍රසය වෙත ඉදිරිපත් කල ප‍්‍රකාශයක මෙම අවශ්‍යතා වඩා තියුනු ලෙස සඳහන් කර තිබුනි:

“එක්සත් ජනපදය අප‍්‍රිකාව තුල මූලෝපායික අවශ්‍යතා ලුහුබඳින විට, චීනය හා රුසියාව ඇතුලු ජාත්‍යන්තර තරඟකරුවෝ ද එලෙස ම කරමින් සිටිති. වෙලඳාම, ස්වාභාවික සම්පත් සූරාකෑම හෝ ආයුධ විකිනීම ආදිය වූව ද අප එකදිගට ම දැකගනිමින් සිටින්නේ පාරදෘශ්‍ය භාවයේ සහ යහපාලනයේ ජාත්‍යන්තර සම්මතයන්ට පටහැනි ව අප‍්‍රිකානු සහකරුවන් සමග පෑහෙන ජාත්‍යන්තර තරගකරුවන් ය. ආන්ඩු කිරීම සඳහා අපගේ අප‍්‍රිකානු සහකරුවන්ට තිබෙන හැකියාව දුර්වල කර, එහි දීර්ඝකාලීන ස්ථාවරත්වය හා ආර්ථික වර්ධනය ප‍්‍රමාද කරන මෙම තරඟකරුවෝ, එක්සත් ජනපදයේ බලපෑම ද දුර්මුඛ කර පහත හෙලනු ඇත. අපගේ සහකරුවන් සමග නො නැවතී බෙදාහදා ගතයුතු පනිවුඩය මෙය යි.”

ඇමරිකානු ජනතාවට හොරෙන් යුද්ධ දියත් කරන හා තමන්ගේ අවශ්‍යතාවන්ට එරෙහි බාධාවක් වන ඕනෑම ආන්ඩුවක් බලයෙන් ඇදහෙලීමට ක‍්‍රියාකරන, වොෂින්ටනයේ මිලිටරිය ආධිපත්‍යය දරන තන්ත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරියෙක් පවතින “විනිවිදභාවය හා යහපාලනය පිලිබඳ ජාත්‍යන්තර සම්මතයන්” පිලිබඳ කරන යාදින්න අතිශයින්ම හාස්‍යජනක ය. එහෙත් ජෙනරාල්වරයාගේ අදහස්වල තෙරපුම් බලය පැහැදිලි ය.

ඇෆ්රිකොම් බලඇනිය ක්ෂනික ව ප‍්‍රසාරනය කිරීම සහ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” අප‍්‍රිකාවට මාරුකිරීම ප‍්‍රථම කොටත් ප‍්‍රමුඛ කොටත් යොමු කෙරෙන්නේ එම මහාද්වීපය මත චීනයෙහි බලපෑමේ නැගීම ආපසු හැරවීම යි. එය, එහි දුර්වල වෙමින් යන ආර්ථික බලපෑම සන්නද්ධ බලය යොදා ආපසු හැරවීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දරන, ගෝලීය ධාවනයේ තියුනු ම ප‍්‍රකාශනයන්ගෙන් එකකි.

2009 දී, අප‍්‍රිකා මහාද්වීපය තුල විශාලතම වෙලඳ පාර්ශවකරුවා ලෙස එක්සත් ජනපදයට තිබුනු තැන අභිබවා ගිය චීනය, එතැන් පටන් තම තත්ත්වය පුලුල් කරගෙන තිබේ. 2000 වසරේ ඩොලර් බිලියන 10ක් පමනක් වූ චීන-අප‍්‍රිකා වෙලඳාම 2014 දී 20 ගුනයකටත් වඩා ඉහල ගියේ ඩොලර් බිලයන 220ට ලඟා වෙමිනි. චීන ජනාධිපති ෂී ජිංපිං අප‍්‍රිකානු රටවල යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 60ක් යොදවන බවට 2015 දී පොරොන්දු විය. චීනය සමග ආර්ථික ව තරඟ කිරීමට නො හැකි එක්සත් ජනපදය නව ලාභ මූලාශ‍්‍ර සඳහා වියරු වැටී තම මිලිටරි ශක්තිය දෙසට හැරෙමින් සිටියි.

20වන ශතවර්ෂය තුල විජිතයන් පාලනය, වෙලඳපොලවල් හා අමුද්‍රව්‍ය මූලාශ‍්‍ර හා ශ‍්‍රමය සඳහා ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලයන් අතර බියජනක සන්නද්ධ ගැටුම්වලට දෙවතාවක් ම භූමිය වූයේ අප‍්‍රිකාව යි. පලමු ලෝක යුද්ධයට පෙර ලෝක බලයක් ලෙස “තමන්ට සුදුසු ස්ථානය” සොයා පීරමින් සිටි ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප‍්‍රන්ස හා බෙල්ජියානු විජිතවාදීන්ගේ වියදමින් තම ආධිපත්‍යය ප‍්‍රසාරනය කරගැනීමට උත්සාහ දැරුවේ ය. යුද්ධයේ ඍජු ප‍්‍රතිඵලයක් ලෙස නැගෙනහිර අප‍්‍රිකාවේ මිලියනයක් පමන ජනයා මැරුනු බවට තක්සේරු කෙරේ.

දෙවන ලෝක යුද්ධයේ දී මිත‍්‍ර හා අක්ෂ පාර්ශවවල භටයෝ 400,000කට වැඩි පිරිසක් උතුරු අප‍්‍රිකාවේ සටන්වල දී මැරෙද්දී යුරෝපීය විජිතවාදී පීඩකයන් වෙනුවෙන් මිලිටරි සේවය සඳහා අප‍්‍රිකානු භටයන් මිලියනයකට වඩා මෙහෙයවා ගනු ලැබී ය.

අප‍්‍රිකාව සඳහා නව බලුපොරයකට මිලිටරිය දිගේලි කරන්නේ හුදෙක් එක්සත් ජනපදය පමනක් නො වේ; පැරනි යුරෝපීය විජිතවාදීහු ද එලෙස කරමින් සිටිති. ප‍්‍රන්සය සිය පැරනි විජිතයන් වන බුර්කිනා ෆාසෝ, චැඞ්, මොරිතානියා සහ නයිජර් යන රටවල් හරහා භටයන් 4,000 ගනනක් යොදවා තිබේ. රොමෙල්ගේ අප‍්‍රිකා කෝප්ස් ( අප‍්‍රිකානු බලඇනි)රාජයට පත්වීමෙන් වසර හැත්තෑ පහකට ආසන්න කාලයක් ගතවීමෙන් ඉක්බිති ව ජර්මනිය මාලි රාජ්‍යයට භටයන් 1,000ක් පමන යොදවා ඇති අතර එය, යලි හිස ඔසවන ජර්මානු අධිරාජ්‍යවාදයේ එක් මූලික සංරචකයකි.

ලෝක අධිරාජ්‍යවාදයේ අර්බුදය, සියල්ලට මත් වඩා එක්සත් ජනපද ධනවාදී පද්ධතිය, අප‍්‍රිකාව තවත් වරක් ලේවැකි ගෝලීය අරගලයන්ගේ භූමිය බවට හැරවීම සඳහා තර්ජනය කරමින් සිටී.

බිල් වෑන් ඕකන්

Share this article: