ග‍්‍රීක අගමැති සිප‍්‍රාස් ට‍්‍රම්ප් වැලඳගනී

Greek Prime Minister Tsipras embraces Trump

2017 ඔක්තෝබර් 19

“රැඩිකල් වාමාංශයේ සභාගයේ” (සිරිසා- නායකයා සහ ග්‍රීසියේ අගමැති ඇලෙක්සිස් සිප‍්‍රාස් අඟහරුවාදා වොෂින්ටනයේ දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් බැහැ දැකීමත් සමග ඉතාමත් පහත් අශෝබන දර්ශනයක් දිග හැරින. ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවක දී ඇමරිකාවේ දක්ෂිනාංශික ජනාධිපති ඉදිරියේ වැඳ වැටෙමින් යුරෝපයේ මධ්‍යම පන්තික “වාමාංශයේ” ප්‍රමුඛතම නියෝජිතයා, වෝල් වීදිය සහ පෙන්ටගනය සඳහා ග‍්‍රීසිය සුරක්ෂිත යයි පුරසාරම් දෙඩෙව්වේය.

ග්‍රීසිය සහ යුරෝපය පුරා කම්කරු මහජනතාවගේ පිලිකුලට ට‍්‍රම්ප් පරිපාලනය ලක්ව ඇති තතු තුල, ග්‍රීක අගමැති, ඇමරිකා - ග්‍රීක සබඳතා, දෙවන ලෝක යුද්ධය අවසානය සිට කාලය ගත් කල අද “එහි හොඳම මට්ටමේ” පවතින බව ප‍්‍රකාශ කලේය.

සිප‍්‍රාස් නොවලහා හෙලි කලේ, තම ආන්ඩුව විසින් අවුරුදු තුනක් පුරා යුරෝපීය සංගමයේ විනාශකාරී කප්පාදු වැඩපිලිිවෙලට කම්කරු පන්තිය ගොදුරු කිරීමෙන් පසුව, ග්‍රීසිය දැන් දැවැන්ත ලාභ ගැරීම් සඳහා විවෘත බවයි. ට‍්‍රම්ප් සිරිසා ආන්ඩුවේ “අඛන්ඩව ක්‍රියාත්මක කරන ප‍්‍රතිසංස්කරන” ගැන කල වර්නනාව හා ඇමරිකාවේ නිෂ්පාදිත F- 16 ප‍්‍රහාරක ජෙට් ගුවන් යානාවල තත්වය වැඩි දියුනු කිරීම සඳහා ඩොලර් බිලියන 2.4 ක් වියදම් කරන බවට කල නිවේදනය, සිනාසෙමින් පිලිිගත් සිප්‍රාස්, ට‍්‍රම්ප් සමග තමන්ට “පොදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම” ඇති බව ඔජ වඩවමින් පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ ග්‍රීක බලධරයින් “ඇමරිකානු ආයෝජන ආකර්ශනය කිරීමට බලාපොරොත්තු වන” බව යි.

සිප‍්‍රාස් ඇමරිකානු යුද්ධ යන්ත‍්‍රනයට පැහැදිලි ආයාචනයක් කලේය. ඔහු හා ට‍්‍රම්ප් ඉඟි කලේ සිරියාව සහ ඉරාකය වැනි ප‍්‍රධාන යුද්ධ කරලි වලට ආසන්න පරාසයක ඇමරිකානු හමුදාවන් යෙදවිය හැකි වන පරිදි ග්‍රීක දූපතක් වන කේරරට් හි සවුදා බොක්කේ ඇති ඇමරිකානු නාවික කඳවුර වැඩි දියුනු කිරීමටත් සහ මෙම දූපතේ තවත් තැනක නව ඇමරිකානු කඳවුරක් විවෘත කිරීමටත්, ඇතෑන්සය සහ වොෂින්ටනය සැලසුම් කරන බවයි. “ආරක්ෂාව යන ක්ෂේත‍්‍රය තුල අති මූලික ජාතික උත්සුකයන්” කෙරෙහි වොෂින්ටනය ග්‍රීසියට උපකාර කරන බව කියමින්, සිප‍්‍රාස් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා සිටයේ සයිප‍්‍රසය ගැන ග්‍රීක - තුර්කි ගැටුම් විසඳීමට උදව් කරන ලෙස යි.

මිලියන සංඛ්‍යාත ජීවිත අහිමි කරමින් තවත් මිලියන ගනනක් සරනාගතයින් බවට පත් කල මැදපෙරදිග සහ බෝල්කානු කලාපය පිලිබඳ ඇමරිකානු ප‍්‍රතිපත්තිය සිප‍්‍රාස් උත්කර්ෂයට නැංවීය. ඔහු පැවසුවේ, එක්සත් ජනපදය, “ප‍්‍රදේශයේ ආරක්ෂාවට සහ ප‍්‍රවර්ධනයට මග පාදමින් මැද පෙරදිග සහ බෝල්කනය සමග සහයෝගය වැඩි දියුනු කරන” බවයි. පසුගිය වසරේ ඇමරිකා ජනාධිපතිවරනය සමයේ ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය දුෂ්ඨත්වය උදාවීමක් යයි සිප‍්‍රාස් පැවසූ බව සිහි කැඳ වූ මාධ්‍යවේදියකු සිප‍්‍රාස් බැහැර කලේය. සිප‍්‍රාස් පැවසුවේ “ඇමරිකාව ඉතාමත් ශක්තිමත් බලයකි, යහපත සඳහා මැදිහත් වීමට එය සතු හැකියාව ඉතාමත් වැදගත් වෙයි.....අපට පොදු ගුනාංග පවතී” යනුවෙනි.

ට‍්‍රම්ප් සමග තමන්ට “පොදු ගුනාංග” ඇතැයි යන සිප‍්‍රාස්ගේ ප‍්‍රකාශය සිරිසාවට පමනක් නොව සිරිසාව සහ 2015 එහි මැතිවරන ජයග‍්‍රහනය උත්කර්ෂයට නැංවූ වරප‍්‍රසාධිත මධ්‍යම පන්තියේ සියලුම “වාම පක්ෂ” වලට ද විනාශකාරී චෝදනාවකි. මෙය ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීමේ කූට ප‍්‍රාප්තිය වෙයි.

ස්පාඤ්ඤයේ පොදෙමොස්, ප‍්‍රන්සයේ නිව් ඇන්ටි - කැපිටලිස්ට් පාටි (එන්.පී.ඒ) ජර්මනියේ ලෙෆ්ට් පාටි සහ ඇමරිකාවේ ඉන්ටර්නැෂනල් සෝෂලිස්ට් ඔර්ගනයිසේෂන් (අයි.එස්. ඕ) වැනි ලොව පුරා සුලු ධනේශ්වර “පශ්චාත් මාක්ස්වාදී” පක්ෂ 2015 දී සිරිසාවේ තේරී පත්වීම උත්කර්ෂයට නැංවුහ. පශ්චාත් 1968 ශිෂ්‍ය ව්‍යාපාරයෙන් බිහි වී, කම්කරු පන්තියේ විප්ලවවාදී කර්තව්‍ය සහ මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කල පශ්චාත් නූතනවාදය සමග අනන්‍ය වූ මොව්හු සියල්ලෝම, යුරෝපීය සංගමයේ කප්පාදු වැඩපිලිවෙල අහෝසි කිරීමට සාකච්චා කරන බවට සිප‍්‍රාස් දුන් බොරු පොරොන්දු පුම්බන ලදහ.

ඔව්හු සිප‍්‍රාස්ගේ මාවත අනුකරනය කරමින් ධනේශ්වර ආන්ඩුවකට නායකත්වය දීම ගැන සිහින මවාගත් හ. පොදෙමොස් ප‍්‍රධාන ලේකම් පැබ්ලෝ ඉග්ලෙසිඅස්, “සිංහයකු” ලෙස සිප‍්‍රාස් උත්කර්ෂයට නංවමින් ද, “සිරිසා, පොදෙමොස්, අප ජයග‍්‍රහනය කරන්නෙමු” යනුවෙන් කෑමොර දෙමින් ද ග්‍රීසියේ සිප‍්‍රාස් සමග එකට උද්ඝෝෂනයේ යෙදුනහ. එන්.පී.ඒ ප‍්‍රකාශ කලේ “සිරිසාවේ ජයග‍්‍රාහී තේරී පත්වීම විශිෂ්ට ප‍්‍රවෘත්තියකි. යුරෝපයේ කප්පාදු පිලිවෙතට එරෙහි සටන් වදින සෑම දෙනාම බලාපොරොත්තුවෙන් පිනවයි.” සිරිසාව තුල සිටිමින් සිප‍්‍රාස් ආන්ඩුවට රිංගාගත් තම ග්‍රීක සගයන් ඇති අයි.එස්. ඕ ව සිරිසාවේ ජයග‍්‍රහනය සමස්ථ වාමාංශයේ සහ අපගේ ජනතාවගේ අවසාන ජයග‍්‍රහනය” සඳහා පූර්ව කොන්දේසියක් බව නම් කලේය.

සිරිසාවේ වැඩපිලිවෙලේ ප‍්‍රතිමාක්ස්වාදී, ධනේශ්වර ගැති සහ ජාතිකවාදී ස්වභාවය උගුලක් බව අනතුරු ඇඟවූයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පමනකි. ඒ වෙනුවට එය වර්ධනය කලේ ග්‍රීක කම්කරුවන් සමග සහයෝගී වී කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව යුරෝපීය කම්කරු පන්තිය ජාත්‍යන්තර විප්ලවවාදී ඉදිරිදර්ශනය මත බලමුලු ගැන්වීම යි. සිරිසාව පිලිිබඳව හජාජාක හි විවේචනය සිප‍්‍රාස්ගේ පිලිකුල් සහගත මැතිවරන පොරොන්දු පාවා දීම මගින් සනාථ වී ඇත.

යුරෝපීය සංගමයේ කප්පාදු පිලිවෙල පිලිබඳ ගිවිසුම අහෝසි කරන බවට පොරොන්දු දෙමින්, කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ග්‍රීක කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ දැවැන්ත උද්ඝෝෂනවලින් පසුව සිරිසාව පාර්ලිමේන්තුවට පත්විය. කෙසේවෙතත්, බර්ලිනය විසින් ග්‍රීසිය යුරෝ කලාපයෙන් නෙරපා හැරීමට තර්ජනය කල විට, එක් රැයකින් මෙන් සිරිසාව යටත් විය. බලයට පැමින සති හතරක් ඇතුලත යුරෝපීය සංගමයේ ගිවිසුමට එකඟ වූ සිරිසාව, ඊලඟට, 2015 ජූලි මස කප්පාදු පිලිවෙත පිලිබඳව සිරිසාව විසින්ම පැවැත් වූ ජනමත විමසූමේදී ග්‍රීක මහජනතාව විසින් ප‍්‍රකාශිත අති දැවැන්ත “නැත” යන (පිලිවෙතට එරෙහිව) දුන් ඡන්ද සංඛ්‍යාව පාගා දමන ලදී. එය යුරෝ බිලියන සංඛ්‍යාත නව කප්පාදු පැනවීය.

2015 ග්‍රීක මැතිවරනයට පෙරාතුව, තම විශ්වාසනීය භාවය පිලිබඳව ජාත්‍යන්තර ධනපති පන්තියට යලි සහතික කිරීම සඳහා සිප‍්‍රාස් ප‍්‍රධාන අධිරාජ්‍යවාදී රටවල අග නුවර සංචාරය කල විට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) නැවත නැවතත් අනතුරු ඇඟවූයේ සිරිසාවේ ධනපති ගැති සහ යුරෝපීය සංගමයට ගැති වැඩපිලිවෙල පිලිබඳවයි.

2013 දී ලෝසවෙඅ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සී.අයි.ඒ වෙත ග්‍රීක අගමැතිකමට තම යෝග්‍යතාව පෙන්වීම සඳහා වොෂින්ටනයේ බෲකිංග්ස් ආයතනය වෙත සිදු කල සිප‍්‍රාස්ගේ ප‍්‍රථම සංචාරය ගැන ලිවීය. සිප‍්‍රාස්, ලෝසවෙඅ ලිව්වේ, ඉහල ලකුනු ලබා ගත් බව ය. ජාමූඅ ඔහුව “නිර්මානාත්මක සහ අවංක” ලෙස හැඳින්විය, සහ සිරිසාව පැවසුවේ සිප‍්‍රාස් සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව “පොදු තක්සේරුවක” ට පැමින තිබුනු බවය. සිප‍්‍රාස් තම බෲකිංග්ස් ආයතනයේ ප්‍රේක්ෂකයින්ට පැවසුවේ “මම බලාපොරොත්තු වෙනව, සමහර අය මා ගැන හිතන තරමටම මම භයානක නොවන බව මා ඔබ ඒත්තු ගැන්වුවා කියා.”

සිරිසාවේ සුලුධනේශ්වර සගයෝ මෙවැනි වාර්තා කියවූ විට සිදු වූයේ වඩ වඩාත් උද්‍යෝගීමත් වීම පමනයි. පසු මාසවල වොෂින්ටනයට, නිව්යෝක් නුවරට සහ යුරෝපීය අගනුවර වෙත බැංකුවලට සහතික වීම සඳහා සිප‍්‍රාස් ගිය තරමට, මෙම බලවේග විසින් උස් හඬින් සහ ස්ථිරසාරව ඔහුව පුම්බන ලදී. ඔවුහු තම එක ඇසක් ව්‍යාපාර කොටස් ආයෝජන කෙරෙහි ද අනෙක් ඇස ආන්ඩුවේ ඇමතිකම් ලබාගැනීමේ බලාපොරොත්තුව දෙසට යොමු කර තිබින.

කම්කරු පන්තිය මෙයින් තීරනාත්මක මූලෝපායික පාඩම් උකහා ගත යුතුය. සෝවියට් සංගමය ස්ටැලින්වාදීන් විසින් දියකර හැරීමේ ප‍්‍රතිපත්තිවල පටන් අධිරාජ්‍යවාදී යුද්ධ සහ කප්පාදු වැඩ පිලිවෙල තීව‍්‍ර කර ශතක කාර්තුවකට පසුව, යුරෝපීය ධනවාදය අසාර්ථක වී ඇත. විරැකියාව සියයට 21 (තරුනයින් අතර සියයට 42කි) ද, සාමාන්‍ය අගය වශයෙන් සියයට 40 න් වැටුප් කප්පාදු කිරීම මගින් ඇති වූ තරගකාරිත්වය ගැන පුරසාරම් දෙඩවීම් තිබියදීම ග්‍රීක ධනවාදයේ බෙලහීන ස්වභාවය පුලූල් පරිමාන අර්බුදයක තියුනුම ප‍්‍රකාශනවලින් එකක් පමනි.

ග්‍රීසියේ සිරිසාවේ පාවාදීම පිලිබඳ දේශපාලන පාඩම් යනුවෙන් 2015 දී පල වූ ප‍්‍රකාශනයෙන් හජාජාක පැහැදිලි කලා සේ එකම අව්‍යාජ විකල්පය වන්නේ ශතකයකට පෙරාතුව ඔක්තෝබර් විප්ලවය තුලදී කම්කරු පන්තිය බලයට මෙහෙය වූ බොල්ශෙවික් පක්ෂයන් සහ ට්‍රොට්ස්කිවාදයේ විප්ලවවාදී සම්ප‍්‍රදායයන්ට හැරී ගැනීමයි. හජාජාක ප‍්‍රකාශ කල පරිදි;

එකම ඉදිරි මාවත වන්නේ ග්‍රීසියේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය අව්‍යාජ විප්ලවවාදී ප‍්‍රතිපත්තියක් මගින් බලමුලු ගැන්වීම පමනි. මේ සඳහා අවශ්‍ය වන්නේ ධනපති පන්තියට එරෙහි සෘජු ප‍්‍රහාරයක්ද, ඔවුන්ගේ දේපොල ජනසතු කිරීමද, ප‍්‍රධාන බැංකු සහ නිශ්පාදන බලවේග අල්ලා ගැනීමද වන්නේය. මෙම සියල්ල වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය යටතට පත්කරමින්, යුරෝපය පුරාත් ලෝකය පුරාත් කම්කරු රාජ්‍යයන් ගොඩනැගිය යුතු ය. මෙවැනි අරගල සඳහා සිරිසා වැනි පක්ෂ වලට එරෙහි ක්ෂමා විරහිතව අරගලය කිරීම සඳහා කම්කරු පන්තියට දේශපාලන නායකත්වයක් ලබා දිය හැකි මාක්ස්වාදී පක්ෂය ගොඩ නැගිය යුතුය.

ගොඩනැගිය යුතු මාක්ස්වාදී පක්ෂ වන්නේ සිරිසාවේ ප‍්‍රතිගාමී පන්ති ස්වභාවය පිලිබඳව සත්‍ය කම්කරු පන්තියට පැහැදිලි කල එකම දේශපාලන ප‍්‍රවනතාවය වන හජාජාක ශාඛාවන් වෙයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: