වොෂිංටනය යුරෝපය තුල න්‍යෂ්ටික යුද්ධය සූදානම් කරයි

Washington is preparing for nuclear war in Europe

ජොහැන්නස් ස්ටර්න් විසිනි , 2017 සැප්තැම්බර් 2

ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික ආතතීන් උත්සන්න වන තතු තුල ඇමරිකානු කොන්ග‍්‍රස් මන්ඩලය, අතරමැදි පරාසීය න්‍යෂ්ටික බලකායන් - අයිඑන්එෆ්-ගිවිසුම [Intermediate Range Nuclear Forces (INF) Treaty අහෝසි කිරීම දෙසට ප‍්‍රථම පියවර ගෙන ඇතිබව ගිය සිකුරාදා සුඩටන් ශිටුන්ග් නැමති ජර්මන් දිනපතා පුවත් පත වාර්තා කලේය.

මධ්‍ය පරාසීය න්‍යෂ්ටික පද්ධති පිලිබඳ වොෂිංටන් ගිවිසුම [Washington Treaty on Mid-range Nuclear Systems] යන නමින්ද හඳුන්වනු ලබන මෙම ගිවිසුම වනාහි, තිබෙන කෙටි හා මැදි දුර [සැතපුම් 500 සිට 5,500 දක්වා] මිසයිල ගලවා දැමීමට ද අලුතින් ඒවා නිර්මානය කිරීම තහනම් කිරීමට ද ඇමරිකාව හා සෝවියට් සංගමය අතර අත්සන් කරන ලද ද්විපාක්ෂික එකඟතාවකි.

1987 දෙසැම්බරයේදී ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රීගන්ද සෝවියට් නායක මිහායියල් ගොර්බචෙව් ද අත්සන් කල මේ ගිවිසුම, යුරෝපය තුල පිහිටුවා තිබුනු න්‍යෂ්ටික අවි සංඛ්‍යාව සැලකිය යුතු ආකාරයකට අඩු කිරීමට හේතු විය. ඊට අවුරුදු පහකට පෙර න්‍යෂ්ටික අවි සවිකල මැද දුර පර්ෂින් 2 මිසයිල යුරෝපය තුල පිහිටුවීම, ඉතිහාසයේ ඒ වනතෙක් ඇතිවූ විශාලතම සාම පෙලපාලි අවුලුවාලූ නිසා එවා ඉවත් කර ගැනීමට සිදුවිය.

දැන් අනතුර නම්, “ඇමරිකාව අලූත් මිසයිල හදා ඒවා යුරෝපය තුල සවිකිරීමේ තර්ජනයයි.” සුඩොයිෂ සේටුංඅනතුරු ඇඟවීය. තත්වයේ විශාල වෙනසක් “ඇරඹීමත් සමග යුරෝපය අලූත් න්‍යෂ්ටික යුගයක මුවවිටට ඇද වැටෙනු ඇත. ... සීතල යුද්ධයේ මහා භීතිකාව වූයේ මැද-දුර න්‍යෂ්ටික මිසයිලය. .... දැන් අවුරුදු 30 කට පසුව එම අවතාරය යලිත් නැගී සිටී.”

එම පුවත් පත කියන පරිදි එම ගිවිසුම අවසන් කිරීමේ තර්ජනයට හේතුවන්නේ, ඇමරිකව සහ රුසියාව යන දෙරටම සිය “න්‍යෂ්ටික අවි ගබඩා පෘතුල ලෙස නවීකරනය කිරීමේ” අධ්‍යාසය ප‍්‍රකාශ කොට ඇති තතු තුල, එක්සත් ජනපද රුසියා සම්බන්ධතා ‘උග‍්‍ර ලෙස සීතල වී යාමය.”

පුරුදු පරිදිම, ජර්මානු පුවත් මාධ්‍ය වල මේ පුපුරනසුලු වාර්තා එක්සත් ජනපද මුද්‍රන හා විද්‍යුත් මාධ්‍ය වලින් මුලුමනින්ම මකා හරිනු ලැබ ඇත.

මෙම වාර්තා පලවුනේ, රුසියානු මිලිටරියේ බෙලරුස් සහ කැලිනින්ග‍්‍ඩ් හි රුසියානු වැයික්කිය තුල මේ මාසයේ පැවැත්වීමට යන යුද අභ්‍යාස සඳහා යුද අවි ගෙනවිත් ගොඩ ගසා ගෙන, බෝල්ටික් රාජ්‍යයන් ආක‍්‍රමනය කිරීමට “ට්‍රෝජන් අශ්වයෙකු ලෙස යොදා ගැනීමේ රුසියානු කූට සැලැස්මක් ලෙස යයි” ඇමරිකාව සහ නේටෝව දියත්කර ඇති වියරු ප‍්‍රචාරයක් මැද ය.

පෙන්ටගනය රුසියානු යුද අභ්‍යාාස වලට පෙරාතුව ඇමරිකානු එෆ්15සී ප‍්‍රහාරක යානා හතක් ලිතුවේනියාවේ කඳවුරකට ද අමතර ගුවන්ගත ඇමරිකානු භටයන් 600ක් බෝල්ටික් ප‍්‍රදේශයට ද යොදවා තිබේ.

මේ මිලිටරි බලමුලුගැන්වීම සිදුකර ඇත්තේ, ඇමරිකාව විසින් කෙරෙන ප‍්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රික ප‍්‍රකෝපකරනයක් ද සමග ය. ඒ රුසියාව විසින් අමරිකානු තනාපති නිලධාරීන් ගනනාවක් රුසියාවෙන් පිටමං කිරීම ට (රුසියාව මෙවන් පියවරක් ගත්තේද කලින් ඇමරිකාවෙන් රුසියානුවන් පිටමං කිරීමට දක්වන ලද ප‍්‍රතිචාරයක් ලෙසය) ප‍්‍රතික්‍රියාවක් ලෙස වොෂිංටනයේ, නිව් යෝර්ක්හි සහ සැන්ෆ‍්‍රැන්සිස්කෝවේ රුසියනු රාජ්‍යතාන්ත්‍රික පහසුකම් ගනනාවක් වසා දැමීම ට අන කෙරුනි. ඒ සමග එෆ්බීඅයි සංවිධානය විසින් සැන්ෆ‍්‍රැන්සිස්කෝ තානාපති කාර්යාලය ද රුසියානු තානාපති නිල නිවස ද පරීක්ෂාවට ලක්කල බවට මොස්කෝව චෝදනා කරයි. එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ද රුසියාව පවසයි. ලෝකයේ ලොකුම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර වඩ වඩාත් භයානක ලෙස ඝට්ටනය උග‍්‍රවන්නේ, ජාත්‍යන්තරව, විශේෂයෙන්ම කොරියානු අර්ධද්වීපයේ යුද අන්තරාය නැගී එන තතු තුලය. “ඇමරිකාව සහ උතුරු කොරියාව අතර ප‍්‍රගාමීව උත්සන්න වන යුදවාදී ගැටුම, මුලු ප‍්‍රදේශයම ‘මහා-පරිමාන ඝට්ටනයක මුවවිටේ පවත්නා තත්වයකයකට අද දමා ඇතැ යි’ ගිය සිකුරාදා රුසියානු අගමැති ව්ලඩිමීර් පුටින් අනතුරු ඇඟවිය.

යුරෝපා මහද්වීපය තුල න්‍යෂ්ටික යුද්ධයේ මුව විටදී කෙරෙන තරක්වීම මෙතරම් හදිසි බවක් දරන්නේ එවන් තත්වයක් තුලය.

‘රහසිගතය’යි වර්ග කෙරුනු නේටෝ ලියවිල්ලක් ඒකාබද්ධ පර්යේෂක කන්ඩායමක් අතට පත්ව එය,සුඩොයිෂ සේටුං පුවත් පත, එන්ඩීආර් සහ ඩබ්ලිව්ඩීආර් යන ප‍්‍රාදේශීය විද්‍යුත් මාධ්‍ය වෙත ලබාදීමෙන් පසුව, ප‍්‍රසිද්ධ කර තිබේ. එහි නේටෝව විසින් රුසියාවට එරෙහිව පහර දිය හැකි ක‍්‍රම 39ක් සාකච්ඡා කරයි. රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අනුව, ඇමරිකාවේ මූලිකත්වයෙන්, ඉදිරියේ එන සිශිර මාස වල දී “නේටෝව තුල නිල සාකච්ඡාවන්ට” ඇතුලත් වන මෙම පත්‍රිකාවට “යොදාගැනීමට ඉඩ ඇති විකල්පයන් ලැයිස්තුවක් ඇතුලත්ය. එය පරිස්සමින් සලකා බලා “සිතිය හැකි, දැනට මගහැරිය යුතු සහ නුසුදුසු විකල්ප” මාලාවක් එහි ඉදිරිපත් තිබුනි.

සුඩොයිෂ සේටුං පුවත් පතට අනුව නේටෝ සංවිධානය සලකා බලන, අතරමැදි පරාසීය න්‍යෂ්ටික පද්ධති පිලිබඳ වොෂිංටන් ගිවිසුම (අයිඑන්එෆ්) සමග අනුකූලයි ද කියන ‘සිතාගතහැකි’ දුසිමකට වැඩි විකල්ප සිදුකරනු ඇත්තේ, දැනට පවත්නා ආතති සගගත සම්බන්ධතා තවදුරටත් උග‍්‍ර කිරීමකි. මෙම යෝජනාවලට අනුව, ”ඇමරිකාවේ සිට යුරෝපයට බී-2 සහ බී-12 බෝම්බ හෙලන ගුවන්යානා සංසරනය වැඩි කිරීම” සහ “ප‍්‍රහාරවලට එරෙහි මිලිටරි සහ සිවිල් ආධාර පදනම” ශක්තිමත් කලයුතූය. න්‍යෂ්ටික ප‍්‍රති ප‍්‍රහාරයක් සඳහා සූදානම හා හැකියාව වැඩි කර ගැනීම හෙවත් ‘න්‍යෂ්ටික සංඥාකරනය’ සිතාගතහැකි පියවරක් සේ සැලකේ.

යෝජනා දෙකක් විශේෂයෙන් ම ප‍්‍රකෝපකාරී වේ; ඉන් එකක් එනම්, “ඊනියා න්‍යෂ්ටික ප‍්‍රහාර සැලැසුම් කිරීම හෙවත් න්‍යෂ්ටික එල්ල කිරීම සඳහා සතුරු ඉලක්ක අඳුනාගෙන නියම කර ගැනීම”යි. අනෙක වන්නේ “යුද්ධයක් ඇතිවුනොත් මේ බෝම්බ දැමීම සඳහා යොදාගැනෙන ගුවන්යානා කඳවුරු නියම කරගෙන ඒවායේ ප‍්‍රහාරක සූදානම ශක්තිමත් කර ගැනීම” යි. මෙහිදී “සුපරීක්ෂ වියයුතු බවට නේටෝව අවවාද ද කරයි” යනුවෙන් පුවත්පත පෙන්වා දෙයි. මේ ඉලක්ක එනම්, න්‍යෂ්ටික ප‍්‍රහාරයක් සංයුක්තවම සැලසුම් කිරීම, රුසියාව සමග න්‍යෂ්ටික යුද්ධයක් අවුලුවා මුලු මානව සංහතිය ම වනසා දැමීමට තුඩුදෙනු ඇත.

සුඩොයිෂ සේටුංපුවත් පතට අනුව ඇමරිකාව විසින් අයිඑන්එෆ් ගිවිසුම අත්හරිනු ලැබුවහොත්, “දැනට ‘නුසුදුසු’ ගනයට දමා ඇති පියවරයන් ‘සිතිය හැකි’ ගනයට ඇතුලූ කෙරෙනු ඇත. එමගින් අලුත් ගනයක මිසයිල නිර්මානය, පරික්ෂනය සහ ස්ථාපිත කිරීම තුලින් නව සීතල යුද්ධයකට දොර හරිනු ඇත.”

ජර්මානු පාලක පන්තිය වොෂිංටනයේ උග‍්‍රවන ආක‍්‍රමන ශීලි යුද ධාවනය පිලිබඳව අතිශයින්ම කනස්සලුව සිටි. බ‍්‍රහස්පතින්දා කරනලද සම්මුඛ සාකච්ඡාවකදී විදේශ ඇමති සිග්මර් ගේබ්‍රියල් [සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී] “සීතල යුද්ධයේ නරකම වැරදි නැවතත් නොකල යුතුය; අප දැන් වැටී සිටින්නේ 2.0 සීතල යුද්ධයක් කරා යන මගට ය. ගොර්බචෙව් හා රිගන් අත්සන්කල නිරවිකරනයේ සහ අවි පාලනයේ යහපත් ගිවිසුම් උග‍්‍ර අනතුරකට පත්ව තිබේ. නැවතත් වරක් යුරෝපය න්‍යෂ්ටික අවි පුහුනු පිටියක් බවට පත්වී තිබේ යයි” අනතුරුඇඟවී ය.

මර්කල් මහත්මිය මේගැන නිහඬව නොසිටිය යුතුය. අපි සිටිය යුත්තේ සාමය උදෙසා වන බලවතෙකුගේ ස්ථානයේ ය. අවි තොග රැුස්කිරීමේ දඟරයකට අප පැටලිය යුතු නැත. මේ සන්දර්භය තුල, [සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ චාන්සලර් අපේක්ෂක] මාටින් ශුල්ට්ස් අප රට න්‍යෂ්ටික අවි වලින් තොරවිය යුතු යයි කියනවිට ඔහු නිවැරදිය.”

ශුල්ට්ස් සහ ගේබ්‍රියල් ඉන්නේ මැතිවරන ව්‍යායාමයක් මැද්දේ ය. ජර්මානු ජනකායගෙන් අතිමහත් බහුතරය -අපගේ ග‍්‍රහලෝකයේ සෙසු කොටස් වල ද එසේය- යලි මිලිටරීකරනයට සහ යුද්ධයට විරුද්ධ බව ද තවමත් ජර්මනියේ රඳවා තිබෙන ඇමරිකානු න්‍යෂ්ටික අවි ඉවත්කර ගැනීමට පක්ෂ බව ද ඔවුහු මැනවින් දැන සිටිති.

මේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලකයන් දෙන්නා මොනම ආකාරයකින් වත් සාමයට කැප වූවෝ නොවෙති. ඔවුන් ජර්මානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රමුඛ නියෝජිතයින් දෙදෙනෙකි. මොවුන් අද දින ඇමරිකාව යෝජනා කරන නව න්‍යෂ්ටික ආයුධ සන්නද්ධ වීමකට විරුද්ධ වන්නේ, සීතල යුද්ධයේ තත්වයන්ට ආපසු යාමට අකමැති නිසා ද ලෝකය මත ආධිපත්‍යය පිහිටුවාගැනීමේ ජර්මනියේ සැලසුම් වලට එවන් පියවරක් හරස්වන නිසා ද වේ. බර්ලිනය ඇමරිකාවේ අධිපත්‍යය යටතට පත්වීම ද ප‍්‍රශ්නයකි. වොෂිංටනයේ ආර්ථික හා භූ දේශපාලන ආසක්තයන් සමග වැඩි වැඩියෙන් ගැටෙන ජර්මනියේ ආසක්තයන් ට වලකැපීමක් ඉන් සිදුවනු ඇතැයි ද ඔවුහු දකිති.

ජුලි මාසයේදී ගේබ්‍රියල් රුසියාවට එරෙහි ඇමරිකාවේ තහංචි දැඩි ලෙස විවේචනය කලේය. ඔහු මෙසේ කීය, “රුසියාව විසින් නීති විරෝධීව ක්‍රිමියාව ඈඳගැනීමට ද නැගෙනහිර යුක්රේනයේ රුසියානු වැඩ කටයුතුවලටද එරෙහිව යුරෝපය සහ ඇමරිකාව ඉතා සමීප සහයෝගයකින් එකාබද්ධව ප‍්‍රතිරෝධය දක්වන ලද නමුත් යුරෝපයට ඉන්ධන සම්පාදනය ප‍්‍රසාරනය කිරීමට සහභාගි වන යුරෝපීය සමාගම් වලට එරෙහිව නීති විරෝධීව හා දේශාතික‍්‍රමනිකව ඇමරිකාව පනවන තහංචි පිලිගැනීමට යුරෝපයට පුලූවන් කමක් නැත. යුරෝපයට ඉන්ධන සම්පාදනය කර ගැනීම “යුරෝපයේ වැඩකි, එය ඇමරිකා එක්සත් ජනපදයේ වැඩක් නොවේ.”

ඇමරිකාවෙන් එල්ලව ඇති අලූත්ම තර්ජන වලට එරෙහිව හා ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික, යුදවාදී පිලිවෙත් වලට එරෙහිව නැගෙන පුලුල් විරෝධය, ජර්මානු යුදවාදී පිලිවෙත් වලට සහාය ගොනුකර ගැනීම සඳහා යොදාගැනීමට දැරෙන ප‍්‍රයත්නයේ මුල්තැන ගෙන ඇත්තේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හු ය. ට‍්‍රම්ප් පමන ඉක්මවූ අන්ත-ප‍්‍රතිචාරයක් දක්වමින් යුද්ධයක් අවුලුවාලනු ඇතැයි සාමාන්‍ය ජර්මානු ජනතාව අතර පවත්නා බිය යුක්තිසහගත බියක් දැයි ගේබ්‍රියල්ගෙන් අසනු ලැබූ කල්හි ඔහු මෙසේ පිලිතුරු දුනි: “මා කනස්සලුව සිටින්නේ, ඇමරිකාව බටහිරට සදහටම නැතිව යතැයි කියාය. ඩොනල්ඩ් ට‍්‍රම්ප් වටා ඉන්නා සමහරුන්ට අවශ්‍ය වී ඇත්තේ නීතියේ පාලනය වෙනුවට බලවතාගේ පාලනය පිහිටුවාගැනීමට ය. අපි මෙයට එරෙහිව අපගේ ම ආස්ථානය තහවුරු කල යුතු වේ.”

ජර්මානු අධිරාජ්‍යවාදය තමන්ගේ ආසක්තයන් ‘තහවුරු කරගැනීම’ උදෙසා යොදාගනු ලබන විධික‍්‍රම පිලිබඳ අදහසක්, චින්තන පර්ෂද සහ ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ විසින් පල කෙරුනු ලියවිලි වලින් බලාගත හැකි වේ. “සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සුරක්ෂක සහ ආරක්ෂක පිලිවෙතක් උදෙසා මූලධර්ම” නමැති ලියවිල්ලක සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මෙසේ ලියයි, අර්බූද විසඳා ලීම, සයිබර් ආරක්ෂාව සහ අපගේම ජනයා ආරක්ෂා කර ගැනීම යනාදිය පිලිබඳ උග‍්‍රවන ඉල්ලීම් වලට සාර්ථකව මුහුනදීම සඳහා ක්‍රියාත්මක කල හැකි නවීන සන්නද්ධ හමුදාවක් අපට අවශ්‍යව ඇත. අර්බුද තත්වයන්ට බලය යොදා මැදිහත් විය හැකි හමුදාවක් අපට අවශ්‍යවේ; අප මේ සඳහා භටයන් සහ ද්‍රව්‍යයන් වර්ධනය කොට ගෙන හමුදාව ශක්තිමත් කරගත යුතු වේ.”

ඇමරිකාව විසින් කෙරෙන න්‍යෂ්ටික අවි රැස් කිරීමට විරුද්ධව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ආස්ථානයෙන් ජර්මන් මැතිවරන ව්‍යාපාරය තුල සටන් කරන එකම දේශපාලන පක්ෂය නම් සමාජවාදී සමානතා පක්ෂය ( එස්ජීපී) යි. සමාජ අසමානත්වය, යුදවාදය, සහ යුද්ධයට එරෙහිව සමාජවාදී මූලෝපායක් මත පදනම්ව සටන් වදින එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂයයි. අත්ලාන්තික් සාගරය දෙපැත්තේ ම ඉන්නා ධනේශ්වර යුද වැද්දන්ට එරෙහිව, අපි ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් භාවය පිහිටුවන්නෙමු. ප‍්‍රගාමීව උග‍්‍රවන න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනයක තතු තුල මෙම ඉදිරි දර්ශනය අද දින යෝධ හදිසි බවක් අත්කර ගනී.

Share this article: