කම්කරු පන්තිය හාවි සුලි කුනාටුවට ප‍්‍රතිචාර දක්වයි

The working class responds to Hurricane Harvey

2017 අගෝස්තු 31

හාවි චන්ඩ මාරුතය වෙත ආන්ඩුවේ නිල සූදානම් කිරීම් සහ ප‍්‍රතිචාරය විසින් ගුනාංගීකරනය කරනු ලැබුවේ විස්මයජනක අසමත්කමේ සහ උදාසීනත්වයේ මට්ටමකි. එනම් සම්බන්ධීකරනය කරන ලද ඉවත් කිරීමේ සහ හව්හරන සැපයීමේ හදිසි සැලසුමක් නැති කමේ සිට සමස්ථයක් ලෙස ඒ ඒ වෙලාවට ජාමේ බේරාගැනීම සඳහා සූදානම් කරන ලද ගලවා ගැනීමේ මෙහෙයුම්වල ඇති ස්වභාවයයි. හුස්ටන් හි සහ ටෙක්සාස් හි අනෙකුත් පලාත් යට වන විටත් සහ මරන සංඛ්‍යාව වැඩි වන විටත් ධවල මන්දිරයේ ඉහල සිට පහලට විවිධ ආන්ඩුවේ නිලධාරියෝ එකිනෙකාගේ පිටට තට්ටු කරමින් පසුගිය දින කිහිපය ගත කලහ. "නුඹලා අතිශයින්ම අනර්ඝය" යනුවෙන් ආන්ඩුකාරයාටත් ෆෙඩරල් ඉමර්ජන්සි මැනේජ්මන්ට් ඒජන්සි හි ප‍්‍රධානියාට සහ ටෙක්සාස්හි අනෙකුත් නිලධාරීන්ටත් අඟහරුවාදා ට‍්‍රම්ප් පැවසුවේ ඔහු අවට සිදුවන්නේ කුමක් ද යන්න පිලිබඳව කිසිවකු අවධානය යොමු නොකරනු ඇතැයි බලාපොරාත්තු වෙමිනි.

ඒ කෙසේ වෙතත් ගංවතුර ටෙක්සාස් සහ කලාපය පුරාම කම්කරුවන්ගේ අදහාගත නොහැකි ප‍්‍රතිචාරයක් ජනනය කලේය. ඔව්හු කිසිඳු ප‍්‍රතිලාභයක් නොලැබ තමන් සතුව ඇති උපකරන, යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරමින් ස්වෙච්ඡාවෙන් පැමිනියහ.

සාමාන්‍යයෙන් කම්කරු පන්තිය ගැන පිලිකුලෙන් පමනක් සඳහන් කරන නිව්යෝක් ටයිම්ස් පුවත්පත බදාදා ලිව්වේ "දශක ගනනාවක් ඇතුලත සිදුවූ නරකම ඛේදවාචක වලින් එකකට දැක්වූ ප‍්‍රතිචාරය බොහෝ පැතිවලින් එම මොහොතේ ම හිටිඅඩියේ ම කරන ලද සූදානම් කිරීම් විය" යනුවෙනි. මෙම ලිපිය තවදුරටත් සඳහන් කලේ, "වායුබෝට්ටු යාන්ත‍්‍රිකව කි‍්‍රයාකරන ධීවර බෝට්ටු, ජෙට් ස්කි රථ යනා දි විනෝද කි‍්‍රඩාවන් සඳහා භාවිතා කරන වාහන ආදියෙන් කොට කලිසම්, හිසෙහි පලඳින ලාම්පු සහ පොන්චොස් පැලඳ ගත් වෑල්ඩින්කරුවන්, වහල තනන්නන්, කාර්මික ශිල්පීන් සහ ධීවරයින් නිවෙස්වල සිර වී සිටි මිනිසුන් බේරා ගැනීම සඳහා වහාම පැමිනියහ. විශාල කොටසක් කම්කරු පංතිය බේරා ගනු ලැබුවේ කම්කරු පංතිය විසිනි" යනුවෙනි.

බොහෝ ඈත ගමන් කරමින් දහස් සංඛ්‍යාත ජනයා නිවෙස්වල අතරමං ව සිටි ජනයා බේරා ගැනීම සඳහා සහභාගි වූහ. ප‍්‍රදේශීය මෘදුකාංග නිර්මානකරුවකු මගින් මෙම සතියේ මුලදී සැලසුම් කල houstonharveyrescue.com යන ඔන්ලයින් වෙබ් අඩවි සිතියම මාර්ගයෙන් බොහෝ ගලවා ගැනීමේ සැලසුම් සම්බන්ධීකරනය කර තිබිනි. සහය අවශ්‍ය පුද්ගලයින්ට සහ පවුල්වලට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැක. දහස් සංඛ්‍යාත ජනයා එලෙස මුල් දින සංඛ්‍යාව තුල ලියා පදිංචිවූ අතර බදාදා රාත‍්‍රි වන විට 5000කට ආසන්න පිරිසක් "ආරක්ෂිත බවට සලකුනු කර තිබුනු" බව වෙබ් අඩවිය වාර්තා කලේ ය.

ක්වාට්ස් යන මාධ්‍යයේ වාර්තා වූයේ, "වෙබ් අඩවියේ ලියා පදිංචි විය හැකි ගලවා ගන්නා කන්ඩායමට, තමන්ට උදව් අවශ්‍ය වන අය පහසුවෙන් සොයාගත හැක. දුරකතන කි‍්‍රයාකරුවන් 100කගේ කන්ඩායමක් ගලවා ගැනීම අවශ්‍ය කරන අය සොයන අතර, වැදගත් තොරතුරු සමග පනිවිඩ බොහෝ සංඛ්‍යාවක් යැවීමට හැකිවෙයි. ගනිත සූත‍්‍රයකින් අවශ්‍ය නොවන ඉල්ලීම් ඉවත් කෙර්" යනුවෙනි.

කම්කරුවන්ගේ ප‍්‍රතිචාරය පුලුල් කාරනා මතු කරයි. කැත්‍රිනා චන්ඩ මාරුතය සහ බොහෝ අනෙකුත් ඛේදවාචකයන් ඇමරිකාවේ මෙන්ම ජාත්‍යන්තරවත් මෙන්ම හාවි චාන්ඩ මාරුතය ද මාධ්‍යයන් සහ දේශපාලන සංස්ථාපිතය ආවරනය කිරීමට ප‍්‍රයත්න දරන පංති යථාර්ථය එලිදරව්කර ඇත. සෑමවිට ම මෙන්ම. දරුනුම ප‍්‍රතිවිපාකවලට මුහුන දීමට සිදුවූයේ සියලූම වර්ගවල සහ ජන කන්ඩායම් වල කම්කරු පංතියටත් දුගීන්ටත්ය. ඔවුන්ට ආරක්ෂන ආවරන නො තිබින, නැතහොත් රක්ෂන සමාගම් අලාභ හානි ගෙවීම් ප‍්‍රතික්ෂේප කලේය. ගංවතුර බැස යන විටත් ප‍්‍රධාන කර්මාන්ත යලි කි‍්‍රයා කිරීම ආරම්භ කරන විටත් මාධ්‍ය සහ පාලක පංතියේ දේශපාලකයන් පලා යන ආකාරය ඔවුන්ට දැක ගත හැකි වනු ඇත.

මාධ්‍යයන් සහ දේශපාලන සංස්තාපිතය විසින් ව්‍යසනයට දක්වන ලද ප‍්‍රතික්‍රියාවට බොහෝ වශයෙන් තුඩු දුන් උත්සුකය වූයේ ව්‍යසනය විසින් සමාජ අසහනය අවුස්සාලමින් ඇමරිකන් සමාජයේ පවතින අතිමහත් පරස්පරයන් මගින් පැන නංවන්නාවූ ගිනි ඇවිලවීමකට තුඩු දෙනු ලබන්නේය යන බිය විසිනි.

ඒ සමගම චන්ඩ මාරුතයට දැක්වූ කම්කරුවන්ගේ ප‍්‍රතිචාරය පාලක පංතිය ඉතාමත් අසීරුවෙන් නොතකා හැරීමට ක්‍රියාකරන මූලික පංති විඤ්ඤානය සහ සහෝදරත්වය ප‍්‍රකාශ කරයි. ඇමරිකානු සමාජය වාර්ගික වෛරයන්ගෙන් ඉරි තැලී ඇත යන විශේෂයෙන් ම ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රකාශනයට ප‍්‍රතිපක්ෂව හදිසි මෙහෙයුම් සඳහා සුදු, කළු සහ හිස්පැනික් කම්කරුවෝ සහභාගී වූහ. මෙම කම්කරුවන් දෙපැත්තහිම සිටියහ. එනම් බෝට්ටු තුල හා නිවාසවල අතරමංවූ අය ලෙස ය.

මෙම ප‍්‍රතිචාරය ස්වාධීන කම්කරුවන්ගේ සංවිධානයට හා මූලික කර්මාන්ත සහ නිෂ්පාදන මාධ්‍යවල පමනක් නොව සියලුම අත්‍යවශ්‍ය සම්පත් සහ සේවාවන් පවා කම්කරුවන්ගේ පාලනයට නතු කිරීම සඳහා බලගතු තර්කනයක් සපයයි. සංගත සහ මුල්‍ය වංශාධිපතියන් සහ ජනගහනයේ ඉහල සියයට 5 හෝ 10 වන වත්මන් ආන්ඩුවේ ප‍්‍රතිපත්ති තීරනය කරන්නන්ට වඩා කම්කරුවන්ට කල යුත්තේ කුමක් ද යන්න පිලිබඳ මනා වැටහීමක් ඇත.

සම්පත් බෙදාහැරීම සඳහා තීරන ගැනීමට කම්කරුවන් හවුල් වී සිටියානම්, සුලි කුනාටුවට මුහුන දීම සඳහා සූදානම්වීමේ මට්ටම ඉහල තත්වයක තිබිය හැකිව පැවතුනි. එසේ නම් ඩොලර් ට්‍රිලියන ගනන් වෙන් කරන්නේ වෝල් වීදියේ බැංකු ඇප මගින් මුදවා ගැනීමට සහ ඇමරිකානු හමුදා යන්ත‍්‍රයට නොව, සමාජ යටිතල පහසුකම් ගොඩනැගීමට ය. කිවයුතුව ඇත්තේ, ගංවතුර ගැලීම පෙරදැකිය නොහැකි හෝ නොදක්නා ලද නොව, ඒ සඳහා සැලසුම් නොකල බව පමනි.

එක්සත් ජනපදයේ සිව්වැනි විශාලතම නගරය විනාශ වීම සාමාන්‍ය ප‍්‍රපංචයක එක් ප‍්‍රකාශනයක් වෙයි. ස්වාභාවික විපත් වලට සූදානම් වීම, ආහාර බෙදාහැරීම, සෞඛ්‍ය පහසුකම් සහ අධ්‍යාපන පහසුකම්, සියලුම මානව සංහතියට ජීවත් විය හැකි ආදායමක් සහතික කිරීම, සියලුම මනුෂ්‍යයන් සඳහා ජීවත් විය හැකි ආදායමක් සහතික කිරීම ආදී නවීන ජන සමාජයේ මූලික අවශ්‍යතා මිලියන ගනනක් වෙනස් වූ හුයපටයන් ගෙන් ලාභ අනසකට සමාජය යටත් කිරීම සමග ගැටුමට එලඹෙයි. කොටස් වෙලඳපොලේ අධිකාරය සහතික කරන්නේ වසරේ කාර්තුවකට වරක් ඉදිරිපත් කෙරෙන සංගතවල ගනන් හිලව් සඳහා සියල්ලන්ම කැපකිරීමයි.

සමාජවාදය සඳහා තර්කනය (මෙය සමග අනිවාර්යෙන්ම ආර්ථික සැලසුම්කරනය එකට වෙලී පවතී) මන:කල්පිත සිහින මගින් ගොඩනැගෙනවා නොව, සමාජ සංවර්ධනයේ සුවිශේෂ ඉල්ලීම් වලින් ගොඩ නැගෙයි.

නිෂ්පාදනය සහ සම්පත් බෙදාහැරීම තම පාලනය යටතට ලබා ගැනීම සඳහා කම්හල්වල, වැඩපලේ සහ අසල්වැසි ප‍්‍රදේශවලත් කම්කරු කොමිටිවල සංවිධාන ගොඩනගා ගැනීම මගින් සමාජ ජීවිතයේ සෑම අංශයක්ම කම්කරු පන්තිය තමන්ගේ අත්අඩංගුවට ගත යුතුයි. මෙම සංවිධාන කම්කරු පංතියේ අවශ්‍යතාවලින් ආරම්භ කල යුතු අතර කම්කරු පංතියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට යටත් කල යුතුයි. ඒවා ධනපති පංතියටත්, එහි දේශපාලන නියෝජිතයන්ටත් එරෙහිව තමන්ගේ පොදු අරගලය සංවිධානය කිරීමටත් කම්කරුවන් ඒකාබද්ධ කිරීමටත් වන දැවැන්ත වගකීමට උරදිය යුතුය.

වෙලඳපොලෙහි අරාජකත්වය විස්ථාපනය කර සවිඤ්ඤානක සැලසුමක සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පදනම වන්නේ නිෂ්පාදනය සහ ආර්ථික සංවිධානය මත අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය තහවුරු කිරීම වන අතර සියලුම තීරන සමාජ අවශ්‍යතා මත ගන්නා බව සහතික කිරීමය.

ජෝසප් කිෂෝර්

Share this article: