චාලොට්ස්විල් සිද්ධියෙන් සතියකට පසු
මහා ව්‍යාපාරිකයෝත්, හමුදාවත්, වොෂින්ටනය මත තම ග‍්‍රහනය උග‍්‍ර කරති

One week after Charlottesville
Big business, military tighten their grip on Washington

2017 අගෝස්තු 21

මිලිටරියේ සහ සංගත/මූල්‍ය ප‍්‍රභූවේ දේශපාලන අධිකාරය ඒකරාශිකර ගැනීම ඉලක්ක කරගත් මාලිගා බල කොල්ලයක් පිටුපස ට‍්‍රම්ප්ට එරෙහි මහජන විරුද්ධත්වය හරවායැවීමට පාලක පන්තිය මං සොයමින් සිටියි.

සෑමවිට ම සිදුවන කරුනක් වන්නේ සිද්ධීන්ගේ ප‍්‍රතිඵලය විසින් දේශපාලන වර්ධනයන් ගැබ් කරගත්තා වූ අත්‍යවශ්‍ය කාරනා හෙලිදරව් කිරීමයි. පසුගිය සිකුරාදා ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන මූලෝපායඥයා වූ ස්ටීවන් බැනන් නෙරපා හැරීම තුලින් කූටප‍්‍රාප්ත වූ, චාලොට්ස්විල්හි නාසීන්ගේ ප‍්‍රචන්ඩකාරී හැසිරීම අරබයා පාලක පන්තිය තුල පුපුරාගියා වූ ගැටුම් සම්බන්ධයෙන්ද මෙය සත්‍යවෙයි.

ධවල මන්දිරයේ සහ ට‍්‍රම්ප් පරිපාලනයේ දේශපාලන හැසිරවීම වඩා දෘඩතර සහ වඩා මධ්‍යස්ථ දේශපාලන බලවේග අතට ගොනුකරමින් මේ වෙද්දී ඉන් පලවාහරිනු ලැබ සිටින බැනන් සහ අනෙකුන් “සුදුජාතිකවාදීන්ගේ” අනුග‍්‍රාහකයින් ඇතුලු සංගත-පාලිත මාධ්‍ය සිද්ධිදාමය මුලුමනින් ම වර්ගවාදී පදවලින් විස්තර දැක්වීමට ප‍්‍රයත්න දරා ඇත. මෙම “මධ්‍යස්ථ” දේශපාලන හස්තයන් වනාහි ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන ආර්ථික උපදේශක ගැරි කෝන් වැනි වෝල්වීදියේ මුල්‍ය සම්පාදකයින් සහ මහාභාන්ඩාගාර ලේකම් ස්ටීවන් නුචින් සමග ධවල මන්දිරයේ කාර්යමන්ඩල ප‍්‍රධානී ජෝන් කෙලි විසින් නායකත්වය දෙන ජෙනරාල්වරු සහ හිටපු ජෙනරාල්වරු කන්ඩායමකි.

ඉරිදා නිව්යෝක් ටයිම්ස් පුවත් පත පෙරමුන ගනිමින් සිය කතුවැකියකින් ප‍්‍රකාශකරන්නේ “ට‍්‍රම්ප් මහතා මුලුමනින් ම පීලිපැන ගමන් කිරීම නතර කිරීම සඳහා ව්‍යවස්ථානුකූලව සහ දේශපාලනිකව සිවිල් නායකත්වය වෙත හුරු වී සිටි ඇමරිකානුවන් විශ්වාසය තබන්නේ වත්මන් සහ හිටපු ජෙනරාල්වරු තිදෙනෙක් මතය. එනම් ධවල මන්දිරයේ නව කාර්යමන්ඩල ප‍්‍රධානී ජෝන්කෙලී, ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර් මැක් මාස්ටර් සහ ආරක්ෂක ලේකම් ජිම් මැටිස්ය. ට‍්‍රම්ප් මහතා ලඟ නැති අත්දැකීම් බහුල භාවය, උගත්කම, ගෝලීය ගැටුම්වල බියකරු හානිය ගැන මනා දැනුවත්කම සහිතව රාජ්‍ය සේවාව කෙරෙහි බලවත් බැඳීමකින් මෙහෙය වී ගන්නා මේ තිදෙනාට ට‍්‍රම්ප්ගේ නරකම සහජ බුද්ධියට එරෙහි වියහැකි බව විශ්වාස කෙරෙයි.

එම ටයිම්ස් පුවත්පතේ ම පලවූ එක් ප‍්‍රවෘත්ති විශ්ලේෂනයක්, එහි මාතෘකාවේ “සංගතවාදී ඇමරිකාවේ සදාචාරාත්මක හඬ ”නමින් නම්කල යමක් උත්කර්ෂයට නැගුවේය. ඒ වෙනුවෙන් මෙසේ ලියැවිනි. “පසු ගිය සතියේ ව්‍යාපාරික ප‍්‍රබලයින් කන්ඩායමක් වෛරි කන්ඩායම් හෙලාදැකීම සඳහා නැගී සිටි අතර සහනශීලිත්වය සහ එකතුවීම වදාලේය”

මෙම ”සදාචාරාත්මක “ප‍්‍රබලයින්ගේ කන්ඩායමේ” කොටසක් ලෙස නම් සඳහන්වු අය අතර 2008 මුල්‍ය බිඳ වැටීමට වගකිව යුත්තන් අතර ජේපී මෝර්ගන් චේස් හි ජැමී ඩිමොන් වැනි සංගත අපරාධකරුවන් ද, සිය ගනන් මිනිසුන් මරනයට ගොදුරු කල මෝටර් රථ ජ්වලන දෝෂයක් වසං කිරීමට වැඩකල ජෙනරල් මෝටර්ස් සමාගමේ මේරි බරා, සහ අඩු වැටුප් සූරාකෑමට තවත් නමක් වන වෝල්මාට්හි ප්‍රධාන විධායක නිලධාරී ඩව්ග් මැක්මිලන් වැන්නවුන් සිටිති.

චාලට්ස්විල් හි කෝලාහල කල නව-නාසීන් ආරක්ෂා කරන ට‍්‍රම්ප්ගේ අපරීක්ෂාකාරී අදහස් ප‍්‍රකාශකිරීම් පාලක ප‍්‍රභූව දැක්කේ විදේශයේ ඇමරිකානු අධිරාජ්‍යවාදී අවශ්‍යතාවලටත් රට තුල සමාජ සහ දේශපාලන ස්ථාවරත්වය නඩත්තු කිරීමටත් බලපතල තර්ජනයක් ලෙස ය. ප‍්‍රබල සංගත අවශ්‍යතාවන් බිය වූයේ සංගත බදු කැපීමේත් ව්‍යාපාරික නීති රෙගුලාසි ඉවත්කිරීමේත් යටිතල පහසුකම් ප‍්‍රතිසංස්කරනයේ මුවාවෙන් දැවැන්ත ලාභ වැඩිවීමේත් සහ මෙඩිකෙයා සහ අනෙකුත් සමාජ වැඩපිලිවෙලවල් විනාශ කිරීමේත් ට‍්‍රම්ප්ගේ න්‍යාය පත‍්‍රයට ඇති කෙරන බලපෑම පිලිබඳවය.

පාර්ලිමේන්තුවට පිටින් ෆැසිස්ට්වාදී පදනමක් ගොඩනැගීමේ තම ප‍්‍රයත්නය ගැන ට‍්‍රම්ප්ගේ ස්වයංඑලිදරව්ව 2008 වෝල්වීදියේ බිඳවැටීම පටන් ගොඩනැගී ඇති සමපේක්ෂන බුබුල බිඳවැටීමේ අනතුර ගැනමුල්‍ය කවවල චකිතය වැඩි වී ඇත.

ටයිම්ස් පුවත්පතෙහි පැහැදිලි ව ගෙනහැරදක්වා ඇති ප‍්‍රතිචාරය වී ඇත්තේ එක්සත් ජනපද ඉතිහාසයේ පෙරනොවූවිරූ පරිමානයට ආන්ඩුව මත හමුදා සහ සංගත ඇමරිකාවේ ග‍්‍රහනය තීව‍්‍ර කිරීමට ය. 1961 තම සමු ගැනීමේ කථාව තුල ජනාධිපති ඞ්වයිට් ඞී. අයිසන්හවර් විසින් ”හමුදා - කර්මාන්ත සංකීර්නයෙහි” ඉස්මතු වීම මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වන තර්ජනය පිලිබඳව අනතුරු අඟවා දැනටවසර 56 ක් වෙයි. ඔහුට ප‍්‍රමානය බලය සහ අද පවතින දැවැන්ත හමුදා/ බුද්ධිඅංශ/ සංගත සංකීර්නය මගින් ක්‍රියාත්මක කරන ආධිපත්‍යයේ පරිමාව ගැන සංකල්පනය කිරීමට හැකියාවක් තිබුනේ නැත.

මෙම බලය තහවුරු කර ගැනීමේ ප‍්‍රථම ප‍්‍රතිඵලය වූයේ ඇෆ්ගනිස්ථානය තුල යුද්ධය ව්‍යාප්ත කිරීමේ සැලසුම් එලිදරව්කරමින් අද රාත්‍රියේ ට‍්‍රම්ප් විසින් ජාතිය අමතා කරන කථාව පිලිබඳ නිවේදනයවෙයි.

පාලක ප‍්‍රභූව සියල්ලටමත් වැඩියෙන් බිය වී ඇත්තේ ට‍්‍රම්ප් පරිපාලනයටත් සමස්ථ දේශපාලන පද්ධතියටත් එරෙහිව වර්ධනය වෙමින් පවතින කම්කරු පන්තික විරෝධයට යි. එම නිසා, මාධ්‍යයන් විසින් අනුබල දෙන ලද නිල කතිකාවෙන් කපා දමා ඇත්තේ ඇමරිකානු සමාජ ජීවිතයේ යථාර්ථය පිලිබඳව එනම්, මෙම රටෙහි පුද්ගලයින් 20 ක් ජනතාවගේ වඩාත්ම දිලිඳු අඩකගේ ධනයට සමාන ධනයක් පාලනය කිරීම, මෙන්ම ට‍්‍රම්ප් පාලනයේ ප‍්‍රතිගාමී න්‍යාය පත්ත‍්‍රය පිලිබඳවත්ය. යුද්ධය ගැනවත් ඉරාකයේ ෆලූජා නගරය විනාශ කිරීමේ ව්‍යායාමයේදී තම කර්තව්‍යය වෙනුවෙන් “පිස්සු බල්ලා”යන්නෙන් නම්පටබැඳි මැතිස් වැනි “වගකිවයුතු” නායකයින් විසින් කරන ලද අපරාධ ගැනවත් කිසිදු සාකච්ඡාවක් නැත.

මේවා අපසරනකාරී කාරනා මාලාවකින් විස්ථාපනය වී ඇති අතර, මේවා කේන්ද්‍රගත වී ඇත්තේ එක්සත් ජනපදය වර්ගවාදය නොඉවසන රටක් ලෙස අතිශයින් විකෘති කරන ලද ඉදිරිපත් කිරීම මතත් නව නාසිවාදීන්ගේ ත් වර්ගවාදී බලවේගවලත් ශක්තිය සහ බලපෑම ගැන අතිශයෝක්තියට නංවන ලද පිංතූරයක් මතය. එහෙයින් චා‍ලොට්ස්විල්හි උද්ඝෝෂන පැවැත්වූ සුදු ආධිපත්‍යවාදී මැරයන් ගෞරවාන්විත ව සලකනවා පමනක් නොව ඔවුන් අගය කරන අතර ම අනන්‍යතා දේශපාලනය ඉහල දැමීම නමැති බැලූ බැල්මට පරස්පර විරෝධී ලෙස පෙනෙන නමුත් ඇත්ත වශයෙන් ම එකිනෙකට ගැලපෙන්නා වූ සිදුවීම ඩිමොක‍්‍රටික් පක්ෂයට සම්බන්ද වූ මාධ්‍යයන් තුල පිරී පැවතීම අපට දර්ශනය වෙයි.

විශේෂවූයේ “ඇමරිකාවේ සුදු ජාතික අධිපතිවාදය” යන සිරසින් ඉරිදා නිව්යෝකර් පුවත් පත විසින් නිකුත් කරන ලද පුවත් ලිපියකි. හැඳින්වීම තුල ද ඔබාමාගේ මුනිචරිතාපදානයේ කතුවරයා වන ඩේවිඕ රෙම්නික් ප‍්‍රකාශ කරන්නේ, ‘වරද්දා නොගනු’ නව-නාසීන් සහ සුදුජාතිකවාදී අධිපතිවාදීයෝ දැන් ඇමරිකානු දේශපාලනේ පෙරමුනේ සිටිති.” යනුවෙනි.

විශේෂාංග ලිපි අතරින් එක් කතුවරයකු වන ටෝනි මොරිසන් විසින් පටබැ`දි “ඇමරිකාව නැවතත් සුදුජාතිකවාදී කිරීම මගින්, ඉල්ලාසිටින්නේ” යුරෝපයේ අනෙකුත් ජාතීන් මෙන් නොව, එක්සත් ජනපදය එකමුතුවීමේ බලයක් ලෙස සුදුජාතිකවාදීකම් දරා ගෙන සිටිති යන්නයි. ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් සහ එහි විවිධ වරප‍්‍රසාදිත මධ්‍ය ම පන්තියේ ව්‍යාජවාම සංවිධාන අතර උපාංග සමග එක පෙලට සිටිමින් මොරිසන් පැහැදිලි කරන්නේ ට‍්‍රම්ප් තෝරාපත් කර ගනු ලැබීම “සුදුජාතිකවාදී ඇමරිකාවේ” වර්ගවාදයේ නිෂ්පාදනයක් ලෙස ය.

මැතිවරනදිනයේ දී සුදු ජාතික බොහෝ ඡන්දදායකයෝ (අඩුවශයෙන් අධ්‍යාපනය ලද සහ හොඳාකාරව අධ්‍යාපන ලද) කෙයිතරම් ඕනෑකමකින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වපුරන ලද ලජ්ජා ව සහ භියවැල`ද ගත්තාහු ද. මෙම අපේක්ෂකයාගේ සමාගමට කලූ ජාතික මිනිසුන්ට තට්ටු නිවාස කුලියට නො දීම පිලිබ`ද ව අධිකරන දෙපාර්තමේන්තුව මගින් නඩුපවරා ඇත. මෙම අපේක්ෂකයා, බරාක් ඔබාමා එක්සත් ජනපදයේ උපන්නේ ද යන්න ප‍්‍රශ්න කල පුද්ගලයා. මෙම අපේක්ෂකයා පෙනෙන ලෙස බ්ලැක් ලයිම්ස් මැටර් විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂන රැලියක දී විරෝධතාකරුවෙකුට පහර දීමට සමාව දුන් පුද්ගලයා ය. ඔහු තම කැසිනෝ ව්‍යාපාර ස්ථානයේ භූමියෙන් කලු ජාතික කම්කරුවන් නෙරපු පුද්ගලයා ය. මෙම අපේක්ෂකයා ඩේවිඕඩියුක්ගේ ආදරයට පාත් ර වූ ද කූ කලක්ස් ක්ලෑන් විසින් අනුමත කරන ලද පුද්ගලයා ය.

කූ කලක්ස් කලෑන් හි රහස් ආධාරකරුවන් ලෙස සියලුම සුදු ජාතිකයින් සහ විශේෂයෙන් සුදු ජාතික පිරිමින් හුවා දැක්වීමට දරන වෑයම දේශපාලන ප්‍රෝඩාවකි. වර්ගවාදය පවතී. ඒ කෙසේ වෙතත් චාලොට්ස්විල් ඉතාමත් කුඩා සුලුතරයක් වන සුදු ජාතික අධිපතිවාදීන් ද සහ නවනාසීන් වැඩකරන ජනතාව විසින් පිලිකුලෙන් සලකනු ලැබේ. මෙම මෘග දෘෂ්ටිවාදය සඳහා මුළු රටපුරාම මෙවැන්නවුන් සොයා ගැනීම ස`දහා වෙහෙසදැරුවද බලමුලු ගන්වා ගැනීමට හැකිවුයේ කිහිප සියයක් පමනි. මේඅතර තුර ට‍්‍රම්ප් සහ ඔහු ආරක්ෂාකරන ෆැසිස්ට්වාදීන් හෙලාදැකීම සඳහා සියලුම ජාතීන්වල දසදහස් ගනන් පා ගමන්වල යෙදී ඇත.

අද ට‍්‍රම්ප් ජනාධිපති වන්නේ මහජනතාව ද වර්ගවාදයට දුන් ඡන්දය නිසා නො ව, ඔහු වඩා සාර්ථක ව ඩිමොක‍්‍රටික්පක්ෂයටත් හිලරි ක්ලින්ටන්ටත් වඩා සමාජ අතෘප්තියට ආමන්ත‍්‍රනය කල නිසා ය. වෝල් වීදිය සහ හමුදා- බුද්ධි අංශයන් අතර සන්ධානයේ පුද්ගලාරෝපනයවූ ඇය පන ගැට ගසා ගැනීමට අරගලය කරන ලද දස මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ දුක් ගැනවිල්ල කෙරෙහි තම අලස කමද පිලිකුලද සැඟවීමට තැත්නොදැරී ය.

වර්ගවාදී කථිකාව යොදා ගැනෙන්නේ ජනගහනයේ විශාල කොටස් යක්ෂාවේෂ කර දැක්වීමත් මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්ථරයන්ගේ අනන්‍යතා දේශපාලනයට මුක්කු ගැසීමටත්, පොහොසතුන් වෙතට දැවැන්ත සම්පත් ප‍්‍රමානයක් මාරු කිරීමට දේශපාලන ආවරනයක් සැපයීමට ත් ජෙනරාල්වරු සහ සංගත බිලියනපතියන්ගේ මාලිගා බලකොල්ලයට සහයෝගය සැපයීමටත් සියල්ලටම ත් වඩා, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් නො මග යැවීමටත් සහ මර්දනය කිරීමට ත් ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරන තර්ජන එල්ල වී ඇත්තේ අතලොස්සක් වන ෆැසිස්ට් මැරයන්ගෙන් නො ව වෝල්වීදියේත් වර්ගවාදීන්ට එරෙහි විෂහාරකයන් ලෙස පම්පෝරි නගන පෙන්ටගනයේත් සන්ධානයෙනි.

ටයිම්ස් පුවත් පත සහ ඩිමොක‍්‍රටික් පක්ෂයට විවිධ අයුරින් අනුබද්ධ වූවන්ගේ පැත්තෙන් ගත් කල ඔව්හු දකින්නේ නියම තර්ජනය එල්ල වන්නේ නව නාසීන්ගෙන් නො ව කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයකින් බවයි.

විරුද්ධවාදී මත, සියල්ලටමත් වඩා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මර්දනය කිරීම වර්ගවාදී දේශපාලනය ඉහල නැංවීම සහ ආන්ඩුව මත හමුදා - සංගත පාලනය දැඩිකිරීම සමග අත්වැල්බැඳගෙන ගමන්කරයි. එනම්, රජය සමග සමීප සම්බන්ධීකරනයෙන් යුතුව සෙවීමෙන් ලැබෙන ප‍්‍රතිපල වංචනික ව හැසිරවීම මගින් ලෝසවෙඅ වාරනය කිරීම සහ අපලේඛනගත කිරීමට ගූගල් ගෙන ඇති තීන්දුවය. මෙය, සංගත සහ මුල්‍යප‍්‍රභූවේ ප‍්‍රතිපත්තිවලට එරෙහි සමාජවාදී විරුද්ධත්වය එල්ල කිරීමට වඩාත් ප‍්‍රකෝපකාරී ක්‍රියාවන්වල පෙරහුරුවයි.

පැට්‍රික් මාටින් සහ ජෝෂප් කිෂොර්

Share this article: