ස්ක‍්‍රිපාල් සිද්ධිය පිලිබඳව අධිරාජ්‍යයවාදී බලයන්ගේ මුසාවන් හෙලිදරව් වෙයි

The lies of the imperialist powers over the Skripal affair unravel

2018 අප්‍රේල් 5

1939 සැප්තැම්බර් 1 දින ජර්මානු ගුවන් විදුලිය දෙවන ලෝක යුද්ධයේ පුපුරායාම නිවේදනය කරමින් රයිෂ්ටාගයට ඇඩොල්ෆ් හිට්ලර්ගේ කතාව වාර්තා කල අතර එම කතාවේදී මෙම ඒකාධිපතියා කියා සිටියේ “මෙම රාත‍්‍රියේ ප‍්‍රථම වතාවට පෝලන්ත ස්ථාවර සේනාවේ භටයෝ අපගේ දේශ සීමාවට වෙඩි තැබූහ. අප අලුයම 5.45 සිට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් සිටිමු. මින්මතු බෝම්බයට බෝම්බයෙන් සැලකෙනු ඇත” යනුවෙනි.

ප‍්‍රචාරක ඇමති ජෝසප් ගොබෙල්ස්ගේ මෙහෙයුම යටතේ, පෝලන්තය ආක‍්‍රමනය කිරීම ආත්ම ආරක්ෂාවේ ක්‍රියාවක් ලෙස නිරූපනය කෙරින.

මුසාකරනය සහ යක්ෂාවේශ ගැන්වීම අතින් ඒ හා සමාන ක‍්‍රියා පටිපාටියක් හිටපු රුසියානු ද්විත්ව ඔත්තු කරු සර්ජි ස්ක්‍රිපාල්ට සහ ඔහුගේ දියනිය, යුලියාට එංගලන්තයේ සැලිස්බරිහි මාර්තු 4 වස දීමේ සිද්ධිය වටා බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ යුරෝපියානු ආන්ඩු කිහිපයක් මගින් කරගෙන යනු ලැබේ.

ස්ක්‍රිපාල්ට වස දීමේ වගකීම ගැන රුසියාවට චෝදනා එල්ල කිරීමේ තෙරේසා මේ ගේ කොන්සර්වේටිව් ආන්ඩුවේ ප‍්‍රකාශන බොරු ගෙතීමක් බව දැන් කිසිදු සාධාරන සැකයකින් තොරය.

එක්සත් රාජධානියේ රසායනික අවි පර්යේෂනායතනය වන පෝර්ටන් ඩවුන් ආරක්ෂක විද්‍යා සහ තාක්ෂනික රසායනාගාරයේ ප‍්‍රධාන විධායක ගැරී අයිට්කන්හෙඩ් පසුගිය අඟහරුවාදා ස්කයි නිව්ස් සමග පැවසුවේ මාර්තු 4 වනදා සැලිස්බරි ප‍්‍රහාරයේදී යොදාගත් ද්‍රව්‍ය වල “නිශ්චිත මූලාශ‍්‍රය තහවුරු වී නැත” යනුවෙනි. අයිට්කන්හෙඩ් ගේ ප‍්‍රකාශය එලියට දැමුනේ බ්‍රිතාන්‍ය ආන්ඩුවේ සිද්ධිය හෙලිදරවු වීමට අවකාශ තිබූ හේග් වල රසායන අවි වැලැක්වීමේ සංවිධානය මොස්කෝවේ ඉල්ලීම පරිදි රැස්වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. එහෙත් හානිය වලක්වා ගැනීමට ගත් මෙම වෑයම නිසා සිදුවූයේ බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු ආන්ඩු සහ ඔවුන්ගේ යුරෝපියානු සගයන් සිදුකරන ලද බිහිසුනු වගාලාපය මතුකර පෙන්වීම පමනය.

මාර්තු 12 වනදා මේ පාර්ලිමේන්තුවට කියා සිටියේ පෝර්ටන් ඩවුනය ස්ක්‍රිපාල් ට දෙන ලද “ස්නායු කාරකය” රුසියාවෙන් පැමිනි බවට “තිරසාරව නිශ්චිත” කර තිබෙන බවය. ඇය මෙසේ පැවසුවාය, “පෝර්ටන් ඩවුනයේ ලොව පතල විශේෂඥයන් විසින් මෙම රසායන කාරකය සාධනීයව හඳුනා ගැනීමේ පදනම මත” ආන්ඩුව “බ්‍රිතාන්‍ය භූමියේ මිනී මැරීමට තැත් කිරීමක්” පිලිබඳව “රුසියාව වගකිව යුතු බවට බොහෝ ඉඩක් ඇත කියා තීරනය කලා”.

ස්ක්‍රිපාල්ට එරෙහිව භාවිතා කෙරුනු ස්නායු කාරකයේ මූලාශ‍්‍රය රුසියාව බව පෝර්ටන් ඩවුනයේ මිනිස්සුට “තිරසාරව නිශ්චිත” වූ බව මාර්තු 20 ජර්මානු ගුවන් විදුලිය වන ඩොයිට්ෂ වෙලට විදේශ ලේකම් බෝරිස් ජොන්සන් ප‍්‍රකාශ කලේය. “මම ම ඔහුගෙන් ඇහුවා,” ඔහු “සැකයක් නැහැ”යි පැවසුවා.

බ්‍රිතාන්‍යයේ මුසාවන්වල හෙලිදරව්වීම දේශපාලනිකව කෙතරම් විනාශකාරීදයත් “පෝර්ටන් ඩවුනයේ ආරක්ෂක විද්‍යා සහ තාක්ෂනික රසායනාගාරයේ ලොව පතල විශේෂඥයන්ගේ විශ්ලේෂනය විසින් මෙම හමුදා තත්වයේ නොවිචොක් ස්නායු කාරකය රුසියාවේ නිපදවන ලද්දක් බව පැහැදිලි කල බව” ප‍්‍රකාශ කරමින් මාර්තු 22 දා යවන ලද වගන්තියක් ඊයේ විදේශ කාර්යාලය ඉවත් කලේය.

මේ සහ ජොන්සන්ගේ වචනවලට වඩා අනෙකුත් කිසිදු සාක්ෂියක් විමසීමෙන් තොරව සහ මුසාවන් මත පදනම්ව, එක්සත් ජනපදය, යුරෝපියානු සංගමයේ සාමාජික රටවල් 14 ක්, යුක්රේනය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් සහකාර රටවල් තුනක් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 100 ඉක්මවා නෙරපා හැරියේය. නේටෝ හමුදා සන්ධානය ඒ අනුව ක්‍රියාකරමින්, “රුසියානු නොසැලකිලිමත් ක්‍රියාවන්වලට වන්දියක් තිබිනි යයි පැහැදිලිි සහ ඉතාමත් ප‍්‍රබල පනිවිඩයක්” යැවීමට රුසියානු නිලධාරීන් හත් දෙනෙකු නෙරපා හැරියේය.

මෙම සියලුම රටවල් රුසියාවට එරෙහි චෝදනා වංචාවක් බව මුල සිටම දැනගෙන සිටියේය. බ්‍රිතාන්‍යය රුසියාවට එරෙහිව ඇටවූ චෝදනාව බිඳ වැටුනද, මෙමගින් තම අධිරාජ්‍යවාදී සගයන්ගෙන් බ්‍රිතාන්‍යයට ලැබුනු බැකිමට බලපෑමක් නොවීය.

රුසියානු ඉල්ලීම පරිදි රසායන අවි වැලැක්වීමේ සංවිධානයේ හදිසි සැසිය තුල බ්‍රිතාන්‍යය විසින් පිලිතුරු දිය යුතුයැයි බල කර සිටි බරපතල ප‍්‍රශ්නවලට පිලිතුරු නොලැබින. ඒ වෙනුවට, එක්සත් රාජධානියේ නියෝජිතයා පැවසුවේ එය (රුසියාව) “අපරාධකරුවකු විය හැකි” බැවින් ස්ක්‍රිපාල් සිද්ධිය පිලිබඳව බ්‍රිතාන්‍යය සමග ඒකාබද්ධ පරීක්ෂනයකට රුසියාවට සහභාගි විය නොහැකි බවය. මෙයට අහේතුක ලෙස පිටුබලය ලබාදුන් යුරෝපීය සංගමයේ ප‍්‍රකාශකයා රුසියාව දිගටම නොවිචොක්ස් නිපදවයි යනුවෙන් වන එක්සත් රාජධානියේ නීත්‍යානුකූල ප‍්‍රශ්නවලට” රුසියාව පිලිතුරු දිය යුතුයයි බල කලේය.

මෙම සාපරාධී සිද්ධියට නොඅඩු ලෙස මැදිහත් වූ සංගත මාධ්‍යවූයේ විශේෂයෙන් නිව්යෝක් ටයිම්ස් ය. මෙය පසුගිය මස පුරා ගත කලේ ලන්ඩනය සහ වොෂින්ටනය මුදා හල ව්‍යාජ ප‍්‍රචාර නිකුත් කරමින්ද මොස්කෝවට දඬුවම් ලබාදීමට බුරාපනිමින්ය.

මේ ආන්ඩුවේ චෝදනාවල විශ්වාසනීයත්වය ගැන කිසිදු මොහොතක ටයිම්ස් මාධ්‍යය එකුදු ප‍්‍රශ්නයක්වත් මතු නොකලේය. දැන් මුසාවන් ප‍්‍රතික්ශේප වීමට ප‍්‍රතිචාර දැක්වූයේ නොතකා හැරීමෙන් සහ අයිට්කන්හෙඩ්ගේ ප‍්‍රකාශනය වලලා දැමීමෙන්ය.

ස්ක්‍රිපාල් කුපිතකාරීත්වය තුල සංගත මාධ්‍යවල ක්‍රියාකාරිත්වය “ව්‍යාජ ප‍්‍රවෘත්ති” වලට එරෙහිව මෙය මෙහෙයවූ උමතු උද්ඝෝෂනයේ දේශපාලන අරමුනුත් සහ මෙම උද්ඝෝෂනය ඉල්ලා සිටි සමාජ මාධ්‍ය හැසිරවීමත්, සීමාකිරීමත් සහ සමීක්ෂනය කිරීමත් සනාථ කරයි.

ස්ක්‍රිපාල් සිද්ධියට පසුව නිල මාධ්‍ය ප‍්‍රකාශ හෝ සංනිවේදන කිසිවක්ම ඒ හැටියෙන්ම පිලිනොගත යුතු බවට තවත් සාධක අවශ්‍යද?

එය තමන්ගේ ව්‍යාජ සහ මුසාකරන වාර්තා ප‍්‍රකාශයට පත්කිරීමේ කාර්යය දිගටම කරගෙන යන අතරතුර, කුමන හෝ අධිරාජ්‍යවාදීන්ගේ විස්තර කථනයන් ප‍්‍රශ්නයට භාජනය කිරීමක් “ව්‍යාජ ප‍්‍රවෘත්ති” ලෙස හෙලාදකිති.

වසර 80 ට පෙරාතුව ලියොන් ට්‍රොට්ස්කි ලියූ පරිදි, මුසාව සමාජ සහ දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ දෘෂ්ටිවාදී බන්ධනය වෙයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ ඔවුන්ගේ රාජ්‍යය පාලිත ප‍්‍රචාරක යන්ත‍්‍රවල මුසාවන්වලට එරෙහි සටනේ කම්කරු පන්තියේ අත්‍යාවශ්‍යක සහ ප‍්‍රභල ආයුධයකි.

ජනවාරියේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය අන්තර්ජාල වාරනයට එරෙහි සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක් ගොඩ නැගීම සඳහා කැඳවුම් කරමින් සමාජවාදී, යුද විරෝධී, වාමාංශික සහ ප‍්‍රගතිශීලී වෙබ් අඩවි, සංවිධාන සහ ක්‍රියාකාරීන් වෙත විවෘත ලිපියක් නිකුත් කලේය. මෑත සිද්ධීන් මෙම තීරනාත්මක ආරම්භකත්වයේ වැදගත්කම පිලිබඳ සාක්ෂි දරයි.

රොබර්ට් ස්ටීවන්ස්

Share this article: