ඉක්වදෝරය ජූලියන් අසාන්ජ්ව නිහඬ කොට ඇත්තේ ඇයි?

Why has Ecuador silenced Julian Assange?

2018 මාර්තු 31

ජූලියන් අසාන්ජ් විසින් බාහිර ලෝකයට සිදු කරනු ලබන සියලු ප‍්‍රවේශයන් කපා දැමීමට ඉක්වදෝර් ආන්ඩුව විසින් ගෙන ඇති දරුනු පිලිවෙත් සෑම රටකම කම්කරුවන් සහ තරුනයන් විසින් දැඩි ලෙස විරුද්ධ විය යුතුව පවතින මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මතට එල්ල කෙරෙන ප‍්‍රතිගාමී ප‍්‍රහාරයක් නියෝජනය කරයි.

ඉක්වදෝර් අධිකාරීන්, ආසන්න වශයෙන් අවුරුදු හයක් තිස්සේ අසාන්ජ්ට සීමා පනවා ඇති ලන්ඩනයේ ක්විටෝ තානාපති කාර්යාලයේ සිට අන්තර් ජාලයට සහ සියලු ආකාර සන්නිවේදනයන්ට විකිලීක්ස් නිර්මාතෘ වන අසාන්ජ්ගේ ප‍්‍රවේශය අවහිර කොට ඇත. තවද, යකඩ පොලු පිටුපස සිටින සිරකරුවෙකුටත් වඩා අඩු අයිතීන් ඔහුට ඉතිරි කරමින් අමුත්තන් ඔහුව හමුවීමද ඉක්වදෝර් අධිකාරීන් වලකමින් සිටී.

තමාව අත්අඩංගුවට ගෙන මරනීය දන්ඩනය ලබාදීමේ හැකියාව ඇති රාජද්‍රෝහිත්වය සහ චරපුරුෂ සේවය පිලිබඳ එජ චෝදනාවන්ට මුහුන පෑම සඳහාත් පිටුවහල් කිරීම සඳහාත් වූ බ්‍රිතාන්‍ය සහ එජ ආන්ඩුවල ඒකාබද්ධ කුමන්ත‍්‍රනයන්ට අසාන්ජ් අඛන්ඩව මුහුන දෙමින් සිටී.

අසාන්ජ්ට එරෙහි ප‍්‍රහාරය ෆැසිස්ට් වාදයේ නැග ඒම සහ ලෝක යුද්ධය සඳහා වූ ධාවනය මධ්‍යයේ 1930 දශකයේ අදුරුතම දවස් යලි වඩ වඩාත් සිහිකරන ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මත එල්ල කෙරෙන ගෝලීය ප‍්‍රහාරයේ කොටසකි. ස්පාඤ්ඤයේ ආඥාවෙන් කැටලෝනියානු නායක චාල්ස් පුයිජිමොන්ට් ජර්මානු ආන්ඩුව විසින් මෑතකදී අත් අඩංගුවට ගැනීම සහ ෆ‍්‍රැන්කෝගේ ෆැසිස්ට්වාදී ආඥාදායකත්වය විසින් වදදී ඝාතනය කිරීම සඳහා ලක්කරනු ලැබූ නාසීන් විසින් 1940දී අත්අංංගුවට ගෙන ස්පාඤ්ඤයට පිටුවහල් කල කැටලෝනියානු ජනපති ලූවිස් කම්පැනීස් අතර සංසන්දනයක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප‍්‍රකාශ කිරීම අසාන්ජ්ව බලහත්කාරීව හුදෙකලා කිරීමට ලක් කෙරුනු එක් හේතුවක් වීම තීරනාත්මකය.

කුමන හෝ ආකාරයක සන්නිවේදනයකින් තොර තත්ත්වයක රඳවා ගැනීම යටතේ අසාන්ජ්ව තබා ගැනීම අන්තර්ජාලය මත වාරනය පැනවීමට ලෝකය පුරා ආන්ඩු විසින් ගෙන යන වාරනය සමග සමපාත වේ. අසාන්ජ් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල කර ඇති මෙම ප‍්‍රහාරයට එරෙහි උද්ඝෝෂනයේ ඉදිරියෙන් සිටින පුද්ගලයෙකි.

මෙකී ක‍්‍රියාමාර්ගයන් ඉක්වදෝර් ආන්ඩුවේ පමනක් නොව වෙනිසියුලාවේ හියුගෝ චාවේස්ගේ පත්වීම සමග ඉහතදී 1998 ආරම්භ වූ “ඊනියා වමට හැරීම” හෝ “රෝස රැල්ල” (Pink Tide), ව්‍යාපාරය සමග සම්බන්ධිත ලතින් ඇමරිකානු රටවල් ගනනාවක් විසින් ගෙන යන තියුනු දකුනට හැරීමක් සමගද එකට බැඳී ඇත.

ස්වීඩනයේ දී සිදු කරන ලදැයි බොරුවට ගොතන ලද ලිංගික අපචාර චෝදනාවන්ට මුහුන දුන් අසාන්ජ්ට එය සරනාගත භාවය ප‍්‍රදානය කරන බව 2012 අගෝස්තුවේ ඉක්වදෝරය නිවේදනය කලේය. එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා කරන කුමන්ත‍්‍රන සමග ඉරානයේ හා ඇෆ්ගනිස්තානයේ එජ යුද අපරාධ හෙලිදරව් කරන රහසිගත ලියවිලි සිය දහස් ගනනින් ප‍්‍රසිද්ධියට පත්කිරීමේ අපරාධයට ඔහුට විරුද්ධව නඩු ඇසීම සඳහා ඔහුව එක්සතු රාජධානිය විසින් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම සඳහා සැකසුනු උපාමාරුවක් වූ ස්වීඩන විමර්ෂනය පසුගිය මැයි මස අතහැර දැමිනි. ස්වීඩනය නඩුව අතහැර දමා ඇති අතර බ්‍රිතාන්‍ය අධිකාරීන් තවමත් අසාන්ජ්ව අත්අඩංගුවට ගැනීමට මාන බලමින් සිටී.

ඉක්වදෝර ආන්ඩුවේ හිටපු ජනාධිපති රෆායල් කොරයා අසාන්ජ්ට සරනාගතභාවය ප‍්‍රදානය කරන විට ප‍්‍රකාශ කලේ එය සෑම රජයක් විසින්ම ගරු කල යුතු සහ ගුවන්තනාමෝහි හෝ චෙල්සේ මෑනින්ංග් ට නියම කල වර්ගයේ විවිධාකාර වද හිංසනයන්ගෙන් සහ අපචාරයන්ගෙන් පීඩා විඳීමේ තර්ජනයට මුහුනු දෙන අසාන්ජ් සම්බන්ධ කරුනේදී අත්‍යවශ්‍ය වන මූලික මානව අයිතිවාසිකමක් බවයි. අසාන්ජ්ට ඉක්වදෝරයට පිටවී යාමට ඉඩදෙන ලෙස බ්‍රිතාන්‍ය ආන්ඩුවෙන් ඉල්ලා සිටින විට ලන්ඩනය එකී ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලා පමනක් නොව ක්විටෝ තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත‍්‍රික තත්ත්වය අවලංගු කොට ගොඩනැගිල්ලට පහර දීම සඳහා පොලීසිය යොදවන බවටද තර්ජනය කලේය.

බ්‍රිතාන්‍ය ආන්ඩුවේ අනම්‍යතාවය අසාන්ජ්ව, “අත්තනෝමතික, අසාධාරන, අනවශ්‍ය, විෂමානුපාතික ලෙස විස්තර කරන ලද කොන්දේසි යටතේ එදා සිට තානාපති කාර්යාලයේ සීමාවන් තුල සිරකොට තබා ඇති බව, ඔහුව මුක්ත කොට වන්දි ගෙවන ලෙස කැඳවුම් කල අත්තනෝමතික රඳවා ගැනීම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ කම්කරු කන්ඩායම විසින් පවසනු ලැබ ඇත.

වඩාත් දහන ශීලී වත්මන් ලෝක වර්ධනයන් දෙකක් වන ජර්මනිය විසින් පියුජිමොන්ට් ව රඳවා ගැනීම සදොස් කරමින් සහ මේ මස මුලදී සැලිස්බරි ඉංග‍්‍රීසි නගරයේ හිටපු ද්විත්ව නියෝජිත සර්ජි ස්ක‍්‍රිපාල් සහ ඔහුගේ දියනියට වසදී ඝාතනය කිරීමට එහි සම්බන්ධතාවය පිලිබඳ සම්පූර්නයෙන්ම සනාථ නොකරන ලද චෝදනා පිලිබඳව රුසියාවට එරෙහිව ගෙන ඇති ක‍්‍රියාමාර්ග ප‍්‍රශ්න කරමින් සිය මතය ට්විටර් හරහා ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉක්වදෝර් ආන්ඩුව අසාන්ජ්ගේ සම්බන්ධතාවයන් කපා දැමීය.

අසාන්ජ්ගේ පනිවිඩ “එක්සත් රාජධානියත් යුරෝපීය සංගමයේ අනෙක් රාජ්‍යයන් සහ වෙනත් ජාතීන් සමග සිය රට පවත්වා ගෙන යන යහපත් සම්බන්ධතාවයන් අනතුරේ හෙලයි” යනුවෙන් ඉක්වදෝරියානු විදේශ ඇමති ප‍්‍රකාශ කලේය.

“වෙනත් ජාතීන්” යන්නට කිසිදු සැකයකින් තොරවම අලුත් ආන්ඩුවේ ජනාධිපති ලෙනින් මොරේනෝ විසින් යලි සබඳතා ඇරඹීමට මගක් සොයමින් සිටින එක්සත් ජනපදය ඇතුලත් වේ.

දක්ෂින අනදෙන නිලධාරී කන්ඩායමේ නියෝජ්‍ය අනදෙන නිලධාරී ජෙනරල් ජෝසෆ් ඩිසැල්වෝ සහ එහි ප‍්‍රධාන දේශපාලන නිලධාරී තානාපති ලිලියානු අයල්ඬේ විසින් නායකත්වය දුන් ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත්වල පෙන්ටගනයේ හමුදා කන්ඩායම වන දක්ෂින බල ඇනියෙන් පැමිනි නියෝජිතයන් ඉක්වදෝරු ආන්ඩුව විසින් සාදරයෙන් පිලිගැනීමෙන් හරියටම දිනකට පසු අසාන්ජ්ව නිහඬ කිරීම පැමිනියේය. දක්ෂින අනදෙන නිලධාරී කන්ඩායම “ආරක්ෂක සහයෝගීතාවය” ශක්තිමත් කිරීමටත් “අදහස් හුවමාරු කර ගැනීමට සහ දිගු කාලීන සම්බන්ධතාවයට එජ එකඟතාවය යලි සිහි කිරීමට” සාකච්ඡා පැවැත්වූ බව පවසමින් ප‍්‍රකාශයක් නිකුත් කලේය.

කාලය සමපාත වීමක් වූයේද? නොඑසේ නම් පෙන්ටගනයේ නියෝජිතයන් ජූලියන් අසාන්ජ්ව නිහඬ කිරීමට සිය ඉක්වදෝරු සහකරුවන්ට මොට්ට නියෝගයක් සිදු කොට ඇද්ද එය අනුයන නිසැක ප‍්‍රශ්නය වනුයේ සිදු කොට ඇති අනෙකුත් ඉල්ලීම් මොනවාද යන්නයි. ඒවාට අසාන්ජ්ව වොෂිංටනයට භාර දීම ඇතුලත්ද?

පසුගිය මැයි මාසයේ ඔහුව තෝරා පත් කර ගැනීමේ සිට කොරයා විසින් විශේෂිතවම තෝරාගත් අනුප‍්‍රාප්තිකයා වන මොරේනෝ කලාපය තුල සිය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමට සහ බීජිනයේ වර්ධනය වන ආනුභාවයට ප‍්‍රතිචාර දැක්වීමේ අභිලාෂයෙන් චීනයෙන් ලැබෙන ආයෝජන සහ නය මත ඉක්වදෝරයේ රඳා පැවතීම අඩු කිරීමට වූ උත්සාහයක් සහ මහ ව්‍යාපාරිකයන් සඳහා බදු කප්පාදු කිරීම, සමාජ වියදම් කප්පාදු කිරීම ආදිය ක‍්‍රියාවේ යොදවමින් තියුනු ලෙස දකුනට හැරී ගැනීමක් සිදු කොට ඇත.

ඉක්වදෝරය තුල දකුනට හැරීම “පින්ක් ටයිඞ්” ලෙස හැඳින්වූ ව්‍යාපාරයේ එනම් ලතින් ඇමරිකාවේ විවිධ ජනප‍්‍රියවාදී, ජාතිකවාදී ධනපති පක්ෂවලින් කරන ලද පාලනයේ පලල් පරිහානියක කොටසකි. එය 2015 ආර්ජන්ටිනාවේ දක්ෂිනාංශික බහු මිලියනපති මවුරිකියෝ මැක්රිගේ පත්වීම, 2016 කම්කරු පක්ෂ ජනාධිපති ඩිල්මා රූසෙෆ්ගේ දෝෂාභියෝගය සහ ඇයගේ ස්ථානයට දක්ෂිනාංශික උප ජනාධිපති මයිකල් ටර්මර් පත්වීම, වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මධුරෝගේ ආන්ඩුවේ අර්බුදය සහ සිව්වන වරටත් සිය ධුරය රැක ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට බොලිවියා ජනාධිපති ඉවෝ මොරාලස්ගේ පරාජයේ කොටසකි.

ලතින් ඇමරිකාවේ දක්ෂිනාංශික හැරීගැනීම සූදානම් කරනු ලැබුවේ දශක දෙකකට ඉහත ආරම්භ වූ “ඊනියා වමට හැරී ගැනීම සමග” හඳුනා ගනු ලැබූ සියලු ආන්ඩු විසිනි. ලතින් ඇමරිකාවේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ව්‍යාජ වාම සංවිධානයන්ගේ ධාරකයෙක් විසින් උත්සුකයට නගන ලද මිත්‍යාවන් එනම් තමන් වාමාංශික සහ “සමාජවාදීන්” ලෙස පවසා ගන්නා අතරම මේවා පෞද්ගලික ධනය සහ දේශීය සහ විදේශීය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් ආරක්ෂා කල ධනපති ආන්ඩු විය.

පාරිභෝගික භාන්ඩ සහ වෙලඳ පොල තත්ත්වය ඉහලයාමේ පදනම මත ඔවුන්ට දිලින්දන් සඳහා අවම සහන වැඩසටහන් නිර්මානය කිරීමටත්, විශේෂිතවම චීනය ඇතුලු එජ එදිරිවාදීන් සමග විස්තාරිත වානිජ බැඳීම් මත පදනම් වූ විශාල කොටසක් තුල එජ අධිරාජ්‍යවාදයෙන් සීමිත නිදහසක ආස්ථානයක් අත්කරගැනීමටත් හැකිවිය.

විශේෂිතවම ඉක්වදෝරය සිය ආදායමෙන් සියයට 40 ක් රඳා පවතින තෙල් ඇතුලු පාරිභෝගික භාන්ඩවල මිල කඩාවැටීමෙන් ප‍්‍රථිපල ගෙන දුන් අර්බුදයත් සමග මෙකී ආන්ඩු කම්කරු පන්තියට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් සහ එමගින් සිය ජනප‍්‍රියත්වය හීන කොට ගෙන නැවත දකුනට හැරී ගැනීම සඳහා මග පාදා ගැනීමෙන් එයට ප‍්‍රතිචාර දැක්වීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික කමිටුවෙන් හොර රහසේ පිටතට ගිය විද්‍යුත් තැපැල් විකිලීක්ස් විසින් පල කිරීම පිලිබඳ එජ ආන්ඩුව විසින් පීඩනය යෙදීමේ තතු යටතේ 2016 දී අසාන්ජ්ගේ අන්තර්ජාල සම්බන්ධතාවය කප්පාදු කිරීමට කොරයා විසින්ම නියෝග කොට තිබුනු අතර වසර දෙකකට පෙර ධනේශ්වර මූල්‍ය වෙලඳ පොලෙහි විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ගෝල්ඞ්මන් සැච්ස් ආයතනයට ඉක්වදෝරයේ රන් සංචිත වලින් භාගයකටත් වඩා ඔහු විසින් ලබා දී තිබුනි.

මේ හා සමානවම බ‍්‍රසීලයේ කම්කරු පක්ෂ ආන්ඩුව සහ ආර්ජන්ටිනාවේ කිර්චෙනෙරිස්ටා පෙරෝනිස්ට් ආන්ඩුව, එජ අනුබලය ලත් ආඥාදායකත්වයන්ගේ කඩා වැටීමේ සිට එකී රටවල් පාලනය කිරීමට වඩාත්ම දක්ෂිනාංශික ආන්ඩුවල නැගී ඒම සඳහා මග පෑදු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ගයන් සහ කම්කරුවන්ගේ අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන් දියත් කලේය.

ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ගේ ආරක්ෂාව, කලාපය පුරා පැතිර පවත්නා දරිද්‍රතාවය සහ අසමානතාවය පරාජය කිරීම සහ ධනපති ආධිපත්‍යය පරාජය කිරීම එජ, යුරෝපය සහ ලෝකය පුරාම කම්කරු පන්තිය සමග ලතින් ඇමරිකාවේ කම්කරුවන්ගේ අරගලය ඒකාබද්ධ කොට සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම්ව බ‍්‍රසීලයේ පීටී ආන්ඩුව, වෙනිසියුලාවේ කැවිස්මෝ ආන්ඩුව, ආර්ජන්ටිනාවේ පෙරෝනිසම් ආන්ඩුව සහ ඒ හා සමාන ආන්ඩු ඇතුලු සියලු ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වීම හරහා පමනක් ලඟා කර ගත හැකි බව මෙකී වර්ධනයන් මගින් සනාථ කොට ඇත.

අසාන්ජ්ට එරෙහි ප‍්‍රහාරය ජාත්‍යන්තර පරිමානයක් තුල එකී මූලික ප‍්‍රශ්නයම මතු කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා එකම අව්‍යාජ බලය වනුයේ කම්කරු පන්තියයි. ඔහුගේ සම්බන්ධතාවයන් මත පනවා ඇති සීමා කිරීම් ඉවත් කර ගන්නා ලෙසත් වහාම ඔහුගේ නිදහස තහවුරු කරන ලෙසත් ඉල්ලමින් කම්කරු ජනතාව අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිනිය යුතුය. ඔහුව අත් අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එක්සත් රාජධානිය, එජ සහ ලෝකය පුරාම මහජන විරෝධතාවයන් සහ කම්කරු ක‍්‍රියාමාර්ග මගින් පිලිතුරු දිය යුතුය.

අසාන්ජ්ව සහ රාජ්‍ය මර්දනයේ අනෙකුත් ගොදුරු බවට පත්වූ අය සුරැකීමේ මෙම ව්‍යාපාරය සාර්ථකව දියත් කල හැක්කේ, ලෝක යුද්ධය සහ පොලිස් රාජ්‍ය ආඥාදායකත්වය යන දෙකෙන්ම මනුෂ්‍යත්වයට තර්ජනය කරන ඓතිහාසික අර්බුදය නිර්මානය කොට ඇති ධනේශ්වර පද්ධතිය අවසානයකට ගෙන ඒම සඳහා වූ ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ කොටසක් ලෙස පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: